බරින් වැඩිම සතා මවිත විද්‍යාඥයන්ට හමුවුණු ලොව බරම සතා ලෝකයේ ලොකුම සතා කවුරුද? ලෝකයේ ලොකුම සතා නිල් තල්මසාය. හරියටම කීවොත්, ඇන්ටාක්ටික් නිල් තල්මසා Antarctic Blue Whale ය. බර ටොන් 190 කි. ඒ බර, අලි ඇතුන් 33 දෙනකුගේ බරට සමානය. දිග අඩි 100 (මීටර් 30) කි. ඒ අනුව, ලොව බරින් වැඩිම සතා ද ඇන්ටාක්ටික් නිල් තල්මසා ය. නිල් තල්මසාගේ හදවත පුංචි කාර් එකක් තරම්ය. ලොව ...
ඉම්රාන් හිරේ මවිත දූෂණ චෝදනාවලට වරදකරු වූ, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, ඉස්ලාමාබාද් අධිකරණය වසර 3 ක සිර දඬුවමක් සහ පාකිස්තාන රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඊට අමතරව, ඉම්රාන්ට වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම ද තහනම්ය. තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඉම්රාන් පවසා ඇත්තේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය. සුපිරි ක්‍රිකට් තරුවක් ද වන 70 හැවිරිදි ඉම්රාන්, පාකිස්තාන ...
සියල්ල මගේ මහන්සියේ ප්‍රතිඵල මවිත වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිණිය ඇයයි. පුංචි තිරයේ දිදුලන රංගන ශිල්පිණිය ඇයයි. ඇය මේ වනවිට ඇයටම අනන්‍ය වූ රංගන ප්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි. මේ දිනවල රිදී තීරයේ දිගහැරෙන සිනමාපට ත්රිත්වයකින්ම, රංගන කුසලතාා විදහා දක්වන උදාරි, වර්තමාන පරපුරේ සිනමා නිළිය ලෙස ද හැඳින්විය හැකිය. ඔබ වාසනාවන්තයි නේද? ඇත්තටම මේක වාසනාවන්ත කාලයක්. මම අත්විඳින්නේ පෙර පිනක්. මේ සියල්ල ...
රාහුල් වරදකරු කිරීම අත්හිටුවයි මවිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කළේ යැයි, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් ලබා දී තිබුණු නඩු තීන්දුව අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව, යළි පාර්ලිමේන්තුවට සහභාගී වීමට පමණක් නොව, ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද විපක්ෂ නායක 53 හැවිරිදි රාහුල්ට අවස්ථාව උදා වෙයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ, 'මෝදි' ...
නිර්මාංශ රුසියන් තරුණිය දිවියට සමුදෙයි මවිත නිර්මාංශ ආහාර රටාවකට යොමු වී, පලතුරු වර්ග පමණක් නොව, එළවලු වර්ග ද අමුවෙන් ආහාරයට ගනිමින්, ජලය පාලනය වෙනුවට පලතුරු යුෂ පමණක් පානය කළ 39 හැවිරිදි රුසියන් තරුණියක වන සහානා සම්සෝනෝවා දිවියෙන් සමුගත්තාය. සම්සෝනෝවා, නිර්මාංශ ආහාර රටාවකට යොමු වී ජීවත් වීම සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වසර ගණනක සිට වීඩියෝ පළ කළ තැනැත්තියකි. ඇය නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ප්‍රවර්ධන කටයුතුවල නියැලුනු තැනැත්තියකි. ...
ට්‍රම්ප්ට චෝදනා පිට චෝදනා මවිත වසර 234 ක ඇමෙරිකන් ඉතිහාසයේ, කිසිම ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට හෝ අපරාධ චෝදනා එල්ල වී තිබුණේ නැත. ඒත්, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වූ රිපබ්ලිකන් පාක්ෂික, කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් එය වෙනස් කළේය.ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූයේ 2016 ජනාධිපතිවරණය ජයගනිමිනි. 2017 වසරේ සිට 2020 තෙක්, ට්‍රම්ප් ජනාධිපති ධුරය හෙබවූයේ එක් ධුර කාලයකට පමණි. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය විය. ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව, ට්‍රම්ප්ට ...
‘වොයේජර් 2’ ට ලැබුණු වැරදි පණිවුඩය මවිත ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන්ට සිදුවුණු අකරතැබ්බක් ගැනයි මේ. ඇමෙරිකාවේ නාසා ආයතනය ‘වොයේජර් Voyager 1 සහ 2’ යන නමින් රොබෝ ගවේෂණ යානා දෙකක් විශ්වයේ ඈතට ඈතට යැව්වේ 1977 වසරේදීය.‘වොයේජර්’ නිවුන්නු යන නමින් ද හැඳින්වෙන මෙම රොබෝ යානාවල අරමුණ සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය කරමින් ඈතට ගමන් කිරීමය. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනැවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පළමුවෙන් යැවුණේ ‘වොයේජර් 2’ යානයයි. ඒ, 1977 ...
චන්ද්‍රයාන් 3 මෙහෙයුම මවිත චන්ද්‍රයාන් 3 මෙහෙයුම මිනිසා සඳට පය තැබුවේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. සඳ යනු වායුගෝලයක් නැති, නිසල, නිසරු දුවිලි සහ පස් පිරුණු තැනක් බව ඒ අනුව තහවුරු විය. ඒත් 2008 වසරේ දී සඳ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුවිය. අනාවරණය කළේ ඉන්දීය විද්‍යාඥයන්ය. ඉන්දීය විද්‍යාඥයන් මෙම අනාවරණය කළේ ඔවුන්ගේ තාක්ෂණයෙන්, ඔවුන් විසින්ම නිපදවූ රොබෝ කක්ෂීය යානයක් සඳුගේ කක්ෂයට යැවීමෙනි. මේ ...
Extraction හැඩ කරන ඉරාන නිළිය මවිත 2020 වසරේ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් අප කවුරු කවුරුත් නිවෙස්වලට කොටුවෙද්දී, Netflix හරහා විකාශය වුණු Extraction ක්‍රියාදාම චිත්‍රපටය සිනමාලෝලීන් අතරේ අතිශය ජනප්‍රිය විය. ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන Extraction චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය වූයේ ඒ අනුවය. Extraction 2 චිත්‍රපටය Netflix හරහා විකාශය කෙරුණේ පසුගිය ජූනි 13 වැනිදාය. ඉදිරියේ දී තවත් Extraction චිත්‍රපට කීපයක් නිර්මාණය කිරීමට Netflix සූදානමින් සිටී. Extraction චිත්‍රපට ...
ලොවට හඳුන්වා දුන් අලුත්ම පලතුර මවිත කොමඩු කන්න අකමැති කවුරුද? උණුසුම් දවසක රසම රස කොමඩු කැබැල්ලක රස බැලීම සිරුර ප්‍රබෝධමත් කරයි. ජපානයේ කොමඩු අතිශය ජනප්‍රියය. කොමඩු පමණක් නොව, ජපන් වැසියෝ ලෙමන්වලට ද ප්‍රිය කරති. ලෙමන් යනු දෙහි වර්ගයකි. ලෙමනේඩ් බීම සකස් කරන්නේ, ලෙමන් යොදා ගනිමිනි. දැන් ජපන් ගොවීන් හරි අපූරු නව පලතුරක් වගා කිරීමට පටන්ගෙන ඇති අතර, එම නව පලතුර මේ වනවිට ජපන් වෙළෙඳපොළ ද ජය ...
ජේම්ස් වෙබ් දුටු තරු තොටිල්ල මවිත 2021 දෙසැම්බර් 25 වැනිදා අභ්‍යවකාශයට යැවුණු ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය, හරිහරියට විශ්වය අධ්‍යයනය කරමින්, රහස් අනාවරණය කර දීමට පටන් ගෙන තිබේ. ‘ජේම්ස් වෙබ්’ යනු ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් අභ්‍යවකාශයේ ඈතට යවා රඳවා ඇති ප්රබලතම දුරේක්ෂයයි.විස්මිත අනාවරණ සමඟ ‘ජේම්ස් වෙබ්’ පෘථිවියට එවූ ඡායාරූප රැසකි. මේ වනවිට, අප සෞරග්‍රහ මණ්ඩලයේ බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ මෙතෙක් නොදුටු ඡායාරූප පෘථිවියට එවීමට ‘ජේම්ස් ...
යළි සඳට යන්න ඉන්දියාව සූදානම් මවිත ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම අද (14) සවස 2.35 ට 'චන්ද්‍රයාන් 3' ආරම්භ වනු ඇත.'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය 'වික්‍රම්' ය. 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය නම් කර ඇත්තේ 'ප්‍රාග්යාන්' යන නමිනි.'වික්‍රම්' ගවේෂණ යානයත්, 'ප්‍රාග්යාන්' රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. සඳුගේ පස ගවේෂණය 'චන්ද්‍රයාන් ...
නදීෂාට රන් පදක්කමක් මවිත තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමින් ඇය හා ඉසව්වේ තරග වැදුණු රටවල් පහක ක්‍රීඩිකාවන් හත් දෙනකු පරාජය කිරීමට සමත් වූ අතර, 29 හැවිරිදී නදීෂා, වසර 23 කට පසුව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාවට ...
මිෂන් ඉම්පොසිබල්: ඩෙඩ් රෙකනිං මවිත හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස්, ඊතන් හන්ට් ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන ‘මිෂන් ඉම්පොසිබල්’ Mission Impossible චිත්‍රපට මාලාව ආරම්භ වූයේ මීට 30 වසරකට පමණ පෙර 1996 දීය. අදටත් ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට අතිශය ජනප්‍රිය වීමට හේතුව, 61 හැවිරිදි ටොම් කෲස්ගේ රංගනයයි. ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට යනු හොලිවුඩයේ දිග හැරෙන දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපට මාලාවකි. චිත්‍රපටවල ඇඟ කිළිපොලා යන ක්‍රියාදාම බොහොමයක් ටොම් කෲස් සිදු ...
දුලාන්ගේ 'ඩ්‍රාමා ක්වීන්' මවිත අලුත් ගීත නිර්මාණ කාලෙන් කාලෙට සංගීත ලොවේ රැව් දෙයි. පසුගිය කාලයේ දෙස් විදෙස් රැව් පිළිරැව් දුන් 'මැණිකේ මගේ හිතේ' ගීතය ද එවැන්නකි. එය කොතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත්තේදැයි අමුතුවෙන් කිව යුතු නැත. 'මැණිකේ මගේ හිතේ' රචනා කළ දුලාන් ARX තවත් හරි අපූරු ගීතයක් එළි දක්වා ඇත. ඒ 'ඩ්‍රාමා ක්වීන්' ය. 'ඩ්‍රාමා ක්වීන්' ගීතය මේ දිනවල යූටියුබ් හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන අවසන්ය. ...
කෘත්‍රිම බුද්ධියට නඩු මවිත නව තාක්ෂණය ගැන කතා කරනවා නම්, OpenAI පර්යේෂණ තාක්ෂණික සමාගම හඳුන්වා දුන් ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම ගැන කතා කරන්නම සිදුවෙයි. අන්තර්ජාල පරිශීලකයන්ට මෙය එක්තරා ආකාරයක කෘත්‍රිම බුද්ධි සෙවුම් යන්ත්‍රයක් වැනිය. OpenAI යනු ඇමෙරිකන් කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයකි. කෘත්‍රිම බුද්ධි මෙවලම් හඳුන්වාදීමේ දී දැනට ඉදිරියෙන් සිටින්නේ OpenAI යැයි කීවොත් එය නිවැරදිය. මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි මෙවලම් නිර්මාණය තම අරමුණ යැයි ...
නහේල් ප්‍රංශය ගිනිබත් කරයි මවිත මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වෙමින් තිබූ මර්සිඩීස් මෝටර් රථයක් ගැන දැනගත් සැණින්, පැරිසියේ නොන්ත්රේ පළාතේ පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වූහ. වාහනය පදවන්න වූයේ පිරිමියකු බව පොලිස් පණිවුඩ හුවමාරු විය. වේගයෙන් ධාවනය වෙමිනි තිබුණු මෝටර් රථය හරස් කිරීමට පොලිස් නිලධාරීන් සමත් වූයේ පැරිස් අගනුවරට නුදුරින් රථ වාහන නැවැතුමකදීය. වාහනය නවත්වා එයින් බසින්නැයි තරුණයාට පොලිසියෙන් අණ ලැබුණි. ඒ සමඟම තරුණයා දෙසට ...
‘බතලේ ගල’ නගිමු මවිත කඩුගන්නාව ප්‍රදේශය පසු කර, නුවර පාරේ ගමන් කරද්දී, ඈත නිම්නයේ පෙනෙන සුවිශේෂී හැඩැති පර්වතයකි. සුවිශේෂී හැඩැති මෙම පර්වතය බ්‍රිතාන්‍යයන් නම් කළේ ‘බයිබල් රොක්’ යනුවෙනි. සිංහලෙන් එය ‘බතලේ ගල’ නැතිනම් ‘බත්ලේ ගල’ ය. දුර සිට බලද්දී ‘බත්ලේ ගල’ තරණය අසීරු බව පෙනුනත්, ඇත්තෙන්ම ‘බත්ලේ ගල’ තරණය අසීරු නොවෙයි. ‘බත්ලේ ගල’ පර්වතයේ උස මීටර් 797.7ක් යැයි මැනුම් සිතියමේ දක්වා ඇත. පළල පාෂාණ ...
වැඩිපුරම ප්‍රතිචාර මගේ දිග කොණ්ඩෙට මවිත ලින්ඩිගේ චරිතයට පණ දෙමින් ‘ශක්ති’ (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව හිරුණි මංජලී ද සිල්වා ය. මේ, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ මේ හුරුබුහුටි රුවැත්තිය සමඟ ‘සිරිකත’ පුවත්පත දොඩමලු වුණු අයුරුය. ඔයා ගැන විස්තර කීවොත්? මම හිරුණි මංජලී ද සිල්වා. ඉගෙන ගත්තේ කළුතර බාලිකා ජාතික පාසලේ. මගේ කලා ගමනට මූලික අඩිතාලම වැටෙන්නේ පාසලෙන්. මගේ පාසලේ මට නාට්‍ය හා රංගකලාව උගන්වපු ...
ටයිටන්ට මොකද වුණේ? මවිත අභ්‍යවකාශයේ කොතරම් ඈතට ගියත්, අඳුරු සීතල මුහුදු පතුලට යෑම පහසු නැත. ඒ, මුහුදු පතුලේ පීඩනය දරා ගැනීමට නොහැකි බැවිනි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට සංචාරකයන් ද සමඟ මුහුදු පතුලට ගිය කුඩා සබ්මැරීනය අතුරුදන් බව අපට අසන්න ලැබුණේ පසුගිය ජූනි 19 වැනිදාය. අතුරුදන් වනවිට සබ්මැරීනයේ ඔක්සිජන් තිබුණේ පැය 96 ක කාලයකට පමණි. ඇමෙරිකාව, කැනඩාව පමණක් නොව, ප්‍රංශය ද එක් වී, සබ්මැරීනය සොයා ...