මමත් ආසයි! Darshanaගේ සටහන මං ආසයි ලබන්න බොළද විදියට ආදරේ කරන බුද්ධිමත් කෙල්ලෙක්ව... හැබැයි මං එහෙම කෙනක් බලාපොරොත්තු වෙන්නෑ.මං ආසයි සල්ලි ගොඩාක් එකපාර නිකම්ම ලබන්න... නමුත් මං එහෙම බලාපොරොත්තුවෙන්නෑ.මං ආසයි ......මං ආස දේවල් නම් කොච්චර තියනවද. ඔබ ආස දේවල් නම් කොච්චර ඇද්ද. නමුත් ඔබටවත් මටවත් අපි ආසකරන හැම දේම ලබාගන්න බෑ.ඇයි අපි මේවට ආස කරන්නෙ. අපිට අවශ්‍ය නිසාද? නෑ... කිසිම අවශ්‍යතාවයක් ඇතුව නෙමේ. අවශ්‍යතාවයක් ...
හිඟන්නා Darshanaගේ සටහන ගිනියම් වෙච්ච මහපොළවමතමහ දවාලක කඩමාල්ලක දවටාගෙනමහපාරේ අව්වට පිච්චෙන්නේආසාවට නෙමෙයිගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයිදවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න... ...
මැණිකෙ Darshanaගේ සටහන මා හද බැදි නුඹෙ රුවඈත එපිටින් මතුව විටකීරි ගැහෙන මගේ සිතආදරෙයි කියයි මැණිකෙට මම....ඈත දීම සවන් වැකුනු නුඹෙ සුමිහිරි නදපසක් කරවයි මා නුඹ සමග බව....කඳුකරේ සිරියාවි නුඹවනගොමු මැදින් යන සඳපැද්දෙන ගැස්සෙන ඉඟ සුඟමිටින් ගත නොහේ මා හටපෙම් බදිමි මා නුඹට....උඩරට පොඩි ටිකිරි සේරමටකොලොම්පුරෙන් ආ නුඹබදුලු ගමනේ මගේ කුමරිය.... ...
විශ්වවිද්‍යාලයේ අන්තිම දවස Darshanaගේ සටහන ඉතින් විදුලකර මාතාවෙනි ඔබට ආයුබොවන්!!!මේ ලිපිය බොහෝම කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ අද මේක නොලිව්වොත් මගේ බ්ලොග් එකේ විශාල අඩුවක් වෙන නිසා... අද මම මේ ලිපිය ලිවිය යුතුමයි...ඔබට මතක ඇතුවාද දන්නෑ මම වසර තුනකට පමණ පෙර මේ බ්ලොග් එකේ පල කල ලිපියක්... අමතක නම් හෝ කියවා නැතිනම් මෙතනින් පිවිසෙන්න...මම අද (2013/02/16) ගැන කියන්නම්. අද මට මගේ ජීවිතේ වටිනා දවසක්. ඔව් ඇත්ත. ...
මගේ කෝච්චි කතාව මෙහෙමයි. Darshanaගේ සටහන අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙමං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ...
උබුන්ටු 12.4 මත සිංහල ස්ථාපනය (How to install sinhala on Ubuntu 12.4) Darshanaගේ සටහන කාලෙකට පස්සෙ ඔන්න තාක්ෂණික ලිපියක් සමග ආව.උබුන්ටු මත සිංහල ස්ථාපනය කර ගැනීම. මේක සමාන්‍ය කාරණයක්. උබුන්ටු භාවිතා කරන හුගක් අය මේ ගැන දන්නවා. හැම උබුන්ටු සංස්කරණයකදිම වගේ අලුත්ම උබුන්ටු සංස්කරණය වන උබුන්ටු 12.4 සංස්කරණයෙදීත් සිංහල යුනිකේත පද්ධතිය සමගම ලැබෙනව. නමුත් උබුන්ටු මතදි යුනිකේත භාවිතයෙන් යතුරුලියනය සදහ iBus configure කරගන්න ඕන. සාමාන්‍ය විදියට අලුතින් භාෂාවක් එකතු කරගන්න බැලුවොත් චීන භාෂාව විතරක් ...
සිතාගත නොහැකි ජීවිතය... Darshanaගේ සටහන ළඟ එන කුනාටුවක සේයාවක්දනැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්දසිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහුතනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටීඇත්තෙන්ම එය කෙලවර වේදජීවිතයත් ඒ වගේ...විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයිවිටෙක සුන්දර දසුන් මවයිඑහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ..... ...
ගණිතය විරහ වුන මම..... Darshanaගේ සටහන සංඛ්‍යාරේඛාවෙ සිටද්විමාන කාටිසියානු තලය හරහාත්රිමානය දක්වා පැමිණි නුඹෙත් මගේත් ආලයටනව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... අනන්තයේ අපිරිමිත රේඛා වල සිටවර්ථමානයේ සමුද්දේශය හරහාඅනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නටනොහැකි මන්දැයි ඇසු විටපිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බවපසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... ද්විමාන තලයේන් ත්‍රමාණතලයට වැටි ගණිතය විරහ වුන මම..... ...
කිතුල්ගලදි ඇඩ්වෙන්චර් අත්දැකීමක්........ Darshanaගේ සටහන දැන් නම් මගේ බ්ලොගයේ නම ශ්‍රී ලාංකාව වටා කියල වෙනස් කරන්න හිතෙනවා...ඇයි මේකෙ වැඩිපුරම දාලා තියෙන්නෙ මම ගියපු චාරිකා ගැන විස්තරනේ.. හා කමක් නෑ. මේ තවත් චාරිකාවක් ගැන ලියන්නයි හදන්නේ.අප්‍රේල් 28 වෙනිද පෝය දවසේ අපි ගියා කිතුල්ගල. ඒ ඇඩ්වෙන්චර් අත්දැකීමක් ලබන්න. කිතුල්ගල පිහිටීමත් ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟත් නිසා මේ ප්‍රදේශය ඇඩ්වෙන්චර් අත් දැකීමක් ලබන්න කියාපු ප්‍රදේශය. ඒ නිසාමද ...
බාගෙට පිරුන වතුර වීදුරුව Darshanaගේ සටහන බලන්න පින්තූරය දිහා...හොඳට බලන්න...මොනවද ඔබට පේන්නේ???වතුර වීදුරුවක්...නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???නෑ...එහෙනම්???බාගයක් පිරුන වතුර වීදුරුක්...ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???පේනව හැබැයි දකින්නේ නෑ...ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද... ...
සිතට දැනුන සිතුවිල්ලක් Darshanaගේ සටහන සෑහෙන කාලෙකට පස්සෙ... හරියට මේ මාසෙ පොස්ට් එක දාල යන්න ආවා.මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, ...
පහුගිය ටිකේ කාලය ගෙවුන හැටි. Darshanaගේ සටහන අහ්..ඕං මගේ කෘත්‍රීම ජීවිතේ ගැන කලිං පෝස්ට් එකෙන් කතා කලානෙ. දැං මේ පහුගිය දොහේ දි මං කොරපු කියපු දේවල් ටිකත් කැටි කොට දක්වන්නයි සූදානම.අපි පහුගිය වෙසක් පෝයට සංවිධානය කලා බෙලි මල් දන්සලක්. සංවිධායක වරුන් වුනේ තරංග අයියා ප්‍රමුක යූසර් මැක්සං ආයතනය. ඉතිං මාත් ගියා උදවුවට.. ගිය ඕං යාන්තම් හම්බුවෙලා තිබුන නිවාඩුවත් ඉවරයි. ගහ ගෙන වහ ගත්තු අපේ පෙරපාසලත් අයෙ පටන් ගත්තා නෙ ...
කෘතීම ජීවිතය Darshanaගේ සටහන සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. පිවිසුනෙමි වර්තමානයටවිවර කලෙමි වසාගෙන සිටි දෑස අවසන් කලෙමි දුටු සිහිනයපැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා ...
අපි ශ්‍රී පාදය වන්දනාවෙ ගිය ගමන... Darshanaගේ සටහන හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.අපි ...
අපූරු ලවු ලෙටර් එක :P Darshanaගේ සටහන කොහොමද කට්ටියගෙ සැප සනීප. මටත් ඉතිං කියන්න තරම් හොඳකුත් නෑ. ඔන්න අද කියන්න යන්නෙ මං මෙච්චර කල් කිවුවට වඩා ටිකක් වෙනස් කතාවක්. මෙච්චර කල් වැඩියෙන්ම ලියල තියෙන්නේ මං ගියපු සංචාරයන් ගැනනෙ. අහ්. මේත් එක්කම කියන්නම් කො. ළඟදිම පොලොන්නරුව පැත්තෙ ගිය කතාවකුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්. මට වෙලාව හම්බුනාම ලියල දාන්නම් කො. හරි.. බලමු මොකද්ද මේ කතාව කියල. ඉස්සෙල්ලම පහල තියෙන රූපෙ තෙරුම් ගන්න බලන්න.....--------------------------------------------------------------------------------------------------------#inclu
විශ්වවිද්‍යාලයේ පළවෙනි දවස... Darshanaගේ සටහන හැමෝටම අයුබෝවන් කිවුවා. කාලෙකට පස්සෙ තමයි අලුත් ලිපියක් පල කරන්නෙ. එ ඉතින් පහු ගිය කාලෙ වෙච්ච විශෙෂ දෙකුත් නොතිබ්බ නිසා ලියන්න දෙයක් කල්පනා උනෙත් නෑ. කොහොම හරි ඔන්න කාලෙකට පස්සෙ ලබපු මට නම් අලුත්ම අලුත් අත්දැකීමක් බ්ලොග් එකෙ ලියන්න හිතුවා.ඒ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළවෙනි දවස.මමත් ඉතින් අමාරුවෙන් බෝට්ටුවට ගොඩ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මේ පාර(2008/2009 අධ්‍යන වර්ශය) නවක සිසුවෙක් විදියට ...
මමත් බ්ලොගයට ඉමෝටික්ස් එකතුකරගත්තා.... Darshanaගේ සටහන අලුතෙන් බ්ලොගයට සිකයිප් ඉමෝටික්ස් (මූනු) එකතුකරගත්තා.මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticonsලිපියට මාව යොමු කලෙ..එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ ...
නව වසරට සුභ පැතුම්!! Darshanaගේ සටහන කලින් ලිපිය පලකරල වැඩිකාලයක් ගියෙත් නැතුව මේ ලිපිය පල කරන්න සදුවුනෙ අලුත් අවුරුද්දකුත් ආපු නිසා...2009 වසර මට වාසනාවන්ත උද්යෝගිමත් වසරක් විදියට අවසාන වෙලා නව 2010 වසරත් උදා වුනා. මම හිතනවා හැමෝටම 2009 මට වගේම හොඳ වෙන්න ඇති කියලා.එහෙම උනත් නැතත් අතීතයට එක්වුන වසර අවසන් නිසා, අලුතින් ඇරඹුනු2010 නව වසරපාඨක ඔබ සැමට,සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා!!ඉදිරි වසරේත් මට ශක්තියක් වමින් මගේ බ්ලොගය ...
අල පැදුර... Darshanaගේ සටහන හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, ...
තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් මීරිගමදී...... Darshanaගේ සටහන කට්ටියටම ආයුබෝවන් කවුවා එහනෙම්...අලුත් ආරන්චියක් අරගෙනයි මම අද ආවෙ. අලුත් කිවුවට අලුත්ම නෑ.....මීරිගම පුරවරයේදී පළමු වරට තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් නැරඹීමේ අවකාශය දැන් උදා වෙලා තියෙනවා. දෙසැම්බර් 4,5 දවස් දෙක තුල Usermax ආයතනයෙදී තමයි ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු යොදා ගෙන තියෙන්නෙ .එකෙදි දැක බලා ගන්න පුලුවන් මෙන්න මේවා.ඔබ නොදුටු පරිගණක මහෙයුම් පද්ධති.එක් පරිගණකයේ මහෙහෙයුම් පද්ධති කීපයක්.ඔබ නොදත් අන්තර්ජාල රහස්.පරිගණකයක් එකලස් කරන්නමෙහෙමයි.පරිගණකයේ කොටස් ...