කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා

Avatar Kavinu Weerakkody | April 1, 2023 346 Views 0 Likes 1 On 2 Ratings

346 Views 1 On 2 Ratings Rate it

YaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සිංහල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පසුගිය දා (මාර්තු 28) පැවැත්වුනා.
එහිදි ආශිර්වාද පිරිත් දේශනයක් ගෞරවණීය මහා සංඝරත්නය විසින් පැවැත්වූ අතර, චිත්‍රපටයේ තිර පිටපත රංගන ශිල්පීන්ට නිල වශයෙන් ලබාදීම ද සිදු වුනා.

ග්‍රාමීය පරිසරයක් මුලික කරගනිමින්, රටේ වර්තමානයේ පවතින ව්‍යසනයක් පාදක කරගනිමිනුයි “Kambili – කම්බිලි” සිනමාපටයේ කතා සංකල්පය ගොඩ නැඟී තිබෙන්නේ. ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින්ට ත්‍රාසයය, භීතිය, ආදරය මුසු නැවුම් අත්දැකීමක් ගෙන එන මෙම දිගු වෘතාන්ත සිනමාපටයේ රූගත කිරීම් ද නුදුරු දිනකදීම ආරම්භ කිරීමට නියමිතයි.

“කම්බිලි” ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා නිර්මාණයයි. දශක එකහමාරකට ආසන්න කාලයක් මාධ්‍ය වේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේශ්ත්‍රය තුළ හා ගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් – වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලා ක්ෂේශ්ත්‍රයේ කටයුතු කළ ප්‍රසාද් කළුපහන සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ අමිල කරුණානායක සමඟින් නෙත්මි රොශෙල් විසිනුයි. රූපාන්තරණ, ෆේස් ටු ෆේස්, පෝරිසාදයා වැනි චිත්‍රපටවල රඟපෑ අමිල කරුණානායකට මෙරට රසිකයින්ගේ අවධානය වැඩියෙන්ම ලැබුනේ කබඩි චිත්‍රපටය හරහායි. පසුගිය වසරේදී නිකුත් වූ ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙන් පසුව නෙත්මි රොශෙල්ගේ දෙවන සිනමා නිර්මාණය වන්නේ කම්බිලියි.

මෙරට සිටින දක්ෂ චරිතාංග නලුවෙකු වන බිමල් ජයකොඩි ද මෙහි ප්‍රධාන භූමිකාවක් රඟපානවා. මේ වනවිට සිනමාපට 20කට අධික ප්‍රමාණයකට බිමල් ජයකොඩි රංගනයෙන් දායක වී ඇති අතර ඔහුගේ නවතම නිර්මාණය, “1970 Love Story” නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

එමෙන්ම මෙම නිර්මාණය සඳහා නීටා ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, සමන් කෝරලගේ, දේව් සුරේන්ද්‍ර, අංජන ප්‍රේමරත්න, ජනිත රූපසිංහ ඇතුළු ප්‍රවීණ – දක්ෂතා පරිපූර්ණ තවත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වනවා.

කම්බිලි සිනමාපටයේ තිර රචනය සිදු කොට තිබෙන්නේ නිදුක් මදුෂික විසිනි. කැමරාකරණය පුෂ්පිත නිර්මාල් සහ සංගීතය දිල්ෂාන් එල් සිල්වායි. සුපුන් ස්ටේන්වෝල් චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියායි. ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල සිනමාකරුවෙකු වන ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනයෙන් දායක වනවා. කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණකරණය සංජීව කරුණාරත්න විසිනි. කම්බිලි (Kambili) සිනමාපටයේ නිෂ්පාදන කළමණාකරු ලෙස සම්බන්ධව ඇත්තේ සංඛ බණ්ඩාරයි. සඳුනි ජයපත්ම විසින් සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. දෙවන සහය අධ්‍යක්ෂණය චාපා පෙරේරායි. සහය ඇඳුම් නිර්මාණය වරුණි පතිරණ විසිනි.

චිත්‍රපටයේ මුහුරත් උළෙලෙ හි ඡායාරූප පහතින් දක්වා තිබෙනවා.

Share

346 Views 1 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.