කෝල් කරන ඩ්‍රීම් ගර්ල් නැවතත්! Dream Girl 02 හි ප්‍රධාන චරිතයට යළිත් අයුෂ්මාන් කුරානා cinema.lk බොලිවුඩයේ එකම රාමුවකට කොටු නොවූ තරුණ රංගන ශිල්පීන් අතර Ayushmann Khurrana ප්රමුඛ පෙලේ නළුවෙක්. සිය පළමු සිනමාපටය වූ Vicky Donor (2006) හි සිට මේ දක්වාම එම විවිධත්වය රැකගැනීමට ඔහුට හැකිවුනා. මේ නිසාම, සිය රංගන ජීවිතය ආරම්භයේ සිටම තමන්ට අනන්‍ය වූ රසිකයින් පිරිසක් ගොඩ නඟා ගන්නට අයුෂ්මාන් සමත් වුනා. මේ වනවිට Ayushmann Khurrana වටා සිටින රසිකයින් සංඛ්‍යාව විශාල පිරිසක් වන නිසාම, ...
Rider (රයිඩර්) පූර්ව ප්‍රචාරකපටය නරඹන්න cinema.lk ලාංකීය සිනමාවට එක්වීමට නියමිත නවතම Action – Thriller වෘතාන්ත සිනමාපටයක් තමයි “රයිඩර්” (Rider) නමින් හැඳින්වෙන්නේ. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන එහි නිල පූර්ව ප්රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. මෙරට තාරුණ්‍යය අතරෙ හි ජනප්‍රිය නලුවෙකු වන රොශාන් රණවන විසින් ප්‍රධාන චරිතය රඟපාන මෙම “රයිඩර්” (Rider) සිනමාපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමාහල්වලට නිකුත් වීමටත් නියමිතයි. ක්‍රියාදාම ශානරයේ චිත්‍රපටයක් වන ...
Everything Everywhere All at Once පෙරමුණ ගත් 95වන ඇකඩමි සම්මාන (Oscars) රාත්‍රිය cinema.lk ලෝක ප්‍රකට ඇකඩමි (Oscars) සම්මාන උළෙලේ 95වන දිගහැරුම පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS කමිටුව මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන රාත්‍රියෙ හි මූලාරම්භය සිදු වූයේ මීට වසර අනූවකටත් පෙර 1929 තරම් ඈතකදී යි. එනිසාම අද වනවිට, ලෝකයේ සිනමාකරුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය ලෙසත් ඇතමුන් Academy Awards ජයග්‍රහණ හදුන්වනු ...
ඉදිරියේදී තිරගත වන චිත්‍රපට නමයක් දැන්ම නැරඹීමට අවස්ථාවක්!! DGSL සිනමාභිමාන – 2023 cinema.lk ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන “සිනමාභිමාන 2023” සිනමා උළෙල, දිවයිනේ තෝරාගත් සිනමාහල් ගණනාවකදී මාර්තු 13 වනදා සිට ඇරඹීමට නියමිතයි. මාර්තු මස 13වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන මෙම උළෙල හරහා, මෙතෙක් තිරගත නොවූ නවතම ලාංකීය සිංහල සිනමාපට 09ක් නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමිවනවා. මෙය පැවැත්වෙන්නේ මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන අධ්යක්ෂකරුවන්ගේ නිල සාමූහිකය වන “ශ්‍රී ලංකා සිනමා ...
ඇමරිකානු කළු ජාතික කලාකරුවන්ටම වෙන් වූ NAACP Image Awards හි 54 වන දිගහැරුම cinema.lk NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු entertainment ක්ෂේත්රය හා සබැඳිව සංවිධානය වන ඇගයීම් උළෙල අතුරින් දැකගත හැකි ප්‍රධානම සම්මාන රාත්‍රියක් ලෙසයි. Oscars සහ Grammy සම්මාන උත්සව මෙන්ම දැවැන්ත උළෙලක් වන මෙහි විවිධ අංශ 40කට අධික ප්‍රමාණයකට වාර්ෂිකව සම්මාන ප්රදානය කෙරෙනවා. NAACP Image Awards හි විශිෂ්ටතම නිර්මාණ ඇගයීමේදී සිනමාව, ටෙලිවිෂනය, වේදිකාව, සංගීතය සහ සාහිත්‍යය යන වර්ගීකරණ පහම සැලකිල්ලට ගන්නා නමුත්, මෙහි ...
ආක්ෂේ කුමාර්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් cinema.lk බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්, කලින් කලට ක්ෂේත්රයේ පුවත් මවන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. Khiladi, Phir Hera Pheri, Bhool Bhulaiya, Houseful වැනි හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියකට රංගනයෙන් එක්ව තිබෙන ඔහු වර්තමාන ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්රයේ සිටින ජනප්‍රියම නලු නිළියන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසත් හඳුන්වන්නට පුලුවන්. මෑතක් වනතුරුම ආක්ෂේ කුමාර් රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ රසිකයින්ගේ අවධානයට ලක්වුවත්, පසුගිය වසර දෙක-තුන නම් ඔහුට එතරම් ...
Hollywood Critics සම්මාන හතරක් RRR දිනා ගනී cinema.lk කැලිෆෝනියා ප්‍රාන්තයෙ හි, ලොස් ඇන්ජලිස් නගරය මූලික කරගෙන ගොඩනැඟී තිබෙන Hollywood Critics Association සාමූහිකයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන HCA Films Awards හෙවත් Hollywood Critics Association Films Awards සිනමා සම්මාන උළෙල, නොකඩවා 06 වන වරට මෙවරත් පැවැත්වුනා. ඇමරිකානු සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නලු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ එහි සම්මාන ප්රදානය සිදු වූයේ පසුගිය පෙබරවාරි 24 වනදායි. අවසන් නිර්දේශවීම් 10ක් සමඟින් Everything Everywhere ...
උපුල් සන්නස්ගලගේ “තංගමලේ ඩයරීස්” මුහුරත් උළෙල cinema.lk උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණය කරන “තංගමලේ ඩයරීස් (Thangamale Diaries)” නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය පෙබරවාරි 14 වනදා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වුනා. චිත්‍රපටයේ නලු නිළියන් සහ තාක්ෂණික ශිල්පීන් පිරිස නිල වශයෙන් හඳුන්වා දීමත් මෙහිදී සිදු වුනා. ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මුහුරත් උළෙල සඳහා ධර්මප්‍රිය ඩයස්, ස්ටෙෆන් තිරිමාන්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සිරිකුමාර, ඩබ්ලිව් ජයසිරි, නලින් ලුසේනා ආදී “තංගමලේ ...
‘වෙඩි නොවදින ළමයි’ දැන් තිරගත වේ cinema.lk හෝ ගානා පොකුණ ඔබ වෙතට ගෙන ආ ඉන්දික ෆර්නෑන්ඩු අධ්‍යක්ෂණය කළ නවතම ලාංකීය චිත්‍රපටය, “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) දිවයින පුරා සිනමා ශාලාවලදී අද සිට (16) තිරගත වීම ඇරඹුනා. මෙම වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත් රාත්රියේදී, කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථයක සිදු වන සිද්ධි මාලාවකුයි. කොළඹ සංගීත ...
පෙබරවාරි 17 සිට තිරයට එන “තට්ටු දෙකේ ඉස්කෝලේ” cinema.lk ඈත එපිට ගම්මානයක කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු තවත් සුන්දර සිනමා නිර්මාණයක් එළඹෙන පෙබරවාරි 17 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ ලලිත් රෝහිත එදිරිසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “තට්ටු දෙකේ ඉස්කෝලේ” ලාංකීය සිනමාපටයයි. සූරියපාලුව අගනුවරින් බොහොම දුර බැහැරක පිහිටා තිබෙන දුෂ්කර නමුත් සුන්දර ගම්මානයක්. කුඩා පවුල් කිහිපයක් පමණක් වාසය කරන එම ගම්මානයේ දරුවන්ට අකුරු කරන්නට තිබෙන්නේත් ...
95වන ඇකඩමි උළෙලේ නිර්දේශිත නාම නිකුත් වෙයි cinema.lk Academy of Motion Picture Arts and Sciences සිනමා සාමූහිකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන Academy සම්මාන උළෙල (OSCARS), වර්තමාන ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් ඇගයීම් පිදෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක්. මෙම සම්මාන රාත්‍රියෙ හි මූලාරම්භය සිදු වූයේ මීට වසර 93කට පෙර 1929 තරම් ඈතකදී යි. එනිසාම අද වනවිට, ලෝකයේ සිනමාකරුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය ලෙසත් ඇතමුන් Academy Awards ජයග්‍රහණ හදුන්වනු ලබනවා. ...
ජැක්සන් – හේමාල් – උදාරි රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි cinema.lk ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් වුනා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කුසපබා, පත්තිනි, බිම්බා දේවි හෙවත් යශෝදරා, විජයබා කොල්ලය වැනි මෑතකාලයේ ජනප්‍රිය වූ සිනමාපට රැසක් නිර්මාණය කළ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි. 2019 වසරේදී තිරගත වූ “විජයබා කොල්ලය”ට පසුව තිරගත වන ඔහුගේ නවතම නිර්මාණය මෙයයි. ...
ප්‍රසන්න විතානගේ වසර 5කට පසු යළිත් සිනමාවට; ගාඩි සහ RRR සංස්කරණය එකම පුද්ගලයෙකුගෙන් cinema.lk ප්‍රසන්න විතානගේ, මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසට බොහෝ රසිකයින් විසින් සලකන්නේ නිතැතින්මයි. 1991 වසරේ සිට පුරා දශක තුනකට අධික කාලයක් සිනමා නිර්මාණකරණයේ යෙදෙන ඔහු, අධ්යක්ෂකවරයෙක්ට අමතරව තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් ලාංකීය සිනමා ක්ෂේත්රයට සම්බන්ධ වී සිටිනවා. පුරහඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම්, අනන්ත රාත්‍රිය, ඔබ නැතුව ඔබ එක්ක වැනි නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වූ ...
අසූවන ‘ගෝල්ඩන් ග්ලෝබ්ස්’ සිනමා රාත්‍රියෙ හි දිලුනු හොලිවුඩ් තරු cinema.lk 1944 වර්ෂයේදී ඇරඹුනු Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට විශිෂ්ට – ගුණාත්මක සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්රදානය කරනවා. Hollywood Foreign Press Association නැමැති සිනමා සාමූහිකය විසින් සංවිධානය කරන මෙය ඇමරිකානු විනෝදාස්වාද ක්ෂේත්රයේ දක්නට ලැබෙන ප්‍රධානම සම්මාන රාත්‍රියක්. හොලිවුඩය සහ ඇමරිකාව තුළ පමණක් නොවෙයි, ලොව පුරාම සිටින රසිකයින් දහස් ගණනක් වසරක් පාසා පවත්වන මෙම සිනමා උළෙලේ ...
අටවන වරටත් පැවැත්වුනු යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය | Jaffna International Cinema Festival cinema.lk අගනුවරින් පිටත සංවිධානය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ගණයේ සිනමා උළෙල, යාපනය අර්ධද්වීපය මුල් කර ගනිමින් මෙවරත් පැවැත්වුනා. ඒ Jaffna International Cinema Festival (JICF) හෙවත් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලයි. උතුරු අර්ධද්වීපයේ නිදහස් සිනමාකරුවන්ගේ නිර්මාණ පිළිබඳව කතිකාවතක් ගොඩනැඟීම සහ ඔවුන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයින්ට සමීප කිරීම අරමුණු කොටගෙන වාර්ෂිකව පවත්වනු ලබන මෙම Jaffna International Cinema Festival සිනමා උළෙල, මෙවර ඉදිරිපත් කළේ ...
පසුගිය වසරේදී වැඩිම ජනප්‍රියතාවයක් හිමිකර ගත් ඉන්දියානු චිත්‍රපට පිළිවෙලින්… cinema.lk Internet Movie Database නොහොත් IMDb වෙබ් පිටුව, අන්තර්ජාලය ඔස්සේ සිනමාපට පිළිබඳව පරිශීලනය කරන – ලෝක සිනමාව පිළිබඳව උනන්දුවක් දක්වන රසිකයින් බහුතරයක් දෙනා හොඳින්ම දන්නා යෙදවුමක්. දැනට පරිශීලකයින් මිලියන 80කට අධික ප්‍රමාණයක් විසින් භාවිතා කරන මෙය චිත්‍රපට පිළිබඳව විස්තර සෙවීමට වර්තමානයේදී පවතින නිරවද්‍යම සහ පහසුම ක්‍රමයක් ලෙසටයි බොහෝ දෙනෙකු සලකන්නේ. මීට වසර 33කට ප්‍රථම 1990 වසරේදී ඇරඹි මෙම IMDb වෙබ් පිටුව ...
කෝවිඩ් වසංගතයත් සමඟ ඇරඹුනු නවතම සිනමා සම්මාන රාත්‍රිය: Filmfare OTT Awards cinema.lk පසුගිය කාල වකවානුවේදී ගෝලීයව ව්‍යාප්ත වූ Covid – 19 වෛරස ආසාදනය නිසා ලෝක සිනමා කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූවා. ලෝ පුරා සිනමාශාලා මාස ගණනාවක් පුරාවට වසා දැමුනු අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබූ සිනමාපටත් දින නියමයක් නොමැතිවම කල් ගියා. චිත්‍රපට නිෂ්පාදන ආයතන පවා සිය නිර්මාණ අවසන් කරගත නොහැකිව දැඩි අර්බුදකාරී තත්වයකට පත් වුනා. එමෙන්ම, සිනමාශාලා වැසී යාම නිසා වැඩ කටයුතු ...
මෝහන්ලාල්ගේ Malaikottai Valibanට කමල් හාසන් එක් වේවිද? cinema.lk දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගනිමින් බිහිවී තිබෙන මලයාලම් සිනමාව මෙරට ලාංකීය රසිකයින් අතරෙ හි පවා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. 2000 දශකයෙන් පසුව බිහිවූ නව රැල්ලේ මලයාලම් සිනමාව අද වනවිට ලංකාව තුළ පමණක් නොවෙයි; ලොව පුරා සිය ජනප්‍රියත්වය ව්‍යාප්ත කරගනිමින් සිටිනවා. වර්තමාන මලයාලම් සිනමාව තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පීන් අතුරින් Moohanlal Wishwanathan නොහොත් මෝහන්ලාල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එදා මෙදාතුර මලයාලම් ...
කාජොල් – ප්‍රිත්විරාජ් ප්‍රථම වතාවට එකම තිරයකින් cinema.lk හින්දි සිනමාවේ ප්‍රධාන නිර්මාණකරුවෙකු වන Karan Johar, දශක ගණනාවක් තිස්සේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය යන අංශ දෙක ඔස්සේම ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඔහු හිමිකාරීත්වය දරන Dharma Productions චිත්‍රපට ආයතනයෙන් බිහිවූ සිනමා නිර්මාණ ගණනාවක් අදටත් එරටින් බිහිවූ ජනප්‍රියම සහ Iconicම නිර්මාණ ගනයෙහි ලා සැලකෙනවා. 1980 වසරේදී තිරගත වූ Dostana චිත්‍රපටයේ සිට මීට දින කිහිපයකට පෙර නිකුත් වූ Govinda Naam ...
80වන වරටත් පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන රාත්‍රිය cinema.lk 1944 වසරේදී ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්රදානය කරනවා. Hollywood Foreign Press Association සමූහයේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙය, ඇමරිකානු විනෝදාස්වාද ක්ෂේත්රයේ දක්නට ලැබෙන ප්‍රධානම සම්මාන උළෙල කිහිපය අතුරින් එකක්… 2022 වසරේ නිකුත් වූ සිනමාපට සහ රූපවාහිනී කතාමාලා සැලකිල්ලට ගනිමින්, ඒවායින් විශිෂ්ටතම ගණයේ නිර්මාණ සඳහායි මෙවර Golden ...