සෝලෝ ටවුන් – Solo Town – මෙරට සිනමාවේ පළමු බෝයි බෑන්ඩ් සිනමාපටය cinema.lk සිංහල සිනමාවට එක්වීමට නියමිත, වෙනස්ම ශානරයක චිත්‍රපටයක් වන “සෝලෝ ටවුන් – Solo Town” හි මුහුරත් උළෙල සහ එහි නලු නිළියන් හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුනේ බොල්ගොඩ Wave by Singhe පරිශ්‍රයේදී යි. කලා ක්ෂේත්රයේ ජනප්‍රිය නලු නිළියන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු එම උත්සවයේදී “සෝලෝ ටවුන් – Solo Town” චිත්‍රපටය ගැන නවතම තොරතුරු රාශියක් රසිකයින්ට අණාවරණය කළා. “සෝලෝ ටවුන් – Solo Town” ...
තරු බැබලුනු 68වන Filmfare සම්මාන රාත්‍රිය cinema.lk උතුරු ඉන්දියාව මුල් කරගත් බොලිවුඩ් (හින්දි) සිනමා කර්මාන්තය සහ එහි විශිෂ්ටතමයින් අගයනු වස් සංවිධානය වන සම්මාන ප්‍රදානයන් ගණනාවක් සෑම වසරක් පාසාම ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ සියල්ල අතුරින්, විශාලතම සහ ජනප්‍රියම සම්මාන රාත්‍රිය ලෙසට සැලකෙන්නේ The Times නැමැති ලෝකප්‍රසිද්ධ පුවත්පත් ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Filmfare Awards සම්මාන රාත්‍රියයි. Filmfare Awards සිනමා සම්මාන උළෙල මුල්ම වරට පවත්වා තිබෙන්නේ මීට දශක 6කටත් පෙර 1954 වර්ෂයේදී ...
පාස්පෝට් (Passport) – යූරෝ සිහිනයේ අතරමං වූ තාරුණ්‍යයේ කතාවක් ළඟදීම cinema.lk නුදුරු දිනකදීම මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් පුරාවට රූපගත කිරීම් කළ මෙම සිනමාපටයේ කතා තේමාවේ සිටම නැවුම් ආරක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ළඟා කරවීමටයි නිර්මාණකරුවන් උත්සාහ දරා තිබෙන්නේ. පාස්පෝට් (Passport) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ක්‍රිස් ඇන්තනි විසිනුයි. මෙරට සිටින තරුණ සිනමාකරුවෙකු වන ඔහු මීට පෙර “බාඳුරා” නමින් දිගු – ...
Rocking Star යාශ්ගේ ඊළඟ චිත්‍රපටය කුමක්ද? cinema.lk සමස්ත ඉන්දියාවේම අවධානයට සහ රසික උන්මාදයට පත් නලුවෙකු බවට පත් වන්නට කන්නඩ රංගන ශිල්පී Yashට අවශ්‍ය වූයේ වසර 02ක් තුළදී නිකුත් වුනු චිත්‍රපට දෙකක් පමණයි. K.G.F. Chapter 01 සහ K.G.F. Chapter 02 සිනමාපට ද්විත්වයේ බලපෑම මත මේ වනවිට ඔහු ඉන්දියානු සිනමාවේ දැවැන්තම රසිකයින් පිරිසක් හිමි නලුවෙකු බවට පත්වී අවසානයි. 2018 වසරේදී නිකුත් වූ පළමුවන K.G.F. කන්නඩ සිනමාපටය ඉන්දියානු කෝටි 250කට ...
Mammoottyගෙන් මලයාලම් සිනමාවට නව පෙරළියක් cinema.lk දකුණු ඉන්දියාවේ ප්‍රධානම ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයෙ හි ජනප්‍රිය රංගන ශිල්පී Mammoottyගේ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා. මේ වනවිට මලයාලම් චිත්‍රපට 390ක රඟපා තිබෙන ඔහු, එදා’මෙදා තුර කේරළ සිනමාවෙන් බිහිවූ ජනප්‍රියතම තරු අතළොස්සෙන් කෙනෙකු ලෙසටත් හැඳින්වෙනවා. 1972 වර්ෂයේදී සිනමාවට පිවිසි ඔහු අද වනවිට සිනමාව තුළ සක්‍රීයව සිටි කාල පරිච්ඡේදය වසර පනහකට අධිකයි. වාර්තා වන අන්දමට, ...
යුගාත්‍රා – සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව cinema.lk චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිංහල සිනමාපටය, “ යුගාත්‍රා (Yugathra) ” දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. මෙරට සිනමාවෙන් එතරම් දැකගත නොහැකි Psychosocial Thriller ශානරයේ චිත්‍රපටයක් වන මෙය, ආදරය සහ ප්‍රේමය කැටි කොටගත් කතා තේමාවක් ඔස්සේ දිවයන අපූරු නිර්මාණයක්. අධ්යක්ෂණයට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ද චන්න පෙරේරා විසින්මයි. යුගාත්‍රා හි ප්‍රධාන කාන්තා චරිත ද්විත්වය සඳහා මාෂි සිරිවර්ධන ...
ඩිජිටල්කරණය වූ බොලිවුඩයට Bollywood Life Awards 2023 cinema.lk කොරෝනා වසංගතය නිසා ලෝ පුරා සිනමාශාලා වැසී ගොස් සමස්ත චිත්‍රපට ක්ෂේත්රයම විශාල පසුබෑමකට ලක්ව සිටි අවධියකදී රසිකයින්ට අවශ්‍ය සිනමා වින්දනය ලබා දීමට උපකාරී වුනේ ඩිජිටල් මාධ්‍යයි. ඒ සමයේදී ලෝක සිනමාවම ඩිජිටල්කරණය වූ අතර හුදෙකලා වූ රසිකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් දැවැන්ත චිත්‍රපට දිගින් OTT මාධ්‍ය හරහා දිගටම අන්තර්ජාලයට නිකුත් වුනා. ඉන්දියානු සිනමාවත් මෙම තත්වය යටතේ සිනමාශාලාවලට පැමිණීමට නොහැකි වූ සිය චිත්‍රපට රසිකයින්ගේ ...
ආයු – ළඟදීම සිනමා හලට cinema.lk චත්‍ර වීරමන්, සිය පළමු සිනමා නිර්මාණයෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සහ දක්ෂ සිනමාකරුවෙක්. ඔහුගේ මුල්ම සිනමාපටය වූ, “ආලෝකෝ උදපාදි” මෙරට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වගේම ගුණාත්මක බවින් ඉහළ මට්ටමක තිබුනු සිනමා කෘතියක් බවට බොහෝ දෙනෙකුගේ ඇගයුමට පාත්‍ර වූ නිර්මාණයක්. පළමු චිත්‍රපටයෙන් වසර කිහිපයක නිහැඬියාවකට පසුව, චත්‍ර සිය දෙවන චිත්‍රපටයත් ලාංකීය රසිකයින් අතරෙ හි මුදා හරින්නට දැන් කටයුතු ...
තෙල් නිධියක මිනීමැරුම් සොයා යන Killers of the Flower Moon cinema.lk ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ සිනමාකරුවෙකු වන Martin Scorseseගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම චිත්‍රපටය, Killers of the Flower Moon මේ වසරේ අග භාගයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැනි අතිශය දැවැන්ත පිරිවැයක් යොදා නිෂ්පාදනය වන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ Leonardo DiCaprio සමඟින් Jesse Plemonsයි. Dune, A Star is Born, Forrest Gump වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට ...
“සහෝ” තිරයට – විශ්ව විද්‍යාලයක මිතුරන් සිව්දෙනෙකුගේ කතාවක් cinema.lk ගජමෑන්, වියසිදුරු, උතුරු සුළඟ වැනි චිත්‍රපටවලින් අනතුරුව තවත් නවතම ලාංකීය සිනමා නිර්මාණයක් පසුගියදා දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. ඒ ඊයේ දිනයේ (අප්‍රේල් 07) සිට ප්‍රදර්ශනය ඇරඹුනු “සහෝ – The Comrade” නැමැති සිංහල දිගු වෘතාන්ත සිනමාපටයයි. මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්ව විද්‍යාලයකදී මුණගැසෙන මිතුරන් සිව් දෙනෙකුගේ ජීවිත කතාවයි. සඳූ – තරූ – ...
Zeen Cine Awards ඉන්දීය සිනමා තරු පිරිවරා මෙවරත්… cinema.lk ඉන්දියාවේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ජාලයක් වන ZEE TV මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන Zeen Cine Awards සිනමා සම්මාන උත්සවයේ 2023 දිගහැරුම පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුනා. උතුරු ඉන්දියාව මූලික කරගෙන ලෝ පුරා ව්‍යාප්ත වුනු, ලෝකයේ දෙවන විශාලතම සිනමා කර්මාන්තය ලෙසට හැඳින්වෙන හින්දි සිනමා කර්මාන්තයේ විශිෂ්ට නිර්මාණ ඇගයීම සඳහායි මෙම සිනමා උළෙල සංවිධානය වන්නේ… සෑම වසරකම පැවැත්වෙන මෙම උළෙල තුළ ප්‍රධාන ක්‍රම ද්විත්වයකට ...
කළ පව් මැකූ තරු ගුණය – Pathu Thala (2023) – Review cinema.lk සටහන: මහේල හෙට්ටිආරච්චි Pathu Thala (2023) යනු 2017 නිකුත් වූ Mufti නම් කන්නඩ සිනමාපටයේ දමිළ අනුවාදයයි. Narthan විසින් අධ්‍යක්ශණය කල මුල් චිත්රපටයෙහි ශිව රාජ්කුමාර් සහ ශ්‍රී මුරළි යන තරු රංගන ශිල්පීන් දෙපළ ප්‍රධාන චරිතයන්ට පණ පොවයි. දමිළ චිත්‍රපටය තුල පිළිවෙලින් එම චරිතයන්ට පණ පොවන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන සිලම්බරසාන් සහ ගෞතම් කාර්තික් යන රංගන ශිල්පීන් දෙපළයි. දමිළ චිත්‍රපටය අධ්‍යක්ශණය ...
කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා cinema.lk YaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සිංහල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පසුගිය දා (මාර්තු 28) පැවැත්වුනා. එහිදි ආශිර්වාද පිරිත් දේශනයක් ගෞරවණීය මහා සංඝරත්නය විසින් පැවැත්වූ අතර, චිත්‍රපටයේ තිර පිටපත රංගන ශිල්පීන්ට නිල වශයෙන් ලබාදීම ද සිදු වුනා. ග්‍රාමීය පරිසරයක් මුලික කරගනිමින්, රටේ වර්තමානයේ පවතින ව්‍යසනයක් පාදක කරගනිමිනුයි “Kambili – කම්බිලි” සිනමාපටයේ කතා සංකල්පය ...
හොඳ නමුත් වෙට්රිමාරන්ට තරම් නොවේ – Viduthalai : Part 01 – Review cinema.lk සටහන: මහේල හෙට්ටිආරච්චි දමිළ සිනමාව පිළිබඳ ශ්‍රී ලංකාවේ සමහරක් රසිකයන් තුල ඇත්තේ ඒකාකාරී රාමුවක් සම්බන්ධ හැඟීමකි. වීරයා එල්ල කරන පහරකින් දුශ්ටයා අඩි විස්ස, තිහ ඉහළ ගොස් වැටෙන, කෙසෙල් ගෙඩියකින් වුව ඝාතනයන් සිදු කල හැකි අධි වීර පදනමක් සහිත මසාලා සිනමාවක් ගැන ඉතිහාසයක් දමිළ සිනමාවට ඇත. වෙට්රිමාරන් යනු එම අධි වීර මසාලා සිනමාව වෙනුවට, බිම් ගත, තාත්වික පදනමක් සහිත වඩා අමු ...
මෘදු මේරි සහ රුදු මේරි හෙවත් ජෝන් වික්ගේ ජීවිතය – John Wick : Chapter 4 – Review cinema.lk සටහන : මහේල හෙට්ටිආරච්චි ජෝන් වික් යනු ඝාතකයෙකි. ලෝකය පුරා පැතිර ඇති ඝාතකයන්ගේ එකතුවකින් යුතු සංවිධානයක සාමාජිකයෙකු වන ඔහු ඝාතනයෙහි අති දක්ශයෙකි. වැන්දඹු, සිය ඝාතන දිවිය ගැන කලකිරීමට පත්ව ඇති, මේ මැදිවිය අවසන් කරමින් සිටිනා ඝාතකයාගේ ජීවිතයේ තවත් අදියරක් සිනමාවට නගා අප වෙතට රැගෙන එන්නේ අධ්‍යක්ශක Chad Stahelski ය. චැඩ්, නිකුත් වී ඇති ජෝන් වික් චිත්‍රපට හතරේම අධ්යක්ශකවරයාය. චිත්‍රපට හතරම ...
Jawan – ශාරුක්ගේ මීළඟ බොක්ස් ඔෆිස් කුණාටුව ජුනි මාසයේදී cinema.lk ඉන්දියානු කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගනිමින් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත් Pathaan හින්දි චිත්‍රපටයෙන් පසුව, ශාරුක් ඛාන් ඔහුගේ නවතම චිත්‍රපටය වන Jawan හි රූගත කිරීම් සඳහා නැවතත් එක්වී තිබෙනවා. මේ වනවිට චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම්වලින් බොහෝ ප්‍රමාණයක් අවසන් අතර ඉතිරිව තිබෙන්නේ දින 10-15ක රූගත කිරීම් කොටසක් පමණක් බවයි පැවසෙන්නේ. මේ දිනවල මුම්බායි හි චිත්රාගාරයක් තුළ සිදු වන මෙම Jawan හි ...
ඩිංගා – කිසිදා පත්තු නොකළ තුවක්කුවක කතාව cinema.lk තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, ලක්මාල් ධර්මරත්න ඇතුළු පිරිසක් නිෂ්පාදනය කළ “ඩිංගා (Dinga)” සිංහල සිනමාපටයයි. ඩිංගා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි. ඩිංගා (Dinga) චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ තරුණියන් ආශ්‍රය කිරීමට බියක් දක්වන ...
ප්‍රිත්විරාජ් සහ බැසිල් ජෝසප් කෝවිලකදී ගැටුමකට මැදිවෙයි: Guruvayoor Ambalanadayil cinema.lk පසුගිය වසර කිහිපයක සිට, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගත් මලයාලම් සිනමාව කෙරෙහි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් ජනප්‍රියත්වයක් මතුවී තිබෙනවා. නවතම මලයාලම් සිනමාපට නැරඹීමටත් මලයාලම් සිනමාව ගැන විස්තර සෙවීමටත් මෙරට සිනමා ලෝලීන් තුළ ඇතිවී තිබෙන්නේ සැලකිය යුතු උනන්දුවක්… මෙලෙස ලාංකීය රසිකයින්ගේ අවධානයට ලක්වුනු මලයාලම් සිනමා තරු අතරෙ හි ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන රංගන ශිල්පියෙක් විදිහට ප්‍රිත්විරාජ් සුකුමාරන්ව (Prithviraj Sukumaran) හඳුනා ගන්නට ...
“උතුරු සුළඟ” දිවයින පුරා හමා යයි!! cinema.lk චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමාපටය, “උතුරු සුළඟ (Uthuru Sulanga – Winds of Change)” දිවයින පුරා සිනමා ශාලා පනහකට ආසන්න ප්‍රමාණයකදී දැන් තිරගත වනවා. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වූ මෙම චිත්‍රපටයට පාදක වන්නේ රජරට මායිම් ගම්මානයක සිදු වන සිදුවීම් මාලාවකුයි. පසුගිය මාර්තු 24 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුනු උතුරු සුළඟ සිනමාපටය, Drama – Thriller ශානරයට අයත් වන පවුලේ සැමට ...
මෙරට විශ්ව විද්‍යාලයකින් බිහිවුනු පළමු සිනමාපටය – වියසිදුරු cinema.lk “වියසිදුරු – Viyasiduru” මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹුනු නවතම සිංහල සිනමාපටයයි. ඊයේ දිනයේ (මාර්තු 23) සිට දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයක එහි තිරගත වීම ඇරඹුනා. වියසිදුරු – Viyasiduru චිත්‍රපටය තවත් සුවිශේෂ වන්නේ එය ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – සිනමාපටය වීම නිසාවෙනුයි. කැළණිය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් බිහිවූ වියසිදුරු සිනමාපටය, ත්‍රාසය – ආදරය – කුතුහලයෙන් සපිරි වෙනස්ම ...