වසර පහකට පසු ටාර්සන් වික්‍රමයක් එනවා ! මවිත අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස, ඇමෙරිකන් ලේඛක එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම සිංහල පාඨකයන් හමුවට ගෙනාවේ කේ.ජී. කරුණතිලක ශූරීන් සහ දයාවංශ ජයකොඩි සමාගමය. කේ.ජී.කරුණාතිලක ශූරීන් ටාර්සන් නවකතා 9 ක් පරිවර්තනය කළේය. කේ.ජී. කරුණතිලක ශූරීන්ගේ අඩුව පුරවමින්, ටාර්සන් පරිවර්තනයට යොමු වූයේ ප්‍රභාත් මිරිහාගල්ල ය. එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස පාඨකයන්ට තිළිණ කළේ පාඨක ප්‍රසාදය ...
රංගනයටත් ගායනයටත් දක්ෂ ඇන්ඩ්‍රියා මවිත 'රඟපාන්න, සිංදු කියන්න මං කැමතියි. එතකොට මං සතුටින්.' මෙසේ කියන්නේ ඇන්ඩ්‍රියා ජෙරමායා. ඇන්ඩ්‍රියා ජෙරමායා කියන්නේ දමිළ, තෙලිඟු සහ මලයාලම් නිළියකි. දක්ෂ පසුබිම් ගායිකාවකි. ඇය අවසන් වරට දකින්න ලැබුණේ 'මාස්ටර්' චිත්‍රපටය හරහාය. 'රඟපෑමට ආසා වුණත්, මා හැම චරිතයක්ම බාර ගන්නේ නැහැ. තේරීම් කරනවා. ඒ නිසා මගේ රංගනය දකින්න ලැබෙන්නේ කලාතුරකින්' යැයි 35 හැවිරිදි සුරූපිනිය කියයි. 2018 දී 'වාඩා චෙන්නායි', 2017 දී ...
'සෙනොරීටා' මුහුණු පොතට ගෙනා පවනි මවිත මාපියන්ගේ අඩිපාරේ යමින් ලේඛන කලාවට පිවිසි පවනි උමයංගනා, 'තුරඟ මායම්', 'මන්දෝදරී', 'නිරූප රූප', සයුරු කුරුල්ලෝ', 'භව බන්ධන', 'රැහිරු මැදියම' ආදී නව කතා හරහා පාඨක හදවත් ආකර්ශණය කරගත් ලේඛිකාවක ලෙස පවනි උමයංගනා හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ඇය නවකතා කලාවෙන් පියවරක් ඔබ්බට තබමින්, මුහුණු පොත හරහා ද නවකතාකරණයට පිවිස සිටින්නීය. මුහුණු පොතේ කොටස් 106 පුරා දිග හැරුණු පවනිගේ 'සෙනොරීටා' අතිශය ජනප්‍රිය විය. ...
වී ඇටයක් තරම් කටුස්සෙක් මවිත මැඩගස්කර් රාජ්‍යයෙන් වී ඇටයක් තරම් කුඩා නව කටුසු උප විශේෂයක් සොයා ගැනීමත් සමඟ මිහිතලය මත වාසය කරන කුඩා ම උරග විශේෂය සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. ජර්මානු සහ මැඩගස්කර් විද්‍යාඥයන් පිරිසක් එක් ව මැඩගස්කර් රාජ්‍යයේ වනගත පෙදෙස්හි සිදු කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස නව කටුසු විශේෂය සොයා ගෙන ඇත.බෘකේසියා නැනා නම් මේ කටුස්සකුගේ හිස ඉදිරිපස සිට වල්ගය කෙළවර දක්වා දිග ...
'විකෘත අංගාර' සමඟින් සුසිත රුවන් යළි කරළියට මවිත සුසිත රුවන්. පළමුවෙන්ම ඔහු වෛද්‍යවරයෙකි. ලේඛකයෙකි. නවකතාකරුවෙකි. පරිවර්තකයෙකි. තිර රචකයෙකි. ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි. ඒ වගේමයි ආදරණීය සැමියෙකි. පියෙකි. වෛද්‍ය සුසිත රුවන්, සිංහල පාඨකයන්ගේ ආදරයට ලක්වූයේ 'රාවණා මෙහෙයුම', ‘ඒ ඔහු නොවේ!’ 'මාරායණය', 'ඉකරස් පුනරාගමනය', 'එක්ස්', ආදී එකිනෙකට වෙනස් සුවිශේෂී ස්වතන්ත්‍ර නවකතා හරහාය. ඔහුගේ මුල්ම නවකතාවම 'රාවණා මෙහෙයුම' අතිශයින්ම ජනප්‍රිය කෘතියක් බවට පත්විය.2018 වසරේ 'ඉකරස් පුනරාගමනය' වෙනුවෙන් සහ 2019 වසරේ 'එක්ස්' ...
අගුසාන් තෙත් බිමෙන් පණිවුඩයක් මවිත ලොව විසිරී සිටින රාජ්‍යයන් තෙත්බිම් පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීම සඳහා වන තීරණාත්මක රැම්සා ප්රඥප්තිය සමඟ බැඳී වසර 50ක් ඉක්ම ගොස් ය. වන විනාශය අභිබවමින් තෙත් බිම් ද වැනසෙමින් පාරිසරික සමතුලිතතාව අභියෝගයට ලක්වන තැනකට මිනිසුන් ඇතුළු සියලු සත්ත්ව වර්ගයා එළඹ ඇත. සෑම වසරකම පෙබරවාරි 02 දාට යෙදෙන ලෝක තෙත්බිම් දිනය පසු කරන මොහොතක මඳක් නැවතී යළි ' මිනිසා ' ලෙස ...
ඇමසන් වනය රැක ගන්න කැපවුණු නෙන්කිමෝ මවිත ඉක්වදෝරයට අයත් සංවේදී ඇමසන් වනාන්තර කලාපය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරමින් උදාර මෙහෙයක් ඉටු කළ ස්වදේශික ගෝත්‍රික නායිකා නෙමොන්ටේ නෙන්කිමෝ ලොව ප්‍රමුඛතම පරිසරය සුරැකීම සඳහා වන ගෝල්ඩ්මාන් සම්මානයෙන් පුද ලැබුවා ය. ඒ පසුගිය වසරේදීය. මේ ඇගේ කතාවයි.නෙමොන්ටේ නෙන්කිමෝ "හරිත නොබෙල්" සම්මානය නමින් ලොව ප්‍රකට එම සම්මානය නෙන්කිමෝ හට හිමි වූයේ ඉක්වදෝර රජයේ අනුග්‍රහය මත ඇමෙරිකානු තෙල් සමාගම්වල ග්‍රහණයට නතු කර ...
සිරවුණු නැව මුදා ගන්න සඳ උදවු වෙලා මවිත තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි. ‘එවර්ගිවන්’ නෞකාවේ හිමිකරු ජපන් ජාතික කෝටිපතියෙකි. ඔහු ෂෝහෙයි කිසෙන් කයිෂාන් ය. නැව නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් නුවර බලා යෑම ආරම්භ කර තිබුණේ භාණ්ඩ පිරුණු කන්ටේනර් පටවා ගෙන, චීනයේ සිට මැලේසියාව පසු කරමිනි. ‘එවර්ගිවන්’ නැවේ උපරිම වේගය නොට් 22 කි. (පැයට කිලෝ මීටර් 40 කි.) 2018 වසරේ නිෂ්පාදිත, ...
කෲඩියා සිලනිකා රැකගන්න හැකිවේවිද? මවිත මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි ඇති, ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා පවසයි. සිලනිකා ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයකට ගෙන ගොස් එය යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව කොඩිතුවක්කු මහතා පවසා තිබේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිත උද්‍යානය හා මධ්‍යම පරිසර ...
ජීවිතය නැති ගීතයක්; ගැහැනිය නැති ගෙයක් මවිත ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේ ද නිම්වළලු පුළුල් කිරීමට නොනවතින අරගලයක යෙදෙන ශෂී ප්‍රභාත් රණසිංහ, වත්මන් සාහිත්‍ය ක්ෂේත්රයේ නිර්මාණ මෙන්ම විචාරය අරභයා ද ඉතා ගැඹුරුවූත්, ඉතා සියුම්වූත් ශක්‍යතා පළ කරන නිර්මාණකරුවෙකි. නවකතා, පරිවර්තන, ළමා කතා, කාව්‍ය, ශාස්ත්‍රීය සහ විචාර කෘති රැසක් ලියා පළ කොට ඇති ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකි.'ප්‍රඥා ප්‍රාසාද', 'ඉර අවරට', 'වීදුරු මිනිසා', 'රමණීය රමණයක මරණය' ශෂී ප්‍රභාත් ...
කාන්ස් ගිය මහසෝනා මවිත ජාත්‍යන්තර සම්මාන ලාභී තරුණ පරපුරේ නිර්මාණශීලී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන ලංකා බණ්ඩාරනායක නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ ‘මහසෝනා’ කෙටි චිත්‍රපටය ප්‍රංශයේ කීර්තිමත් විශිෂ්ට සිනමා උළෙලක් වන කාන්ස් සිනමා උළෙලේ මෙවර කාන්ස් කෝනර් අංශය නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ. මෙය ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට ක්ෂේත්රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන චරිතය ළමා නළු හේසර රශ්මිත කපුගේ නිරූපණය කරයි. ...
හොරෙන් ජර්මන් යන්න හදලා මවිත කූඨ ලෙස තැනූ ජර්මානු වීසා බලපත්‍ර උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනියට පිටත්ව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද (7) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. එයින් දෙදෙනකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක සහ ඇයගේ 9 හැවිරිදි පුතු වන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය ...
කුවේටය විදේශිකයන්ට දොර වහයි මවිත ‘කොවිඩ් 19’ වයිරස වසංගතය පාලනය කර ගැනීමේ පියවරක් ලෙස විදේශිකයන් සඳහා යළිත් වරක් රට වසා දැමීමට කුවේට් බලධාරීන් තීරණය කර තිබේ. විදේශිකයන්ට රට වසා දැමීම සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදා සිටය. කුවේට් වැසියන්ගේ විදෙස් ඥාතීන්ට සහ ප්‍රධාන පෙළේ විදෙස් ව්‍යාපාරිකයන්ට විශේෂ කොන්දේසි යටතේ රටට ඇතුළුවීමට අවසර ලබා දෙන බව ද කුවේට් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ (4) දිනයේ කුවේටයෙන් ...
දිවි නසා ගැනීමට හේතුවක් වන විශාදය මවිත විශාදය යනු දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි. විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බව කියැවේ. අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට මුහුණ දීම නිසා ඇතිවන දුක කාලයත් සමග පහව යන නමුත් එසේ නොවී ශෝකී බව දිගටම පැවතීමෙන් විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක. විශාදය ඇති වීමට පහත හේතු ද බලපෑ හැක. *ජානමය නැඹුරු බව *මුහුණ ...
ක්‍රිස්ටෝපර් ප්ලමර් සමුගනී මවිත 1965 වසරේ තිරගත වූ සදාඅමරණීය, 'සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටයේ කැප්ටන් වොන් ට්‍රැප්ගේ චරිතය නිරූපණය කරමින්, සිනමාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වූ සම්මානනීය කැනේඩියානු නළු ක්‍රිස්ටෝපර් ප්ලමර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 91 කි. අවසන් සුසුම් හෙලද්දී, ප්ලමර් බිරිඳ එලේන් ටේලර් සමඟ කනැනිකට් නිවසේ සිටි බව ප්ලමර්ගේ කළමණාකරු ලූ පිට් මාධ්‍ය හමුවේ පවසා ඇත. ප්ලමර් තෙවරක් විවාහ වූ අයෙකි. එලේන් තෙවැනි බිරිඳය. ක්‍රිස්ටෝපර් ...
චීන එන්නත වැඩිහිටියන්ට සුදුසු නෑ මවිත චීනය ප්රදානය කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට සුදුසු නැතැයි එම එන්නත ආරක්ෂිතදැයි සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ උපදේශකවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිස්ල් සුල්තාන් මෙම වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දෙයි.වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ චීනය පාකිස්තානයට ප්රදානය කළ ‘සිනෝෆාර්ම්’ ප්‍රතිශක්තිකරණ එන්නත වඩාත් සුදුසු අවුරුදු 18 ...
කොරෝනා නසන්න පෙත්තක් මවිත විෂ පැළෑටියකින් නිපදවූ, පිළිකා නාශක බෙහෙත් පෙත්තකට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති. ‘තැප්සයිගාර්ජින්’ නමින් නම් කළ මෙම ඖෂධය නිපදවා ඇත්තේ ඇත්තේ ද බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය. ඒ, පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමේ අරමුණින්ය. කෙසේ නමුත්, ඖෂධය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිචාර දක්වන ආකාරය විද්‍යාඥයන් අධ්‍යයනය කර ඇති බවත්, සාර්ථක ප්‍රතිඵල ලැබුණු ...
ඉන්දියානුවන්ට දොර වැසේ මවිත කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන කිසිවකුට තම රටට ඇතුළුවීමට අවසර නොදෙන බව කැනඩාව නිවේදනය කර තිබේ. මෙම තහංචිය දින 10 ක් පුරා ක්‍රියාත්මක වනු ඇතැයි ද කැනඩා රජය පවසා ඇත. මේ වනවිට කැනඩාවේ ද යළි කොරෝනා වැඩිවීමක් දකින්න ලැබේ. ලොව නන්දෙසින් හමුවුණු විකෘති කොරෝනා ප්‍රභේද කැනඩාවෙන් ද හමුවීම ඊට හේතුවය. මේ වනවිට ඉන්දියාවෙන් ද්විත්ව කොරෝනා ...
'ඩෙල්ටා' පරයන 'ඩෙල්ටා ප්ලස්' මවිත 'කොවිඩ් 19' SARS-CoV-2 වයිරසය 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ විය. ආරම්භයේදීම මෙය කොරෝනා වයිරස පවුලට අයත් නව වයිරසයක් බව තහවුරු විය. ඒ, නව වයිරසය 'සාර්ස්' වයිරසයට සමාන වූ බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය, 'කොවිඩ් 19' වයිරසය, 'SARS-CoV-2' යන නිල නාමයෙන් නම් කිරීම සිදුවූයේ ඒ අනුවය. 'සාර්ස්' වයිරස වසංගතය පැවැතියේ 2002 සිට 2004 කාලයේය. 'කොරෝනා' යනු ක්ෂීරපායී සතුන් අතරේ ...
විලෙන් මතුවුණු හොල්මන් නගරය මවිත කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡායාරූපයට නගයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළට දකින්න ලැබේ. 2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාව ඉහළින් ගමන් කරමින් තිබුණි. ලතින් ඇමෙරිකාව හෙවත් දකුණු ඇමෙරිකාවේ ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය ලෙස සැලකෙන, බුවනෝස් අයර්ස් නගරයේ සිට ...