අපේ මුරලි වෙනුවෙන්, ඉන්දියාවෙන් හැදූ ‘800’ cinema.lk ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ දේශපාලන චරිත, රජවරුන්, ජනප්‍රවාද සහ සත්‍ය සිදුවීම් ඇසුරෙන් කොතෙක් නම් සිනමාපට බිහිවී තිබුනත්, මෙරට සිටි ක්‍රීඩකයින්ගේ ජීවිත කතා ඇසුරෙන් එලෙස නිර්මාණය වූ චිත්‍රපට ලාංකීය සිනමාව තුළ දකින්නට නැහැ. විශේෂයෙන්ම ලෝ පුරා ජනප්‍රියත්වයට පත් වුනු; ලෝකයේම ගෞරවය දිනා ගත්; සිනමාව තුළ උත්කර්ෂයට නැඟිය හැකි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙරටින් බිහි වී සිටියත්, එවැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ සත්‍ය කතා ආශ්‍රය ..
එළඹෙන වසරට සූදානම් වන මලයාලම් සිනමාවේ දැවැන්තයා: මෝහන්ලාල් cinema.lk මෙතෙක් ඉතිහාසයේ මලයාලම් සිනමාව විසින් නිර්මාණය කළ දැවැන්තම සිනමා තාරකාව සහ; ඉන්දියානු සිනමා වංසකතාවෙන් එදා මෙදා’තුර බිහිවූ දක්ෂතමයෙකු ලෙසට අවිවාදයෙන්ම සැලකෙන රංගන ශිල්පියෙක් තමයි මෝහන්ලාල් හෙවත් Mohanlal Vishwanathan නමින් හැඳින්වෙන්නේ. 1978 වසරේදී ‘Thiranottam’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු, මේ දක්වා දශක පහකට ආසන්න කාලයක් රංගනයෙන් – චිත්‍රපට නිෂ්පාදනයෙන් – අධ්‍යක්ෂණයෙන් – පසුබිම් ගීත ගායනයෙන් ඉන්දියානු සිනමාව හා සක්‍රීයව සම්බන්ධ වී සිටිනවා. ...
ශාරුක් ඛාන්ට එදිරිව සල්මන් ඛාන්! cinema.lk 1988 වසරේදී “Biwi Ho To Aisi” චිත්‍රපටයේ සුලු චරිතයකින් රංගනයට පිවිසුනු සල්මන් ඛාන්, මේ වනවිට පුරා වසර තිස් පහකට අධික කාලයක් තිස්සේ සක්‍රීයව හින්දි සිනමාවට දායක වෙමින් සිටිනවා. එම දශක තුන පුරාවට බොලිවුඩ් සිනමාවට කොතෙක් නම් නලු නිළියන් පැමිණිය ද, සල්මන් ඛාන්ගේ ජනප්‍රියත්වය සහ රසික ඉල්ලුම යම් තරමකින් හෝ අඩු වී නැහැ. සල්මන් ඛාන් රඟපෑ Hum Aapke Hain Koun…! (1994) ...
අධි තාක්ෂණික හතුරෙකුට එරෙහිව සටන් වදින Project Z cinema.lk තෙළිඟු සහ දමිළ සිනමාවේ නිතර දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු වන, Sundeep Kishan විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹුනා. එකිනෙකට වෙනස් චිත්‍රපට තුළින් නිතරම සිය රසිකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නට උත්සාහ කරන නලුවෙකු වශයෙනුයි Sundeep Kishanව ක්ෂේත්රය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ. Gundello Godari – Micheal – Maanagaram – Next Enti වැනි එකිනෙකට වෙනස් චිත්‍රපට තුළින්, ඒකාකාරී ...
දමිළ සිනමාවේ Next – Super Star සිවකාර්තිකෙයන්ද? cinema.lk Ghajini – Holiday – Akira වැනි හින්දි චිත්‍රපට සහ Dheena – Kaththi – Thuppakki – Sarkar වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ තමිල්නාඩු වාණිජ සිනමාවේ පෙරළියක් සිදු කළ අධ්‍යක්ෂකවරයෙකු තමයි A R Murugadoss නමින් හැඳින්වෙන්නේ. කලෙක තමිල්නාඩු ප්‍රන්තය මුල් කරගත් දමිළ වාණිජ සිනමාවේ සිටි ප්‍රමුඛතම සිනමා අධ්‍යක්ෂකවරයාව සිටි ඔහු විජෙයි, සූරියා වැනි නලුවන් බොහෝ දෙනෙකුගේ රංගන ජීවිතයේ සුවිශේෂීම චිත්‍රපටවල ...
ළඟ ළඟම එන ‘සිහිනයකි ආදරේ’ – ප්‍රධාන චරිත හේමාල් සහ පූජා cinema.lk “සිහිනයකි ආදරේ” නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එක්වීමට සූදානමින් තිබෙන අලුත්ම සිංහල චිත්‍රපටයක්. ආදර කතාවක් වටා ගෙතෙන romance ශානරයේ චිත්‍රපටයක් වන මෙහි, මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකු වන Sarov Shanmugam විසිනුයි. සිහිනයකි ආදරේ සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ වර්තමාන පරපුරේ සිටින ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් ලෙසින් සැලකෙන හේමාල් රණසිංහ සහ පූජා ...
Mission Eagle – ටයිගර් ෂ්රොෆ් RAW නිලධාරියෙකුගේ චරිතයකින් cinema.lk වර්තමාන සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම රංගන ශිල්පියෙකු ලෙසින් හින්දි නලු Tiger Shroff විශාල රසික ආකර්ෂණයක් දිනාගෙන සිටිනවා මෙන්ම; විකල්ප ක්‍රියාදාම නලුවන් හෙවත් Body Doubles නොමැතිව, ඔහු විසින්ම සිය චිත්‍රපටවල අසීරු සටන් දර්ශන රඟන නලුවෙකු ලෙසටත් ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයක් උසුලනවා. ඉන්දියාවේ ප්‍රධාන පෙළේ බොහෝමයක් නලුවන් සිය චිත්‍රපටවල තිබෙන අසීරු ක්‍රියාදාම දර්ශන Body Doubles යොදාගෙන සිදු කළත්, ටයිගර් ෂ්රොෆ් එසේ සිදු කරන්නේ ...
රටක් ඉල්ලපු ‘කතුරු මිතුරු’ අද සිට රිදී තිරයට cinema.lk සිකුරු හතේ – සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය, “කතුරු මිතුරු” අද සිට (සැප්තැම්බර් 22) දිවයින පුරා සිනමා හල් ගණනාවකදී ප්‍රදර්ශනය ඇරඹෙනවා. මුල සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව සිනහවෙන් ඇඳ බැඳ තබා ගන්නා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට ප්රවීණතම රංගන ශිල්පීන් දෙපළක් වන ජයලත් මනෝරත්නයන් සහ මහේන්ද්‍ර පෙරේරා විසිනුයි. සැම්සන් නැමැති ඇඳුම් ...
ලොව පැවැත්වෙන දැවැන්තම දකුණු ඉන්දියානු සිනමා සම්මාන උළෙල – SIIMA (2023) cinema.lk එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි. උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව ...
ශාරුක් සහ සුහානා එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයින් හමුවට cinema.lk බොලිවුඩයේ තරු පවුල්වල දරුවන් (Star Kids) තම දෙමාපියන්ගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එකතු වීම, වසර ගණනාවක් පුරා හින්දි සිනමාවේ දක්නට ලැබෙන සුලබ දසුනක්. මේ වනවිට බොලිවුඩයේ ස්ථාවරත්වයක් හිමි කරගෙන සිටින තරුණ රංගන ශිල්පීන් බහුතරයක්ම එසේ ඥාති සබඳතා හරහා සිනමාවට පිවිසි අයයි. වරුන් ධවාන්, ආලියා භට්, ජාන්වී කපූර්, රන්වීර් කපූර්, රිතික් රෝෂන් සහ සෝනාක්ෂි සින්හා එලෙස හින්දි සිනමාවට සම්බන්ධ වූ ...
සැප්තැම්බර් 22 වනදා සිට ‘අහසින් වැටෙයි’ cinema.lk මෙරට සිනමා ලෝලීන් දිගු කාලයක් තිස්සේ තිරගත වන තුරු බලා සිටි, අන්තර්ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ විශිෂ්ට චිත්‍රපටයක් නුදුරු දිනකදීම ලාංකීය සිනමා හල් කිහිපයකදී නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා. ඒ විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි (Between 2 Worlds) වෘතාන්ත සිනමා නිර්මාණයයි. 2009 වසරේදී නිර්මාණය කළ මෙම සිනමාපටය ලෝ පුරා විවිධ ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදීම තිරගත කළත්, ලංකාව තුළ එහි ...
08වන දෙරණ ලක්ස් චිත්‍රපට උළෙලේ ජයග්රාහකයින්ට සම්මාන පිරි නැමේ cinema.lk දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන්, ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් පිදෙන ප්‍රථම සහ එකම ටෙලිවිෂන් උත්තමාචාරය, “Derana Lux Film Awards” සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අටවන වතාවටත් පසුගියදා පැවැත්වුනා. 2022 වසරේදී මෙරට සිනමා ශාලාවලට නිකුත් වුනු ලාංකීය චිත්‍රපට 17ක් අතුරින් වසරේ විශිෂ්ටතම නිර්මාණ ඇගයීම උදෙසා වෙන්වුනු “Derana Lux Film Awards” සිනමා සම්මාන උළෙල තුළ ජනප්‍රියම සහ හොඳම කාණ්ඩ ද්විත්වය යටතේම ජයග්‍රහණ පිරිනැමුනා. ජනප්‍රිය ...
Paradise – ප්‍රසන්න විතානගේ ලාංකීය සිනමාවෙන් මලයාලම් සිනමාවට cinema.lk ප්‍රසන්න විතානගේ මෙරට වර්තමාන සිනමාවේ සිටින විශිෂ්ට කලාකරුවෙකු වගේම, විදේශීය රටවල විවිධ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් සමඟින් සබඳතා තිබෙන ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද ගාඩි (2019), තුන්දෙනෙක් (2018), ඔබ නැතුව ඔබ එක්ක (2012) වැනි සිනමාපටවලටත් විදෙස් ශිල්පීන්; විශේෂයෙන්ම මලයාලම් සිනමා ක්ෂේත්රයට සම්බන්ධ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වුනා. 1991දී ‘සිසිල ගිනි ගනී’ හරහා සිනමාවට පිවිසි ප්‍රසන්න විතානගේ ...
රට පුරා “ලොක්ඩවුන්” – අවදානමට පෙර අවධානය cinema.lk පසුගිය සැප්තැම්බර් පළමු වනදා සිට තිරගත වීම ඇරඹුනු ලොක්ඩවුන් (Lockdown) සිංහල සිනමාපටය, දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී මේ වනවිට සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ මෙරට නව පරපුරේ ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් වන රොශාන් රණවන සහ චුලක්ෂි රණතුංග විසිනුයි. පසුගිය කාලයේදී සමස්ත ලෝකයටම බලපෑම් එල්ල වුනු කෝවිඩ් වසංගත ...
08වන Derana Lux Film Awards උළෙලට සියලු කටයුතු සූදානම් cinema.lk දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන “Derana Lux Film Awards” සම්මාන උළෙල, මෙරට සිනමාවේ උන්නතිය සහ ජනප්‍රියත්වය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය වන, ලංකාවේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක්. එහි අටවන දිගහැරුම එළඹෙන සැප්තැම්බර් 10 වනදා මෙරට ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන් සහ සිනමාවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. Derana Lux Film Awards – 2023ට සමගාමීව “Cinema for Tomorrow” කාණ්ඩය යටතේ, ඉදිරියේදී තිරගත ...
දෙරණ Cinema for Tomorrow – මෙතෙක් නොදුටු නවතම ලාංකීය චිත්‍රපට 06ක්! cinema.lk දෙරණ මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන Derana Lux Film Awards හි අටවන දිගහැරුම එළඹෙන සැප්තැම්බර් මාසයේදී, මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවකගේ සහභාගීත්වයෙන්, අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. එම සම්මාන උළෙලට සමගාමීව “Cinema for Tomorrow” නමින්, නවතම ලාංකීය චිත්‍රපට කිහිපයක පුළුල් තිර ප්‍රදර්ශනයක් ද සංවිධානය වන අතර, නුදුරු අනාගතයේදී මෙරට සිනමා ශාලාවලට නිකුත් වීමට නියමිතව තිබෙන ලාංකීය සිනමාපට ගණනාවක්ම රස විඳීමට ...
ලාංකීය දමිළ සිනමාවේ නවතම දිගහැරුම – Soppana Sundhari අගෝස්තු 25 සිට cinema.lk ලාංකීය සිනමාව තුළ එක් වසරකදී සිංහල භාෂාමය චිත්‍රපට රාශියක් ප්‍රදර්ශනය වූවත්, ඒ හා සාපේක්ෂව මෙරට දමිළ සිනමාකරුවන්ගේ ස්වතන්ත්‍ර – දමිළ භාෂාමය චිත්‍රපට දක්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. අතීතයේදී දමිළ සිනමාකරුවන් බොහෝ දෙනෙකු ලාංකීය සිනමාවට සක්‍රීයව දායක වුනු බවට තොරතුරු තිබුනත්, මෑතකාලය වනවිට එහි යම් අඩුවක් දක්නට ලැබෙනවා. කෙසේ වුවත්, පසුගිය වසර කිහිපයක කාලය තුළදී ලාංකීය දමිළ සිනමාපට කිහිපයක්ම දිවයිනෙ හි සිනමාශාලා ...
එලිෆන්ට් පාස් – ප්‍රධාන භූමිකාව හේමාල්ට cinema.lk මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වීමට නියමිත- පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරන “එලිෆන්ට් පාස් (Elephant Pass)” නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුනේ එහි රංගනයෙන් එක්වන ශිල්පීන්ගේ ද සහභාගීත්වයෙන්… එම අවස්ථාවට හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි නලු නිළියන් ගණනාවක් පැමිණ සිටියා. නිරන්තරයෙන් අලි මිනිස් ගැටුමට ලක්වන ගම්මානයක ජීවත් වන දරුවන් තිදෙනෙකු ගැන කියැවෙන ...
11වන SIIMA උළෙලේ අවසන් නිර්දේශවීම් නිකුත් වෙයි cinema.lk එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි. උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව ...
කදිර දිව්‍යරාජ – දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම cinema.lk සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය, “කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” පසුගිය අගෝස්තු 03 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. කදිර දිව්‍යරාජ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙරට ජනප්රවාදයේ එන ප්‍රසිද්ධ දේව කතාවක් වන, ශ්‍රී ස්කන්ධ (කඳ සුරිඳු) සහ වල්ලි මාතාවගේ කතා පුවතයි. දෙවි කෙනෙකුට පෙම් කළ දෙවි කෙනෙකුගේ ප්‍රේමය ලද එකම මනුෂ්‍ය ස්ත්‍රිය ‘වල්ලි’ සහ ...