“උතුරු සුළඟ” දිවයින පුරා හමා යයි!!

Avatar Kavinu Weerakkody | March 26, 2023 525 Views 1 Like 0 Ratings

525 Views 0 Ratings Rate it

චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමාපටය, “උතුරු සුළඟ (Uthuru Sulanga – Winds of Change)” දිවයින පුරා සිනමා ශාලා පනහකට ආසන්න ප්‍රමාණයකදී දැන් තිරගත වනවා. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වූ මෙම චිත්‍රපටයට පාදක වන්නේ රජරට මායිම් ගම්මානයක සිදු වන සිදුවීම් මාලාවකුයි. පසුගිය මාර්තු 24 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුනු උතුරු සුළඟ සිනමාපටය, Drama – Thriller ශානරයට අයත් වන පවුලේ සැමට නැරඹිය හැකි නිර්මාණයක්.

පියවි, අයාල්, යාය 4 වැනි වෙනස්ම ආකාරයේ ටෙලි නාට්‍ය රැසක් පුංචි තිරයට එකතු කළ චාමර ජනරාජ් පීරිස් සිය පළමු සිනමා ආගමනය සිදු කරන්නේ උතුරු සුළඟ චිත්‍රපටයත් සමඟයි. අධ්‍යක්ෂණය මෙන්ම චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද ඔහු විසිනුයි.

පශ්චාත් යුධ සමයේ සිදුවන සිදුවීම් මාලාවක් ගැන කියැවෙන උතුරු සුළඟ (Uthuru Sulanga) චිත්‍රපටය මූලිකව දිවෙන්නේ සුනිමල් නැමැති තරුණයාගේ ජීවිත කතාව වටායි.
ඔහු වෙසෙන්නේ රජරට ප්‍රදේශයේ සුන්දර- නමුත් දුෂ්කර ගම්මානයකයි. ගම්මානයේ සිටින ‘රාළහාමි මාමා’ නැමැති වංශවත් පුද්ගලයාට උදව් උපකාර කරමින් ඔහුගේ නිවසේයි, සුනිමල් නැවතී සිටින්නේ. නමුත් සුනිමල්ගේ අතීතය ගැන කිසිම දෙයක් ගම්මානයේ කිසිවෙකු දන්නේ නැහැ. යම් සිදුවීමක් නිසා මතකය අහිමි වන සුනිමල්ටත් තමන් කවුරුන්ද… තමන් කොහේ සිටි පැමිණි අයෙක්ද… යන්න ගැන මතකයක් නැහැ.

ගම්මානයේ සිටින අනෙකුත් තරුණයින් පවා සුනිමල්ට එතරම් කැමැත්තක් නොදක්වන නිසා නිතරම ඔහු හා ගැටුමට එන්නටයි උත්සාහ දරන්නේ. මේ අතරේදී සුනිමල් සහ රාළහාමි මාමාගේ දියණිය වන යශෝ අතර ප්‍රේම සබඳතාවයකුත් ගොඩ නැඟෙනවා.
හේරත් ඒ ගැන දැනගැනීමත් සමඟ සුනිමල්ට සිදුවන්නේ කුමක්ද? ගම්වැසියන් නොදන්නා සුනිමල්ගේ පෙර ජීවිතය කෙබඳුද?
උතුරු සුළඟ (Uthuru Sulanga) චිත්‍රපටය එතැන් සිට ඉදිරියට ගලා යන්නේ මෙම ගැටළුවලට පිළිතුරු සපයමිනුයි.

උතුරු සුළඟ (Uthuru Sulanga) සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රඟපාන්නේ එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානියි. එරංග ජීවන්ත විසින් සුනිමල්ගේ භූමිකාව සහ කාවින්ද්‍යා දුල්ශානි විසින් යශෝදරාගේ භූමිකාව නිරූපණය කරනවා. රාළහාමි මාමාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ නලු ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනුයි.
ඊට අමතරව දුලාන් මන්ජුල, කසුනි කාවින්දි ෆර්නෑන්ඩෝ, සුලක්කනා හේරත්, රෝහණ බැද්දගේ, මීනා කුමාරි, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙහි උප-ප්‍රධාන චරිත රඟපානවා. සුජානි මේනකා සහ බිමල් ජයකෝඩි විසින් ගරු රඟපෑම් සිදු කරන බවටත් සඳහන්…

චිත්‍රපටයේ තාක්ෂණික ශිල්පීන් ලෙස එක්ව තිබෙන්නේත් වර්තමාන සිනමා කර්මාන්තයේ සිටින අත්දැකීම් බහුල ප්‍රවීණයින් පිරිසකුයි. කපිල සුගත් විජේරත්න උතුරු සුළඟෙ හි කැමරා අධ්‍යක්ෂකවරයායි. අරුණ ශාන්තගේ අංග රචනයෙන් හැඩ වන මෙහි කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුත්තගෙනි. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය සිදුව තිබෙන්නේ ජානක ෆොන්සේකා – උදාර ජයකොඩි සුසංයෝගයෙනි. කීර්ති රුවන් උතුරු සුළඟෙ හි සහාය අධ්‍යක්ෂකවරයායි. ලක්ෂිත ප්‍රබාත් පතිරාජ රේඛීය නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් සහ තුෂානි බුලුමුල්ලේ ගීත රචනයගෙන් මීට සම්බන්ධයි. උතුරු සුළඟ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණය සිදු කොට ඇත්තේ අජිත් සමන්ත සහ මාලින්ද මධුසංකගේ සහායෙනි.
උරේශා රවිහාරි සහ දුමාල් වර්ණකුලසූරිය ගයන ගීත කිහිපයකින්ම චිත්‍රපටය හැඩවී තිබෙනවා.

ආණමඩුව ප්‍රදේශයේ උස්වැව ගම්මානය ආශ්‍රිතව මූලික රූපගත කිරීම් සිදු කළ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Pics and Words Productions වෙනුවෙන් මොහොමඩ් ගානි, රසිත ජිනසේන සහ කපිල නවරත්න එකතුවෙනි. අධ්‍යක්ෂක චාමර ජනරාජ් පීරිස් ද සම නිෂ්පාදනයෙන් එක්වනවා.
උතුරු සුළඟ පළමුවෙන්ම තිරගත කිරීමට නියමිතව තිබුනේ 2021 වසරේ මාර්තු මාසයේදීයි. නමුත් විවිධ හේතු නිසා එහි ප්‍රදර්ශනය දිගින් දිගටම කල්ගිය අතර දැන් තිරගත වන්නේ ඉන් වසර 02කටත් පසුවයි.
LFD මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා හල් ගණනාවකදී ඔබට දැන් මෙය රස විඳිය හැකියි. උතුරු සුළඟ තිරගත වන සිනමාශාලා ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

1. CCC – කොළඹ
2. PVR – කොළඹ
3. එමෙක්ස් – මොරටුව
4. රිකී – කොටුව
5. රීට්ස් – බොරැල්ල
6. සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත
7. සැවෝයි 3D – වැල්ලවත්ත
8. ලිබර්ටි – කොළඹ
9. සිටි සිනමා – ගල්කිස්ස
10. MC – කොළඹ
11. ලිඩෝ – බොරැල්ල
12. රීගල් – කොළඹ
13. ලයිට් සිනමා – හෝමාගම

14. මැක්ස්ලයිට් – මොරටුව
15. ඇමිටිලයිට් – මහරගම
16. ස්කයිලයිට් – මාළඹේ
17. වොක්ස්ලයිට් – අවිස්සාවේල්ල
18. ස්කයිලයිට් – මාතර

19. ලිබර්ටි – කිරිබත්ගොඩ
20. හිමාලි – කිරිබත්ගොඩ
21. රීගල් – ගම්පහ
22. සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
23. සැවෝයි මෙට්‍රෝ – මහරගම
24. සරසවි – අලව්ව
25. නිකාඩෝ – කඩවත
26. නිව් රේඛා – කඩුවෙල
27. රෝයල් සිනමා – මීගමුව
28. ශැම්රොක් – වෙන්නප්පුව
29. විස්ටා ලයිට් – ජාඇල
30. සිනෙමැක්ස් – ජාඇල
31. රමෝගා – වෙන්නප්පුව
32. මහලේකම් – කුලියාපිටිය
33. මිලානෝ – කෑගල්ල
34. NIT – යටියන්තොට
35. NIT – කුරුණෑගල
36. NIT – රත්නපුර
37. සිනෙක්ස්පෝ – කුරුණෑගල
38. නිව් නන්ද – නිකවැරටිය
39. ප්ලාසා සිනමා – කළුතර
40. දුල්මිනී – හොරණ
41. ප්‍රිස්කා – කළුතර
42. වින්ස් – වාද්දුව
43. CK – කිරිඳිවැල
44. ස්‍රියා සිනමා – වාරියපොල

45. නිව් චම්පිකා – ඉංගිරිය‍
46. ගාමිණී – ඇහැලියගොඩ
47. ජෝති – රත්නපුර
48. රීගල් – අම්බලන්ගොඩ‍
49. ප්‍රින්ස් – ගාල්ල
50. EDC – කැකිරාව
51. විජේන්ද්‍ර – අනුරාධපුර
52. විල්මැක්ස් සිනමා – අනුරාධපුර
53. KCC – මහනුවර
54. සීගිරි – කටුගස්තොට

Share

525 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.