ක්‍රිස්ටෝපර් ප්ලමර් සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

ක්‍රිස්ටෝපර් ප්ලමර් සමුගනී

1965 වසරේ තිරගත වූ සදාඅමරණීය, 'සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටයේ කැප්ටන් වොන් ට්‍රැප්ගේ චරිතය නිරූපණය කරමින්, සිනමාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වූ සම්මානනීය කැනේඩියානු නළු ක්‍රිස්ටෝපර් ප්ලමර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 91 කි. 

අවසන් සුසුම් හෙලද්දී, ප්ලමර් බිරිඳ එලේන් ටේලර් සමඟ කනැනිකට් නිවසේ සිටි බව ප්ලමර්ගේ කළමණාකරු ලූ පිට් මාධ්‍ය හමුවේ පවසා ඇත. ප්ලමර් තෙවරක් විවාහ වූ අයෙකි. එලේන් තෙවැනි බිරිඳය. 

ක්‍රිස්ටෝපර් ප්ලමර් උපන්නේ 1929 දීය. කුඩා කළ හැදී වැඩුණේ මොන්ත්‍රියාල් නුවරය. කලා කටයුතු සඳහා ප්ලමර් යොමු වූයේ ඔහුගේ මව නිසාය. 

පූර්ණ කාලීන නළුවකු වීමට පෙර ප්ලමර් වෘත්තීය පියානෝ වාදකයෙකු ද විය. සිනමාවට පිවිසීමට පෙර, ප්ලමර් කලා ලෝකයට පිවිසියේ 1954 වේදිකා නාට්‍ය හරහාය. 
එදා සහ අද - සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ ජූලි ඇන්ඩෲස් සමඟ

'ස්ටේජ් ස්ට්‍රක්' ප්ලම්බර්ගේ පළමු සිනමා නිර්මාණයයි. 2012 දී 'බිගිනර්ස්' චිත්‍රපටය වෙනුවෙන් ද 2018 දී 'ඕල් ද මනී ඉන් ද වර්ල්ඩ්' චිත්‍රපටය වෙනුවෙන් ද ප්ලමර් සම්මාන දිනා ගත්තේය. 

2017 දී 'ඕල් ද මනී ඉන් ද වර්ල්ඩ්' චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූයේ හොලිවුඩ් නළු කෙවින් ස්පේසි යොදා ගෙනය.   
කෙසේ නමුත් ස්පේසි ට ලිංගික අපහරණ චෝදනා එල්ල වීමෙන් පසු, ඔහු චිත්‍රපටයෙන් ඉවත් කිරීමට අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට් තීරණය කළේය. 

ඉන්පසු ස්පේසි රඟපෑ ජේ පෝල් ගෙටිගේ චරිතය යළි රූගත කරුණේ ක්‍රිස්ටෝපර් ප්ලමර් යොදා ගනිමිනි. ප්ලමර් ඉතා කෙටි දින කීපයකින් එම චරිතය රඟපා අවසන් කළේය.  

ප්ලමර්ගේ රංගනය රසික හදවත් දිනා ගත්තා පමණක් නොව, විචාරකයන්ගේ පැසැසුමට ලක්විය. 
ජේ පෝල් ගෙටි ලෙස රංගනයේ යෙදෙමින් ...

ඔස්කාර් සම්මානයෙන් පමණක් නොව, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් ද බැෆ්ටා සම්මානයෙන් ද ප්ලමර් පිදුම් ලැබුවේය. ඒ, ප්ලමර් පරිපූර්ණ නළුවකු බව තහවුරු කරමිණි.

බීබීසී

Classified_Ad

Classified_Ad_News_Bottom