28 January 2024

පාර්කින් (Parking)

 පහුගිය දවස් ටිකේ එලකිරි එකේ පොඩ්ඩක් එහා මෙහා කැරකිලා බලනකොට කවුද මන්දා කෙනෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බා චිත්‍රපටයක් ගැන. ඒක දමිල චිත්‍රපටියක්.

චිත්‍රපටියේ නම තමයි මේ බ්ලොග් සටහනේ ටයිටලේට දාලා තියෙන්නේ.

චිත්‍රපටයේ නම වගේම තමයි මි කතාව දිවෙන්නේත් පාර්කින් ස්ලොට් එකක් ගැන

එකම පාර්කින් ස්ලොට් එකකට රණ්ඩු කරන පවුල් දෙකක් ගැනයි මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ. කොමඩි චිත්‍රපටියක්ම නෙමෙයි හැබැයි මේක. පොඩ්ඩක් සීරියස් විහිහට දුවන චිත්‍රපටියක්. ඒත් මේ පවුල් දෙකේ මිනිස්සු කරන කියන දේවල් දිහා බලපුවාම නම් හිනා යනවා.

අමුතු ගතියක් තියෙන චිත්‍රපටිය. ඒ වගේම කාළයකට පස්සේ මම බලපු වෙනස් විදිහේ තේමාවක් උඩ දුවන චිත්‍රපටියක් කියලා කිව්වොත් මම වැරදි නෑ. මුලින් මුලින් පොඩියට පටන් ගන්න මේ දෙගොල්ලොන්ගේ හිත් අමනාපකම් පස්සේ පස්සේ සෑහෙන්න උඩු දුවන්න ගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. මෙතනින් එහාට මම චිත්‍රපටිය ගැන මොකුත්ම කියන්නේ නෑ. මොකද එතකොට බලන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට පොඩි අසාධාරණයක් වෙන නිසා.

එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. මම ගියාවේ.

ජය වේවා !

4 comments:

  1. sndhakadapahana.blogspot.com සින්ඩියටත් සෙට් වෙන්න!

    ReplyDelete
  2. මේකත් බලන්න ඕන. සටහනට ස්තූතියි.

    ReplyDelete
  3. අවධානය යොමු කළාට ස්තූතියි. හොයාගෙන බලන්නම්කෝ.

    ReplyDelete
  4. දෙමල චිත්‍ර පටියක් බලපු කාලයක් මතක නැහැ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.