සිව දෙවියන්ගේ ශක්තිමත් ම බැතිමතාගේ කතාව: Kannappa cinema.lk තෙළිඟු නලු Vishnu Manchuගේ සිනමා ගමනෙ හි, ඔහු දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි, මෙතෙක් ඔහු රඟපෑ නිර්මාණ අතුරින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් සහ වෙහෙසක් දරා නිර්මාණය කරන දැවැන්තම චිත්‍රපටය වන “Kannappa” හි වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. චිත්‍රපටයේ විශාලත්වය නිසාම, ප්‍රායෝගිකව මෙම චිත්‍රපටය නිර්මාණය කරන ආකාරය ගැන වසර කිහිපයක් තිස්සේම Vishnu Manchu සැලසුම් කරමින් සිටි අතර ඉන්දියාවේ සහ ඉන් පිටත ...
රහස් කියන කඳු – සත්‍යය සොයා යන පරපුරකට cinema.lk චරිතාංග – දක්ෂ නලුවෙකු ලෙසින් වසර ගණනාවක් පුරාවට මෙරට රසිකයින් අතරෙ හි කතාබහට ලක්වුනු, ජනප්‍රිය ලාංකීය රංගන ශිල්පියෙකු වන ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත සිනමාපටය ‘රහස් කියන කඳු’ හෙවත් ‘Whispering Mountains’ නිර්මාණයයි. එහි සිනමා ශාලා ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 17 වනදා සිට ඇරඹුනු අතර දිවයින පුරා සිනමා හල් 40කට වැඩි ප්‍රමාණයකදී දැන් සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් ලාංකීය සිනමාව ...
Authors’ Judgement කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙයි cinema.lk ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළ, ලාංකීය සිනමාකරුවෙකු වන කමිල මේදිස් විසින් අධ්‍යක්ෂණය කෙරෙන නවතම කෙටි සිනමාපටය, “Authors’ Judgement” හි රූගත කිරීම් පසුගියදා ආරම්භ වුනා. ඔහුගේ පෙර කෙටි චිත්‍රපටවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් – නැවුම් කතා තේමාවක් ඔස්සේ ගොඩ නැඟී තිබෙන මෙම Authors’ Judgement කෙටි චිත්‍රපටයට පාදක වන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙකු සහ ඔහු සිය මානසික අර්බුදය හමුවේ පිටත සමාජය ...
විහඟ ප්‍රේමය 54වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට යයි cinema.lk දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වූ මෙරට සිටින දක්ෂ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය, විහඟ ප්‍රේමය – Peacock Lament චිත්‍රපටය ඉන්දියාවේ වාර්ෂිකව සංවිධානය වන ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙලක් වන 54 වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට (Goa – International Film Festival of India)” තේරී පත්ව තිබෙනවා. මෙය ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙල කිහිපයෙන් එකක් වන ...
ශ්‍රී වික්‍රම (The Last King) : ලක්දිව අවසාන රජුගේ සත්‍ය කතාව සිනමාවට cinema.lk කන්ද උඩරට රාජධානියේ රජකම් කළ අවසාන රජු ලෙසින් හැඳින්වෙන, නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සත්‍ය කතා පුවත ඇසුරෙන් නිර්මාණය වූ ශ්‍රී වික්‍රම (Sri Wickrama: The Last King) සිනමාපටය පසුගිය නොවැම්බර් 10 වනදා සිට තිරගත වීම ඇරඹුනා. ක්‍රි.ව. 1815දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පළමු වරට උඩරට රාජධානිය යටත් කරගන්නා විට එහි පාලනය ගෙන යමින් සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයි. දකුණු ඉන්දීය ...
ශාරුක් ඛාන්ට පසුව හිරානිගේ නවතම චිත්‍රපටය රාම් චරන් සමඟින් ද? cinema.lk එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට තිබෙන, Shah Rukh Khanගේ නවතම චිත්‍රපටය “Dunki” නිසා, රාජ්කුමාර් හිරානි (Rajkumar Hirani) සහ ඔහුගේ සිනමා භාවිතය ගැන බොහෝ දෙනෙකු නැවතත් කතාබහ කරන්නට පටන් ගෙන. නිර්මාණාත්මක හැකියාවෙන් සහ ප්‍රේක්ෂකයින්ව හදවතින්ම ඇදබැද තබා ගන්නා තරමේ තිර පිටපත් රචනයෙන් අද බොලිවුඩයේ සිටින දක්ෂතම සිනමාකරුවෙකු වන Rajkumar Hirani, ශාරුක් ඛාන්ගේ ප්‍රධන රංගනයෙන් හැඩ වන Dunki හින්දි චිත්‍රපටයේ අධ්යක්ෂකවරයායි. 2003 ...
මනල් (மணல்) – ඉතිරි වූ අතලොස්සකගේ ඉරණමක වෘතාන්තය cinema.lk දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වුනු, මෙරට සිටින දක්ෂ සිනමාකරුවෙකු වන විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය, “මනල්” (Munnel – மணல்) චිත්‍රපටය ඊයේ සිට, දිවයිනෙ හි තෝරාගත් සිනමා හල් කිහිපයකදී, සිංහල සහ ඉංග්‍රීසි උපසිරැසි සහිතව මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරුනා. පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගත වීමෙන් පසුව නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සහ ආදරය සොයා යන ගමනක් ...
කන්දක් සේමා – නූපා සහ මසායා සංගේ අප්‍රමාණ ආදර සිත්තම cinema.lk වසර ගණනාවක් තිස්සේ මෙරට සිනමා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි, නවතම සිනමා නිර්මාණයක් හෙට සිට (නොවැම්බර් 02 වනදා) දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹෙනවා. ඒ සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක් සේමා’ සම්මානනීය නවකතාව ඇසුරින් එම නමින්ම සිනමාවට නැගුනු, නූපා සහ මසායා සන්ගේ ආදර කතාන්දරය, ‘කන්දක් සේමා’ සිංහල සිනමාපටයයි. කන්දක් සේමා සිනමාපටයට පාදක වන්නේ වයස්ගත ජපන් ජාතිකයෙකු හා විවාහ වන රූමත් ...
හීන හතහමාරක් පොඳි බැඳන් “වාලම්පුරි” ළගදීම cinema.lk ලක්මාල් ධර්මරත්න මෙරට රසිකයින් අතරෙ හි ජනාදරයට පත් වුනේ කූඹියෝ ටෙලි නාට්‍යයත් සමඟයි. එතෙක් මෙරට විකාශනය වූ කිසිදු ටෙලි වෘතාන්තයකට නොදෙවෙනි ජනප්‍රියත්වයක් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට ප්‍රධාන සම්මාන උළෙල කිහිපයකදී සම්මානයටත් පාත්‍ර වුනා. එය ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ බව අදටත් බොහෝ දෙනෙකු විශ්වාස කරන කරුණක්! කූඹියෝ ටෙලි වෘතාන්තයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ලක්මාල් ධර්මරත්න විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ...
Singam Again – ඉන්දියානු ඉතිහාසයේ දැවැන්තම Cop සිනමාපටය cinema.lk දැන් දින කිහිපයකට පෙර රෝහිත් ෂෙට්ටිගේ Indian Cop Universe හි නවතම චිත්‍රපටය වන, “Singham Again” හි රූපගත කිරීම් ආරම්භ වුනා. ඒ උතුරු ඉන්දියාවේ මුම්බායි හි පිහිටා තිබෙන, YRF සිනමා සමූහයට අයත්, Yash Raj Studios පරිශ්‍රයේදී යි. Singham Again චිත්‍රපටය 2024 වසරේ අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී තිරගත කිරීමට සූදානමින් තිබෙන අතර නිෂ්පාදකයින්ට මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට තිබෙන කාලය සීමිත නිසා, ...
‘ක්රෝද’ පූර්ව ප්රචාරක පටය එළිදකී cinema.lk කලින් කලට, නවක අධ්‍යක්ෂකවරුන්ගේ විවිධ කතා තේමා ඔස්සේ නිර්මාණය වූ නැවුම් සහ ගුණාත්මක සිනමාපට ලාංකීය සිනමාවට එකතු වනවා. පසුගිය කාලය පුරාවටත් එලෙස තම පළමු චිත්‍රපටයෙන්ම මෙරට රසිකයින්ගේ අවධානය දිනා ගන්නට අධ්‍යක්ෂකවරුන් බොහෝ දෙනෙකුට හැකියාව ලැබුනා. “රංකොල්ලා” සිනමාපටය හරහා අධ්යක්ෂණයට පිවිසි සුමිත් රත්නායක, සිය පළමු නිර්මාණයෙන්ම මෙරට රසිකයින් අතරෙ හි නමක් දිනාගත් එවැනි නිර්මාණකරුවෙක්. චානක පෙරේරා “ගජමෑන් 3D” නැමැති සිය පළමු ...
සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල (ceyiff) – දෙවන දිගහැරුම cinema.lk සැලකිය යුතු අන්දමක ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනගෙන සිටින බොහෝ කලාපීය සිනමා ක්ෂේත්‍ර උදෙසා ලෝකය පුරා අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය වනවා. ප්‍රධාන ශානරයේ හොලිවුඩ්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය වැනි සිනමාපට වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා මේ අතුරින් විශේෂ තැනක් ලැබෙනවා. අපට අසල්වැසි ඉන්දීය සිනමාවේ හින්දි චිත්‍රපට මෙන්ම සාපේක්ෂව කුඩා ප්‍රාන්තීය සිනමා කර්මාන්ත වන තෙළිඟු, මලයාලම්, දමිළ ආදී චිත්‍රපට වෙනුවෙනුත් අද වනවිට ලෝකයේ ...
බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානම සම්මානයක් ශ්‍රී ලංකාවට cinema.lk ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ ඇගයීම උදෙසා පැවැත්වෙන සම්මාන උළෙල අතුරින්, දකුණු කොරියාවේ බූසාන් නගරය කේන්ද්‍ර කොටගෙන වාර්ෂිකව සංවිධානය වන බූසාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල – Busan International Film Festival ප්‍රධාන තැනක් හිමි කරගන්නවා. බොහෝ සිනමාකරුවන්ට අනුව, ක්ෂේත්රීය වටිනාකම සහ දැවැන්තබාවයෙන් අද වනවිට සමස්ත ආසියාවේ ප්‍රමුඛතම සම්මාන ප්‍රදානෝත්සවයක් බවට පත් වන්නට ද මෙම බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සමත් වී තිබෙනවා. මීට ...
සිහින සමීකරණ විදෙස් සම්මානයකින් පිදුම් ලබයි cinema.lk වසරක් පාසා පවත්වනු ලබන, අප්‍රිකානු කලාපයේ ජනප්‍රිය සිනමා සම්මාන උළෙලක් වන නයිජීරියාවේ “බයෙල්සා (Bayelsa International Film Festival) අන්තර්ජාතික සිනමා උළෙලේදී” ජගත් සම්මානයක් ජයග්‍රහණය කිරීමට ලාංකීය සිනමාපටයක් පසුගියදා සමත් වුනා. බයෙල්සා සම්මාන උළෙලේදී මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබූයේ ‘සිහින සමීකරණ’ නැමැති ලාංකීය සිනමාපටයයි. එහි කැමරා අධ්‍යක්ෂණය සිදු කළ චන්දන ජයසිංහ මහතා සිහින සමීකරණ චිත්‍රපටය වෙනුවෙන් Bayelsa International Film Festival හි “හොඳම කැමරාකරණයට ...
සූරියා සිවකුමාර් – දමිළ සිනමාවෙන් බොලිවුඩයට cinema.lk පසුගිය කොවිඩ් සමයේදී ඉන්දියාව පුරා සිනමා ශාලා වැසී යාමත් සමඟ, එරට රසිකයින්ට චිත්‍රපට නැරඹීමට අවකාශය උදා වුනේ OTT platforms හරහා පමණයි. ඉන්දියානු ප්‍රාන්තීය සිනමාවන් ගණනාවක නවතම චිත්‍රපට මෙම OTT platformsවලට නිකුත් වීමත් සමඟ, වැඩි අසීරුතාවයෙන් සහ භාෂා විවිධත්වයකින් තොරව ඉන්දියාව පුරාම විසිරී තිබෙන සිනමා සංස්කෘතීන් රස විඳීමට එරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු ...
Tayor Swift: The Eras Tour ලංකාවට පැමිණෙයි cinema.lk ඇමරිකානු ගායිකාවක වන Taylor Swiftගේ හඬින් ගැයෙන ගීත රැසක් අද ලෝ පුරාම අතිශය ජනප්‍රියයි. 21වන සියවසේ බිහිවූ සාර්ථකම ගායක ගායිකාවන්ගෙන් කෙනෙකු ලෙසට අවිවාදයෙන්ම පිළිගැනෙන Taylor Swift, මිලියන 200කට අධික සිය සංගීත පිටපත් සංඛ්‍යාවක් විකිණූ අද ලෝකයේ සිටින වැඩිම අදායම්ලාභී ගායන ශිල්පිනියක්. වයස අවුරුදු 14 වැනි කුඩා වියේදීම ගායනයට සම්බන්ධ වන ඇය Fearless – 1989 – Evermore – Midnights වැනි ලෝ ...
ජැක්සන් ඇන්තනි දිවි ගමනින් සමුගනී!! cinema.lk මෙරටින් බිහිවූ විශිෂ්ට ගණයේ කලාකරුවෙකු වූ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අද (ඔක්තෝබර් 09) අලුයම, සිය දිවි ගමනින් සමු ගත්තා. ඒ මාර්ග අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා, දිගු කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි. ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනය අනතුරට පත් වුනේ පසුගිය වසරේ ජූලි 02 වනදායි. ඒ ඔහු රංගනයෙන් දායක වෙමින් සිටි සෝමරත්න දිසානායකගේ ...
ආසු (ASU) – මේ ඔබේ චිත්‍රපටයයි cinema.lk තම ජීවිතයටත් වඩා තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය ගැන සිතමින් පියයුරු පිළිකාවක සමඟ සටන් වැදුනු, මෙරට දේශපාලනඥයෙකු වන කරූ ජයසූරිය මහතාගේ දෙවන දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද “ආසු (ASU)” සිංහල සිනමාපටය එළඹෙන ඔක්තෝබර් 11 වනදා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹෙනවා. සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලෙද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ මෙරට සිටින දක්ෂ ...
ඉන්දියානු සිනමාවම පෙරලූ හැට පැනපු සනී ඩියෝල් cinema.lk පසුගිය දිනවල අතිශය – සාර්ථකව ලෝ පුරා තිරගත වුනු, සනී ඩියෝල් ප්‍රධාන චරිත රඟපෑ Gadar 2: The Katha Continues හින්දි චිත්‍රපටය සිය සිනමා ශාලා ප්‍රදර්ශනය අවසන් කරන විට උපයගෙන තිබූ සමස්ත ආදායම කෝටි 700කට අධිකයි. හින්දි සිනමාවේ සදාතනික චිත්‍රපටයක් ලෙසට හැඳින්වෙන, 2001 වසරේදී තිරගත වූ “Gadar: Ek Prem Katha” චිත්‍රපටයට සීක්වල් නිර්මාණයක් ලෙසින් තිරගත වූ මෙම Gadar 2: The Katha ...
82 වියෙහි දී ඇල්බස් ඩම්බල්ඩෝර් මෙලොව හැර යයි cinema.lk Harry Potter කතා මාලාවේ, හොග්වර්ට්ස් මායා පාසලේ ප්රධානාචාර්යවයාගේ චරිතයෙන් ලෝකය පුරා සිටින රසිකයින්ගේ සිත්වල අමරණීය සිනමා මතකයක් ඉතිරි කළ, ප්‍රවීණරංගන ශිල්පී Sr. Micheal Gambon පසුගිය සැප්තැම්බර් 28 වනදා සිය දිවි ගමනින් සමුගත්තා. බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියෙකු වන ඔහු මිය යන විට අසූ දෙවන (82) වියෙහි පසු වුනු අතර, සිය බිරිඳ ඈන් සහ පුත්‍රයා වන ෆර්ගස් සමඟ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ...