නාඩියා කොට කොල්ලෙකි……


මීට අවුරුද 2කට විතර කලින් මම අන්තර්ජාලයේ සැරිසරත්දි තමයි සිංහල බ්ලොග්1 මුලින්ම මාට්‍ටු උනේ. ඒ මාරයා අයියාගේ බ්ලොග්1. ඒක මම හරි ආසාවෙන් කියව්වා, ඒ මාර්ගයෙන් තව බ්ලොග් කිහිපයක්ම කියවන්න පුරුදුවුනා. පස්සේ මමත් හිතුවා මමත් මොන අටමගලක් හරි ලියන්න ඕනි කියලා. අන්න එහෙම තමයි මම අසම්මතය ලියන්න සෙට්වුනේ. ඒ අටමගල ලියන්න පටන් අරගත්ත දවසේ ඉදලා තවත් බරගානක් බ්ලොග් කරුවෝ මට අන්තර්ජාලයෙන් සෙට් උනා. මාතලන්, ඇල්කෙමියා මගේ ‍ෆිට් එක තමයි මේ කාලය පුරාවටම මාව දිරිමත් කලේ , මගේ වැරදි අඩුපාඩු හැදුවේ.

දැන් මාස කිහිපයක ඉදලා නාඩියා කියලා එකෙක් අලුත් බ්ලොගක් ලියනවා. ආය පට්ටම ආස හිතන විදිහට ලියනවා. පොරටෝක් , ලොකුටෝක් කෝටියයි, මම හිතුවේ ඩයල් එක ලොකු සද්දන්ත, මැර ඩයල් එකක් කියලා. ඒත් මෑන් මම හරියට අදුන ගත්තේ මේ ලගකදි Microsoft ආයතනයේ වැඩකට ගිය වෙලාවේදි. බලනකොට මම මාසගානක් දන්න, කතාකරන මගේ අතිජාත මිත්‍ර කොට ඩයල් එකක් තමයි මේ නාඩියා. මට පට්ට සතු‍ටුයි, ඇයි  යකෝ මෙච්චර කල් පොරටෝක් දීලා තියෙන්නේ මේ කොටානේ. මම විතරක් නෙවෙයි ඊයේ ගම්පහ බ්ලොග් ගෙට්‍ටුවට ආපු හැම බ්ලොගාම හිතලා තියෙන්නෙත් එහෙම තමයි. ඒත් සමහරුන්ට ශුවර් නෑ නාඩියා කියන්නේ මූ මද කියලා. අතපතගාලත් බලනවා මූ බොරුවක්ද කියන්නේ කියලා. සමහර බ්ලොග් කාරියෝ නාඩියව හුරතලේට ගෙදර එක්ක යන්නත් ලැහැස්තියි. ඒ අක්කලා නාඩියාව හුරතල් කරන විදිහ දැක්කාම මටත් හිතුනා අනේ මාත් කොට උනා නම් කියලා.

ඊයේ කොහොමහරි නාඩියා තමන්ගේ කොට වීමේ රහස හෙලිකරා. අපේ හුදි බ්ලොග් ජනයාගේ හිතසුව පිනිස ඒක කියන්න කියලා මට හිතුනා. නාඩියාගැන බ්ලොග්1 ලියනවට මට පොඩි ගානකුත් මෑන් මට ඊයෙම දුන්නා. තව කවුරුහරි ඉන්නවනම් කියන්න මම බ්ලොග්1 ප්‍රොමෝට් කරනගමන් නම කන්නම්, මටත් පොඩි සම්තිං1 දීපල්ලා වැඩේ කරනවට.

මේකයි සීන් එක, ඉස්සර පොඩිකාලේ (ඉස්සර කියන්නේ ගොඩාක් ඉස්සර, නාඩියා පොඩියට හිටියට දැන් බරගානක් වයස) නාඩියා උගෙ වයසේ කොල්ලො අතරේ උසම එකාලු,  අනික දැන් ඔය පොරටෝක් දෙනවා වගේම තමයිලු ඉස්සරත්. කොහොමහරි නාඩියයි උගේ යාලුවෝ සෙට්1යි දවසක් සිංහරාජේ ජන්න සෙට්වෙලා. මේ ඉස්සර කාලෙනේ, ඒනිසා මුන් සෙට්1ට කැමරාවක් හොයාගන්න ඔනිවෙලා පොටො කෑල්ලක් ගහගන්න සිංහරාජේ ගියා කියලා. කොහොමහරි කොල්ලෝටික හොයලා හොයලා හොයලා… අන්තිමට පරණ තඩි කැමරාවක් හොයාගෙන. (අර ස්‍ටුඩියෝවල අපි ඉස්සරහින් හිටවලා කැමරා මහත්තයා රෙද්ද අස්සට ඔලුව දාගෙන ලණුවක් අදින කොට පොටෝ එක වදින ජාතියේ එකක්) ඒක පට්ට බරයිනේ. ඉතින් කොල්ලෝටික ඒකත් වාහනේක පටවගෙන සිංහරජේ ගියාලු.

දැන් සිංහරජේට ආවට පස්සේ කට්ටියලාට හෙන අවුලලු, දැන් මේ තඩි කැමරාව කොහොමද අරන් යන්නේ කියලා. ඒ පාර එතන හිටපු කොට කොල්ලෙක් කිව්වාලු නාඩියාට “උබ හැමදාමත් පොරටෝක් දෙන එක විතරනේ කලේ පුලුවන්නම් මේ කැමරාව අරන් යමන්, එතකොට උබ ඇත්තටම පොරක් කියලා අපි පිළිගන්නවා” කියලා. නාඩියත් වැඩිය නෝන්ඩිවෙන්න කැමතිනැහැ ගත්තලු කැමරාව ඔලුවට, අනිත් එවුන්ට පේන්න අමාරුවෙන් කැමරාව ඔලුව උඩ තියාගෙන බොහොම අමාරුවෙන් ගමන යනවලු, අමාරු උනාට අනිත් උනට පේන්න තියන්නේ නැහැලු, මොකද පොර වෙන්නෙත් ඕනිනේ. කොහොමහටි සිංහරාජ ගමන ඉවර වෙත්දි නාඩියා දැන් ඉන්න ගානට කොටවෙලා. මොකද අර තඩි බරට නාඩියා චප්පවෙලා.

කොහොමහරි ඔය විස්තරේ ඊයේ තමයි නාඩියා අපිට කිව්වේ, ඒක අහපු බ්ලොග් අක්කි කෙනෙක් නාඩියා දිහා දුකෙන් බලලා හයියෙන් හො‍ටු හීරුවා. අපි හිතුවේ දුක වඩිකමට අඩලා වෙන්න ඇති කියලා, අනේ එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ,  එයාලා පීනසේ එක්ක හෙම්බිරිස්සාවලු.

8 thoughts on “නාඩියා කොට කොල්ලෙකි……

  1. මේ අයියා එතනින් නොනැවතී තමුන්ගේ මල්ලිලා පිරිසකට සලකන්න මොනාදෝ බඩුවගයක් ගෙනත් දෙනවා කියලා පොල්ලක් තිවුවා කියලත් ආරන්චියක් තියෙනවා.

  2. සැබෑ නම හෙළි කරන්න අවසර නැති නිසාම අපි එයාට නිලන්ත කියලා කියමු…… උසස් පෙළ කරන කාලෙ සිරාගෙ පන්තියෙ හිටපු සගයෙක් තමයි මේ නිලන්ත. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙදි වගේම ඉන් එපිට කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා සෑම අදියරකම මැදි දුර දිවීම තරග වලදි පාසලේ නම තියපු කෙනෙක් තමයි මිනිහා. කුඩා අවදියේදි වෙනත් පන්ති වල සිටීම හේතුවෙන් 12 වසරෙදි හදුනගෙන 13 වසරට එද්දි බොහොම ලොකු මිත්‍ර‍ත්වයක් අපි දෙදෙනා අතර ඇති වූ නිසාම නිලන්ත සිරාගෙ ළගම මිතුරෙක් බවට පත්වුනා කිව්වත් වරදක් නෑ…. උසස් පෙළ කරන අවදියේ සිරා සහභාගි වුනු අතිරේක පන්ති වලටම තමා නිලන්ත කොලුවත් ආවෙ ගියෙ… ඉතිං උසස් පෙළ පන්තියේ භාගයක් විතර ගෙවුනට පස්සෙ ඊට කලියෙන් සිරාටත් හැදිලා තිබ්බ කරුම ලෙඩේ අපේ අහිංසක නිලන්තයටත් හැදුනා… පුද්ගලික බෙහෙත් ශාලා වල බෙහෙත් නැති මහ අසික්කිත ලෙඩක් තමයි ඒක… බොලා දන්නවා නොවැ ඒකට කියන නම…. ලව් අමාරුව….හැදුනොත් විනාසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න