Intel Vs AMD

2024 වසරේ පලවැනි ලිපිය තාක්ෂණික කතාන්දරයක් විය යුතු යැයි මාධවගේ හිත කීවේය. අනම් මනම් ආඩාපාලි වලට වඩා තාක්ෂණය උතුම් යැයි ද මාධව හිතන්නේය. මේ ඒ සා වූ සිතුවිලි නිසා ලියවුනු කතාන්දරය ය. වඩාත් සුදුසු ප්‍රොසෙසර වනුයේ  AMD ද INTEL ද යන්න මාධවගේ හිතේ කලක පටන් තිබූ ගැටලුවක් ය. ඒ නිසාම අන්තර්ජාලයේ විවිධ මූලාශ වල ලිපි සහ Youtube  හි වීඩියෝ බොහෝ බැලූ පසු මාධව මෙසේ ඒ ගැටලුව ගැන ලියනු ඇත්තේය.

සියල්ලටම පෙර ප්‍රාර්තනා කල යුතුව වන්නේ මෙසේය

2024 සහ ඉන් ඉදිරිය සැමට සුභ වේවා!

ප්‍රොසසර ගැන මීට පෙර ලියූ ලිපිය - 

 processor?

ප්‍රොසෙසරය (PROCESSOR)

පරිගණකයක ප්‍රධාන චිපය හෙවත් මවු පුවරුව මත ස්ථාපනය කර ඇති පරිගණකයේ තාර්කික, ගණිතමය කටයුතු ඉටු කරන සහ වෙනත් මෙහෙයුම් කටයුතු වලදී ප්‍රධාන තැනක් ගන්නා ප්‍රධාන චිපය ප්‍රොසසරයයි.

 

පරිගණක සඳහා දැනට ඇති ප්‍රොසෙසර වර්ග.

පරිගණක සඳහා වර්තමානයේදී බොහෝ වර්ගයේ ප්‍රොසෙසරයන් නිර්මාණය කර ඇත. පහත දක්වා ඇත්තේ උදාහරණ කීපයකි

  • Intel
  • AMD
  • IBM
  • Motorola
  • Nvidia

Intel, AMD සහ nvidia මේවා අතුරින් වර්තමානයේදී බොහෝ ඉදිරියෙන් භාවිතා වන අතර nvidia විශේෂයෙන් භාවිතා කරනුයේ පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් කටයුතු වලදී වීඩියෝ කටයුතුවලට අදාලවය. එබැවින්  Intel සහ AMD පිලිබඳව සලකා බැලීම ප්‍රමාණවත් ය.

Intel, AMD and NVIDIA to See Weak Revenue in Q4

අතීතයේ දුර්මත

අතීතයේදී මාධවලාට භාවිතා කරන්නට 2002 පමණ කාලයේ සිට පැවතියේ ඉන්ටෙල් පෙන්ටියම් තෙවැනි හා සිව්වැනි ප්‍රොසෙසර වන අතර එකල AMD පිලිබඳව බොහෝ මතවාද තිබුනි. 

ඉන්ටෙල් හි කාර්යක්ෂම තාව එකල යහපත් වූ අතර AMD රත් වීම නිසා පරිගණක බිඳ වැටීම සිදු විය. එසේම එනයින් ආ දුර්මත නිසාම ලෝකය පුරාම AMD ප්‍රොසෙසර සඳහා තිබුනේ යහපත් ප්‍රතිචාරයන් නොවන්නේය. නමුත් වර්තමානයේදී තත්වය වෙනස් වී ඇති බව මාධවට කියවූ ආටිකල් මගින් පෙනී ගොස් ඇත්තේය. අතීතයේදී සම තත්වයේ තිබූ Intel සහ  AMD ප්‍රොසසර අතුරින් Intel වලට වැඩි තැනකුත්  AMD සඳහා අඩු තේරීමකුත් තිබුනි. 


Intel ප්‍රොසෙසරය ගැන බිඳක්

 

ප්‍රොසෙසර නිර්මාණය සඳහාම 1968 දී ආර්ම්භ වූ මෙම සමාගම ඉදිරියෙන් සිටියේ අතීතයේ සිටමය. පෙන්ටියම් ප්‍රොසෙසර වල ජනප්‍රියත්වයෙන් නොනැවතී විවිධ මාදිලියේ ප්‍රොසෙසර සාර්ථනකව එලි දක්වමින් අද ලෝකයේ වටිනාම සමාගමක් බවට පත්ව සිටින ඉන්ටෙල්, බොහෝ දෙනාගේ පරිගණක එකලස් කිරීමේ කටයුතු වලදී නිසැක තෝරා ගැනීම බවට නිතරඟයෙන් පත්ව ඇත. ජංගම දුරකතන සඳහාද ප්‍රොසෙසර නිපදවන මෙම සමාගමේ වර්තමානයේ පවතින්නේ ඉන්ටෙල් 14 වැනි පරම්පරාවේ කෝ අයි ප්‍රොසෙසරයන්ය. ඊට අමතරව සර්වර් සඳහා xeon වැනි ප්‍රොසෙසර ද නිර්මාණය කර ඇත්තේද ඉන්ටෙල් වෙතින් ය.


AMD ප්‍රොසෙසරය ගැන බිඳක් -

AMD ׀ together we advance_AI

Advanced Micro Devices, Inc. (AMD) සමාගමෙන් නිර්මාණය කරන AMD ප්‍රොසෙසරය 1969 දී ආරම්භ වී ඇති අතරක්‍රමයෙන් සංවර්ධනය වී ඇත. එම සමාගමෙන් මවු පුවරු සඳහා ප්‍රධාන ප්‍රොසෙසර මෙන්ම, ග්‍රැෆික් සඳහා ප්‍රොසෙසර, සර්වරයන් සඳහා කාර්යක්ෂමතාවයෙන් ඉහල ප්‍රොසසර පවා දැන් නිපදවනු ලැබේ. අතීතයේ තිබූ විවිධ දෝශ සහගත තත්වයන් නිසා මෙම ප්‍රොසෙසර ප්‍රතික්ෂේපිත තත්වයේ තිබුනද වර්තමානයේදී ඉන්ටෙල් හා තරඟයට පිවිස සිටී.


සරල සැසඳීමක් - 

වර්තමානයේදී පුද්ගලික පරිගණක සඳහා (PC and Laptop and Mobile devices) ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ භාවිතයක් ඇති ප්‍රොසෙසර  දෙක වන Intel සහ AMD පිලිබඳව සරල සැසදීමක් මාධව විසින් මෙසේ සිදු කර ඇත. 


වඩාත් යහපත් වන්නේ කුමක්ද?

AMD ද Intel ද වඩාත් යහපත් කියා කීමට මාධවට පුද්ගලිකව නොහැකිය. කෙසේ නමුත් ඉන්ටෙල් වල මිල සහ පුද්ගලික පරිගණක වල සිදු කෙරෙන කටයුතු සඳහා අවශ්‍යතා සැකසීමේදී වඩාත් සුදුසු ඉන්ටෙල් බව පෙනී ගියද ඉතා ඉහල ශක්‍යතාවක් උවමනා කෙරෙන කටයුතු සඳහා පරිගණක නිර්මාණයේදී වඩාත් ඉහල සිසිලන පද්ධති සමඟ AMD ප්‍රොසෙසර යෙදීම වර්තමානයේදී වඩාත් ප්‍රචලිත වී ඇත්තේය.

  • Gaming -  පරිගණක ක්‍රීඩා ආශ්‍රිත කටයුතු
  • Graphic Design 
  • Computer Drawings
  • Video Editing

වැනි කටයුතු වලදී Intelවලට සාපේක්ෂව AMD Processors වල ක්‍රියාකාරී බව ඉතාම ගැලපෙන බව පෙනී යන හෙයින් වර්තමානයේදී ඉතා ඉහල ක්‍රියාකාරී පරිගණක වලට මෙම AMD Processors යොදන බව උපකල්පනය කිරීමට මාධවට හැකිය. පරිගණක ක්‍රීඩා සඳහා නිර්මාණය කරනු ලැබූ උකුල් පරිගණක වලදීද ඇත්තේ AMD processer බැවින් මෙම කරුණ එයින්ම තහවරු වනු ඇත. කෙසේ වෙතත් එයින් අදහස් කරනුයේ Intel අසාර්ථක බව නොවේ. 

හුදෙක් ඔබගේ පරිගණකයෙන් ඉටු කර ගන්නා කාර්යයන් පදනම් කරගෙන අවශ්‍ය ප්‍රොසෙසර පිරිවිතර තෝරා ගත යුතු බව පමණක් මාධව මෙම ලිපියේ අවසානයට මෙසේ සඳහන් කරනු ඇත.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔව් ඒ කාලේ නම් ඉන්ටෙල් තමයි....ගණං අඩු වට බැලුවොත් තමයි ඒ එම්ඩී වලට ගියේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හැම එකේම හුඟ දෝශ තිබුනා. කෙසේ නමුත් වින්ඩෝස් සඳහා හොඳින් සහය දක්වන ලද්දේ ඉන්ටෙල් සහ nvidia තමයි 2000 කාලේ! අනික ඇපල් වල ප්‍රොෙසසර වගේම ඒ එම ඩී වලත් විවිධ අසාර්ථක කම් (මවා පෑම්ද දන්නෑ) පේන්න තිබුන නිසා බහුතරයක් බය උනා ඒ එම් ඩී වලට යන්න.

      Delete
Previous Post Next Post

Contact Form