කෙටි චිත්‍රපට හතළිහක සිනමා දැක්මක් – මැයි 27 සහ 28 දෙදින පුරා

Avatar Kavinu Weerakkody | May 23, 2023 89 Views 0 Likes 0 Ratings

89 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවෙ හි “සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ” 2021 කණ්ඩායමේ විද්‍යාර්ථයින් විසින්, සිට ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට ගණනාවක පුළුල් තිර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.

මෙම මැයි මාසයේ 27 – 28 සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරා මෙය පැවැත්වෙන අතර උදෑසන 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එකිනෙකට වෙනස් කෙටි චිත්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක් නැරඹීමට ඔබට මෙහිදී අවස්ථාව හිමිවනවා. විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු ඇතුළත්වීමේ ගාස්තුවක් අය නොකිරීමයි. සිනමාවට ලැදි ඕනෑම අයෙකුට මෙම සියලුම නිර්මාණ නොමිලේම පුළුල් තිරයේ නැරඹිය හැකියි.
කෙටි චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවෙ හි, තරංගනී ශාලාව තුළයි.

“ශ්‍රි ලාංකේය සිනමාකරණයේ හෙට දවසේ අස්වැන්න” යන තේමාවට සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වන්නේ අනාගත ලාංකීය සිනමාව තුළ මතු බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණකරුවන්ව ප්‍රේක්ෂකයින්ට හඳුන්වා දීම සහ ඔවුන්ගේ නිර්මාණ භාවිතය ලාංකීය රසිකයින්ට සමීප කිරීමයි.

කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයට අමතරව ‘සිනමාව සහ කලාව’ පිළිබඳව සංවාදාත්මක කතාබහ කිහිපයකුත් මෙම වැඩසටහන තුළ සැලසුම් කර තිබෙනවා.
උළෙල ආරම්භ වන්නේ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ගේ සාමූහික නිර්මාණය වන “The Mannequin” නැමැති කෙටි චිත්‍රපටයත් සමඟයි. 27 වනදා උදෑසන 10ට එය තිරගත වන අතර ඉන්පසුව පාඨමාලාවේ විද්‍යාර්ථයින්ගේ කේවල සිනමාපට ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

මෙම උළෙලින් ඔබට පහත දක්වා තිබෙන කෙටි චිත්‍රපට සියල්ලම පුළුල් තිරයේ නැරඹීමට අවස්ථාව තිබෙනවා.

පළමු දිනය (මැයි 27)

පෙ.ව. 10.00 – The Mannequin
පෙ.ව. 10.15 – Behind the Welcome – සංජීව පෙත්තවඩු
පෙ.ව. 11.00 – Time Line – චාපා පෙරේරා
පෙ.ව. 11.10 – Chapter Close – සුසිත් විජයමුනි
පෙ.ව. 11.25 – Prathisandi – දුතික ගයාෂාන්
පෙ.ව. 11.45 – Either Or – විමුක්ති රාජපක්ෂ සහ විරාන් ගුරුගේ
පෙ.ව. 11.55 – Agonal – සුමදු කපුගමගේ
ප.ව. 01.30 – Ella Odyssey – කුමුදුලාල් වල්පොල
ප.ව. 01.50 – Brainstorm – නිල්නයන ඒකනායක
ප.ව. 02.00 – Aththa Gawesa – නජිනි දික්ඕවිට
ප.ව. 02.25 – Enigma – විරාන් ගුරුගේ
ප.ව. 02.30 – Apteral – දිනූෂ චාමිකර
ප.ව. 02.50 – A Stranger’s Rhythm – ජෙස්මින් සේන්
ප.ව. 03.30 – The Monster who Killed Me – බේනුක සේනාධීර
ප.ව. 03.50 – The Scarlet Diagnosis – කේශාන් ශෂීන්ද්‍ර
ප.ව. 04.20 – No Idea – සඳරේණු අල්විස්
ප.ව. 04.30 – Glimpse of Love’s Cinders – රංගජිත් අබේසූරිය

දෙවන දිනය (මැයි 28)

පෙ.ව. 10.00 – Vespers – රුවන් වික්‍රමසිංහ
පෙ.ව. 10.15 – Mystic Clouds – අචනි හීන්දෙණිය
පෙ.ව. 11.00 – Red Notice – නිලංග පතිරණ
පෙ.ව. 11.15 – Up to You – පූජි හේවාසුන්දර
පෙ.ව. 11.25 – Just Listen – හරිඳු සේනානායක
පෙ.ව. 11.49 – Hart Suthra – ප්‍රසන්න කුමාර
පෙ.ව. 11.50 – Show Up – බුද්ධික අතපත්තු
ප.ව. 12.00 – Wake Up – රංග ලක්මාල් ජයවර්ධන
ප.ව. 01.30 – I Lost Myself – ආරියවංශ කුලතිලක
ප.ව. 02.00 – The Volume – අසන්ති සඳමාලි
ප.ව. 02.15 – Happy – ජගත් චමිල
ප.ව. 02.45 – Termites – ධර්මප්‍රිය ඩයස්
ප.ව. 03.00 – The Tale – මිහිරාණි රාජපක්ෂ
ප.ව. 03.10 – The Hope – ප්‍රසන්න දිසානායක
ප.ව. 03.20 – A Sambal – දිනුක චතුරංග
ප.ව. 05.00 – Thatu – රුවන් දේශප්‍රිය
ප.ව. 05.05 – Soulmate – මනුල රන්දික
ප.ව. 05.15 – Rassawak Denawalu – මනෝජ් රත්නායක
ප.ව. 05.20 – Kapa – සුගත් අමරජීව
ප.ව. 05.35 – Prana Apakaruwa – තරිඳු රුක්ෂාන්
ප.ව. 05.40 – Aadam Ha Adam – ප්‍රමෝද් චතුරංග
ප.ව. 05.50 – Kaladawasa – නාලක සම්පත්
ප.ව. 05.55 – No More Pain – චරිත් ජයශාන්ත
ප.ව. 06.05 – 3 Minutes in Colombo – සමිල විදානගේ
ප.ව. 06.10 – The Message – දයාන් චතුරංග

Share

89 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.