ස්වභවික ලෝක උරුමයක් වන සි0හරාජයත් වනසන්නට හදන ආණ්ඩුවක් අපිට කුමටද?


ස්වභවික ලෝක උරුමයක් වන  සි0හරාජයත් වනසන්නට ආණ්ඩුව ක්‍රියාකිරන ආකාරය ගැන අන්තර්ජාල පුවත් ආයතන මගින් අපට දැනගන්නට ලැබුනා. ස0වර්ධනයේ නාමයෙන් මෙවන් අකටයුතුකම් සිදුකර ලෝක උරුමයක් වන සි0හරාජය අපට, අපේරටට, අපේ අනාගතපරපුර පමනක් නොව මුළු ලොවටම අහිමි කිරීමට අපේ වර්ථමාන ආණ්ඩුව ක්‍රියා කිරීම අසම්මතය ලියන මම විතරක් නොවෙයි පරිසරයට, සි0හරාජයට ආදරය කරන කිසිවෙක් අනුමත කරන්නේ නැහැ.
lankacnews 11/09/2011 දින පුවත

Gossip Lanka 11/09/2011 දින පුවත

අපි ජනමතයක් ගොඩනගන්න මෙය අවස්ථාවක් කරගනිමු අපේ උරුමයක් මෙන්ම, පරිසරයද ‍රැකගැනීමට ලා0කීය ජනයා තවමත් තම ජීවිත පරදුවට තබා කටයුතුකරණ වග.

පහත සබැදියන් මගින් ඔබටත්  මේ කටයුත්ත සදහා ඔබගේ මිතුරු මිතුරියන් එක් අරමුණක් කරා ගෙනයාමට සහය වෙන්නත් පුලුවන්. ල0කාවේ පරිසර හිතකාමී මිතුරු සමාජයක් වන Green Map Sri Lanka මගින් අපි යම් බලපෑමක් කරන්නට උත්සාහයක් දරමු, “අපේ අනාගත පරපුරට, රටට සහ ලොවට අහිමිවන සම්පතක් සුරකින්නට”.

Green Map Sri Lanka Facebook Group

Green Map Sri Lanka Facebook Page

ඔයාලා හිතන්න එපා මේ ලිපිය මම ආණ්ඩුවට පහර ගහන්න හදන ලිපියක් කියලා, රටක පවතින ඕනම ආණ්ඩුවක් හැම වෙලාවෙම නිවැරදි දේම කරන්නේ නැහැනේ, වැරද්දක් කරනවානම් ඒක පෙන්වලා දීලා හරිමග පෙන්වන එක පොදු ජනතාව හැටියට අපේ වගකීමක්. හැබැයි ඒ පොදුජන මතයට එරෙහිව වැඩකරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේත් ආණ්ඩුවම තමයි.මම කරේ වැ‍රැද්ද වෙන්නේ කොහොමද,කොතැනද කියලා පෙන්වලා දෙන එක විතරයි. ඒ පිළිබදව ජනමතයක් ගොඩනගන්න මහන්සි වෙන 1 විතරයි.මම පරිසරයට ආදරේනිසා මට මේ ගැන අමාරුවක් තියනවා, ඔබලාටත් ඒ අමාරුව අඩු වැඩි වශයෙන් තියෙන නිසා ඔබත් මේ පිළිබද යම්තාක් ස0වේදි කිරීම මගේ බලාපොරොත්තුව.

1 thoughts on “ස්වභවික ලෝක උරුමයක් වන සි0හරාජයත් වනසන්නට හදන ආණ්ඩුවක් අපිට කුමටද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න