හොඳ hacking

 


Hacking කිව්වහම ලංකාවෙ මිනිස්සු හිතන්නෙ තොරතුරු සොරා ගැනීමේ කටයුතු විතරයි කියල නෙව. මාධව මේ කියන්නට යන්නෙ hacking වල හොඳ පැත්ත. එහෙමත් නැතිනම් Ethical Hacking ගැන. වඩාත් හොඳ රැකියා අවස්ථාවන් ඇති Ethical Hacking නැතිනම් white-hat hacking ගැන ලංකාවෙ අය දන්නා සහ නොදන්නා දේවල් අද කියලා දාන්න මාධව හිතුව.

what is ethical hacking?

හැක් කරනවා කියන්නෙ ඇත්තටම අනවසර පිවිසීමක් සිදු කිරීම නෙව. ඒ කියන්නෙ යම් කිසි තොරතරු අඩංගු පරිගණක පද්ධතියකට අනවසරයෙන් ප්‍රවේශ වීම (Unauthorized Access) කියන්නෙ නරක දෙයක්.

එතකොට මේ එතිකල් හැකිං කියන්නෙ ඒකෙ අනික් පැත්ත. ඒ කියන්නෙ මිත්‍රවරුණි, යම් කිසි තොරතුරු අඩංගු පරිගණක පද්ධතියකට, ජාලයකට ලබා දී ඇති ආරක්ෂණ උපක්‍රම වල තත්වයන් කෙසේද යන්න පරීක්ෂා කිරීම උදෙසා අවසරය ඇතුව පිවිසීම තමයි එතිකල් හැකිං කියන්නෙ...

සරලව කිව්වොත් හැකර් කෙනෙක් කරන විදියට අදාල තොරතුරු පද්ධතියට පිවිසිලා බලනවා හෝ පිවිසෙන්න උත්සහ කරනවා එම තොරතුරු අයිතිකාර පාර්ශවයේ අවසර ඇතිව.


Alternative Names?

එතිකල් හැකිං සඳහා විවිධ නම් තියනවා.. white hacking නොහොත් සුදු පිවිසුම, penetration testing හෙවත්පද්ධතියේ අභ්‍යන්තරයට කිමිදී බැලීම ආදී නම් මේකට කියනවා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා.


hacking and ethical hacking වෙනස?

හැකිං වලදි සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නෙ නීති විරෝධී ක්‍රියාවක්. දත්ත සොරකමක්. ඒක සිදු කරන ආකාරය සරලව ගත්තොත් හොරෙන් පෙන් එහෙකට කාර්යාලයේ දත්ත පද්ධතියක් කොපි කරලා අර ගැනීම ඉඳන් අන්තර්ජාලය හරහා විවිධ ක්‍රම මගින් බැංකුවක පරිගණක පද්ධතියට ප්‍රවේශ වෙලා පිස්සු කෙලීම තරම්ම පැතිරෙන ක්ෂේත්‍රයක්. හැකිං සම්පූර්ණයෙන්ම නීති විරෝධී දෙයක්....

එතකොට එතිකල් හැකිං නිත්‍යානුකූල වෙන්නෙ කොහොමද?

යම් කිසි පරිගණක පද්ධතියක ඇති තොරතුරු ආරක්ෂිතද කියලා බලන්න වෘත්තීය හැකර්ලා ඉන්නවා. එයාලා තමා එතිකල් හැකර්ස්ලා - සුදු තොප්පි කාරයෝ, රතු කණ්ඩායම ආදී නම් වලින් හැඳින්වෙන්නෙ. ආන්න එයාලට පුලුවන් අදාල තොරතුරු ආරක්ෂිතද කියලා බලන්න සහ අනාරක්ෂිත වෙන තැන් අදාල සමාගම් වලට පෙන්වා දෙන්න. එසේම හැකර්වරුන්ගෙන් මෙම තොරතුරු ආරක්ෂා කරන්න අවශ්‍ය මග පෙන්වීමත් මේ එතිකල් හැකර්වරුන්ගෙන් ලබා ගන්න පුලුවන්.


Benefits - වාසි 

ඇත්තටම එතිකල් හැකිං වල වාසි හුඟක් තියනවා. ලංකාවේ නං මේ ගැන තත්වය කොහොමද කියන්න මාධවට අදහසක් නැහැ. මේ ලඟදිත් අධ්‍යාපනයට අදාල ඉහලම ආයතනයක වෙබ් අඩවිට අනවසර ප්‍රවේශයක් සිදු වෙලා තිබුනා කියලා පුවත් වල සඳහන් උනේ මේ කාරණ ගැන සැලකිළිමත් නොවුන නිසා වෙන්නැති. එතිකල් හැකිං වල වාසි ගැන දැනං හිටියනම් මෙහෙම වෙනවාද කියල මාධවත් ඒ වෙලේ හිතුවා..

වාසි මෙහෙමයි...

  • පද්ධතියේ තොරතුරු ආරක්ෂාව වැඩි දියුණු වීම
  • සමාගම් වල මූල්‍ය තොරතරු ආරක්ෂා වීම
  • අන්තර්ජාතික වශයෙන් පැමිණිය හැකි තර්ජන වලින් තොරතුරු ආරක්ෂා වීම
  • සයිබර් අපරාධ අඩුවීම සහ වලක්වාගැනීමට හැකි වීම

මේ ආදී හුඟක් වාසි මේ එතිකල් හැකිං කියන සංකල්පය නිසා ඇතිවෙලා තියනවා...

එතිකල් හැකර්වරයෙක් සතු විය යුතු කුසලතා මොනවාද?

එකම දෙයයි. තොරතරු තාක්ෂණ දැනුම පරිපූර්ණ වෙන්න උවමනයි. ජාලකරණය, පරිගණක තොරතුරු ආරක්ෂාව, මෙහෙයුම් පද්ධති පිලිබඳ අසීමිත දැනුම ආදී කරුණු වල දැනුමින් පරිපූර්ණ විය යුතුයි. මොකද මෙතනදි හැකර් කෙනෙක් යම් කිසි පද්ධතියකට පිවිසෙන්න හිතන හැම විදියක්ම මෙම එතිකල් හැකර්වරයා විසින් සැලකිල්ලට ගත යුතුයි නෙව...

එතිකල් හැකිං වල මූලික සංකල්ප සහ ආචාරධර්ම 

මෙහෙම ඒවා ටිකක් තියනවා..ඒ කියන්නෙ එතිකල් හැකර් කෙනෙක් උනාම රහස්‍ය බව සුරැකීම, අදාල සමාගම් වල ඇති තොරතුරු පිලිබඳව සංවේදී වීම සහ ඒවා ආරක්ෂා කිරීමට වග බලා ගැනීම, තමන් යම් කිසි පද්ධතියකට පිවිසීමේදී ඒ සඳහා අරමුණක් තිබීම සහ අදාල සමාගම් වල අනුමැතියෙන් එසේ සිදු කිරීම, සියලූම කටයුතු නිත්‍යානුකූල ලෙස සිදු කිරීම ආදී කාරණා වලට මේ එතිකල් හැකර්වරු යටත් වෙනවා.

එතිකල් හැකිං ගැන ලියවුනු ලිපි කිහිපයක් අන්තර්ජාලයේදී පරිශීලනය කරපු නිසා මේ ලිපිය ලියන්න මාධව හිතුවෙ අවුරුදු මාසයේදී දැනුම බිඳක් බෙදා හදා ගන්න. එහෙමනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මාධවගේ කතා සහ Vidu Technology වෙතින් සුභ පැතුම් මේන්න මෙහෙම එක්කාසු කරනවා.


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form