මොබයිල සිම් පත

 

mobile technology, mobile sim, new generation,

Mobile SIM card ගැන නොදන්නා අයෙක් නැත. ඒත් ඒවා ක්‍රියා කරන ආකාරය ගැන දන්නා අයෙක්ද ලේසියකට නැත. හැමෝම වාගේ දන්නේ සිම් කාඩ් එක ඇතුල් කල පසු ජාලයට සම්බන්ධ වූයේ නං ඇමතුම් ගන්ට හැකි බව ය. කුමකටද අනික් වැල් වටාරම් කියා කෙනෙක් මාධවගෙන් ඇසුවේ නම් එය සාධාරණ ය. 

ඒත් මාධව අද කියන්නට යන්නේ දුරකථන සිම් කාඩ් පත්‍රය ක්‍රියා කරන ආකාරය ගැන ය.

සිම් කාඩ් පත යනු?

ඉංග්‍රීසියෙන් SIM ලෙස කෙටි කර ඇති මෙම Subscriber Identify Module නැමැති දිග වැකිය SIM හි නියම නමයි. මතක චිපයක් සහිත සංගෘහිත පරිපථයක් ඇතුලත් ප්ලාස්ටික් වලින් නිමවා ඇති සිම් පත මගින් ඔබව දුරකථන පහසුකම් සහ වෙනත් ඒ ආශ්‍රිත සේවාවන් සඳහා අදාල දුරකථන සිම්පත අයත් ජාලය සමඟ සම්බන්ධ කිරීමේ නියමුවා ලෙස ක්‍රියා කරයි.

ඉතිහාසය

SIM කාඩ් පත පලමුව සංගෘහිත පරිපථයක් සමඟ නිපදවා ඇත්තේ 1991දී වන අතර එය Finnish wireless network operator Radiolinja සමාගම වෙතින් මිලදී ගෙන ඇති අතර එම ප්‍රමාණය 300ක් පමණ වේ. එසේම පළමු සිම්කාඩ් වර්ගය ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන යන දෙවර්ගයේම භාවිතා වී ඇති බව විකීපිඩියා හි සඳහන් කර ඇත.

සිම් කාඩ් වර්ග

වර්තමානය වන විට සිම් කාඩ් පත ඉතා කුඩා වී ඇති බව සුහුරු ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනා දන්නා කරුණකි. 1990 දශකයේ සිට සිම් කාඩ්පත ක්‍රමයෙන් කුඩා කර ඇත්තේ ඇයි? 


මුලදී ගඩොලක් තරම් විශාල වූ ජංගම දුරකථනය වර්තමානයේදී ඉතා කුඩාවට නිර්මාණය කරන නිසාම ඒ හා සමානව සිම් පත තුනී සහ කුඩා වීම අනිවාර්යය විය. එසේම ද්විත්ව සිම් භාවිතාව නිසා ද දුරකථනයේ සිම් පත කුඩා කිරීම මගින් අනවශ්‍ය ඉඩක් වැය කිරීමට දුරකථන සමාගම් අකැමැති වීම ද හේතුවයි. එබැවින් සිම් පත වර්තමානය වන විට SIM කාඩ් පත නියපොත්තටත් වඩා කුඩා කර ඇත්තේය.

පහත ඇත්තේ එම සිම් පත් වර්ග තුනයි.


 සිම් පතක කොටස්

සිම් පතක කොටස් සරලව පහත ආකාරයට දැක්විය හැකිය.


  • Vcc & Vpp  - විදුලිය ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු.
  • Reset - මුරපදයක් මගින් ජාලකරණ සම්බන්ධතාවය සහ සන්නිවේදනය යලි සකසා දෙයි
  • I/O - දත්ත ඇතුලත් කිරීම හා බාහිරට ලබා දීමේ කටයුතු
  • Clock - උපාංගයේ ප්‍රොසෙසරය වෙතට තොරතුරු යැවීමේ කොටස



ක්‍රියාකාරීත්වය

සිම් කාඩ් පත්‍රය ක්‍රියාත්මක වීම පහත ආකාරයට විස්තර කල හැකිය.

SIM හි අඩංගු පහත අංකය දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති ජාලය වෙත යවනු ලබයි

IMSI (International Mobile Subscriber Identity)

ඉන්පසු අදාල ජාලයෙන් එම අංකයට හිමි මුර පද පරීක්ෂා කර පිවිසුම ලබාදී සම්බන්ධතාවය ආරම්භ කරනු ලබයි.

සාර්ථකව සම්බන්ධතාවය ඇරඹුනි නම් එම සමාගම වෙතින් ඔබ ගෙවන මුදලට හිමි පහසුකම් සක්‍රීය කොට ජංගම දුරකථනය හරහා ලබා ගැනීමට අවකාශ ඇති කරයි.


අනන්‍ය වන්නේ කෙසේද?

SIM පතට හිමි IMSI (International Mobile Subscriber Identity- අන්තර්ජාතික ජංගම දුරකථන ග්‍රාහක අංකය) අංකය සහ ICCID (Integrated Circuit Card Identification - සංගෘහිත පරිපථ පත්‍ර අංකය) අංකයන් එම සිම්පතට පමණක් නිකුත් කර ඇත. එය අපගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙන් ය. 

එම අංක නිසා මෙම සිම්පත තවෙකකින් වෙන්වී අනන්‍ය වේ.


සිම් කාඩ් රහිතව ඇමතුම් ගත හැකිද? ඒ කෙසේද?

Like Whatsapp, Viber, Line, Imo, Facetime, Facebook - Viber Icon - 1024x206  PNG Download - PNGkit

WIFI පහසුකම් ඇති දුරකථන හෝ ස්මාට් උපාංග භාවිතා කරමින් SIM නොමැතිව ඇමතුම් ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා සමාජ මාධ්‍ය ජාලා යෙදවුම් භාවිතා කල හැකිය. උදාහරණ ලෙස පහත දක්වා ඇත්තේ සිම්පතක් නොමැතිව ඇමතුම් ගත හැකි ඔබ කවුරුත් දන්නා යෙදවුම් ය.

  • whatsapp
  • Telegram
  • Messanger
  • IMO
  • Viber
  • Skype

අනාගතය 

IFM_ eSIM, e sim, Mobile, technology

E - SIM  යනු අනාගතයේ බිහිවීමට නියමිත සිම් කාඩ් වර්ගයයි. මෙහිදී දත්ත වල ආරක්ෂාව, ස්ථාවර බව, දත්ත ගබඩා කිරීමට ඇති හැකියාව ආදී කාරණා පිලිබඳව සැලකිලිමත් වී ඇති අතර එය ඉතා කුඩාවට නිර්මාණය කෙරෙනු ඇත. මෙහිදී විශේෂත්වය වනුයේ එය අදාල උපකරණයටම සවි කොට පැමිණීමට නියමිත වීමයි.


SIM පත නැතිවීම හෝ හානි වීම සිදු වූ විට කල යුත්තේ කුමක්ද?

lost sim, sim card, sim, mobile technology, phone, lost

සිම්පත හානි වූ විටෙක අදාල සමාගමේ සේවා සපයන අලෙවිසැලක් හෝ ශාඛාවක් මගින් උක්ත හානි වූ සිම්පත වෙනුවට වෙනත් සිම්පතක් එම අංකයටම සකස් කර ලබා දෙන අතර ඇතැම් විට ඒ සඳහා සුලු මුදලක් වැය වනු ඇත. එහිදී අනන්‍යතාව පැහැදිලි කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතක් හෝ වෙනත් එවැනි ලියවිල්ලක් අවශ්‍ය වනු ඇත.

සිම්පත නැති වූ විට බොහෝ විට එය දුරකථනයත් සමඟම නැති වූ විට අනිවාර්යයෙන්ම පොලීසියේ පැමිණිල්ලක් කිරීම වඩාත් සුදුසු වේ. එසේම ඉහලින් කී පරිදි සිම්පත අයත් සමාගමට කතා කොට හෝ එවැනි සේවා සපයන තැනකින් එම නැති වූ සිම් පත අවලංගු කොට නව සිම්පතක් ලබා ගත හැකිය.

දුරකථනය අස්ථාන ගත වීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පොලිස් පැමිණිල්ල IMEI අංකයත් ඇතුලුව සඳහන් කිරීම අනාගත ආරක්ෂාව සඳහා වැදගත් වේ.

ඒ කරුණු සමඟින් 2024 වසරේ දෙවැනි ලිපිය මින් අවසන් කෙරෙනු ඇත.

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මොබයිල් සිම් එකක් නැති උනාම පොලිසියේ පැමිනිල්ලක් දාන එක දැනුවත් උනේ අද...

    ReplyDelete
    Replies
    1. සිම් පත නැති උනේ ෆෝන් එකත් සමඟ නම් අදාල අංක නැති වීම ගැන සඳහන් කිරීම වටිනවා!

      Delete
  2. ගුණපාල රත්නායකJanuary 16, 2024 at 7:01 PM

    එතකොට මාධව මහත්මයා, දුරකතනයේ සිම් පතක් නොමැති විට 'emergency calls only' ලෙස පණිවිඩයක් දිස් වෙනවා නේද? එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?

    දුරකතනයට සිග්නල් නොමැති විටත් එම පණිවිඩය දිස් වෙනවා. එවිට එය ක්‍රියාත්මක වසන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. සිම් පත නොමැති විට දුරකථයේ අභ්‍යන්තරයේ ඇති විශේෂ ඇන්ටෙනාවක් මගින් ජංගම දුරකථනය ප්‍රදේශයේ ඇති කුමණ හෝ සංඥා කුළුණක් සමඟ සම්බන්ධ වනවා. එහිදී සිම් පත නොමැතිව අදාල රටේ ඇති විශේෂ හදිසි ඇමතුම් අංක වලට කතා කරන්න පුලුවන්.

      ලංකාවේ ක්‍රියාත්මකද කියලා නම් දන්නෙ නෑ. හදිසි ඇමතුම් අංක කියන්නෙ උදාහරණ ලෙස 119 වගේ අංක. ඇමරිකාවේ නම් 911 තියනවා.

      Delete
  3. How to find the IMEI number on a iPhone. Please advise. Tks.

    ReplyDelete
    Replies
    1. Go to Settings > General and tap About.
      Look for the serial number. You might need to scroll down to find the IMEI/MEID, and ICCID.

      Delete
Previous Post Next Post

Contact Form