SNAPSEED ගැන මාධව's කථා....... ජංගම දුරකථනයෙන් ජායාරූප ගැනීම සහ සංස්කරණය (Editing) දැන් ඉතා ජනප්‍රිය කලාවකි. තවද ජංගම දුරකථනයෙන් සමාජ ජාලා පරිහරණය කරන්නෝ එමටය. ඔවුන්ද කැමැති වන්නේ සිය ජායාරූප සිත් ගන්නා සුලු ආකාරයෙන් සංස්කරණය කොට පල කිරීමටය. මේ කියන්නට යන්නේ ඒ සඳහා ඉතා උචිත ජංගම දුරකථන යෙදුමක් ( APP ) ගැනය.එහි නම SNAPSEED ය!Snapseed යනු?ජංගම දුරකථනයකින් ලබා ගන්නා ජායාරූප සංස්කරණය (Editing) කිරීම සඳහා නිර්මාණය ...
චැනල් ෆෝ සහ ලංකාව මාධව's කථා....... මීට පෙර කලක නිකුත් වූ වීඩියෝව ට වඩා මේක ආන්දෝලනාත්මකය. දෙමළා පීඩාවට පත් කලා යැයි පැවසූ ඒකට වගේ නොව මේක දැනෙන්නේ මහ ජාතියටමය. මොකද ඒක පාස්කු ගැනය. සමස්ථ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ අසමත්කම පෙනෙන මේ රටේ පාලකයින් එදා පටන් ලංකාව රැගෙන ගිය මාර්ගය දැන් තවත් හොඳින් පැහැදිලි ව පේන්නේය. වේදනාවෙන් උවත් කිව යුත්තේ මේ රට ධර්ම රාජ්‍යයක් නොව රුධිරයෙන් ...
Canava සහ එවැනි දෑ ගැන කතන්දරය මාධව's කථා....... පරිගණක ආශ්රිත ග්‍රැෆික් නිරමාණකරණය අතිශය ජනප්‍රිය සහ රැකියා බහුල ක්ෂේත්රයක් ය. එහිදී වෘත්තීයවේදීන් සඳහා වර්තමානයේදී විවිධ ආකාරයේ ග්‍රැෆික් නිර්මාණකරණයට අවශ්‍ය යෙදවුම් බොහෝ ඇත.මේ කියන්නට යන්නේ එවැනි මාර්ගගත යෙදවුම් පිලිබඳව ය. පළමුව කිව යුත්තේ මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන පහසුකම් නොවන බවත් සාමාන්‍ය තත්වයේ පහසුකම් නොමිලේ ලැබෙන බවත් වැඩිදියුණු කල පහසුකම් ලැබෙනුයේ අදාල මිලදී ගන්නා පැකේජය අනුව බවත්ය.එසේම හොඳ අන්තර්ජාල ...
Web Server ගැන කතාන්දරය මාධව's කථා....... අන්තර්ජාලය භාවිතා කරන මාධව ඇතුලු මේ ලෝක වාසීන්ගෙන් ඇතැමුන් පරිගණක ආශ්රයෙන් වැඩසටහන් ලියන්නෝය. අනෙකුත් අයවලුන් පරිගණකය හෝ ජංගම උපකරණ භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කර කුමන හෝ කටයුත්තක් කරන්නෝය. මේ සැමට වැදගත් වන වෙබ් සර්වරයක් - Web Server යනු කුමක්දැයි අද මාධව මේ කතාවෙන් කියන්නේය.වෙබ් සර්වරයක් - Web Server යනු?Web Server යනු මෘදුකාංගයක් හෝ මෘදුකාංග සහ දෘඩාංග වල එකතුවක් වන අතර ...
තප්පදෝරු රැජින... මාධව's කථා....... එයා හරි තප්පදෝරු කෙල්ලෙක්. තප්පදෝරු කියන්නෙ මහත එකේ හොඳම එක. ඉතින් හැමෝම එයාට කිව්වෙ තප්පදෝරු මැණිකේ කියලා.තප්පදෝරු මැණිකේ ගෙ පොතේ නම නිසංසලා. එයාට ගෙදෙට්ට කිව්වෙ මැණිකේ කියලා. වයසක ඈයොන්ට එයා සුදු මැණිකෙ. මහත උනාට මොකෝ ඈ සුදුයි. ලොකූ ලස්සනක් නොතිබ්බත් හුරතල් කම්බුල් දෙකක් එක්ක විපරම්ශීලී ඇස් දෙකක් තිවුන. ඇගේ පස්ස මහ විසාල එකක්. ඒ නිසා වලත්ත එවුන්ට ඇසට අඳුනක්. එවුන් ...
රොකට්ටුවක කතාන්දරය මාධව's කථා....... ඔන්න මිත්‍රවරුණි එකමත් එක රටක උන්නලු පුංචි කුමාරයෙක්. ඒ රට කරපු රජතුමාගේ පුංචි පුත් කුමාරවරු අතුරින් බාලයා. හරි දස්සයා. පුංචි සංදියේ ඉඳන්ම අරින්ට දස්සයා. රොකට්ටු. ඉතින් වයසින් වැඩුනත් සිඟිති ආතල් වලින් නං අඩුවක් තිබිලා නෑ නෙව.ඔන් ඔහොම ලොකු උන බාල කුමරු දවසක් රටම උන්මාදයෙන් පිනවපු ලොකු කටයුත්තකට අත තිබ්බා.මේං මිත්‍රවරුණි ඒ කතාව.// විසේසයෙන් කියන්ටෝනි මේ කතාව මේ සිරි ලංකාවේ, ශ්‍රී ...
"පෝස්ටර් සංස්කෘතිය" ගැන කතාව මාධව's කථා....... // මේ ලිපිය මාධව විසින් ජන්ද කාලයක ලිව්ව එකකි! මාධවගේ ගූගල් ඩ්‍රයිව් එකේ තැන්පත් වී තිබුනු මෙම ලිපිය අහම්බයෙන් හම්බවීම නිසා අද දිනයේදී (2023-08-28) මෙසේ පල කරනු ඇත //ලංකාවේ ඇත්තේ කුජීත වී ගිය දේශපාලනයකි. ලංකාව යනු දේශපාලකයා ඉහලින් ඔසවා තැබීමට පුරවැසියා තමාවම මරාගෙන කට්ට කන රටකි. පුරවැසියාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලුවාට කිසිදු වග විභාගයක් නැතත් දේශපාලකයාගේ සුභ සිද්ධිය සඳහා මෝඩ ...
Google ගැන කතාන්දර මාධව's කථා....... අම්මා අප්පා ගැන දන්නවාටත් වඩා හොදට අද කාලයේ මිනිසුන් Google ගැන දන්නේය. එය යහපත් තත්වයක්ය. මාධව අද කියන්නට යන්නේ Google ගැන කතාන්දර ටිකක්ය. මිනිස්සුන්ට සේවා නොමිලේ ලබා දෙමින් ගූගල් එන්නේ මොකාටද කියාද මාධව සිතන්නේය. නොමිලේ ලබා දෙන පහසුකම් සහ සේවා ආවාට ගියාට නොව හොඳින් පරිශීලනය කිරීමේ අවස්ථාව පරිශීලකයාට ලබා දෙන ගූගල් ලංකාවෙන් පමණක් ඒක්කාසු කරන් තිබෙන්නා වූ පින් කන්දරාව සුලු ...
නිරුවත් නිරුත්තර මාධව's කථා....... අඩ නින්දෙ සිහිනයකනිරුවතින් සැරිසරයි මතකයන් අවි දරාමනසකට පහර දෙයි නිරුවතක් පරදවා සෙනෙහසක් අවදි වෙයිමතක අවි නිහඩ වී සෙනෙහසට ඉඩක් දෙයි
කොස්තාපල් පුෂ්පය! මාධව's කථා....... කාකි ඇදුම තුල සැගවුනුලලිත කලා බිතු සිතුවම්සියලු සොදුරු රූ කැටයම්නෙතගින් පෙනෙනාලපටි දෙතොල්, සිනිදු කොපුල්ගිනිගෙන දැවෙනාඋණුසුම් වී කෝප අරන්කොස්තාපල් චූටි කුසුමගම් පුරයේ සොර දෙටු වෙමිරන් අභරණ නෙක නෙක තැනගිහින් හොරෙන් පැහැර ගන්නඅල්ලාගෙන හනි හනිකටගුටි අනින්න යහමින් සොදපුංචි සොදුරුකොස්තාපල් නෝන පොඩිත්තීගෙල මිරිකන නුඹෙ අතැගිලිසිනිදුද මෙතරම්ගිනි අවියක් දෑත දරාහිදින්නෙ කෝමද කියන්නසුදු සුසිනිදු අත්ගොබ වලකොහොමෙයි ඕ හැටි සක්තියගිනි අවියට සමු දෙන්නකො,ආදරයේ මල් කලඹක්සොරකම් කොට ...
ගිණි බිඳුම! මාධව's කථා....... ගායකයාට වෙඩි වැදුනාගීතයේ තනු දැහැන් බිඳුනා සුළං රැලි මැද්දෑවෙන්ඒ සුසුම් ටික ඉහල නැඟුනාපද වැලක් නිහඩවබලා හිඳිනා කණිසමේතවත් නැහැ ගීතවත්ඒ දෙතොල් ඔහුගේහැරගියැයි ප්රේමියපපුවටම මූණිස්සමඑල්ලකොට ගෙන ඔහුනිහඩ විය සදාකල්හිම.................. ...
කඳුලු මාධව's කථා....... සඟවා කඳුලුහදවතේ පත්ලෙම දියවී රුහිරු හාගලාවී සිරුරේමවෙන්වූ හදවත්හුවමාරු කල කඳුලුගලාවී නෙතගින්යලි යලිත් පෙඟෙමින් ආදරය අහිමිවමියැදෙනා සිරුරූඅයදිනා හුස්මත්වියැකෙනා අයුරූඅඳුරු වී නෙත්යුගනිමාවේ දිවි මං වෙන් වෙන්ව............................... ...
CHAT GPT ගැන තවත් දේවල් ටිකක් මාධව's කථා....... මාධව මේ ගැන කලින් ලියුමක දිග කතාවක් කිව්ව නෙව. අද කියන්ට යන්නේ CHAT GPT විසින් කොච්චර ඉල්ලීමක් කලත් ඉටු නොකරන දේවල් කීපයක් ගැන. මොකද සදාචාරය සහ පරිශීලකයින්ගේ ආරක්ෂාව උදෙසා මේ ආකාරයට ඔහු විසින් ලබා දෙන අණ ප්‍රතික්ෂේප කරන අවස්ථා කීපයක්ම තියනවා. මාධවත් ඉන් කීපයක්ම උත්සහ කලත් ඔහු දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේප කරනවා මිස එයට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්නෑ. මීට ...
Untitled Post මාධව's කථා....... සමණලියක් මල මත වැසුවාඒ මල කටු විහිදා නැටුවාකටු පැටලී ඇගෙ සමණල අත්තටුඉරිී වැටී ඈ හට රිදුනා ඒත් ඇගේ මල් පෙම්වත් කුමරාඇයට නොදී පෙම් හද පවරාපියඹා ආ වෙන බඹර යුවතියක්ඔහුගේ හද දී බැඳ ගත්තාඅසරණ සමණලියක නෙත් තෙමුනාඇගෙ හද යන්තම් පණ ගැහුනාහැකිලුණු අත් තටු වල නෑ ප්රාණයමිය යයි ඇය වැතිරී රුදු කටු මත... ...
Private Browsing හෙවත් ලොවට හොරා! මාධව's කථා....... මේක වර්තමානයේ ඉතා වැදගත් කාරණාවක්ය. ඒ නිසා කියා දාන්නට හිතේ නොතියාගෙනම සිතුවේය. මාධවගේ කතා තුලින් අද කියන්නට යන්නේ ඔබගේ අන්තර්ජාල ආරක්ෂාව ගැන පුංචි කතාවක් ය.ඒ Private Browsing ගැනය.Private Browsing යනු?වර්තමානයේදී අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා බොහෝ වෙබ් ව්රවුසර නිර්මාණය කර ඇති අතර ඒවා භාවිතයෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වන සංඛ්‍යාව දිනකට ලෝක ජනගහනයෙන් 50%කටත් අධික ය.එවැනි කාර්යයකදී ඔබට දත්ත වල ආරක්ෂාව ඉතා වැදගත්ය. ...
කාර් කතාන්දර මාධව's කථා....... ලාංකිකයා සහ කාර් අතර ඇත්තේ අපූරු සම්බන්ධතාය. වැඩිහරියක් ඒවා මෝඩකම් ලෙස මාධව දකින්නේය. මේ කියන්ට යන්නේ ඒ ගැන මාධවගේ අදහස් ටිකක්ය ය. නමුත් කිව යුත්තේ මාධව වාහන ගැන දන්නේ ඇබින්දක්ම ඇබින්දක් බව ය. ළමයි ඔඩොක්කුවේ තියං යෑම මාධව දකින ලාංකික කාර් පාරිභෝගිකයාගේ ලොකුම මෝඩකම ඒකය. අනතුරුදායක තත්වයකදී තත්වයකදී වැඩිපුරම හානි විය හැක්කේ ළමයාටය. ආසන පටි පැලඳූ අම්මා අප්පච්චී ආරක්ෂා වෙද්දී ...
උබන්ටු වල ඇති අමුතු සිද්ධි මාධව's කථා....... මාධව මේ ටිකේම උබන්ටු පිස්සුවෙන් කටයුතු කරන්නේය.ඒ නිසාම මාධව අද ලියන්ට යන්නේ උබන්ටු වල ඇති අපූරු දේවල් ටිකක් ය. මේවා පිලිවෙලක් නැති පරිගණක දැනුම ඇබින්දක් ලබා දීමේ උත්සහයන් මිසක් වන කෙහෙම්මලක් නොවන්නේය. whatSie - වට්සි ?මේ අයිකනය ඔබට හුරු පුරුදුය. එහෙත් උබන්ටු වලදී මෙය හැඳින්වෙන්නේ WhatsApp ලෙස නොව whatSie ලෙසින්ය. මෙයට ඔබගේ වට්සැප් ගිණුම ලොග් වූ විට දුරකථනයෙන් පෙන්වන්නේ ...
කෘතිම බුද්ධිය සමඟ - Chat GPT from Open AI මාධව's කථා....... මයික්‍රොසොෆ්ට් සමාගම සහ Open AI ඒකාබද්ධව නිර්මාණය කෙරුණු Chat GPT කියන්නෙ වෙනම මානයක වැඩසටහනක් කිව්වට වැරදි නෑ නෙව. මාධව එහි ගිණුමක් හදාගෙන බැලුවම පුංචි පුංචි සතුටු කාරණා කිීපයක් තිබුනා. කෙසේ වෙතත් ඒ සමාගම් දෙක විසින් කරලා තියෙන්නෙ පොඩි සෙල්ලමක් නෙමෙයි.මේ අද කියන්න හදන්නෙ අපූරු කෘතීම බුද්ධිය පාදක උනු වෙබ් අඩවි යෙදුමක් ගැන. ඒ තමා Chat GPT!මේක මිනිහෙක් වගේ හිතන්න ...
Libre Office ගැන බිදක් මාධව's කථා....... මාධව මේ ටිකේම ලියන්නෙ තාක්ෂණික ලිපි නෙව. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒක පොඩි ඇම්මක් නිසා. මොකද උබන්ටු භාවිතා කිරීමේ ප්‍රීතිය ගෙදර උන්දැට කිව්වට තේරෙන්නෑ. යාලුවොන්ට කිව්වට උන් කියන්නෙ ගේම් ගහන්න බෑ කියලා. මක්ක කොරන්නෙ මිත්‍රවරුණි. ඉතින් එ නිසා මාධව බ්ලොගේ දානවා. ප්‍රීිතියෙන් යුතුව....අද කියන්ට යන්නෙ විවෘත කේත සහිත මෘදුකාංගයක් වන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන කාර්යාල කටයුතු පහසු කර ගන්න ...
හිච්චි උන්ට උවමනා දේවල් ටිකක් ( SE Students ) මාධව's කථා....... දැන් දැන් හුඟක් උන් මෘදුකාංග ලියන්නෝය. එයිනුත් බොහෝ උන් වෙබ් ඇප්ලිකේෂන් සහ මොබයිල් ඇප් නිර්මාණය කරන්නෝය. උන් එක්ක හැරෙන්ට මාධවට නං බැරිය. උන්ගේ පරම්පරාව යාවත්කාලීන වී දැන් ඇත්තේ මාධවලාට ගව් ගාණක් ඉදිරියෙන් ය. උන්ගේ වලිගයවක් පේන්ට නැත.මේ පරම්පරාවට මෙන් නොව මාධවලාට අන්තර්ජාලය ඒකාලයේ හරි මිලය. එසේම වේගයද ඉබි ගමනේ තිබූ ඒ කාලය සුව පහසු නැත. මාධවට ඇඟිලි තුඩු වලින් අන්තර්ජාලය ...