ස්ටාර් +


මේ දවස් වල සුපිරි තාරකා ‍තෝරන එක එක තරග තියනවානේ වැහි වැහැලා. සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් වගේ ගායනයට වගේම නර්ථනයට දක්ෂ බාල. තරුණ, මහළු ඕනෑම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් තරග අතර තුර කොමඩි ස්ටාර්, සූප ස්ටාර් වගේ සැගවුන දක්ෂතා තියන අයටත් තමන්ගේ  හැකියාවන් රටටම පෙන්වන්න තරග තියනවා. ඔය අතර තුර රටේ ජනප්‍රිය කියන අය සහභාගිවෙන සුපිරි ස්ටාර් තරගත් තියනවා. ඒ වගේම රණවිරු ස්ටාර්, සෝන් ස්ටාර් වගේ යම් නිෂ්චිත ‍රැකියාවක නිරත පිරිසට සහභාගිවෙන්න පුළුවන්  තරගත් තියන්වා.

ඔය සමහර තරගවලට සහභාගිවෙන නවකයෝ අනුන්ගේ සින්දු කියලා ඉක්මනට ජනප්‍රිය වෙනවා, ගොඩාක් අය ඒ ලැබුණු ජනප්‍රියතාවය රදවගන්න බැරුව පුස් වෙඩිල්ලක් වගේ පුපුරල නිවිලා යනවා. තවත් සමහර අය ඇත්තටම තමන්ගේ දක්ෂතාවය  තුලින් අලුත් නිර්මාණ කරලා ලැබුනු ජනප්‍රියත්වය තවත් ඉහල දාගන්නවා. තවත් සමහර සුපිරි තරු තරගවලට ඇවිත් බැරිදේවල්  කරන්න ගිහින් තිබ්බ ජනප්‍රියත්වයත් නැතිකරගෙන ජනතාවගේ අප්‍රසාදයටත් ලක්වෙනවා.ඔය ඔක්කොම අවසානයේ දිනන එකා මිල මුදල්, යාන වාහන හැම එකක් එක්කම ලස්සන කෙල්ලෙක් හරි සල්ලිකාර කොල්ලෙක් හරි ජිවන සහකරු, සහකාරිය හැටියට තොරගෙන ඉතිරි එවත් ගොඩයනවා. බලන් ඉන්න අපිට අතේ තියන සල්ලිත් වියදම් කරගෙන SMS ගහනවා. යහපත් වැඩකට වැයකරන්න තියන කාලයත් නහස්ති කරගන්නවා.

ඔය මොනා කරත් කමක් නෑ සැබෑ දක්ෂයාට තැන ලැබිලා , නරබන පිරිසටත් ජිවිතයට යමක් ගන්න ගමන් ඉහල රසවින්දනයක් ඔය කියන වැඩසටහන් වලින් ලැබෙනවානම්. එහෙම ඒවා දැන් තියෙන්නේ ඉතාම ස්වල්පයයිනේ. නැතුව හොද ගීත කාලා විනාශ කරනගමන් බාගෙට ඇදගත්තු හෙලුවැලි කෙල්ලො ටිකක් නටන , මෙලොරහක් නැති විහිලු කාරයෝ ටිකක් රටට හදලා කුණුහරුප කියවන්න, සංස්කෘතිය සදාචාරය තවත් වලපල්ලට යවන වැඩසටහන් පෙන්නලාවත් බලලා වත් වැඩක් නෑ.

2 thoughts on “ස්ටාර් +

ප්‍රතිචාරයක් ලබාදෙන්න