Wednesday, December 30, 2009

අල පැදුර...

හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.
ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.
කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.

අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ, දෙවන වසර සහෝදරත්වය විසින් අපිට (පළමු වසර නවකයින්ට) දුන්න විනෝද ජනක අත්දැකීමක් තමයි අල පැදුර.
විශ්වවිද්‍යාල ජීවිතය රසවත් කරන්න මේවගේ අවස්ථා සංවිධානය කිරීම පිළිබදව අපි අපේ දෙවන වසර සහෝදරත්වයට හුගාක් ස්තූකිවන්ත වෙනවා. නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල පරිසරයක් උරුමකර දුන් අපේ ජේෂ්ඨයින් එතැනින් නොනැවති අපි වෙනුවෙන් මේ වගේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව නැවතත් ස්තූතිවන්ත වෙනවා....

අල පැදුර පැවැත්වුනේ පහුගිය 22වෙනෙදා.. ලිපිය සකස් කරන්නනම් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න.
මෙ තියෙන්නෙ අල පැදුරෙ රූපරාමු කීපයක්...





9 comments:

Kanishka said...

ආ... එලට තියෙන්න ඇති..
අර පොටෝ එකක කන්නාඩි දෙකක් දාන් ඉන්නෙ අපේ ඉස්කෝලෙ පසිඳුවද?

Prabhath said...

ඔව් ඔව්..වෙන කවුද ඉතින්. තව නිරෝද අයියා, රුවන් අයියා, චමල් අයියා...තව ඉන්නවා..

තර්ඩ් මෑන් said...

ඇති යන්තම් තමුන්නැහෙට බ්ලොග් එක මතක්වුනා.

Sanj said...

Ko ane weddi, bamuna ehema nene....
Ape pedura thibbe rene, megollange dawal wage....
natanne nedda kattiyama rag ekata wage wadi wela inne

Prabhath said...

:P ඔය පටන්ගැන්ම...දවල් නෙමෙයි. හවස 4ට පටන්ගත්තෙ. රැග් එකට වාඩිවෙලා නෙමෙ, වහිනකම් වාඩිවෙලාහිටියෙ. නටලා කෑගහල කරපු හොඳම හරියෙ පින්තූර පැහැදිලි මදි. එකයි දැමිමෙ නැත්තෙ.

බමුනා නෙමෙයි දැන් බාමා...
වැද්දිනම් ඔය කොහ හරි අස්සක ඇති...

:D

Sanj said...

Ela ela.....
BAMA..... Obama wagene. Initial ekak ehema nedda?

Weddige card eka mokadda danne....

Prabhath said...

මුල් අකුරු කොහෙද කාඩ් වලට? UCSC එකෙ එහෙමද? එයාගෙනම් දන්නෙ නෑ. මම අහලා කියන්නම්...

Unknown said...

Attatama ala paduredi api puduma sathutak labuwe.eeke lokuma hawulakarayo dewani wasara ayata himiwenna oone.eewenuwen mee satahana liyapu prabathtath palamu wasara api hamogema stutiya...

Prabhath said...

බොහෝම ස්තූතියි හන්සිකා...

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...