27 September 2023

Por Thozhil

 කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටයක් බලන්න සෙට් උනා. මම චිත්‍රපට වලින් ආදර කතා නම් බලන්න කැමතිම නෑ. මම බලන්නෙම අපරාද ගණයේ හරි ත්‍රිලර් ගණයේ චිත්‍රපට... ඒවායේ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ගතියක් තියෙනවා.

ඒත් සමහර ත්‍රිලර් කතා වල මැද්දෙන් මැද්දෙන් ආදර කතා සිංදු වගේ ඒවා දාලා මුළු චිත්‍රපටයම චොර කර ගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි.

 ඒ ඇරෙන්න බහුතරයක් කතා නම් හොදයි.

මේකත් මම අර කියපු ජාතියේ ත්‍රිලර් කතාවක්. මේ කතාව ගෙතෙන්නේ  දාම ඝාතකයෙක්ව හබාගෙන යන පොලිසියක් වටායි. කුතුහලය නම් නොඅඩුවම තියෙනවයි කියලා කියන්න පුලුවන්.

එකම විදිහට සිදුවන කාන්තා මරණ කිහිපයක් සිදු කරන දාම මිනිමරුවෙක්ව කොටු කරගන්න දරන හරි අපූරු වෑයමක් මේ චිත්‍රපටය පුරාම දිගහැරෙනවා....

කතාවේ නම තමයි Por Thozhil !

එහෙනම් ට්‍රේලර් එකත් බලලම ඉම්මුකෝ..

මෙන්න IMDB විස්තර සියල්ලම...

මේකෙත් මම අර මුලින්ම කියපු ජාතියේ ආදර කතාවක් ඔබ්බවන්න හදලා පස්සේ ඒක නවත්තලා දාන්න ගත්තු උත්සහයක් වගේ දෙයක් දැනෙනවා. ඒ ඇරෙන්න කතාව නම් සු..පි..රි.. !

ඔයාලත් මේ කතාව රසවිඳලා බලන්න.


No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.