මලයාලම් තරු බැබලුනු 53වන කේරළ ප්‍රාන්ත සම්මාන රාත්‍රිය cinema.lk ඉන්දියානු සිනමාවේ විශාලත්වය සහ සංස්කෘතික විවිධත්වය නිසාම, ප්‍රාන්ත වශයෙන් එරට සිනමාව බෙදී පවතිනවා. එම ප්‍රාන්ත තුළ දක්නට ලැබෙන එකිනෙකට වෙනස්, සිනමා ලක්ෂණ නිසා ඉන්දියාවෙන් බිහිවන චිත්‍රපටත් දැඩි ලෙස විවිධාංගීකරණයට ලක්ව තිබෙන අයුරු අපට දැකගත හැකියි. උතුරු ඉන්දියානු සිනමාව සහ දකුණු ඉන්දියානු සිනමාව තුළ මෙවැනි ආවේණික සිනමා භාවිත රැසක් තිබෙනවා. දකුණු ඉන්දියානු සිනමාවත් යළි මලයාලම් – දමිළ – තෙළිඟු – කන්නඩ ...
Oppenheimer (2023) | Movie Review cinema.lk සටහන : මහේල හෙට්ටිආරච්චි ඔපන්හයිමර් නරඹා සිනමා ශාලාවෙන් එලියට පැමිණියේ මීට සුලු මොහොතකට පෙරය. මීට පෙර මා නැරඹූ නෝලන්ගේ ටෙනෙට් චිත්‍රපටය නරඹා සිනමාශාලාවෙන් එලියට පැමිණි මා කිසිවක් තේරුම් ගත නොහැකි වීම නිසා, සිහි විකල් ගතියක සිරවී සිටියා මට මතකය. අද දින, මුල සිට අග දක්වා චිත්‍රපටය තුල සිදුවූ සියල්ල වටහාගන්නට සමත් වූ මා, ඒ වටහාගත් සත්‍යය හේතුකොට ගෙන විකල් වූ ...
සූරිය සුළඟ – ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන හත්වන සිනමාපටය cinema.lk දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, “සූරිය සුළඟ (Suriya Sulanga)” හි මුහුරත් උළෙල බත්තරමුල්ල වෝටර්ස් -ඒජ් පරිශ්‍රයේදී පසුගියදා ඇරඹුනා. ප්‍රියන්ත කොළඹගේ විසින් මීට පෙර නිර්මාණය කළ සියලුම සිනමාපටවලට වඩා වෙනස් සහ නැවුම් කතා තේමාවක් ඔස්සේ ගලා යන මෙහි රූපගත කිරීම් එළඹෙන අගොස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. චිත්‍රපටයේ මූලික දර්ශන රූපගත ...
The Wacky – NIBM පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් cinema.lk මෙරට සිනමා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිනමා නිර්මාණයක මංගල දර්ශනය පසුගිය 15 වනදා පැවැත්වුනා. ඒ කොළඹ PVR සිනමා සංකීර්ණ පරිශ්‍රයේදී යි. මෙරට උසස් අධ්‍යාපන ආයතනයක් නිෂ්පාදනය කරනු ලැබූ පළමු සිනමාපටය ලෙසින් තිරගත වූ එය, හඳුන්වන්නේ “The Wacky (Moments of the Flipped Classroom)” ලෙසටයි. The Wacky සිනමාපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NIBM පෞද්ගලික විශ්ව ...
විසංගමනය (Isolation) දැන් දිවයින පුරා සිනමා හල්වලදී cinema.lk “විසංගමනය (Isolation)” මේ දිනවල තිරගත වෙමින් තිබෙන නවතම සිංහල සිනමාපටයයි. වෙනස්ම කතා තේමාවක් අනුව ගොඩ නැඟුණු Drama | Thriller නිර්මාණයක් වන එය, පසුගිය ජූලි 07 වනදා සිට දිවයින පුරා පිහිටි MPI මණ්ඩලය ඇතුළු සිනමාශාලා ගණනාවක තිරගත වීම ඇරඹුනා. මේ වන චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙන අතර සිනමා විචාරකයින්, අධ්යක්ෂකයින් සහ රසිකයින්ගේ ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසකුත් ඊට ලැබෙමින් තිබෙනවා. මේ වනවිටත් ...
Kaushi – ලාංකීය නලු නිළියන් රඟන මාලදිවයින් සිනමාපටය cinema.lk ඉන්දියානු සිනමා ශිල්පීන් ලාංකේය නිර්මාණවලටත්, ලාංකේය සිනමා ශිල්පීන් ඉන්දියානු නිර්මාණවලටත් සම්බන්ධ වුනු ආකාරය මෑතකාලීන ඉතිහාසයේ කිහිප වතාවකදීම මෙරට රසිකයින්ට දැකගන්නට ලැබුනා. පසුගිය කාල වකවානුවේදී මෙරට වාණිජ සිනමාපට කිහිපයකම ප්‍රධාන භූමිකා හිමිවුනේ ඉන්දියානු නලු නිළියන්ටයි… භූගෝලීය වශයෙනුත් එකිනෙකට සමීප රටවල් දෙකක් වශයෙන් මෙරට සහ ඉන්දියානු සිනමාව අතරෙ හි තිබෙන්නේ එතරම් ශක්තිමත් සහ සමීප සබැඳියාවක්. නමුත් ඉන්දියානු සිනමා කර්මාන්තය තරමටම, අප වටා ...
විසල් ආදරේ එළඹෙන නොවැම්බරයේදී… cinema.lk පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා. පසුගිය වසරේ සිනමාහල් වලට නිකුත් වුනු ලාංකීය චිත්‍රපට අතුරින් වැඩිම සාර්ථකත්වයක් ලැබූ නිර්මාණයක් බවට පත්වන්නට ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට හැකියාව ලැබුනු අතර Romance ශානරයේ සිනමාපටයක් වෙනුවෙන් මෑතකදී දක්නට ලැබුනු වැඩිම රසික ආකර්ෂණය හිමිවූයේ ද “ආදරණීය ප්‍රාර්ථනා” වෙනුවෙනුයි. ...
ඉන්දීය වෙබ් සිනමා ඉතිහාසයේ විශාලම සම්මාන රාත්‍රිය – IWMBuzz Digital Awards cinema.lk මේ ගෙවෙන්නේ සිනමා ක්ෂේත්රය සහ ඩිජිටල්කරණය වෙනදාටත් වඩා සමීප වී තිබෙන කාල වකවානුවක්. කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේදී ලෝක සිනමාවේ ඇතිවූ පසුබෑමත් සමඟ, කිසිදු රසිකයෙකුට සිනමා හලකට ගොස් තමන් කැමති සිනමාපටයක් නැරඹීමට හැකියාවක් ලැබුනේ නැහැ. ගෝලීය වසංගත ව්‍යාප්තිය නිසා මුලු ලෝකය පුරාම සිනමා කර්මාන්තය එකවරම ඇණහිටියා. නැවත දැනුම් දෙන තුරු සියලුම සිනමාශාලා වැසී ගිය අතර සිය චිත්‍රපට නිකුත් කිරීමට ක්‍රමවේදයක් ...
‘මිදුණු විශ්වය’ දැන් තිරගත වේ!!! cinema.lk “මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පිදෙන නවතම සිනමා කෘතියක්. 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා සහ අතීතයත්, වර්තමානයත් අතර මුහුවන ප්‍රේමණීය කතා පුවතක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය පසුගිය ජුනි 22 වනදා සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීම ඇරඹුනා. එමෙන්ම, මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා ...
බිමල් සහ මහේන්ද්‍ර රඟන “අවාළු පැහැ වළාකුලක්” රූගත කිරීම් ඇරඹෙයි cinema.lk ලාංකීය සිනමාවට එක්වන තවත් අලුත්ම දිගු වෘතාන්ත චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සහ මූලික රූපගත කිරීම් පසුගියදා ආරම්භ වුනා. ඒ රුක්මල් නිරෝෂ්ගේ “අවාළු පැහැ වළාකුලක්” නැමැති සිංහල සිනමාපටයයි. දශක ගණනාවක් පුරාවට ලාංකීය සිනමා ක්ෂේත්රයට සම්බන්ධ වී සිටින රුක්මල් නිරෝෂ්, නලුවෙක් සහ සංස්කරණ ශිල්පියෙක් වශයෙන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට එක්ව තිබෙනවා. නමුත් ඔහු සිනමා අධ්යක්ෂණයට පිවිසෙන පළමු වතාව වන්නේ මෙයයි. “අවාළු පැහැ ...
ජාතික තරුණ චිත්‍රපට උළෙල එළඹෙන අගෝස්තුවේදී cinema.lk Q: මොකක්ද මේ ජාතික තරුණ චිත්‍රපට උළෙල, එහෙමත් නැතිනම් National Youth Film Festival කියන්නේ? වර්’තමාන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව, ජනාධිපති ලේකම් කාර්’යාලය – ජනමාධ්‍ය අමාත්‍යාංශය – ජාතික චිත්‍රපට සංස්ථාවේ එකතුවෙන් කෙරෙන වැඩක් තමයි අපේ මේ “ජාතික තරුණ චිත්‍රපට උළෙල”. රජයක් වශයෙන් ඔවුන් අපිත් එක්ක මේ වැඩේට සහයෝගය ලබා දෙනවා. උත්සවයේ අවසාන සහ ප්‍රධානම අංගය එළඹෙන අගෝස්තු මාසයේදී දැකගන්න පුලුවන්. නමුත් ඊට ...
ඉන්දියාවේ මීළඟ සුපිරි තරුව රන්වීර් සින්ග්ද? cinema.lk සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු Ranveer Singhගේ නවතම චිත්‍රපටය වන Rocky Aur Rani Kii Prem Kahaani නුදුරු දිනකදීම තිරගත වීම් ඇරඹීමට නියමිතයි. මෙම ජූලි 28 වනදා සිට තිරගත වන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සින්ග් සමඟින් ආලියා භාත් විසිනුයි. ඊට අමතරව ඉන්දියානු සිනමාවේ පුරාවෘතයක් බඳු ප්‍රවීන රංගන ශිල්පී Dharmendraත් මෙහි උප – ප්‍රධාන චරිතයකට එකතු වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය ...
The Cinema Discussion That Never Happened – ජාතික තරුණ සිනමා උළෙලට සියල්ල සූදානම් cinema.lk ජාතික තරුණ චිත්‍රපට උළෙල මගින් සංවිධානය කළ, The Cinema Discussion That Never Happened නැමැති සිනමා සාකච්ඡාමය වැඩසටහන පසුගිය ඉරිදා (04) දිනයේදී පැවැත්වුනා. ඒ බත්තරමුල්ල දියත උයන එලිමහන් රංග පීඨ පරිශ්‍රයේදී යි. අද දවසේ සිංහල සිනමාව පිළිබඳව, තමා දරන මතය සිතැඟි පරිදි පළ කිරීමට මෙහිදී සිනමාව සම්බන්ධව උනන්දුවක් දක්වන තරුණ පිරිසට අවස්ථාව හිමිවුනා. පැමිණ සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් සිංහල සිනමාව දැනට ...
IIFA සිනමා උත්සවයේ විසිතුන්වන දිගහැරුම – 2023 cinema.lk ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය සිනමාවක් බව හොලිවුඩ් සිනමාකරුවන් පවා පිළිගන්නා කරුණක්! වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ, බොජ්පූරි, මරාති, බෙංගාලි ආදී වශයෙන් භාෂාව පදනම්ව ප්‍රාන්තීය සිනමා ලෙසත් ...
කෙටි චිත්‍රපට හතළිහක සිනමා දැක්මක් – මැයි 27 සහ 28 දෙදින පුරා cinema.lk ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවෙ හි “සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ” 2021 කණ්ඩායමේ විද්‍යාර්ථයින් විසින්, සිට ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට ගණනාවක පුළුල් තිර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. මෙම මැයි මාසයේ 27 – 28 සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරා මෙය පැවැත්වෙන අතර උදෑසන 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එකිනෙකට වෙනස් කෙටි චිත්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක් නැරඹීමට ඔබට ...
සුප්‍රසිද්ධ දමිළ නලු විජෙයිගේ නවතම චිත්‍රපටය – Thalapathy68 cinema.lk තමිල්නාඩුවෙ හි වර්තමාන දමිළ සිනමාවේ ජනප්‍රියම සහ වැඩිම රසිකයින් පිරිසක් සිටින රංගන ශිල්පියා ලෙසට අවිවාදයෙන්ම සැලකෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් Thalapathy Vijayගේ 67වන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල එකදිගට සිදුවනවා. Kaithi, Master, Vikram වැනි චිත්‍රපට ඔබ වෙතට ගෙන ආ ලොකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන එම සිනමාපටය නම් කර තිබෙන්නේ “LEO” යනුවෙනුයි. විජෙයිට අමතරව හින්දි සිනමාවේ ජනප්‍රිය නලුවෙකු වන Sanjay Duttවත් ...
ජැක්සන් ‘සීරුවෙන්’, ළඟදීම ඔබේ සිනමාහලට cinema.lk මෙරට සිටින දක්ෂ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පෙරළිකාර රංගනයෙන් හැඩ වුනු නවතම නිර්මාණයක් තමයි සීරුවෙන් (Attention) සිංහල චිත්‍රපටය. නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිත මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සුදේශ් වසන්ත පිරීස් විසිනුයි. සීරුවෙන් (Attention) චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්‍රාමික – අන්ධ හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ නිවසට හොරෙන් ඇතුළු වන මංකොල්ලකරුවන් තිදෙනෙකුගේ කතා පුවතකුයි. කඳුකරයේ නිවසක හුදෙකලාව ...
හරී – විශාල් සුසංයෝගය තෙවන වරටත් එකතු වෙයි! cinema.lk දකුණු ඉන්දියානු නලු Vishal පළමුවරට දමිළ සිනමාවට පිවිසෙන්නේ 1989 වසරේදී ළමා රංගන ශිල්පියෙකු ලෙසයි. එයින් වසර ගණනක නිහැඬියාවකට පසුව 2004 වසරේදී Chellamae සිනමාපටය හරහා යළිත් ඔහු රංගනයට පිවිසෙන අතර මේ වනවිට වසර 20කට ආසන්න කාලයක් චිත්‍රපට 30කට වැඩි ගණනකට එකතු වෙමින්, තමිල්නාඩු සිනමා කර්මාන්තයේ තම ජනප්‍රියත්වය රැක ගැනීමට ඔහුට හැකිව තිබෙනවා. දශක දෙකකට අධික කාලයක් තිස්සේ විශාල් වටා ගොඩනැඟී තිබෙන ...
සිංහලයේ මහා කාව්‍යය, “ගුත්තිල” නමින් ළඟදීම සිනමාවට cinema.lk බෞද්ධ සංස්කෘතිය හා මෙරට සිනමාව අතරෙ හි තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි තරමේ සමීප සබැඳියාවක්. ඈත අතීතයේ සිටම ලාංකීකයින්ට හුරුපුරුදු බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කතා පුවත් සහ ඵෙතිහාසික සංසිද්ධි ඇසුරෙන් බොහෝ චිත්‍රපට – සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. 2008-2010 වැනි කාලයක සිට බෞද්ධ සාහිත්‍යය පාදක කොටගෙන චිත්‍රපට නිර්මාණය කිරීම අතිශය සුලබ කරුණක් වූ අතර මෙරට ප්‍රේක්ෂකයින් ඒවාට දක්වන ඇල්ම නිසාම ඒ ...
පියවරෙන් පියවර බොලිවුඩය ජය ගන්නා නෝරා ෆටේහි cinema.lk ස්වෝත්සාහය සහ කැපවීම නිසාම බොලිවුඩය ජය ගන්නට හැකි වුනු දක්ෂයෙකු තමයි Remo D’Souza කියන්නේ. කිසිදු පිටස්තර දැන හැඳුනුම්කමක් නොමැතිව, ඔහු තුළ තිබුනු නර්තන දක්ෂතාවය මතින් පමණක්ම බොලිවුඩ් සිනමාවේ නම රැන්ඳූ රෙමෝ ඩී’සූසා අද වනවිට ඉන්දියාවේ අංක එකේ choreographer ශිල්පියෙක්; නිෂ්පාදකවරයෙක්; මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ද වනවා. එමෙන්ම වර්තමාන ඉන්දියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රියැලිටි තරඟ විනිසුරුවරයා ලෙස හැඳින්වෙන්නේ ද ඔහුයි. වසර විසිපහක ...