ජීවිතයත් ගහක කොළයක් වගේ….


life of leaf

පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන
ලෝකෙටම පේන්න  ලොකුවෙනකොට
කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන

පටන් ගන්නකොට පාට ගහලා තිබුනාට
ඒපාට තියෙන්නේ ටිකකාලයයි
මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද?

තරුණ විසය ඇගට ගහලා විසේකාර වෙන්න කලින්
ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත්
ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා..

තරුණ කාලය හැමදාටමයි කියලා හිතුවට
ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න බැරි වුනාට
ඒක ජීවිතයේ සුන්දරම කාලයක් හැමෝම ආස

ටිකෙන් ටික පරිණතවුනාම ටිකක් පැහෙන්න ගත්තාම
පාට වැහැරෙන්න පටන් ගත්තාම දුකයි තමයි බෝම
නමුත් වෙනවා යන්නට නතර නොවී දිගටම

වගකීම් බෝමයි වැඩ රාජකාරි  අපමනයි
ගහ දැන් ටිකක් පරණයි අලුත් අය ඉපිලෙයි
දැන් නම්  මහන්සියි යන්නට කාලයයි

මා මහළු වයසේ ඉන්නට බැරිය පෙරසේ
දුර්වලව ඉමි මෙසේ සිසිල් සුලගක් එන  ලෙසේ
හිත සදන් මෙසේ වැටෙන්නට රිසිසේ

වැ‍ටුනු විට පෙළෝතලයට මෙලෙසා
කල කීදෑ කියති සැමදෙනා අස්වසා
මගේ කාලය අහවරය මෙලෙසා

ඉගනුමට යමක් ඉතිරිකොට මෙසේ
යන්නට යමි මෙලෙස කොලයක් විලසේ
ජීවිතයත් ගහක කොළයක් වගේ….

1 thoughts on “ජීවිතයත් ගහක කොළයක් වගේ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න