රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා ඔබ එනතුරු බලා සිටියි.


රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක්‌ පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි.

Image00001
බෙහෙවින්ම මතකය අඩු මට්‌ටමක සිටින සුනිල් හෙට්ටිආරච්චිට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක්‌ නැත. ඒ පාකින්සන් රෝගයේ ස්‌වභාවයයි.
සුනිල් කලකට ඉහතදී ඇනස්‌ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්‌ව “විනෝද සමය” වැඩසටහනේ පවා ශිල්පියකු ලෙස කටයුතු කළේය. වර්තමානයේදීත් ඔහු කෙරේ එසේ භේදයකින් තොරව ප්‍රේක්‍ෂක රසික සමූහයක්‌ බැඳී සිටින්නේ ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව කෙරෙහි දැක්‌වූ ඇල්ම හේතුවෙනි.

Image00003

සති දෙකකට පමණ පෙර සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා යලිත් බලවත් ලෙස රෝගාතුර වී රෝහල්ගතකොට ඇත. මහ හඬින් රසබස් තෙපළු ගී ගැයූ ඔහු අද සෙමින් වචන ගලපයි. දැන් ඔහුට අවශ්‍යය වන්නේ පිරී ඉතිරී ගිය සෙනෙහසයි.එදා ඔහු වටා පිරි ඉතිරි සිටි කිසිවෙකු ඔහු ළඟ නැත. ඔහුට ආදරය කරන ඔබට ඔහු වෙනුවෙන් කළහැකි තවත් එක දෙයක් ඉතුරුව ඇත.

 

ඒ මුව පුරවාගත් සිනහවකින් යුතුව එක්වරක්වත් ඔහුව බලන්නට යාමයි. එය ඔහුට දිව ඔසුවක්ම වනු ඇත. එකම එක තත්පර පහකට  කොළඹ ජාතික රෝහලේ හැට හයවන වාට්ටුවට අඩියක් තබන්න. ඔහු ඔබ එනතුරු බලා සිටියි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න