බිලියන තුනක් හුදකලා වීම

 

 

2024-03-05 දින රැයේ මුහුණු පොතට පිවිසීම අවහිර වී තිබුනු බව වාර්තා විය. මාධවටද පැමිණි ඇමතුම් හා පණිවුඩ රැසකි. ඒ අතර බොහෝ අය සිතා තිබුනේ තමංගේ ගිණුමට හැකිං තර්ජනයක් එල්ල වී ඇති බවය. ඒ සිදුවීම සම්බන්ධව මාධවගේ සත දෙක මෙසේ සමාජගත කරන්නේය...

කෙසේ වුවද සොයා බැලීමේදී පෙනී ගියේ කතාව ඇත්ත බවය. කිසිම ආකාරයකින් මුහුණු පොත සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව නැති වී ඇති බවය. මාධව අන්තර්ජාලයේ සොයා බැලූ ආකාරයට රටවල් ගණනාවක මෙම ගැටලුව තිබී ඇති අතර ඇතැමුන් මෙය තමායේ යෙදුමේ / පරිගණකයේ දෝශයක් යැයි සිතාගෙන සිටි බව මාධවට වාර්තා විය. ඒ වන විට ශ්‍රී ලංකාවේ වේලාව රාත්‍රි 9.00 පමණ විය.

කෙසේ වෙතත් facebook app, හෝ web browser තුල මුරපද තැන්පත් කරගෙන සිටි අව්‍යාජ ගිණුම් හිමි පරිශීලකයින්ට මෙයින් හානියක් වී නොමැති අතර මුරපද අමතක ව ඇති, නිවරදි ආකාරයට ගිණුම සත්‍යාපනය කරගෙන නොතිබූ (Verification) පුද්ගලයින්ට ගිණුම් අහිමි වීමද සිදු වී ඇත. ඇතැමුන් ඒ ඩිංගට නව ගිණුම්ද නිර්මාණය කරගැනීමට උත්සහ කර තිබුනි. .

ඒ අනුව ඊයේ රාත්‍රියේදී 2023 වන විට බිලියන තුනක්  පමණ ලියාපදිංචිව සිටියා වූ  මුහුනුපොතේ පරිශීලකයින් සියල්ල එකිනෙකාගෙන් වෙන් වීම හරි අපූරුය. ඒ නිසා මාධව එවැනි නමක් මෙම ලිපියට යෙදීම යුක්ති සහගතය. බිලියන තුනක ජනතාවක් එකිනෙකා වෙතින් හුදකලා වූ හෝරාව ඊයේ එළඹී තිබුනේය.

Down Detector හි විස්තරය -


අන්තර්ජාලයේ ඇති අපූරු වෙබ් අඩවියක් වන “downdetector“ වෙබි අඩවියට අනුව ඊයේ රාත්‍රි නමයෙන් පසු වැඩිපුරම වාර්තා වී ඇත්තේ Login Failure පිලිබඳව ය. එමෙන්ම එය ලොව පුරාම වාර්තා කිරීම් වලින් 76%කි. එසේම යෙදුම (Facebook App) දෝශ සහිත බව 17%ක පිරිසක් වාර්තා කර ඇත.

කෙසේවෙතත් අම්බානි පුතාගේ මංගල සාදයේ උන්නු සකබර් ලොකු මහත්මයා වෙත කාරුණිකව දැන්වීමෙන් පසු අවශ්‍ය කටයුතු සඳහා උපදෙස් ලැබෙන්නට ඇති අතර රාත්‍රී 11ට පමණ මාධවගේ ගිණුම ක්‍රියාකාරී වීම සිදුවිය.

වෙනත් වාර්තා වූ තත්වයන් -

ඇත්ම් රටවලින් Facebook වලට පමණක් නොව Messanger සහ Instagram වෙත පිවිසීමේ පහසුකම්ද අවහිර වී ඇති බව වාර්තා වී තිබුනු අතර පැය කීපයක වේලාවකින් පසු සියල්ල යථාවත් කර තිබුනි.

කෙසේ වෙතත් බිලියන තුනක් වූ ජනතාවගේ සිතුම් පැතුම් එහෙ මෙහෙ වන සයිබරයේ ලොකුම නවාතැන මෙසේ බිඳවැටීම ලෝක විනාසය හා සමාන යැයි මාධවට සිතෙන්නේ ඊයේ රාත්‍රියේ මේ කලබගෑනිය නිසාමය.

එනයින් ඊයේ රාත්‍රියේ මුහුණු පොත බිඳවැටීම ගැන මාධවගේ සත දෙක මෙයින් අහවර ය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form