සිංහබාහු – ඉතිහාසයෙන් මිදුනු සිංහ පරපුරේ කතාව cinema.lk ඵෙතිහාසික සංසිද්ධි සහ සාහිත්‍යමය පුවත් අනුසාරයෙන් බිහිවන චිත්‍රපට සහ කලා නිර්මාණ, ලාංකීය සිනමාවට නම් එතරම් නුහුරු නුපුරුදු බවක් නැහැ. ජනප්‍රිය කතා පුවත් ඇසුරින් බිහිවන චිත්‍රපටවලට රසිකයින් දක්වන කැමැත්ත නිසාම, මෙරට සිනමාකරුවන් පවා එවැනි සිනමාපට නිෂ්පාදනය කරන්නට ඇල්මක් සහ උනන්දුවක් දක්වනවා. කුසපබා – මහින්දාගමනය – ගුත්තිල – කදිර දිව්‍යරාජ වැනි ඒ ශානරයේ චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විශාල ජනප්‍රසාදයක් දිනාගත්තේ බොක්ස්-ඔෆිස් ආදායමෙන් පවා
වාල්මිකීගේ රාමායණයට රන්බීර් කපූර් පණ පොවයි cinema.lk ඉන්දියාව ඈත අතීතයේ සිටම විවිධ සම්ප්රදායන්ගෙන් – සංස්කෘතීන්ගෙන් පොහොසත් කලාපයක් වගේම තම සංස්කෘතික අංග උපරිමයෙන්ම කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් යොදාගත් ප්‍රදේශයක්. භූගෝලීය වශයෙන් ඉන්දියාවේ දැවැන්තබාවය නිසාම එකිනෙකට වෙනස් සංස්කෘතිකාංග රැසක් එම කලාපය පුරාම දක්නට ලැබෙනවා. උතුරු ඉන්දියාව වගේම දකුණු ඉන්දියාවත් මෙලෙස තමන්ට ම ආවේණික සංස්කෘතික ලක්ෂණ – දේව සංකල්ප – ජනප්රවාදවලින් හෙබියි. බොහෝ කාලයක පටන් ඔවුන්ගේ ලේඛන කලාව, සිනමාව සහ ...
මීගමුවට නවතම සිනමා ශාලාවක් – Aqua Lite 3D cinema.lk වසර පුරාවට තිරගත වන දෙස් – විදෙස් ජනප්‍රිය සිනමාපට නරඹන්නට සුදුසු අන්දමේ, නවතම තාක්ෂණයෙන් සපිරුනු සිනමා ශාලාවක අඩුපාඩුව මීගමුව පුරවරයේ සිටින චිත්‍රපට ලෝලීන්ට නම් සෑහෙන කාලයක් පුරාවට තිබුනු ගැටළුවක්. කෙතරම් විනෝදාස්වාදයට බර ප්‍රදේශයක් වුවත්, මීගමුව සහ ඒ අවට සිටින සිනමා ලෝලීන්ට අලුතින්ම නිකුත් වන හොලිවුඩ් – බොලිවුඩ් – සහ ලාංකීය චිත්‍රපට පුළුල් තිරයේ නරඹන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් මේ වනවිට, ...
ලාංකීය සිනමා තරු බැබලුනු ‘සරසවිය සම්මාන රාත්‍රිය’ cinema.lk ශ්‍රී ලාංකීය සිනමාව සහ සිනමාකරුවන් වෙනුවෙන් මෙරට පැවැත්වෙන විශාලතම සහ උත්කර්ෂවත්ම සිනමා සම්මාන රාත්‍රිය වන්නේ ‘සරසවිය සිනමා සම්මාන උළෙල’යි. දශක ගණනාවක ඉතිහාසයක් තිබෙන සරසවිය සිනමා උළෙල පළමු වරට සංවිධානය වී තිබෙන්නේ 1964 වසර තරම් ඈතකදී යි. ඉන්පසුව වසර ගණනාවක් පුරාවට මෙරට තිරගත වන විශිෂ්ටතම සිනමාපට සහ දක්ෂතම සිනමාකරුවන් අගයනු වස්, සරසවිය සම්මාන උළෙල නොකඩවා දිගින් දිගටම පැවැත්වෙනවා. කෝවිඩ් වසංගතය සහ ...
‘රිදීසිනු’ අද සිට දිවයින පුරා සිනමා හල්වලදී cinema.lk මෙරට සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ, ඔහුගේ 26වන සිනමාපටය, “රිදීසීනු” නමින් අද (මාර්තු 22) සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ඇරඹෙනවා. මෑතකාලීන ලාංකීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වන උදයකාන්ත වර්ණසූරිය මේ අයුරින් නැවතත් ළමා චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ සෑහෙන කාලයකට පසුවයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ රන්කෙවිට – රන්කෙවිට 02 වැනි ...
සිංහල සිනමාවට එක්වන “බඹර වසන්තේ” – මාර්තු 21 වනදා සිට cinema.lk අංජලිකා – කල්පාන්තේ සිහිනයක් – සෙනසුරු මාරුව වැනි සිනමාපට තුළින් මෙන්ම සෙනෙහෙවන්තයෝ – සූරිය දරුවෝ – පුංචි වීරයෝ වැනි ටෙලි කතාමාලා තුළිනුත් ලාංකීය රසිකයින්ට සමීප වුනු, මෙරට ජනප්‍රිය නලුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස චන්න පෙරේරාව හඳුන්වන්නට පුලුවන්. ’90 දශකය මුල භාගයේදී රංගනයට පිවිසෙන ඔහු ඉන් දශක තුනකට පසුව අදටත්, විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් තමා වෙතට ආකර්ෂණය කරගන්නට සමත් වී තිබෙනවා. පසුගිය වසරේදී ...
ආක්ෂේ කුමාර් ක්‍රියාදාම චිත්‍රපටවලින් සමු ගනීද? cinema.lk වර්තමාන ඉන්දියානු සිනමාව තුළ සිටින කාර්යබහුලම රංගන ශිල්පියා ලෙසට බොලිවුඩ් නලු අක්ෂේ කුමාර්ව (Akshay Kumar) හැඳින්වූවාට කිසිදු වරදක් නැහැ. උතුරු ඉන්දියානු කලාපය මූලික කරගත් හින්දි සිනමාව; එසේත් නැතිනම් බොලිවුඩයේ ජනප්‍රියම රංගන ශිල්පියෙකු වන ඔහුට ඉන්දියාව පුරාම වගේම ඉන් පිටතත් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් සිටිනවා. දැන් වසර කිහිපයක සිට බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම්ලාභී සහ රජයට වැඩිම බදු මුදලක් ගෙවන නලුවා ලෙසින් පළමු ...
හොලිවුඩයේ දැවැන්තම Oscars සිනමා රාත්‍රිය 96වන වරටත් cinema.lk හොලීවුඩයේ දැවැන්තම සිනමා රාත්‍රිය- ඇකඩමි (OSCARS) සම්මාන උළෙල නොකඩවා 96 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුනු අතර සුපුරුදු පරිදි ලෝ පුරා සිටින ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, සිනමාවේදීන් රැසක් ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබුනා. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර තිරගත වුනු හොලිවුඩ් චිත්‍රපට බොහෝමයකට ධනාත්මක ප්‍රේක්ෂක – විචාර ප්‍රතිචාර ලැබුනු නිසාම, තියුනු තරඟයකින් පසුව මෙවර සම්මාන දිනා ගන්නා ජයග්‍රාහකයින් දැනුම් ...
Collapse Into Me – එක් කතාවක්; සිනමාපට දෙකක් cinema.lk ස්නේහ සහ Three – Way Junction කෙටි සිනමාපට අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සිනමාකරුවෙකු වන මහේල හෙට්ටිආරච්චි මේ දිනවල ඔහුගේ තුන්වන සිනමා නිර්මාණයත් සමඟින් කාර්යබහුල වී සිටිනවා. “Collapse Into Me” නමින් හැඳින්වෙන මෙම නවතම සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ කුසල් සුබසිංහ සහ රෙබෙකා දිල්රුක්ෂියි. නමුත්, සාමාන්‍යයෙන් දැකගන්නට ලැබෙන ලාංකීය කෙටි චිත්‍රපටවලට වඩා වැඩි වෙනසක් මේ නිර්මාණයේ තිබෙන බවට ...
1970 Love Story – නොමියෙන ආත්මීය ප්‍රේමයක මායාත්මක සිනමා ආමන්ත්‍රණය cinema.lk සිහිනයකි ආදරේ සිනමාපටයට පසුව මේ වසරේ, හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන දෙවන සිනමාපටය ද හෙට සිට තිරගත වනවා. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “1970 Love Story” සිංහල චිත්‍රපටයයි. හෙට (පෙබරවාරි 09 වනදා) සිට දිවයින පුරා සිනමා ශාලා රැසකදී මෙම සිනමා නිර්මාණය තිරගත වන අතර හේමාල් රණසිංහගේ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් සහ නැවුම් අත්දැකීමක් මෙතුළින් ඔබට නැරඹීමට පුලුවන්. “1970 Love ...
Vidaamuyarchi රූගත කිරීම් අවසන්; ඊළඟ චිත්‍රපටය ආදික් රවිචන්ද්‍රන් සමඟින් cinema.lk ජනප්‍රිය තමිල්නාඩු නලු විශාල්ගේ වසර ගණනක් පුරාවට රඟපෑ, අසාර්ථක චිත්‍රපට රැසකට පසුව ධනාත්මක – ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ සාර්ථක – බොක්ස්ඔෆිස් ආදායමක් ලබා ගැනීම සමත් වුනු, එකම සිනමාපටය තමයි පසුගිය මාසයේදී තිරගත වුනු Mark Antony දමිළ චිත්‍රපටය. ඉන්දියානු කෝටි 100කටත් එහා ආදායමක් වාර්තා කළ Mark Antony සිනමාපටය, විශාල්ගේ සිනමා ජීවිතයේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය ද වනවා. එමෙන්ම දිගින් දිගටම ඔහුගේ චිත්‍රපටවලින් දැඩි ...
මේ Conjuring සීනමා විශ්වයේ අවසානය ද? cinema.lk මෙතෙක් ලෝක සිනමා ඉතිහාසයෙන් බිහිවී තිබෙන අතිශය – සාර්ථක සිනමා විශ්වයක (Cinematic Universe) නිමාව ලකුණු කරමින්, ජනප්‍රිය චිත්‍රපට මාලාවක් නිල වශයෙන්ම අවසන් කරන්නට සූදානම් වන පුවතක් හොලිවුඩයෙන් ආරංචි වනවා. ඒ ලෝකය පුරා සිටින චිත්‍රපට ලෝලීන් හොඳින් හඳුනන ‘The Conjuring Universe’ හෙවත් Conjuring චිත්‍රපට මාලාවයි. Conjuring චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2013 වසරේදී, The Conjuring නැමැති එහි පළමු චිත්‍රපටයත් සමඟයි. එඩ් වොරන් සහ ...
අති උත්කර්ෂවත්ව පැවැත්වුනු Golden Globes 2024 දිගහැරුම cinema.lk ඇමරිකානු රූපවාහිනිය සහ ලෝ පුරා බිහිවන විශිෂ්ටතම සිනමාපට ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ලෝකයේ ප්‍රධානම සිනමා උළෙලක් ලෙසට Golden Globes සම්මාන රාත්‍රිය හඳුන්වන්නට පුලුවන්. හොලිවුඩයේ පවත්වන ඇකඩමි සම්මාන උළෙල තරමටම Golden Globes සම්මාන උළෙලත් සිනමා ලෝකයේ අතිශය ජනප්‍රියයි. 1944 වසරේ සිට නොකඩවා පැවැත්වුණු Golden Globe සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 81වන වතාවටයි. පසුගය දෙසැම්බරයේදී මෙහි අවසාන නිර්දේශවීම් ලැයිස්තුව මාධ්‍යයට නිකුත් කළ අතර ...
සුප්‍රකට Lyca Productions මෙරට චිත්‍රපට නිෂ්පාදනයට – නවතම ලාංකීය චිත්‍රපට 06ක වැඩ පටන් ගනී cinema.lk Lyca Productions ලෙසින් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ පෙරළිකාර චිත්‍රපට රැසක් බිහි කළ, සිනමා නිෂ්පාදන ආයතනයක්. 2014 වසරේදී තලපති විජෙයිගේ Kaththi දමිළ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් තම ගමන ඇරඹූ ඔවුන් ඉන්පසුව, Vada Chennai – 2.0 – Darbar – Ponniyin Selvan – Don ආදී තමිල්නාඩු සිනමාවේ ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා. බොහෝ දෙනෙකු පවසන පරිදි, වර්තමාන දමිළ සිනමා කර්මාන්තයේ තිබෙන දැවැන්තම ...
Alien සිනමාපට මාලාවේ නවතම දිගහැරුම එළඹෙන වසරේදී cinema.lk ලෝක සිනමාව තුළ බිහිවන ඇතැම් චිත්‍රපට ලබා ගන්නා සාර්ථකත්වය මත, එම මුල් චිත්‍රපටය පදනම් කරගෙන ඒවායේ සීක්වල් (sequels) නිර්මාණ බිහිවනවා දැකගත හැකියි. පළමු චිත්‍රපටය රසික – ප්‍රේක්ෂකයින්ට හොඳ රසවින්දනයක් ලබා දීමට සමත් වෙමින්; සාර්ථක Box Office ආදායමක් ලබා ගත් බොහෝ අවස්ථාවන් හිදී අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරියටත් එහි sequel හෝ prequel චිත්‍රපට නිෂ්පාදනය කරමින්, මුල් නිර්මාණය ඇසුරෙන් “චිත්‍රපට මාලාවන්” ගොඩ නඟනවා. ලෝක ...
නාට්ටාමි ආමි – ‘බර අදින සේනාව’ දැන් කරළියේ cinema.lk සැවෝයි සිනමා වසන්තය – 2023ට සමගාමීව දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය, “නාට්ටාමි ආමි” (Nattamy Army) දිවයිනෙ හි තෝරාගත් සිනමා ශාලා රැසකදී තිරගත වීම ආරම්භ කළා. ලාංකීය සිනමාව තුළ ඒ තරම් කතාබහට ලක්නොවන සමාජ ස්ථරයක් වන නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ සමාජයේ අනන්‍යතා පිළිබඳව කතාබහ කෙරෙන මෙම සිනමාපටය තුළින්, මින් පෙර මෙරට චිත්‍රපට තුළින් ලාංකීය ප්‍රේක්ෂකයින් අත් නොවිඳි අපූරු සිනමාත්මක අත්දැකීමක් ...
අපේ ප්‍රින්සිපල් – අද සිට දිවයින පුරා සිනමා හල්වලදී cinema.lk අපේ ප්‍රින්සිපල් යනුවෙන් හැඳින්වෙන්නේ අද සිට (දෙසැම්බර් 14) දිවයින පුරා සිනමා ශාලා රැසකදී තිරගත වීම ඇරඹුනු නවතම ලාංකීය සිනමාපටයක්. එක්තරා පාසලක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු එහි සිසු සිසුවියන් වටා ගෙතෙන මෙම සිනමාපටය, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි අපූරු නිර්මාණයක්. “අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටය නිර්මාණය වන්නේ මෑතක පටන් මෙරට පාසල් සිසු සිසුවියන් අතරෙ හි සීඝ්රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඔවුන්ව එයින් ...
දුල්කර් සල්මන් – ඉන්දියානු සිනමාවේ අනාගතය ද? cinema.lk මලයාලම් සිනමාවේ අද දවසේ සිටින දැවැන්තම සිනමා තාරකා ද්විත්වය Big M’s හෙවත් Mohanlal සහ Mammootty දෙදෙනා බව ඕනෑම රසිකයෙක් පිළි ගන්නා කාරණයක්. කොතෙක් නම් නලු නිළියන් මලයාලම් චිත්‍රපට කර්මාන්තයට පැමිණියත්, ඒ සියලු දෙනාවම අභිබවමින් දැන් දශක 5-6ක පමණ කාලයක් තිස්සේ මලයාලම් සිනමාවේ දැවැන්තම බලකණු ලෙසින් තවමත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ Mohanlal සහ Mammootty දෙදෙනායි. ඔවුන් දෙදෙනාම මේ වනවිට චිත්‍රපට 400කට අධික ...
රිවස්ටන් – විෂම භාග ඔබ වෙත ගෙනා ලලිත් රත්නායකගේ නවතම සිනමාපටය cinema.lk ලාංකීය සිනමාවට එකතුවීමට නියමිතව තිබෙන, වෙනස්ම කතා තේමාවක් සහිත නවතම වෘතාන්ත සිනමාපටයක් පසුගියදා ආරම්භ වුනා. ඒ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන “රිවස්ටන්” (Riverston) සිංහල චිත්‍රපටයයි. මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වන මෙම නවතම චිත්‍රපටයේ රූපගත කිරීම් මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ඇරඹි අතර මේ වනවිට එහි දර්ශනවලින් බොහෝ ප්‍රමාණයක් සිදු කොට අවසානයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ මෙරට සිනමා ...
සිව දෙවියන්ගේ ශක්තිමත් ම බැතිමතාගේ කතාව: Kannappa cinema.lk තෙළිඟු නලු Vishnu Manchuගේ සිනමා ගමනෙ හි, ඔහු දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි, මෙතෙක් ඔහු රඟපෑ නිර්මාණ අතුරින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් සහ වෙහෙසක් දරා නිර්මාණය කරන දැවැන්තම චිත්‍රපටය වන “Kannappa” හි වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. චිත්‍රපටයේ විශාලත්වය නිසාම, ප්‍රායෝගිකව මෙම චිත්‍රපටය නිර්මාණය කරන ආකාරය ගැන වසර කිහිපයක් තිස්සේම Vishnu Manchu සැලසුම් කරමින් සිටි අතර ඉන්දියාවේ සහ ඉන් පිටත ...