නිසල මාවතේදී

 


නිසල මාවතේදී

උඹ රුව ගැටෙද්දී නෙතද්දර

හරිත වර්ණ 

කඳු වලලු මැද්දෙන්

දුර ඇදෙන කතාබස් ගලා ඇදේ.


හොරෙන් පැටලේවි අතැඟිලි

රසවත් නෙත් බැලුම් අභියස

ඉල්ලනා රස ගුලාවන්

නොලැබුනද,

සිත් තුල පුපුරාවි

හැඟුම් ගොන්නම

 

සුවඳවත් කෙහෙරැලි

අරන් එන මෘදු සුවඳ

සිතේ ඇති ශෘංගාරවත්

සිතුවම වර්ණ කොට

අලංකෘතකොට

නිමවයි, ගිනි තබයි!

 

නුඹ දකින විටදී

මැවෙන සිනා සලු

විසිකර ආකාශයේ

නිවී සැනසෙමු

දිනෙක

ලොවට හොරහින්.....

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form