සම්‍යා මාධව's කථා....... නුඹ දැකුමෙන්මගෙ හද ගැබඉපිලීලා ගැහෙනා හැටිනොදන්නීද සම්‍යා නුඹ..........ඉලිප්පිලාපුරුෂ නහරනුඹ වෙනුවෙන්බලං ඉඳීසම්යා නුඹඇවිදිල්ලාමං ලඟ බිමදණ ගහගෙනනෙතගින් උඹෙබලා මදෙසමායා රසඅවුලවපන්.......... හිරි වැටෙන්නදෙකකුල් මගෙරස කරපන්ජීවිතයමඑයම තමයිසම්යා උඹඅතැර දමානොයනා ලෙසමං උඹ වෙතබැඳෙන ලකුණ....... ...
පුංචි මල් කිනිත්තක් අගදී මාධව's කථා....... මල් වත්තේ ඒ මල වට නුඹ සරනවා පේනවාද බඹරෝ නුඹ දන්නවාද ඇය වෙත දෙබරෙක් එන බව මී මැසි පෙම යදින ඇයට බරපතලයි දෙබර පෙමක් එහෙව් කලෙක නුඹ මොකටද පෙම් කරන්නෙ ඇය වෙත දැන්? පෙමක් වුවුද මඳකුදු රළු නොවන විටදි වෙයි නීරස මීමැසි පෙම මෙන් සියුමැලි නොවන නමුත් මගෙ ප්‍රේමය දෙබර පෙමට වඩා ලපටි වෙයි බිඳුවක් සැනසෙන්නට ඒක නිසා මම ...
ජනාධිපති අරමුදල මාධව's කථා....... ජනාධිපති අරමුදල නම් දෙබර මුලකට පහර වැදුනේ ඉකුත් දා පාර්ලිමේන්තුවේදීය. දැන් එහි වසා රොන් උනා බිව් උන් තැන් තැන් වල පච වෙමින් එක එක විදියේ උත්තර බඳිමින් ඉන්නෝය. අවුල සල්ලි ගත්තාටත් වඩා සල්ලි ගත්තු ක්‍රමය බව මාධවගේ නං අදහස ය.රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබීම යනු හිතු හිතූ දේ කිරීමට ලයිසොමක් යැයි සිතූ කාලය අහවර විය යුතු යැයි එදා පටන්ම මාධව ...
කතානායක? මාධව's කථා....... හාල් පොල් පරදවා කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විවාදයක් හට ගෙන ඇත්තේය. මේ ඒ ගැන මාධවගේ අවංක සත දෙක ය.මේ වාරයේදී හෝ මහජනතාව මේ වෙනුවෙන් පෙනී සීටම ඉතා වැදගත්ය. ඒ සඳහා සජබ උන්ගේ කැපවීම අගේය. අනුරලාට සැබැවින්ම අභියෝගයක් ඇත්තේය. ඒ් කථානායක උන්නාන්සේට (ගෞරවයෙන්) කරනු ලබන චෝදනා විභාග කොට ඔහුව දොට්ට දැමීම හෝ වෙනයම් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන NPP කණ්ඩායම අනික් උන්ගෙන් ...
Gemini AI - ගූගල් කෘතිම බුද්ධි වැඩසටහන මාධව's කථා....... ජෙමිනි AI කියන්නෙ ගූගල් සමාගමේ කෘතීම බුද්ධි වැඩසටහන. වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සහ ඇන්ඩ්‍රොයිඩ් අඩංගු උපාංග බහුතරයක මෙම පහසුකම ලබා දීලා තියනවා. ඒ වගේම වර්තමානයේ සෙවුම් කීරීමේදී ගූගල් භාවිතයෙන් ඉස්සෙල්ලම ජෙමිනි AI ගෙ අදහසත් ලබා දෙනවා ඉහලින්ම. කොහොම හරි අනික් AI Chatbot වගේම මේකත් දැන් ජනප්‍රිය වීගෙන එනව. මේ රූපයේ තියෙන්නෙ Gemini AI LOGO එක.ඉතින් මේ කියන ජෙමිනි AI ...
හාල්, මෝල් සහ ජනපති මාධව's කථා....... සහල් ගැටළුව විසඳා අවසන් නැත. මේ ලියන මොහොතේදීත් විසඳීමට උත්සහ කරමින් ඇත. ප්රවෘත්ති නාලිකා වල දුටු ආකාරයට අරලිය, නිපුන ආදී හාල් මෝල් අයිතිකරුවන් ළග තබාගෙන අනුර සැරෙන් කතා කරපු බව පෙනී ගියේය. ඒ් ස්වරය ආවාට ගියාට ආව එකක් නොවන්නේය. මේ ඒ ගැනත්, හාල් ප්රශ්නය ගැනත් මාධවගේ අදහස ය. කෝම කවුරු මොනවා කීවත් මාධවගේ අදහස නම් වෙනදා වගේම මේ සැරෙත් ...
Untitled Post මාධව's කථා....... අපි ආදරයේ පුංචි අංකුර උදුරා දමමින් සිටින්නෙමු. එයද ආදරයේ කොටසකි...... සදාතනික ප්‍රේමයක පැටලෙන්න විදියක් නැතුව උනත් මම ඇය දිහා බලන් හිටියම මට දැනුනේ ඒක හරිම වේදනාවක්. ළගට ගිහිල්ලා ඉඳගෙන ඒ ඇස් දිහා බලාගෙන මම ඔයාට ආදරෙයි කියන්න බැරි නම්, අඩුම තරමේ ආදරය කියන දේ හිතේ ගුලි කරගෙන ඉන්නත් බැරිනම් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි දළු දාන ආදරයක ...
ෂොක්මන් මාධව's කථා....... ඒ් සීතල රාත්‍රියේ ඇහෙන සංගීත රාවයට ඇය නර්තනයේ යෙදුනා. තල එළලු ශරීරයේ නූල් පොටක් නැති යුවතිය සංගීත රටාවට පියවර තබමින් අපූරු ලාලිත්‍යයකට නර්තනයේ යෙදුනා. ජනේලයෙන් පෙරිලා ආව මඳ ආලෝකයෙන් ඇගේ පියවුරු නැහැවුනා... ෂොක්මන් හිටියෙ මට්ටක්කුලියේ ෆ්ලැට් වල. ටිකක් තලත්තෑනි මනුස්සයෙක්. ශොක්මන්ගෙ ඇහැක් පොට්ටයි. ඒක සිදු උනේ කොහොමද කියලා පස්සෙ කිව්ව හැකි. ශොක්මන් කියන්නෙ අමුතු මනෝ ව්‍යාධියෙක් කියලා කිව්ව හැකි ...
Computer Networking ගැන මාධව's කථා....... මාධවගේ විෂය ක්ෂේත්රය මේකය. මේ දක්වා මාධවගේ බ්ලොගයෙන් මේ ගැන කිසිත් කියා නැත්තේ කම්මැලි කම නිසාය. මාධව නෙට්වර්කින් ගැන සරල කාරණාවේ සිට සංකීර්ණ කාරණා ගැන විස්තර කරන්නට උත්සහයක් දැරීමට සිතුවේ අහේතුකවය. මේ ජාලකරණය පිලිබඳව පළමු පාඩමය. Computer Networking හෙවත් පරිගණක ජාලකරණය පරිගණක ජාලකරණය යනු සරලවම පරිගණක අතර අන්තර් සම්බන්ධතා ඇති කරමින් දත්ත හා තොරතුරු බෙදා හදා ගැනීමේ ක්‍රියාවලියයි. Why ...
Gnome ගැන මාධව's කථා....... විවෘත කේත සහිත විවෘත මෙහෙයුම් පද්ධති ගැන කතා කිරීමේදී මෙම Gnome ගැන මඟ හැරීමට නොහැකි ය. ඒ් වෙන කිසි හේතුවක් නිසා නොව විවෘත කේත (Open Source) පද්ධති වලදී ඔවුන්ගේ අතුරු මුහුණත (Interface) සඳහා දායකත්වය ලැබෙනුයේ මෙම Gnome වෙතින් නිසාමය. Gnome Desktop Environment යනු සියලූම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතින් සඳහා සහ UNIX කර්නලය පාදක වූ මෙහෙයුම් පද්ධතීන් සඳහා අතුරු මුහුනත ...
දැවැන්ත බලයක් අතැතිව මාධව's කථා....... වර්තමාන ආණ්ඩුව දැඩි බලයක් සහිතව දැන් බිහි වී ඇත. සැබැවින්ම සන්ධාන ගත නොවුනු තනි පක්ෂයකට අසීමත බලයක් ලැබී ඇත. එනයින් රට සුරපුරයක් කිරීමේ දැවැන්ත අභියෝගය මහජනතාව විසින් දෝතින්ම අනුරලාගේ හිස මත තබා ඇත. කෙසේ වෙතත් මේ අනුරලාට ලැබුනු පළමුවැනි සහ අවසාන අවස්ථාව වන්නේය. මොකද බොහෝ ජනතාව යලි අවස්ථාවක් මේ කිසිවෙකුට නොදෙනු ඇත. වසර ගණනාවක් මර්ධනයට යටත් කර තිබූ සංවිධානයක් ...
සිතුවිලි, චරිතය සහ රෝස මලක් මාධව's කථා....... මේ කතාවෙ පූරක විදියට මට රඟපාන්න තියෙන්නෙ බොහොම කෙටි උප ප්‍රධාන චරිතයක්. ඇත්තටම ප්‍රධාන චරිතය දැන් ඉන්නෙ වේදිකාවෙ. මම ඉන්නෙ ඒ වේදිකාව පහල. කාලයක් මමත් එයා එක්ක වේදිකාවේ නරඹන්නන්ව පිනෙව්වා. ඒත් දැන් මම නරඹන්නෙක් විතරයි.ඒත් "චරිතය" ගීත ගායනයකින් සභාව පිනවනවා හැකි සෑම විටකම.ඉතින් හැම සිදුවීමකටම බැඳුනු අතීත කතාවක් තියෙන්න පුලුවන් නෙව. මේ අතීත කතාව සිනමාවකවත්, වේදිකාවකවත් නෙමෙයි රඟ දැක්වුනේ. ...
.ගිනි හිවලාට විස්සයි මාධව's කථා....... ගිනි හිවලා හෙවත් Firefox වලට වසර විස්සකි. නිල වශයෙන් 2004 වසරේ නොවැම්බර් මාසයේ හා හා පුරා කියා පළමු සංස්කරණය නිකුත් කර ඇති මෙම වෙබ් බ්‍රවුසරය විවෘත කේත සහිත මෘදුකාංගයකි.වර්තමානයේ මෙම ලෝගෝවෙන් ඉදිරිපත් වල මෙම බවුසරය බොහෝ පහසුකම් රැසක් සහ පරිශීලකයාගේ දත්ත ආරක්ෂාව සහ පරිශීලනයේ පහසුව වෙනුවෙන්ම නිර්මාණය වූ යෙදුමකි. වින්ඩෝස්, උබන්ටු වැනි පරිගණක මෙහෙයුම් පද්ධති සමඟ සහ ඇන්ඩ්‍රොයිඩ් සහිත ...
වක ගැහුණු මිනිස්සු. මාධව's කථා....... විකලාංග සායනයේ සැරහුම් කාමරේ ලඟදි මට ඒ නාකි මනුස්සයව ඉස්සෙල්ලම හමු උනා. අංකෙ කීයද යන්නෙ මහත්තයෝ. ඒ මනුස්සයා ගැහෙන හඬින් අහපුවම මම කිව්ව අංකෙ 7 යන්නේ කියලා. මගේ අංකේ 35 එහෙම කියලා ඒ මනුස්සයා ලොඹුකට පෙන්නලා හිනා උනා. ගැහෙන වෙවුලන ස්වරයෙන් උනත්, චතුර විදියට කතා කරපු ඒ මනුස්සයගෙ ස්වරූපය දිහා බලන්න මට උනන්දුවක් දැනුනෙ ඒ වෙලාවෙ. දෙපයින් හිටගෙන හිටියට ඉස්සරහට ...
කොණ්ඩය මාධව's කථා....... ඉස්සෙල්ලම ආව පුංචි බුබුල කැක්කුම නැති සිනිදු බිබිල ටිකෙන් ටික කලු පාට වෙද්දි කරන්නට නැහැ දෙයක් ඉතුරුව කඳුලු පිසලා කිමෝ තෙරපියට සැරසිලා අපි කැපුවා කොණ්ඩය සුවඳ දෙන දිගු වරලස අවුරුදු සැණකෙලියේදී නුඹට දිනුම දුන්නු කේශ කල්‍යාණිය නාඩන්න සුදු මැණික කොණ්ඩය නැතත් තේරුම් ගන්න මට නුඹව අවැසි බව! ...
වෙළඳ දැන්වීම් සහ ඒකොලොස්වැනි ජනේලය සහ අනාගතය මාධව's කථා....... Windows 11 නව Update සමඟින් වෙළඳ දැන්වීම් ලැබීම පරිශීලකයාව මැඩවීමක් දක්වා ඉහල ගොස් ඇති බවට Microsoft හි පෝරමයන් පරීක්ෂාවේදී දැක ගත හැකිය. මේ ඒ් ගැන කෙටි කතාවක් සහ ඒ් වෙනුවෙන් කල යුතු දේ ය.Google ආයතනයේ බොහෝ පහසුකම් සමඟ දැන් Advertising දැකීමට පුලුවන් ය. උදාහරණ ලෙස Youtube හි දැන් මුදල් ගෙවූ විට Ads නොමැතිව වීඩියෝ බැලීමට හැකියාව ඇත. බොහෝ අයට ...
තිරයට රූපක මාධව's කථා....... මේ කියන්නට යන්නේ සරල කතාන්දරයකි. මාධව ද මෙය දැන ගත්තේ අහම්බෙන්ය. මේකෙන් කියන්නෙ දන්නවා කියලා හිතාන උන්නාට මාධවට තව දැනගත්ත දේවල් ඇති බවය.පරිගණකය් සඳහා තිර කීපයක් ඇති විට එක් එක් තිරය සඳහා පින්තූර (Wallpapers) යොදා ආකාර ගැන කතා කරන්නට මේ ලිපිය සරලව ලියවෙන්නේය.01 - මොනිටර කීපයක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?සත්‍ය වශයෙන් මොනිටර කීපයක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ කාරණා ...
Untitled Post මාධව's කථා....... සුදු හුණුවට ඇහැකිද?යට ගිය දවසඋඹේ සුව යහන උඩපෙරලිලා අපිදඟ කලාමතකද සුනිමාලිකාඑතකොට සිවු වසක්උඹ මා හාදකම! වෙසක් පුර පෝ දාහඳපානෙ මං ගෙනාකඩුපුල් මල්නුඹේ හිස දවටලාසුවඳ බැලුවා මං එදා මත් වුනාහොඳටෝමඋඹ ගාව කවුලුවෙන් ගලා ආසඳ කිරණපෙන්නුවා අපිට මඟසුර ලෝකයකදොරටු වෙත තැලී පොඩි වීපෙති ඉහිරුනුහැඟුම් නිවුනුකඩුපුල් පෙතිවිසිරිලා තිබුනායහන මත ඔබ මොබකටරොලු මලක්නෙලා අහවර උන විට කඩුපුල් රේණුතැවරිලා දාඩියටඅපේ ඇඟ හැමතැනමපොඩි උනාට කම් ...
සියාතුගේ මරණය මාධව's කථා....... සියාතු උන්නැහේ මැරිලා තිබුනෙ ඉස්පිරිතාලෙදි.අසනීප වෙලා එක්තැන් වෙලා විඳවලා නම් නෙමෙයි. හරිම සතුටින්. පණ ඩිංග අහසට හා වෙලා ගිහින් බිම වැටිල තිවුනු සියාතුගෙ මල මිනියෙ මුහුණෙ මනමාල හිනාවකුත් තිබ්බ කියලා හැමෝම කිව්ව.සියාතු සීයා වෙනදා වගේම පපුව කැක්කුම් පෙන්නන සායනයට ගියේ මහනුවර මහ රෝහලට. පපුව කැක්කුම් සායනයට ගිය සියාතු සීයා මැරිලා වැටිලා ඉඳලා හම්බුනේ මාතෘ වාට්ටුව පහු කරලා ටිකක් ඉස්සරහට ...
සජිත් සහ සන්නස්ගල මාධව's කථා....... 2024 - ඔක්තොම්බර් මාසයේ 25 වැනිදා සජිත් ප්‍රේමදාස සහ උපුල් ශාන්ත සන්නස්ගල අතර සංවාදය නැරඹූ මාධවගේ අදහස් මෙලෙස සඳහන් කල යුතු යැයි සිතේ. දෙවැනි මනාප ගැනීමෙන් පසුද පරාජිතයා වුනු සජිත් ප්‍රේමදාස ගැන පළමු පැහැදීම ඇති වූයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල පසුය. ඒ වෙන කිසිවක් නොව පරාජිත රනිල් වික්‍රමසිංහ හැමදාම මඟ හරිද්දී අනුර සමඟ විත් ජයග්රාහකයාට නිහතමානීව සුභ පතා යෑමෙන් ...