වැඩිපුරම ප‍්‍රතිචාර මගේ දිග කොණ්ඩෙට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 1, 2023

වැඩිපුරම ප‍්‍රතිචාර මගේ දිග කොණ්ඩෙට

ලින්ඩිගේ චරිතයට පණ දෙමින් ‘ශක්ති’ (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව හිරුණි මංජලී ද සිල්වා ය. මේ, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ මේ හුරුබුහුටි රුවැත්තිය සමඟ ‘සිරිකත’ පුවත්පත දොඩමලු වුණු අයුරුය. 

ඔයා ගැන විස්තර කීවොත්? 
මම හිරුණි මංජලී ද සිල්වා. ඉගෙන ගත්තේ කළුතර බාලිකා ජාතික පාසලේ. මගේ කලා ගමනට මූලික අඩිතාලම වැටෙන්නේ පාසලෙන්. මගේ පාසලේ මට නාට්‍ය හා රංගකලාව උගන්වපු අනූෂා උදේනි ගුරු මෑණියන්ව ගෞරවයෙන සිහිපත් කරනවා. මොකද මගේ කලා ගමනේ මුල්ම නියමුවරිය ඇයයි. 

පවුලේ තොරතුරු?
අයියයි, අක්කයි. මම තමයි පවුලේ බඩපිස්සි. අම්මා කුමාරි මද්දුමබණ්ඩාර, ඇය ගුරුවරියක්. තාත්තා ආනන්ද රාජ්. ඔහු විශ‍්‍රාමික නාවික නිලධාරියෙක්. 
රැකියාවක් කරනවද?
මම වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පිනියක් ලෙස කාලක් රැකියාව කළා. දැන් ඒ වෘත්තියෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට සේවය කරනවා. මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. 

රංගනයට පිවිසුණේ?
ශක්ති මගේ පළමු ටෙලි නාට්‍යය වුණත් මම පාසලේ වේදිකා නාට්‍ය කරලා තියෙනවා. ඇත්තටම මේක මම හිතුවෙවත් නැති මොහොතක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. පුංචි කාලේ ඉඳලා නටන්න සින්දු කියන්න හරිම ආසයි. ඒත් රඟපාන්න උනන්දුවක් තිබුණෙ නෑ. හැබැයි මම කලාව පැත්තට හුඟක් ආස කළා. අම්මාගේ නම් ලොකු ආසාවක් තිබුණා මාව ටී.වි එකෙන් දකින්න. ඒක අම්මාට තිබුණු හීනයක්. පොඩි ළමයින්ට තිබුණු ටීවී වැඩසටහන්වලට අම්මයි තාත්තයි මාව එක්ක ගිහින් තියෙනවා. හැබැයි මම කලාවට යොමු වෙනවට තාත්තා පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ.මම පාසල් කාලේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙද්දි ශක්ති ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂක ප‍්‍රදීප් මානවඩු සර්ව මුණගැහිලා තියෙනවා. සර් දවසක් කිව්වා මෙහෙම ටෙලි නාට්‍යයකට නවක රංගන ශිල්පිනියන් සොයනවා. තිර පරීක්ෂණයට ඇවිත් යන්න කියලා. ඇත්තටම ශක්ති ටෙලි නාට්‍යයේම සහාය අධ්‍යක්ෂක ප‍්‍රදීප් මානවඩු සර් හරහා තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ. 
ලින්ඩිට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ලින්ඩිට ලැබෙන ප‍්‍රතිචාර හොඳයි. එකම උත්සාහය අඩුපාඩු හදාගෙන හැකි උපරිමයෙන් චරිතයට සාධාරණයක් කිරීමයි. මම ටෙලි නාට්‍යයේ ලින්ඩි කියන චරිතයට පාවිච්චි කරන්නෙත් මගේ ඇස් කණ්ණාඩි දෙකමයි. මගේ ඇස් කණ්ණාඩි විලාසිතාවටත් වෙනස්ම ප‍්‍රතිචාරයක් ලැබෙනවා. වැඩිපුරම ප‍්‍රතිචාර ලැබෙන්නේ පිරිමි ළමයින්ගෙන්. ඒ මගේ දිග කොණ්ඩෙට. 

දිගටම කලාවේ රැඳෙනවාද? 
වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර නිරූපණ කටයුතුත් කරගෙන යනවා. ඒ වගේම ගුරු වෘත්තියට මම හරිම කැමතියි. පොඩි දරුවෝ එක්ක ඉන්න ආසයි. ඒක රස්සාවක් වගේ පෙනුණට ඒක එක විදිහක මානසික සුවයක්. 

ජීවිතේ වැඩිපුරම සතුටු වුණු දවස?
විශේෂ දවසක් නෑ. ගෙවන හැම තත්පරයක්ම මම උත්සාහ කරන්නේ සතුටින් ගෙවන්න. මම දැනට ක්ෂේත‍්‍ර කිහිපයක් පිළිබඳවම ඉගෙන ගන්නවා.ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට කලාව ගැනත් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම තියෙන දේට සතුටු වෙනවා ඇරෙන්න නැති දේවල්වලට තැවෙන කෙනෙක් නෙමෙයි. මම උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. මගේ ලොකුව ආසාව වුණේ වෛද්‍යවරියක් වෙන්න. නමුත් දෛවය දුන් දේ මම සතුටින් භාරගත්තා. 
වැඩිපුරම යන්න කැමති කොහෙද? 
මම නිදහස් තැන්වලට හරිම කැමයිතියි. ඒ වගේම ගොඩාක්ම මම ඉන්න කැමති පොඩි දරුවෝ එක්ක. මනෝ විද්‍යාව පිළිබඳ ඉගෙන ගන්න අතරේ මනෝ විද්‍යා උපදේශනවලටත් ස්වෙච්ඡුාවෙන් සහභාගි වෙනවා. 

ස්තූති කරන්න කැමැති අය කවුරුද?
විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනෑ ප‍්‍රදීප් මානවඩු සර්ට. ඒ වගේම ශක්ති ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස, නිෂ්පාදක ජානක සිරිවර්ධන, තිර රචක ලක්ෂාන් වත්තුහේවා සහ ශක්ති කණ්ඩායමේ සියලූ දෙනාටත් ස්තූති කරනවා. 

ආදරය ගැන මොකද හිතන්නේ?
තාම නම් විශේෂ ආදරයක් නෑ. ක්ෂේත‍්‍රයට එන්න කලින් ආදර යෝජනා නම් ඇවිත් තියෙනවා. කලාවට ආවට පස්සේ එන යෝජනා දැන් වැඩිවෙලා.

Classified_Ad

Classified_Ad_News_Bottom