ස්ටාර් + අසම්මතය මේ දවස් වල සුපිරි තාරකා තෝරන එක එක තරග තියනවානේ වැහි වැහැලා. සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් වගේ ගායනයට වගේම නර්ථනයට දක්ෂ බාල. තරුණ, මහළු ඕනෑම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් තරග අතර තුර කොමඩි ස්ටාර්, සූප ස්ටාර් වගේ සැගවුන දක්ෂතා තියන අයටත් තමන්ගේ හැකියාවන් රටටම පෙන්වන්න තරග තියනවා. ඔය අතර තුර රටේ ජනප්‍රිය කියන අය සහභාගිවෙන සුපිරි ස්ටාර් තරගත් ...
මීමුරේ විනාශයි වගකිව යුත්තේ කවුද? අසම්මතය මීට දෙවසරකට පෙර මීමුරේ පිළිබඳ ලිපියක් ලියන්නට ගිය අපට දැනුණේ අසා තිබු පරිදි අමුතුම දෙයක් මීමුරේ දක්නට ඇත්දැයි යන සැකය පමණි. ගංගා, ඇළ දොළ, කඳු මිටියාවතින් ඔබ්බට නොගියාවූ ඒ ගම්මානයේ අපේ රටේ අහුමුලුවල ඇති දුෂ්කර ගම්මානවලට පමණක් සීමා වූ ඒ සුන්දරත්වය එ දවස ද රැඳී තිබුණේ අප සිත් සතුටු කරවමිනි. ගැමි සුන්දරත්වය මෙන්ම සරල සුන්දර ජීවමාන ගම්මානයක සුවඳ එදා ...
කොසොල් රජු දුටු සිහින වල අරුත් බුදුන් වහන්සේ විසින් පැහැදිලි කිරීම්, අද වන විට ඇත්ත වී තිබෙනවා නේද? අසම්මතය මේ සියලු චායාරූප උපුටා ගත්තේ සුමින්ද නවරත්න මහතාගේ ෆේස්බුකියේන්.. Click to view slideshow.
නාඩියා කොට කොල්ලෙකි…… අසම්මතය මීට අවුරුද 2කට විතර කලින් මම අන්තර්ජාලයේ සැරිසරත්දි තමයි සිංහල බ්ලොග්1 මුලින්ම මාට්ටු උනේ. ඒ මාරයා අයියාගේ බ්ලොග්1. ඒක මම හරි ආසාවෙන් කියව්වා, ඒ මාර්ගයෙන් තව බ්ලොග් කිහිපයක්ම කියවන්න පුරුදුවුනා. පස්සේ මමත් හිතුවා මමත් මොන අටමගලක් හරි ලියන්න ඕනි කියලා. අන්න එහෙම තමයි මම අසම්මතය ලියන්න සෙට්වුනේ. ඒ අටමගල ලියන්න පටන් අරගත්ත දවසේ ඉදලා තවත් බරගානක් බ්ලොග් කරුවෝ මට අන්තර්ජාලයෙන් ...
ජීවිතයත් ගහක කොළයක් වගේ…. අසම්මතය පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන ලෝකෙටම පේන්න ලොකුවෙනකොට කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන පටන් ගන්නකොට පාට ගහලා තිබුනාට ඒපාට තියෙන්නේ ටිකකාලයයි මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද? තරුණ විසය ඇගට ගහලා විසේකාර වෙන්න කලින් ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත් ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා.. තරුණ කාලය හැමදාටමයි කියලා හිතුවට ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න ...
ස්වභවික ලෝක උරුමයක් වන සි0හරාජයත් වනසන්නට හදන ආණ්ඩුවක් අපිට කුමටද? අසම්මතය ස්වභවික ලෝක උරුමයක් වන සි0හරාජයත් වනසන්නට ආණ්ඩුව ක්රියාකිරන ආකාරය ගැන අන්තර්ජාල පුවත් ආයතන මගින් අපට දැනගන්නට ලැබුනා. ස0වර්ධනයේ නාමයෙන් මෙවන් අකටයුතුකම් සිදුකර ලෝක උරුමයක් වන සි0හරාජය අපට, අපේරටට, අපේ අනාගතපරපුර පමනක් නොව මුළු ලොවටම අහිමි කිරීමට අපේ වර්ථමාන ආණ්ඩුව ක්‍රියා කිරීම අසම්මතය ලියන මම විතරක් නොවෙයි පරිසරයට, සි0හරාජයට ආදරය කරන කිසිවෙක් අනුමත කරන්නේ නැහැ. lankacnews [...]
රටක් හිනැස්සවූ සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා ඔබ එනතුරු බලා සිටියි. අසම්මතය රටක් හිනැස්සවූ සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි. බෙහෙවින්ම මතකය අඩු මට්ටමක සිටින සුනිල් හෙට්ටිආරච්චිට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක් නැත. ඒ පාකින්සන් රෝගයේ ස්වභාවයයි. සුනිල් කලකට ඉහතදී ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්ව “විනෝද සමය” ...
ලෝක තරුණ සමුලුව සහ ශ්‍රී ලංකා තරුණයා අසම්මතය ලෝක තරුණ සමුළුව පසුගියදා මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. රටවල් 190කට වැඩි ගණනකින් 1500ක් තරුණ නියෝජිතයින් පැමිණෙනවායි ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය පම්පෝරි ගසා ජනතාව රවටන්නට හැදුවද එතනට පැමිනි සියළු දෙනා දුටු සත්‍යය රටපුරා මෙන්ම ලොවපුරාද දැන් ප්රචලිතවී අවසානය. 1500ක් එනවායැයි කියු සමුළුවට ආවේ සැබෑවටම 375 යි, ඒත් රටවල් 78 කින් විතරයි. ලංකාවෙන් 100ක් එකතු වුනාම ඔක්කෝම 475යි. ඒ 475ට උදව් ...
ගරු ජනාධිපතිතුමාට නැණ නුවණ පහළවේවා ! අසම්මතය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ලියා දන්වන වග නම්… ගරු ජනාධිපතිතුමනි , පෙර රජ දවස සිට ශ්‍රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත පෝෂණය කිරීම රජයේ වගකීමක් වූ බවත් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද එම වගකීම නොපිරිහෙලා ඉටු කල යුතු නීතියක් බවත් ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු .එහෙත් පහුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ යම් යම් සිදුවීම් ...
අමෙරිකානූ ජාතික පුවත්පතක් ශ්‍රීල0කා ජාතික කොඩියට අපහාසාත්මක කාටූන් පලකරයි. අසම්මතය http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html?_r=1 මේවාට විරුද්ධව යමක් කරන්න, කියන්න ලොකුතැන්වල අය බයයි වගේ.
මෙන්න බලංගොඩ මානවයාගේ වැඩකිඩ…… අසම්මතය ඔයාලා දන්නවා ඇතිනේ ආසියාවේ තියන පුංචි දූපතක් උනාට ලංකාවට කොච්චර ප්‍රභල තැනක් ලෝකයෙන්ම හිමිවෙලා තියනවද කියලා, කොටින්ම කියුවොත් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂක මර්මස්ථානයක් විදිහටත්, ප්‍රධාන මුහුදු හා ගුවන් සැපයුම් මාර්ගයක එක් නවාතැන් පලක් විදිහටත්, ලොව වටිනාම ඛණිජ සම්පත් බහුල රටක් විතිහටත්, ථේරවාද බුදු දහමේ මූලස්ථානය විදිහටත්, ජේවවිවිධත්ව උණුසුම් කලාපයක් විදිහටත් විතරක් නෙවෙයි ලෝකෙම පැරණි මානව ජනාවාස පිහිටි බිමක් හැටියටත් අපේ රට ...