Sunday, July 25, 2010
සිතට දැනුන සිතුවිල්ලක්
සෑහෙන කාලෙකට පස්සෙ... හරියට මේ මාසෙ පොස්ට් එක දාල යන්න ආවා.
මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.
ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.
ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, අම්ම දරුවන්ට දක්වන ආදරය, තාත්තගෙ ආදරය, කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන ආදරය.... ඔය යනාධි වශයෙන්.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.
ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.
කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.
දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.
තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.
ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.
එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර එ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......
අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔවු. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.
Labels:
~තනිකමට ආදරෙන්,
සිතුවිලි
13 comments:
ඔයා කියන ආදරය මම දකින්නෙ, මිනිසා තම වර්ගයා පවත්වාගෙන යාම සඳහා උපකාරකයක් ලෙස ලැබුණු දායාදයක් ලෙසයි. ඔයා කිව්ව වගේම ඒක යම් ශික්ෂණයකින් යුතුව කළ යුත්තක්. ඒත් හැබෑට අපේ දර්සනේට මොකද මේ එකපාරටම ..... :P
මිස්ටර් තර්ඩ් මෑන්ට කියන්ට, දර්සනේටත් ඔය එක එක හැඟීම් දැනෙනවානෙ හිටි ගමන්.... ඔුවා පාලනේ කොරගන්න සෑහෙන මහන්සි වෙන්න ඕනෙ සමහර වෙලාවට.... :)
Agreed..!!
PS:
දර්ශනයාටත් හරිගිහින් වගේ ආ...!!! ;)
මයියාත් ආදරය ගැන පොඩි පෝස්ට් එකක් ලියලා තියෙනවා..
http://maiyyagelokaya.blogspot.com/2010/06/blog-post_28.html
මිනිහෙක්ට හොද ආදරයක් හම්බ උනොත් සතුටින් ඉන්නවලු.. හැබැයි හරි ආදරය ඒ කියන්නේ හරි ගැණීයෙක්ව නොලැබුනිත් මිනිහා දාර්ශනිකයෙක් වෙනවලු.....
@ගයන්ත- හරි ගියේ නම් නෑ ඕං.... :P
@මයියා- ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා නෙ... හි හි
ප්‍රභාත් කියන්න හදන්නේ ආදරේ කරන්න එපා කියලද..? ආදරේ නොලැබුනාම දුක් වෙන්න එපා කියල්ද?
ආදරේ කියන හැගීම නෙවෙයි ආදරේ ප්‍රකාශ කරන එක පාලනය කරගන්න ඕන එහෙම නම්.කොහොම කිව්වත් බණ අහන තරම් බණ කියන තරම් බණ පිලිපදින එක අමාරුයි.අපි කරන්න එපා කියන්නෙත් ආදරේ.එහෙම කිය කියා අපි කරන්නෙත් ආදරේ,
පබලු අක්කේ-
මං කියන්නෑ ආදරේ කරන්න එපා කියල. නොලැබුන ආදරයට දුක් වෙන්න නම් අවශ්‍ය නෑ කියල මං හිතනවා.
ඔවු, බණ කතාවත් ඇත්ත, ඒත් අපිට කැමති කෙනාටම ආදරේ කරන් අපිට බෑනේ... සීමා මායිම් අනන්තයි අප්‍රමාණයි.
ඒ නිසා මං කිවුවේ හැඟීම් පාලණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ කියල....
පේමතෝ ජායතී සෝකෝ.......
පේමතෝ ජායතී භයං....
ප්‍රේමනං විප්පමුත්තන්ස...
නත්ථි ජාතෝ කුතෝ භයං......
මටනම් හිතෙන්නෙ ආදරය වගේම ඒ දුක් වීමත් අමුතුම හැඟීමක්.. නිකන් වෙන දේකට දුක් වෙනවා වගේ නෙවේ, අමුතුම රසයක් ඒකේ තියෙනවා. විශේෂයෙන් පස්සෙ දවසක මතක් කරනකොට, පපුව නිකන් ඇවිලෙනවා වගේ දැනෙනවා.
නමුත් ඉතින් ඒක පාර්ශ්වික ආදරයකින් එහාට ගිය අත්දැකීම් නැති මම මේ ගැන අදහසක් දෙන එක එක අර්ථ විරහිතයි..
අනිවාර්යෙන්ම සන්ජය අයියේ.
මමත් ඒකපාර්ශවීය ආදරයකින් එහාට යන්න බැරි උන කෙනෙක් නේ....
අඩෙ උබට මරුවට බන කිඋවහකි බන්...:D.
ෙමාකක් උනත් මටනම් හිෙතන්ෙන් ෙදන ෙද් කලා ෙවන ෙද් බලාෙගන හිටිෙයාත් ෙහාදයි කියලා
කෙනෙක් ඈතිවෙන්නත් නෑතිවෙන්නත් ආදරේ නිසා.ලෝකෙ තියන ප්‍රබලම ආයුධය.
Post a Comment
හිතෙන දේ කොටලා යන්න...