ගරු ජනාධිපතිතුමාට නැණ නුවණ පහළවේවා !


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ලියා දන්වන වග නම්…


ගරු ජනාධිපතිතුමනි ,


පෙර රජ දවස සිට ශ්‍රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත පෝෂණය කිරීම රජයේ වගකීමක් වූ බවත් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද එම වගකීම නො
පිරිහෙලා ඉටු කල යුතු නීතියක් බවත් ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු .එහෙත් පහුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ යම් යම් සිදුවීම් අනුව එම කාර්යය ඉටු වුවාදැයි රටේ බහුතර පිරිස වන අපට ගැටළුවක් ඇත.ඒ අතරින් පහත කරුණු පිළිබද ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරවීමට කැමැත්තෙමු .


1.උතුරු නැගෙනහිර බොදු පුද බිම් අන්තවාදී ආක්‍රමණයට ලක්වීම සහ විනාශ වීම .
2.එකම රටේ විවිධ ජනවර්ගවලට වෙනම නීතීන් සම්මත කිරීම සැමට පොදු නීතියක් ක්‍රියාත්මක නොකිරීම .
3.මහනාහිමිවරුන් ඇතුළු රට ජාතිය ආගම රැකීමට පෙරට එන භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් පිළිනොපැදීම .
4.උසාවි නියෝග නොතකා වහාබ්වාදී තව්හිඩ් ජමාඩ් සංවිධානයේ ඉල්ලීම්වලට ඉඩ දී රැළියක් පැවැත්වීමට ඉඩ දීම බෞද්ධයන්ට එම අයිතිය අහිමි කිරීම.
5.රජරට ප්‍රදේශයේ ජනතාව නියගයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදිද්දී ඒ බව නොතකා පලස්තීනයේ අන්තවාදී හමාස් ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම .
6.රටත් රටේ ජනතාවත් රටේ අනාගතයත් අනතුරකට හෙලමින් රට ණය උගුලක සිර කිරීම .


ඉහත කාරණා ඇතුළු බෞද්ධයින් මුහුණ දෙන ගැටලුවලට ස්ථිරසාර විසදුම් ලබාදීමට ඉක්මනින් කටයුතු නොකලොත් බහුතර සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය ඔබතුමාට අහිමි වන බවත් එය ඉදිරි  පරාජයට ප්‍රබලව බලපෑ හැකි බවත් සඳහන් කරනු වටී .


බුදු සසුනත් මව්බිමත් රැකගැනීමට ඔබතුමාට නැණ නුවණ පහළවේවා !
රට සමෘද්ධිමත් වේවා !
තෙරුවන් සරණයි !


මීට කලකිරීමට පත් බොදු පුරවැසියෝ

උපුටාගැනීමකී

ප්‍රතිචාරයක් ලබාදෙන්න