උපාධියද? වෘත්තීය පුහුණුවද? මාධව's කථා....... රැකියා විරහිත උපාධිධාරීන් බර ගාණක් ලංකාවේ ඉන්නා බවත් ඔවුන්ට රජයෙන් රැකියා පහසුකම් ඇති කල යුතු බවත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසා තිබුනු පුවත මාධව දැක්කේ ළගදීය. රැකියා නැති උපාධිධාරීන් ගැන කට කැහිල්ල මාධවට අවුරුදු ගාණක් තිස්සේ ඇති නිසා මේ පොඩි කතාව ඒ ගැනය.උපාධිධාරීන්................වසරකට ලංකාවේ උසස් ආයතන වලින් එලියට දාන උපාධිධාරීන් ගණන අතිශයින්ම ඉහලය. වැඩිහරියක් උපාධි සිහිනය උදෙසා කිසි කමකට ...
පාස්කුව වෙනුවෙන් සාධාරණය? මාධව's කථා....... එහෙන් මෙහෙන් ජන්ද කතා ඇහෙන්නේය. රට නැගිටන බවක් පෙනී ගියද තිරය පිටුපස කතාන්දරය ඇත්තේ ණය නොගෙවීම නිසා දැනට මෙහෙම ඉන්නා බවය. ණය අනුමත වීම හොඳ පැත්තට කතා කරනවා වාගේම නරක පැත්තද දැකිය යුතු වන්නේ නූපනුන් පවා ණයකාරයින් වීම නිසාය.මේ පුණ්‍ය භූමියේ උපන්නේ පිනටද පවටද? මාධව හිතන්නේය..... ඒ අවු අස්සේ, ජන්ද කතා ගොඩ ගැහීම අස්සේ, කථානායක විශ්වාසභංගය බංග වී ගියේ ...
බැටරිය බැස්සාම වෙන හදිය.......... මාධව's කථා....... පරිගණකයේ මවු පුවරුව මත කුඩා බැටරියක් ස්ථානපනය කර ඇත්තේ කැසිල්ලට නොවේය. ඒක ඉතා වැදගත් කාරණා රැසක බල සැපයුම ලෙස ස්ථාපනය කර ඇත. ඉතා නවීන පරිගණක වල පවා මේ පහසුකම තවමත් පවත්වාගෙන යන්නේ එහි වැදගත්කම නිසාමයමාධව අද කියන්නේ පරිගණකයේ CMOS බැටරිය ගැන තතු බිඳක් ය.what is CMOS ?CMOS යනු කෙටි කරන ලද Complementary Metal-Oxide-Semiconductor දිගු යෙදුමයි. මෙම CMOS චිපය පරිගණකයේ ...
අලුත් ඇඳුම් මාධව's කථා....... 2024 අලුත් අවුරුද්දේ හැමෝම අලුත් පෙනුමින් එලියට එන බව මාධවට පෙනී යන්නේය. ඒ් ගැන පුංචි කතාන්දර දෙකක් මේ ලියුම ලියවෙන්නේය.GOOGLE හි නව පෙනුමදින කීපයක සිටම ගූගල් හි SIGN iN වීමට යාමේදී ඉහලින් මතු වූ පණිවුඩය වූයේ නව පෙනුමක් දියත් බව බවය. ඒ් අනුව මාර්තු 15 දින වන විට ගූගල් හි පිවිසුම් ද්වාරය - Sign in Page හි සරල එහෙත් ...
හන්දිය මාධව's කථා....... එදා ඉර පායාගෙන එද්දී වෙනදාට වඩා හන්දියේ සෙනඟ. පොලීසියත් ඇවිල්ල වගේ. ඈතට පෙනුන දේවල් විපරම් කරන්න වටිනවා. උදේම වැඩට යන එක උනත් පස්සට දාලා විපරම් කරන්න හිතුනෙ අතීතයේ පටන් මේ හන්දිය විවිද දේවල් වලට ප්‍රසිද්ධ නිසා...මං යන්තං කිරි එකා කාලේ 88 89 කාලය එළඹිලා මෙතන මිනී ඔලු කෝටු වල ගහල තිබුනාය කියලා කියන්නෙ 95 ඉපදුන සිතුම් මල්ලි. අනේ ඌ ...
බිලියන තුනක් හුදකලා වීම මාධව's කථා....... 2024-03-05 දින රැයේ මුහුණු පොතට පිවිසීම අවහිර වී තිබුනු බව වාර්තා විය. මාධවටද පැමිණි ඇමතුම් හා පණිවුඩ රැසකි. ඒ අතර බොහෝ අය සිතා තිබුනේ තමංගේ ගිණුමට හැකිං තර්ජනයක් එල්ල වී ඇති බවය. ඒ සිදුවීම සම්බන්ධව මාධවගේ සත දෙක මෙසේ සමාජගත කරන්නේය...කෙසේ වුවද සොයා බැලීමේදී පෙනී ගියේ කතාව ඇත්ත බවය. කිසිම ආකාරයකින් මුහුණු පොත සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව නැති ...
ගස.... මාධව's කථා....... මං දැන් හිටගෙන ඉන්නෙ පරණ ඉස්කෝලෙ ගේට්ටුව ඉස්සරහ. ඇතුලට යන්න කලින් තවපාරක් ඉස්කෝලෙ ඉස්සරහ එකෙල මෙකෙල වෙන්න හිතුනෙ ඇයි කියලා මං දන්නෙ නැහැ. මේ මගේ ඉස්කෝලෙ. මට අකුරු කියල දුන්න ඉස්කෝලෙ. මං ප්‍රේමය මේකයි කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. දුක කියන්නෙ මොකක්ද කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. කොටින්ම කිව්වොත් ජීවිතේ වැඩි කාලයක් ගෙවලා දැම්ම ජීවිතේ කියවගත්තු ඉස්කෝලෙ.ඔව්. මේ මගේ පරණ ඉස්කෝලෙ........මං ...
බිත්තියේ කවිය මාධව's කථා....... හිර ගෙදර බිත්තියේතිබුනා පුංචි කවියක්හිරකලා කියවූ පසුහදවත ඇබින්දක් එක්තරාප්රේමයකඅතු රිකිලි කැබැල්ලක් සඟවලාරැඳවියෙකුඑල්ලලා හුඟක් කල්
ප්‍රේමය සමඟ අධ්‍යාපනය මාධව's කථා....... ප්‍රේමය ඇති වීම නැතිවීම සහ වෛරය හට ගැනීම අහස සහ මහ මුහුද වගේ නෙව. පෙම්වත් කතා ඇති තරම්. වෛරී කතාත් ඒ තරම්ම. එකම කාසියක දෙපැත්ත වගේ පුංචි ඉරි කැබැල්ලක් තරම් දුරකින් වෙන්වෙන, නැනෝමීටර ගානින් වෙන්වෙන ආදරයත් වෛරයත් මේ ලෝකය පෝෂණය කරනවා නෙව.විරහව හරිම රසවත් වෙන්නෙ එතන වෛරය නැතිනම්. ඇස් රතු වෙන තරම් කඳුලු හලලා හලලා දුක තුනී කරන් ජීවිතේට මුහුණ ...
නිසල මාවතේදී මාධව's කථා....... නිසල මාවතේදීඋඹ රුව ගැටෙද්දී නෙතද්දරහරිත වර්ණ කඳු වලලු මැද්දෙන්දුර ඇදෙන කතාබස් ගලා ඇදේ.හොරෙන් පැටලේවි අතැඟිලිරසවත් නෙත් බැලුම් අභියසඉල්ලනා රස ගුලාවන්නොලැබුනද, සිත් තුල පුපුරාවිහැඟුම් ගොන්නම සුවඳවත් කෙහෙරැලිඅරන් එන මෘදු සුවඳසිතේ ඇති ශෘංගාරවත්සිතුවම වර්ණ කොටඅලංකෘතකොටනිමවයි, ගිනි තබයි! නුඹ දකින විටදීමැවෙන සිනා සලුවිසිකර ආකාශයේනිවී සැනසෙමුදිනෙකලොවට හොරහින්..... ...
ඇස්ටොං ගෙදර! මාධව's කථා....... එකදාස් නමසිය අනූ ගණන් වල එකෝමත් එක ගමකට ඉර පායලා තිබුනා.ගමේ කෙලවර ගමටම කොස් බෙදුව මහ පතරංග කොස් ගහේ සරුසාරෙට කොස් පීදිලා තිබුනා. ඒ කොස් ගෙඩි අතර අතු වලට ගමටම සද්දෙ බෙදන්නැහේ ලවුස්පීකර කොහු ලණු අමුණලා සවියට ගහටම බැඳල තිබුනා. ඒවායින් අපූරු වට සිංදු වාදනය උනා. පරණ සිංදු. ජෝතිපාල උන්නැහේගෙ සිංදු තමා හුඟක්ම. කැසට්ටු පටි නෙව තිවුනෙ ඒකාලෙ. අකුණු ...
මොබයිල සිම් පත මාධව's කථා....... Mobile SIM card ගැන නොදන්නා අයෙක් නැත. ඒත් ඒවා ක්‍රියා කරන ආකාරය ගැන දන්නා අයෙක්ද ලේසියකට නැත. හැමෝම වාගේ දන්නේ සිම් කාඩ් එක ඇතුල් කල පසු ජාලයට සම්බන්ධ වූයේ නං ඇමතුම් ගන්ට හැකි බව ය. කුමකටද අනික් වැල් වටාරම් කියා කෙනෙක් මාධවගෙන් ඇසුවේ නම් එය සාධාරණ ය. ඒත් මාධව අද කියන්නට යන්නේ දුරකථන සිම් කාඩ් පත්‍රය ක්‍රියා කරන ආකාරය ...
Intel Vs AMD මාධව's කථා....... 2024 වසරේ පලවැනි ලිපිය තාක්ෂණික කතාන්දරයක් විය යුතු යැයි මාධවගේ හිත කීවේය. අනම් මනම් ආඩාපාලි වලට වඩා තාක්ෂණය උතුම් යැයි ද මාධව හිතන්නේය. මේ ඒ සා වූ සිතුවිලි නිසා ලියවුනු කතාන්දරය ය. වඩාත් සුදුසු ප්‍රොසෙසර වනුයේ AMD ද INTEL ද යන්න මාධවගේ හිතේ කලක පටන් තිබූ ගැටලුවක් ය. ඒ නිසාම අන්තර්ජාලයේ විවිධ මූලාශ වල ලිපි සහ Youtube හි වීඩියෝ බොහෝ ...
ගන්දබ්බ! මාධව's කථා....... රට මැද කඳුකරය මත එකෝමත් එක ගම්මානයක අහස නීල වර්ණයෙන් පිරිලා. ඒ අහස යට ඒ ගමේ එක තැනක අක්කර ගණනාවක් වූ වත්තක් මැද්දෑවෙන් අතීතයක එක්තරා සමයක තේජස විහිදෙව්ව ආරච්චිලා වලව්ව පිහිටලා තියනව. වලව්ව දැන් ගරා වැටිල. ජනෙල් වීදුරු හොරු ගලවන් ගිහින්. පරණ සෙටියක් විතරක් තාම සාලෙ මැද වවුල් වසුරු වලින් නෑවිලා තියනවා. ඉස්සරහ දොරේ එක පියනක් විතරයි ඉතුරු. ඒකත් සරණේරුවකින් ...
වෙස්ට් හෝල් ගල් පතුරු! මාධව's කථා....... සීතල වතුර ගලාගෙන යන ඇල පාර පැන්නම තැනිතලාව. එතනින් එහාට එහාට වෙන්න ගල් පතුරු වැතිරිලා හිටවිලා පෙරලිලා එකේක ආකාරයට තියනවා. මාධව වැටිලා කකුල ඇමැට්ටි වෙලා නැගිට ගන්න බැරුව කෙඳිරි ගගා උන්නෙ ආන්න ඒ කිව්ව ගල් පතුරු කණු ගොඩ මැද්දෙ!තෘණ පඳුරු ලෙල දෙන මීදුම පැතිරුණු සීතල උදෑසන අපූරුයි. ඉර එලිය වැටිලා ටිකක් වෙලා ගිහින් තිබුනට ඒක ඒ පැත්තට දැනිල වත් නෑ. ...
හරිත වර්ණ මාධව's කථා....... නවාතැන් කාමරයේ අඳුරේ හරිත වර්ණිත ජිල් බෝල දෙකක් බබලමින් පොලවට ඉහලින් කස්තුරි දිහාටම එල්ල වෙලා තිබුනා. තප්පර ගාණකට සැරයක් හෙමින් ඒ ජිල් බෝල අඳුරු වෙලා ගිහින් ආයෙම ආලෝකමත් උනා. කොලම කොල පාට විීදුරු ජිල් බෝල. පණ ගැහෙන ජිල් බෝල. ඒ මේ අත පාවෙන අඟල් භායගක්වත් නැතිව පරතරය ඇතිව එකට පාවෙන්නාක් සේ පේන ජිල් බෝල යුගලයක්. ටිකකින් එහෙට මෙහෙට පනින, ...
ඒකත් ප්‍රේමයක් මාධව's කථා....... මම මඟුල් පෝරුව මත්තෙ හිටගෙන ඉන්නවා. අවුරුදු දහයක ප්‍රේමය උනු මගේ කඩවසම් සල්ලිකාර පෙම්වතා මට දකූණු පැත්තෙන් ආඩම්බරයෙන් ඉන්නවා. ඔව්. අද මගේ කසාදය කෙරෙන දවස. හැම කෙල්ලෙක්ම හීන දකින විදියෙ උත්කර්ෂවත් මඟුලක්.මම හංසිනී.අද මගේ ලස්සනම ලස්සන විවාහ මංගල්‍යය...........මම දිනේශ් අයිය එක්ක යාලු උනේ අවුරුදු දහයකට කලින්. ඒ අපි පාසල් කාලෙදිමයි. එයා හරි දක්ශයි ඉගෙනගන්න. හුගක් සල්ලි තියන පවුලක එකම ලමයා. ...
කොම්පියුටර නොස්තැල්ජියාව මාධව's කථා....... මාධව ඉස්සෙල්ලාම පරිගණකයක් අත ගෑවේ 2001 දීය! ඒ පාසලේ පුංචි ළමයින් සඳහා පැවැත්වූ පාඨමාලාවකට සහභාගී වීමෙන් ය. ඒ කාලයේ සිට මාධව වටා බැඳුනු අපූරු පුවත් නොස්තැල්ජියාවක් ලෙස හෙවත් ජීවිතයේ අතීතය හා බැඳුනු සිදුවීම් වල මතක ඇතුලත් අතීතකාමයක් ලෙස හැඳින්වීමට හැකියාව ඇත. කෙසේ වෙතත් පරිගණක සීග්‍රෙයන් දියුණු වන යුගයක, මාධවලා එකල ඇසු දුටු දුටු කාරණා දැන් ඉන්නා පුංචි උන් දැකලා ...
මගේ මුව අද්දරට මාධව's කථා....... නුඹ ඇවිල්ලානතර වූ එදවසමගේ මුව අද්දරතෙතබරිත දෙතොලින් යුතුව! මෙදවස හැන්දෑවේමලහිරු බසිනා විටෙකනුඹ ඉන්නවා සැලෙන දෙතොලින් යුතුව කියන්න කෙලෙසදඅයුරු සිඳී ගිය පෙම් ගංගාවකාලයක ඇවෑමෙන්නුඹ මා අතර ගලා ගිය සිප ගත් අයුරුඔය දෙතොලමල හිරු බසිනඅවසන් හැන්දෑවේදී අමතක නොකර පපුතුර පතුලේමතැන්පත් කර ගන්නඒ තෙතබරිත හාදුව ඉතින් යලි කිසිදාකනුඹ නොම ඒවිමගේ මුව අද්දරටතෙතබරිත දෙතොලින් යුතුව! ...
රතු හම! මාධව's කථා....... ඇය හොදම බෙර වාදනේට සහතිකේ ගද්දි ඇගේ බෙරය වේදිකාව පල්ලෙන් තියල තිවුන. රතු පාටට හුරු හමක් දාල තිව්න ගැට බෙරේ නිසා ඇය හැම වාරෙකම මේ අංශයෙන් දිනුව.හොඳම බෙර වාදන ශිල්පිනිය. සමස්ථ ලංකා තරඟය 2024!නිම්නාදී රණසිංහඅත්පොලසන් හඬින් සභාව ඇලලී යද්දී ඇඟේ සීයා ජේ. රණසිංහ පමණක් වේදිකාව පහලින් තිවුන බෙරය දෙස රවාගෙන උන්නා. හම මතට වදින සෑම බෙරපදයක් පාසාම බෙරයේ හම ඉලිප්පෙනු ...