කුවේටය විදේශිකයන්ට දොර වහයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

කුවේටය විදේශිකයන්ට දොර වහයි

‘කොවිඩ් 19’ වයිරස වසංගතය පාලනය කර ගැනීමේ පියවරක් ලෙස විදේශිකයන් සඳහා යළිත් වරක් රට වසා දැමීමට කුවේට් බලධාරීන් තීරණය කර තිබේ. විදේශිකයන්ට රට වසා දැමීම සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදා සිටය. 

කුවේට් වැසියන්ගේ විදෙස් ඥාතීන්ට සහ ප්‍රධාන පෙළේ විදෙස් ව්‍යාපාරිකයන්ට විශේෂ කොන්දේසි යටතේ රටට ඇතුළුවීමට අවසර ලබා දෙන බව ද කුවේට් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඊයේ (4) දිනයේ කුවේටයෙන් ආසාදිතයන් 803 ක් වාර්තා වූ බව පැවැසිණි. 

කුවේටයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,68,250 කි. මරණ වාර්තා වන්නේ 962 ක් ලෙසය. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 1,60,098 කි.

අල් ජසීරා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom