Saturday, October 24, 2009

විශ්වවිද්‍යාලයේ පළවෙනි දවස...

හැමෝටම අයුබෝවන් කිවුවා. කාලෙකට පස්සෙ තමයි අලුත් ලිපියක් පල කරන්නෙ. එ ඉතින් පහු ගිය කාලෙ වෙච්ච විශෙෂ දෙකුත් නොතිබ්බ නිසා ලියන්න දෙයක් කල්පනා උනෙත් නෑ. කොහොම හරි ඔන්න කාලෙකට පස්සෙ ලබපු මට නම් අලුත්ම අලුත් අත්දැකීමක් බ්ලොග් එකෙ ලියන්න හිතුවා.

ඒ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළවෙනි දවස.

මමත් ඉතින් අමාරුවෙන් බෝට්ටුවට ගොඩ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මේ පාර(2008/2009 අධ්‍යන වර්ශය) නවක සිසුවෙක් විදියට යන්න වරම් ලබාගත්තා.

ඉතින් අපිව පිළිගන්න ඒන්න කියල තිබුනෙ ගිය සඳුදා(19/10/2009). ඉතින් හා හා පුරා කියලා විශ්වවිද්‍යාලයට යන මට නම් පළවෙනි දවස ගැන කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ විතරක් නෙමේ අපි අහල තිබුන විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර වගේම නවක වදය වැනි මෙතෙක් අත්දැක නොතිබූ විවිධ අලුත් දේවල් නිසා පළවෙනි දවසෙ යන කොට හිත ඇතුලෙ තිබ්බ බයත් වැඩි උනා කිවුවොත් නිවැරදී.

අලුත් පරිසරයක අලුත් පිරිසක් එක්ක ගැටෙන්න වුනාම ඇතිවෙන චකිතයකින් යුතු හැඟීමකින් හිත කලබල වෙලා....

කැලණි විශ්වවිද්‍යාලයට ඇතුලුවන තැන කන්ද නගින්න පටන් ගත්තෙ මේවගේ දහසකුත් එකක් බලාපොරොත්තු, හැඟීම් වලින් යුතුවයි. පටන් ගන්න කොටම දෙපැත්තෙ තාප්ප සරසලා තියෙනවා දැක්කම අපිට හොඳ පිළිගැනීමක් තිබුන බව පසක් උනා..තාප්ප වල පින්තූරයක් දාන්න තිබ්බනම් පෙන්නන්න තිබුනා උද්ගෝෂන, ඉල්ලීම් කොච්චර තිබුනද කියලා.

එත් ඉතින් පාර දිගටම අයියලා අක්කලා ඉදගෙන අපි නොදන්න විශ්වවිද්‍යාල භූමියෙ යන්න ඕන තැන් පෙන්නන්න උනන්දු වුනා. මුලින්ම අපිව යොමු කලෙ ප්‍රධාන ආපන ශාලාවට. එකට යන්න අපිව යොමුකරලා පෝලිමට ප්‍රශ්න කරන්න ගත්තා. එකම ප්‍රශ්නය එක ලග ඉන්න හැමෝටම තිබුනා.
''මල්ලි කොහෙන්ද?''
''මොනාද කරන්නෙ?''
ඔය ප්‍රශ්නෙ අහන හැම කෙනෙකුටම උත්තර දෙන්න වග බලා ගත්තෙ ජේශ්ඨයින්ට තිබුන බය නිසා වෙන්න ඇති. නවකයින්ව පිළිගන්න ඔවුන් සැදී පැහැදී හිටියා. ෆයිල් කවරයකුත්, කිරිබත් කෑල්ලක සංග්‍රහයකුත් ඔවුන් අප වෙනුවෙන් සංවිධානය කරල තිබුනා. දෙමාපියන් සමග සිටි අපට එම කෙටි සංග්‍රහට අමතරව දෙශනයක් පැවැත්වීමටද ඔවුන් අමතක කලේ නෑ.

කෙසෙ වෙතත් විද්‍යාපීඨයේ ජේශ්ඨයින් පැවසූයේ, විද්‍යාපීඨය තුල රැග් කිරීමක් හෝ දේශපාලනයක් නොමැති බවයි.

උත්සව ශාලාවේ දී උපකුලපති තුමා ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්ය වරුන් විසින් අපව පිළිගත් අතර, ඔවුන් පැවසුවෙ රැග් කිරීම හා ශිෂ්‍යගැටුම් වැලැක් වීමට තමන්ට නොහැකි බවත් එ පිළිබද තමන් විසින් වග බලා ගත යුතු බවත්. අපට දුන් හීෂ්‍ය අත් පොතෙ තියෙන නවක වදය සම්බන්ද පනත කියවා එ අනුව කටයුතු කරන ලෙසත්.

ඉතින් මේ නුහුරු නුපුරුදු වටපිටාවට හුරු වන තුරු අපට මාසයක කාලයක් නිදයසෙ සිටින්නට ජේශ්ඨයින්ට නිවාඩු දී කටයුතු ආරම්බ කලා.

ඉතින් අපිට කරදරයක් නැතිව මාසයක් ඉන්න පුලුවන්. ඊට පස්සෙ දේවල් ගැන පසුව කතා කරමු.

සරසවිය

එදා ගුරුවරුන්
ටියුෂන් මාස්ටර්වරුන්
මැවු ලොව
සරසවිය ගැන

මෙදා
හරියට කෑමක් ද නෑ
නින්ද ද අහිමි ය
ජීවිතය විඳිනු වස්
සිව් වසරක්
ජීවිතය විඳවන අසපුවකි
සරසවිය
(මුදිත දසනායක, ඉන්ජිනේරු පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය)

මෙක විදුසර පුවත් පතෙ පලවී තිබුන කවියක්.
මහි ඇත්ත නැත්ත අපිටම ඉස්සරහට බලාගන්න පුලුවන්...

17 comments:

SIDATH said...

එළ මචන් !
මමත් ගිය සදුදා තමයි ආවේ. මම සයන්ස්. ඔබ ?
ඔන්න මම Google Talk invitation ekak එව්වා.

Indranama said...

"උපකුලපති තුමා ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්ය වරුන් විසින් අපව පිළිගත් අතර, ඔවුන් පැවසුවෙ රැග් කිරීම හා ශිෂ්‍යගැටුම් වැලැක් වීමට තමන්ට නොහැකි බවත්"

ඒක මාර කෙලියක්නේ ! උං නැතුව වෙන කවුද රැග් එක නවත්තන්නේ? අලුත් ලමයින්ට පුලුවන්ද ජ්‍යෙෂ්ඨ පාදඩයෝ එක්ක හැප්පෙන්න. මේක අර ජේ ආර් උතුමාණන්ගේ කතාව වගේ. ආචාර්යවරුන්ගේ කොන්ද පණ නැති ගතිය හොඳින් පේනවා මේ කතා වලින්.

කොහොම උනත් බය වෙන්න එපා. කැලනියේ සයන්ස් එකේ රැග් නෑ.

Prabhath said...

@ත'ර්ඩ් මෑන්
එළ එළ මචන්, අපි එකම බැච් එකේනෙ.....

@ඉන්දරේ
හම්, එකතමයි. අන්තිමට එකත් අපිටම බලගන්නයි උනෙ.
''අපට දුන් හීෂ්‍ය අත් පොතෙ තියෙන නවක වදය සම්බන්ද පනත කියවා එ අනුව කටයුතු කරන ලෙසත්.''

රැග් නැති වීමනම් සතුටට කරුනක්.

දෙන්නටම ස්තූතියි අදහස් දැක්වුවාට....

මිනූ said...

හරිම සතුටුයි......
මට අවස්ථාම ලැබිලත්......ගෙදරින් අවසර ලැබුනේ නෑ සරසවියට යන්න....
අවුරුදු ගානක අධ්‍යාපනය සරසවි වරමින් හමාර කරන එක කාගේත් බලාපොරොත්තුවක්නෙ...මටත් ඒක තිබ්බා....සරසවි වරම් ලබාගත්තත්...ඒක හීනයක් වෙලා ගියා...


හොදින් ඉගෙනීම් කටයුතු කරගෙන යන්න ....මගෙන් සුබ පැතුම්

ems said...

බය ෙවන්න ෙදයක් නෑ.කැළණිෙය් ජ.පුෙර්,රුහුෙණ් Science නම් රැග් එක නෑ.එ්වා නැති කරලා ෙගාඩක් කල්.

Prabhath said...

@ඩොලී
ඔහ්...ඒ ගැන මට කණගාටුයි.
ස්තූතියි අදහස් දැක්වූවට.

@ems
හම්...ඒහෙම තමයි මටත් දැනගන්න ලැබුනෙ නම්.
ස්තූතියි අදහස් දැක්වූවාට.

Anonymous said...

සුබ පැතුම් මල්ලි.....ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

දිගටම ලියන්න

Prabhath said...

@මධු-ස්තූතියි අක්කෙ..
අනිවාර්යෙන්ම ලියන්වා

C0dE | කෝඩ් said...

බලාගෙනයි ජේෂ්ඨ උත්තමයො ලගින් යන්නේ. කෝකටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන්න. එතකොට රැග් කරන්න එන්නේ නෑ. කොටින්ම කියනවනන් උනුත් පිටින් ආපු එවුන් බොරුවට චන්ඩි පාට් දැම්මට.

Prabhath said...

@කෝඩ්
ස්තූතියි උපදෙස් වලට. එකත් ඇත්ත, ජේෂ්ඨ කමට සමානාත්ම තාවක් නැනෙ. රැග් කරන්නෙ සමානාත්මතාව ඇතිකරන්නලු...

C0dE | කෝඩ් said...

ඔය ගොඩක් කේස් වලට සම්බන්ධ සෞන්දර්‍ය කට්ටිය. මෙලෝ වැඩක් නෑ උන්ට. ඒකයි එක එක වලි දාගෙන නටන්නේ.

මනුශාන් said...

එළ එළ මම දැන් දැක්කේ
සුබ පැතුම් අය්යේ :D
සුබ කැම්පස් දිවියක් වේවා :)

Isuru Wijesinghe said...

එල එල මචන්. හොඳට වැඩටික කරගෙන යන්න. අපේ කැම්පස් එකෙත් නවක වදය නෑ නොවැ

Anonymous said...

සුබ පැතුම් මලයා. දැන් ඉතින් හොඳට පැට්‍රල් ගහගෙන අවුරුදු හතරක් දුවන්න ලෑස්ති වෙන්න.

අපි නම් අත් විඳපු ආකාරයට නවක වදය කියන්නේ බොරු බිල්ලෙක්. ඇත්තටම බය වෙන්න ඕනෙ ඒකට නෙමෙයි. එක කුසේ උපන්න සහෝදරයො වගේ මුලදි ඉඳලා පස්සෙ ටිකෙන් ටික කනත් කාගෙන යන උන් ගැන. සරසවිය කියන්නේ අමුතු තැනක් නෙමෙයි. පිට සමාජෙ ඉන්න අයම තමයි එතනත් ඉන්නේ. මිනිස්සු අඳුන ගන්න එක ඔක්කොටම වැඩිය වැදගත්. අනිත් එක කාලයක් යද්දී ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ බාධක නැති වෙලා යනවා.

සරසවියේ ඉන්න කාලේ අතරතුරදි හැමදෙයක්ම එතනින් උගන්නයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. පුලුවන් තරම් තමන් තනියෙන් ඉගෙන ගන්න (ඒ කිව්වේ අනිත් අයට හොරෙන් නෙමෙයි :) උගන්වනකම් ඉන්න එපා) ටික කාලයක් යද්දී තේරෙයි අපිට වැඩිය ලෙක්චර්ස් නෑ නේ කියලා. ඒ වෙලාව දෙන්නේ ඉගෙන ගන්න. දැන් ඉගෙන ගන්නවා කියලා පුස්තකාලයටම දුවන්න එපා :D. පුලුවන් හැම තිස්සෙම කුප්පියක් දෙකක් දාන්න. අනුන්ට වගේම තමන්ටත් බොහෝම වටිනවා.

පුලුවන් හැම වැඩකටම සහභාගී වෙන්න. සංවිධාන කටයුතු ‍වලට etc. සරසවියෙන් එළියට යද්දී හුඟක් වෙලාවට වටිනා කියන දේවල් වලට තියෙන්නේ තමන් සමාජයීයව ඉගෙන ගත්‍ත දේවල්. GPA එකත් වටිනවා. ඒවා වර්ධනය කර ගන්න පුලුවන් වෙලාවක් තියෙන්නේ හුඟක් වෙලාවට පළමුවැනි සාමාසිකයෙම තමයි. දෙවෙනි වසරවලට එනකොට වැඩ ගොඩගැහෙනවා දන්නෙම නැතුව.

සතුටින් ජොලියෙන් පිරි සිව් වසරක්!!!

Prabhath said...

@මනුශාන්-ස්තූතියි මල්ලී.
@සුදු මහත්තයා-එකතමයි, නවකවදය නැති එකත් ලොකුදෙයක් නෙ.
@චමිල-ඔවු අයියෙ...දැනටම වැඩ පිට වැඩ.
බොහෝම සිතූතියි උපදෙස්වලට...

Sampath said...

අද තමයි මේක කියෙව්වෙ ... දැන් ඉතින් campus ඉවර වුනාට පස්සෙ තව ලිපියක් දාන්ඩ අදහසක් නැතිද???

Sampath said...

අද තමයි මේක කියෙව්වෙ ... දැන් ඉතින් campus ඉවර වුනාට පස්සෙ තව ලිපියක් දාන්ඩ අදහසක් නැතිද???

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...