ඉන්දීය වෙබ් සිනමා ඉතිහාසයේ විශාලම සම්මාන රාත්‍රිය – IWMBuzz Digital Awards

Avatar Kavinu Weerakkody | July 4, 2023 105 Views 0 Likes 0 Ratings

105 Views 0 Ratings Rate it

මේ ගෙවෙන්නේ සිනමා ක්ෂේත්‍රය සහ ඩිජිටල්කරණය වෙනදාටත් වඩා සමීප වී තිබෙන කාල වකවානුවක්. කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේදී ලෝක සිනමාවේ ඇතිවූ පසුබෑමත් සමඟ, කිසිදු රසිකයෙකුට සිනමා හලකට ගොස් තමන් කැමති සිනමාපටයක් නැරඹීමට හැකියාවක් ලැබුනේ නැහැ. ගෝලීය වසංගත ව්‍යාප්තිය නිසා මුලු ලෝකය පුරාම සිනමා කර්මාන්තය එකවරම ඇණහිටියා.

නැවත දැනුම් දෙන තුරු සියලුම සිනමාශාලා වැසී ගිය අතර සිය චිත්‍රපට නිකුත් කිරීමට ක්‍රමවේදයක් නොමැතිව චිත්‍රපට නිෂ්පාදකවරුන් පවා විශාල උභතෝකෝටියකට ලක්වී සිටියා. විශාල මුදලක් වැය කරමින් ඔවුන් නිෂ්පාදනය කළ චිත්‍රපට, තිරගත කිරීමට දිනයක් හෝ ක්‍රමයක් නොමැති වීම නිසා ඔවුන් සිටියේ දැඩි ප්‍රශ්නාර්ථයක් සමඟිනුයි…

එතෙක් සිනමා කර්මාන්තයට එතරම් බලපෑමක් කිරීමට හැකියාවක් නොතිබුනු OTT හෙවත් Over the Top Platforms සිනමා නිෂ්පාදකයින් සහ රසිකයින් හමුවට පැමිණෙන්නේ මේ අතරතුරේදීයි. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Direct අන්තර්ජාලයට තම සිනමාපට නිකුත් කරමින්, සිනමා ආශ්වාදය නොමැතිව සිටින රසිකයින්ව යළිත් චිත්‍රපට මාධ්‍යයට ළඟා කරවීමට මෙම OTT Platformsවලට පසුගිය කාලයේදී හැකියාව ලැබෙනවා.

එම අවදානයත් සමඟ, කෝවිඩ් වසංගතය නිමා වී ගියද, තවමත් මෙම OTT platforms කෙරෙහි සිනමා රසිකයින් දැඩි ලෙස ආශක්ත වෙමින් සිටිනවා. සිනමාශාලාවකට ගොස් නිර්මාණ රස විඳීමට සාපේක්ෂව, අවම මුදලක් වැය කරමින් තමන්ට අවශ්‍ය ඕනෑම ස්ථානයක සිට ඕනෑම මොහොතකදී චිත්‍රපට නරඹන්නට ලැබෙන හැකියාව නිසා මේ වනවිට ලෝ පුරාම චිත්‍රපට ක්ෂේත්‍රයේ සැලකිය යුතු ආධිපත්‍යයක් මෙම OTT මාධ්‍යයන්ට හිමි ව අවසානයි.

අපට අසල්වැසි ඉන්දියාව මුල් කරගෙනත් Netflix India, Prime Video India, Voot, Sony Liv, Zee5 වැනි මෙ ආකාරයෙ හි වෙබ්අඩවි ගණනාවක්ම දැකගන්නට පුලුවන්. සිනමා ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය උදෙසා මෙම වෙබ් මාධ්‍ය හරහා දැන් සැලකිය යුතු දායකත්වයක් ලැබෙන නිසාත්, ඇතැම් ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උත්සවවලදී OTT released movies මඟහැර සම්මාන ප්‍රදානය කිරීමට උත්සාහ ගන්නා නිසාත්, වෙබ් මාධ්‍යයෙන් නිකුත් වන චිත්‍රපට සහ වෙබ් කතාමාලා වෙනුවෙන් ම වෙන් වූ සිනමා සම්මාන උළෙල රැසක් ලෝ පුරා දැකගත හැකියි.

ලොව දෙවෙනියට විශාලතම සිනමා කර්මාන්තය ලෙසට හැඳින්වෙන ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ තිබෙන එවැනි digital movie award ceremonies අතුරින් IWMBuzz Digital Awards සම්මාන උත්සවය සඳහා සුවිශේෂී ස්ථානයක් ලැබෙනවා.
මේ වනවිට සිව්වතාවක් සංවිධානය කර තිබෙන මෙම උළෙලෙ හි සංවිධායකත්වය දරන්නේ ලෝ ප්‍රකට දුරකථන සන්නාමයක් වන Motrola ආයතනය විසිනුයි. මෙම 2023 වසරට අදාළව පැවැත්වුනේ උළෙලේ පස්වන දිගහැරුමයි. Digital Movie සහ Web Series යන කැටගරි ද්විත්වය සඳහා “හොඳම (Best)” සහ “ජනප්‍රියම (Most Popular)” යන අංශ දෙකෙන්ම මෙහිදී සම්මාන ප්‍රදානය කළ අතර අදාළ අංශ ද්විත්වයේ හොඳම – ජනප්‍රියම නිර්මාණය, හොඳම – ජනප්‍රියම නලුවා, හොඳම – ජනප්‍රියම නිළිය ආදී වහයෙන් සියලුම තරඟ අංශවලට අදාළ වෙන වෙනම ජයග්‍රාහකයින් නම් කෙරුනා.

වෙබ් චිත්‍රපටයක රංගනය වෙනුවෙන් මෙවර හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ Monica, Oh My Darling හින්දි සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Rajkumar Rao විසිනුයි. Rocket Boys කතාමාලාවේ පෙරළිකාර රංගනයක් ඉදිරිපත් කළ Jim Sarbh, මෙවර “වෙබ් කතාමාලාවක විශිෂ්ටතම නලුවාගේ රංගනය” උදෙසා සම්මාන දිනාගත්තා.

වෙබ් චිත්‍රපටයක හොඳම නිළිය ලෙස Monica, Oh My Darling හි Huma Qureshiත්, වෙබ් කතාමාලාවක රඟපෑ හොඳම නිළිය ලෙස Trial by Fire හි Rajshri Deshpandeත් සම්මානයෙන් පිදුම් ලැබුවා. Malishka Mendonsa කෙටි චිත්‍රපට අංශයේ විශිෂ්ටතම නිළියයි.

ජූරියක් මඟින් ජයග්‍රාහකයින් තෝරාගත් හොඳම සංස්කරණය, හොදම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය ආදී සම්පූර්ණ Jury Awards ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Best Actor In A Digital Film         

Rajkummar Rao, Monica O My Darling, Netflix

Odonil Gel Pocket Best Actor In A Web Series         

Jim Sarbh, Rocket Boys Season 1, Sony LIV

Best Actress In A Comic Role In A Web Series

Neena Gupta, Panchayat 2, TVF & Prime Video

Best Actress In A Digital Film     

Huma Qureshi, Monica, O My Darling, Netflix

Best Actress In A Web Series     

Rajshri Deshpande, Trial By Fire, Netflix

Best Background Score In A Digital Film

Sachin-Jigar, Dasvi, Jio Studios, Maddock Films, Netflix

Best Background Score In A Web Series

Anand Bhaskar, Masoom, Reliance Entertainment, Disney Plus Hotstar

Best Casting/Ensemble In A Digital Film

Maja Ma, Prime Video

Best Casting/Ensemble In A Short Film 

Yatri Kripya Dhyan De, Amazon MiniTV

Best Casting/Ensemble In A Web Series

Modern Love Mumbai, Prime Video

Best Cinematography In A Digital Film  

Shreya Dev Dube, Thar, Netflix

Best Cinematography In A Web Series  

Pratik Shah, Jubilee, Prime Video

Best Dialogues In A Short Film  

Garima Pura Patiyaalvi, Pranjali Dubey- Parde Mein Rehne Do, ILN Originals & Amazon MiniTV

Best Dialogues In A Web Series

Aatish Kapadia, Happy Family Conditions Apply, Prime Video

Best Digital Film In Regional Language (Excl. Hindi)        

Rathasaatchi, Aha Tamil

Best Direction In A Digital Film 

Tushar Jalota, Dasvi, Maddock Films, Jio Studios, Netflix

Best Direction In A Short Film   

Abhinav Singh, Yatri Kripya Dhyan De, Amazon MiniTV

Best Editing In A Digital Film      

A Sreekar Prasad, Dasvi, Maddock Films, Jio Studios, Netflix

Best Editing In A Short Film        

Akshara Prabhakar, Good Morning, Amazon MiniTV

Best Editing In A Web Series     

Criminal Justice Adhura Sach, Applause Entertainment, Disney Plus Hotstar

Sumeet Kotian, Farzi, Prime Video

Best Music (Originals) In A Digital Film 

Amit Trivedi, Qala, Netflix

Best Music (Originals) In A Web Series 

Raat Bhar, Vishal Bhardwaj, Modern Love Mumbai, Prime Video

Best Non-Fiction Series Of The Year       

Dancing On The Grave, Prime Video

Best Original Podcast Series      

Mnm Talkies- Point Pe Aao Na- The We-Gyan Podcast With Sufiyan Junaid

Best Screenplay In A Digital Film             

Sumit Batheja, Parveez Shaikh, Aseem Arora, Mission Majnu, Netflix

Best Screenplay In A Web Series

Atul Sabharwal, Jubilee, Prime Video

Best Short Film (Below 60 Mins)              

Gray, Amazon MiniTV

Best Story In A Short Film           

Gaurav Dave, The List, Amazon MiniTV

Best Story In A Web Series         

Chandan Kumar, Panchayat S2, TVF & Prime Video

Best VFX In A Web Series            

One Life VFX, Escaype Live, Disney Plus Hotstar

Best Web Series In Regional Language (Excl. Hindi)        

Indubala Bhaater Hotel, Hoichoi

Humble Politiciann Nograj, Applause Entertainment, VOOT

Best Actor In A Short Film           

Shaheer Sheikh – Yatri Kripya Dhyan De, Amazon MiniTV

Best Actress In A Short Film       

Malishka Mendonsa, Parde Mein Rehne Do, ILN Originals & Amazon MiniTV

Best Actor In A Comic Role In A Web Series

Arunabh Kumar, TVF Pitchers S2, ZEE5

Best Digital Film (Above 60 Mins)           

Darlings, Netflix

Best Direction In A Web Series 

Vikramaditya Motwane, Jubilee, Prime Video

Best Performer In A Negative Role In A Digital Film (Male)          

Vijay Verma, Darlings, Netflix

Best Performer In A Negative Role In A Web Series (Female)     

Tillotama Shome, Delhi Crime Season 2, Netflix

Best Performer In A Negative Role In A Web Series (Male)         

Sumedh Mudgalkar, Escaype Live, One Life Studios, Disney Plus Hotstar

Best Supporting Actor In A Web Series 

Bhuvan Arora, Farzi, Prime Video

Best Supporting Actor In Digital Film     

Mohd. Zeeshan Ayyub, Jogi, Netflix

Best Supporting Actress In A Web Series             

Ridhi Dogra, Pitchers S2, TVF & ZEE5

Aishwarya Sushmita, Khakee: The Bihar Chapter, Netflix

Best Web Series              

Jubilee, Prime Video

Best Actor In A Web Series: Editor’s Choice        

Jitendra Kumar, Panchayat Season 2, TVF & Prime Video

Best Performer In A Negative Role In A Web Series: Editor’s Choice        

Aparshakti Khurrana, Jubilee, Prime Video

ජූරියක් මඟින් තෝරාගන්නා ලද සම්මාන හැරුණුකොට, ජනප්‍රිය ශානරයේ සම්මාන සඳහා වෙනම ජයග්‍රාහකයින් පිරිසක් මෙහිදී තෝරාගනු ලබනවා. ඔවුන්ගේ නාම යෝජනා ලබාගන්නේ අදාළ වසරේදී වැඩිම ප්‍රේක්ෂක සහ රසික ජනාදරයක් ලැබූ සිනමාපට අතරිනුයි.
ඒ ආකාරයෙන් මෙම වසරේදී IWMBuzz Digital Awards උළෙලට නිර්දේශ වුනු චිත්‍රපට අතුරින් වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වුනේ වෙබ් කතාමාලා අංශයෙන් Jubilee, Farzi, Gullak, Panchayat සහ වෙබ් චිත්‍රපට අංශයෙන් Mission Majnu, Darlings, Freddy, Monica O my Darling වැනි නිර්මාණයි.

2023 වසරේදී IWMBuzz Digital Awards හි වෙබ් චිත්‍රපට අංශයෙන් ජනප්‍රියම නලුවාට හිමි සම්මානය හිමි කරගත්තේ වර්තමාන ඉන්දියාවේ සිටින දක්ෂතම චරිතාංග නලුවන් කිහිපදෙනාගෙන් අයෙකු ලෙසට අවිවාදයෙන්ම පිළිගැනෙන Manoj Bajpayee විසිනුයි.
ඒ Gulmohar හින්දි චිත්‍රපටයේ රංගනය උදෙසායි.
Dasvi චිත්‍රපටය වෙනුවෙන් Abhishek Bachchan- Freddy චිත්‍රපටය වෙනුවෙන් Karthik Aryan- Plan A Plan B චිත්‍රපටය වෙනුවෙන් Riteish Deshmukh- Mission Majnu චිත්‍රපටය වෙනුවෙන් Siddharth Malhothra- ආදී වශයෙන් පසුගිය වසරේ කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ ජනප්‍රිය නලුවන් ගණනාවක්ම මනෝජ් බාජ්පායි සමගින් එම සම්මානයට තරග කළා.

වෙබ් කතාමාලාවක රංගනය උදෙසා ජනප්‍රියම නලුවා ලෙසින් Taaza Khabar කතාමාලවේ රඟපෑ Bhuvan Bhamත්, වෙබ් කතාමාලාවන් හි ජනප්‍රියම නිළිය ලෙස Farzi හි රඟපෑ Raashi Khanත් ජයග්‍රාහණය කළා. වසරේ ජනප්‍රියම වෙබ් චිත්‍රපට නිළිය බවට පත් වූයේ Rakul Preet Singhයි. ඒ Chhatriwali හින්දි සිනමාපටය වෙනුවෙනුයි.

Most Popular Digital Film On The Web (Above 60 mins)

Gulmohar, Disney Plus Hotstar

Most Popular Actor In A Digital Film      

Manoj Bajpayee, Gulmohar, Disney Plus Hotstar

Most Popular Actress In A Digital Film  

Rakul Preet Singh, Chhatriwali, ZEE5

Most Popular Supporting Actor In A Digital Film              

Sharib Hashmi, Mission Majnu, Netflix

Most Popular Supporting Actress In A Digital Film           

Kusha Kapila, Plan A Plan B, Netflix

Most Popular Youth Show: Editor’s Choice         

Class, Netflix

Most Impactful Actor On OTT: Editor’s Choice  

Suniel Shetty, Dharavi Bank & Hunterr

Most Popular Web Series           

Panchayat Season 2, TVF & Prime Video

Most Popular Actor In A Web Series (Drama)    

Bhuvan Bam, Taaza Khabar, Disney Plus Hotstar

Most Popular Actress In A Web Series (Drama) 

Raashii Khanna, Farzi, Prime Video

Most Popular Supporting Actor In A Web Series              

Jaideep Ahlawat, The Broken News, ZEE5

Most Popular Supporting Actress In A Web Series           

Wamiqa Gabbi, Jubilee, Prime Video

Most Popular Actor In A Comic Role In A Web Series     

Jameel Khan, Gullak Season 3, TVF & SonyLIV

Most Popular Actress In A Comic Role In A Web Series 

Amruta Subhash, Saas Bahu Achaar Pvt. Ltd, TVF & ZEE5

Most Popular Negative Character In A Web Series (Female)       

Aahana Kumra, Avrodh: The Siege Within Season 2, Applause Entertainment & SonyLIV

Most Popular Negative Character In A Web Series (Male)           

Anil Kapoor, The Night Manager, Disney Plus Hotstar

වෙබ් මාධ්‍යයෙන් නිකුත් වන හින්දි සිනමාපට සහ අනෙකුත් වෙබ් නිර්මාණ උදෙසා ජයග්‍රහණ පිරිනැමෙන සම්මාන උළෙල අතුරින්, මේ වනවිට ඉන්දියාවේ දක්නට ලැබෙන විශාලතම Web Content Movie Awards උත්සවය ලෙස බොහෝ දෙනෙකු සලකනු ලබන්නේ මෙම IWMBuzz Digital Awards සිනමා සම්මාන රාත්‍රියයි..!!!

Share

105 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.