Monday, August 23, 2010

අපූරු ලවු ලෙටර් එක :P

කොහොමද කට්ටියගෙ සැප සනීප. මටත් ඉතිං කියන්න තරම් හොඳකුත් නෑ. 

ඔන්න අද කියන්න යන්නෙ මං මෙච්චර කල් කිවුවට වඩා ටිකක් වෙනස් කතාවක්. මෙච්චර කල් වැඩියෙන්ම ලියල තියෙන්නේ මං ගියපු සංචාරයන් ගැනනෙ. අහ්. මේත් එක්කම කියන්නම් කො. ළඟදිම පොලොන්නරුව පැත්තෙ ගිය කතාවකුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්. මට වෙලාව හම්බුනාම ලියල දාන්නම් කො. 

හරි.. බලමු මොකද්ද මේ කතාව කියල. ඉස්සෙල්ලම පහල තියෙන රූපෙ තෙරුම් ගන්න බලන්න.....
--------------------------------------------------------------------------------------------------------
#include
#define Negative “I do not”                        //recommended
#define Positive “I do”                                   //for advance use only
/*globel data declaration*/
int option;                                             /*option is an integer value for express your result, before take option                       
                                                            please execute program*/

void main(){
char input[10];
void switch1();

/*Main input*/
Input={I, ,L,o,v,e, ,Y,o,u,};     /*data input by me*/
/*processing*/
if (you_have != Boy_friend)
    scanef(“%d”, option);/*          
switch1();                                              /*calling main result function*/
}

void switch1(){
switch(option){
                case 1 : printf(“Negative-I don’t know you”);
                break;
    case 2 : printf(“Negative-in a relationship”);
    break;
                case 3 : printf(“Negative-I don’t like you”) ;
                break;  
    case 4 : printf(“Negative-You only a friend”);
                break;
                case 5 : printf(“Negative-You are abnormal :P”);
                break;
                case 6 : printf(“Positive-need a explain”);
                break;  
    case 7 : printf(“positive-I love you too);
    break;
}
}
------------------------------------------------------------------------------------------------------------
C ගැන දන්න කට්ටියටනම් පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි. අනිත් අයටත් කියවෙන්නෙ මොකද්ද කියල හරි තේරෙයි මං හිතන්නේ. 
ඔය අපේ පිස්සු බුවෙක් කෙල්ලෙකුට දුන්න එකක්. 
වැඩේ නම් කෙරුනෙ නෑ. අර අලුත් තාලෙකට ආදරේ කරන්න හිතුන හින්ද දෙන්නම දන්න වෙනත් භාෂාවකින් අහන්න ඕනයි කියල හිතල තමයි ඔය විදියට ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ. හැබැයි compile සහ runtime errors ගෝඩාක් තිබුනලු. කොම්පියුටර් වලට හැඟීම් නෑ නෙ. ඉතිං පරිගණක භාෂාවකින් කරන්න පුලුවන් වැඩක්යැ මේක.. හි හි....

ඔයාලත් කෙල්ලෙකුට ට්‍රයි කරනවනම්, ටිකක් වෙනස් විදියකට වැඩේට බැහැල බලන්න... මේකට හරි නොගියට සමහර විට අලුත් ක්‍රමයකින් වැඩේ ලස්සනට ගොඩයයි. ඔන්න මම අලුත් අදහසක් දුන්නා.. හිකිස්.. හැබැයි ගුටිකන්න වුනොත් හරි පිස්සෙක් කියල පිස්සං කොටුවෙන් ඇවිත් අරං ගියොත් හරි මට නම් වග කියන්න බෑ.... ;)

එහෙනම්, ලඟදිම පොලොන්නරු චාරිකාවත් එක්ක හම්බෙමු. 
මේ ගැන අදහස් දක්වල යන්න අමතක කරන්න එපා........

18 comments:

SIDATH said...

හිහ්.. හිහ්... අන්න පොරවල්. හොඳ ක්‍රියේටිව් වැඩක්. හැබෑට කවුද බුවා. අපි දන්න කියන කෙනෙක්ද ? නැත්නම් දර්ශනතුමාමද ? :P

Kanishka said...

වෙලාවට මගේ කෙල්ල C නොදන්න නිසා උඔලා වගේ එවුං ගෙං පරිස්සං කරගන්න පුලුවං :D

Unknown said...

compile කරන්නෙ නැතිව ගෑනු ළමයට කියපු දේ තේරුනානම් ඉතිං ගොඩ. හැබැයි option integer එක public කරන්නෙ නැතිව switch1 වලට parameter එකක් විදියට පාස් කරානම් වැඩේ efficient නේ ;)

Anonymous said...

අම්මා දැන්නේ වැඩේ තේරුනේ ....දෙන්නම් low-level assembly වලින්ම :D

Paraya said...

class love
{
public static void main(String[] love)
{
System.out.println("select suitable option");

switch (test)
{
case y:
System.out.println("i love you");
break;

case n:
System.out.println("sorry.i cant");
break;

default: System.out.println("try again");
}
}
}

Prabhath said...

@තර්ඩ් මෑන්- බුවා ගැනත් හරියටම කිවුවයි කියල හිතමුකො :P
@කණිෂ්ක අයියා- හි හි... කොල්ලො ඉන්න කෙල්ලන්ට සී නෙවෙයි, ජාවා, එසමබ්ලි, ‍තියා 101 බයිනරි කෝඩ් වත් ගහන්න යන්නේ නෑ...;)
@anthrax- හි හි... ඒකත් හිතුනා. සේෆ්ලි කරගන්න තිබුනා. පබ්ලික් කලේ option value එක රහසක් කරගන්න බැරි නිසා...
@ප්‍රෝග්‍රැමර්- හිකිස්... ඒකනෙ කියන්නේ. අපි දන්න භාෂාවක් එපා‍යැ අයියේ සරලව පාවිච්චි කරන්න නේද... :D
@පොජ්ජෙ-default ස්ටේට්මන්ට් එක කොච්චර loop කලත්
case n: වලින් එහාට නම් යන්නෙම නෑ....

෴ හසියා ෴ said...

පට්ටම පට්ට....මොනාවුනත් සිතුවිල්ල නම් පට්ට...ක්‍රියෙටිවිටි එහෙමත් නැත්නම් නිර්මාණශීලීත්වය‍‍‍‍ නැති හන්ද අද අපේ ර‍ට ගොඩක් පස්සට ගිහින්...
පාඩමත් සමගින් විනෝදය...ඕන් කෙනෙක්ට දැන් ස්විචස් පුළුහන් ඇති‍‍‍....

බිඟූ said...

IF (I love you)
you don't live me;
ELSE
you love me;

මේකයි බන් කෙල්ලගේ සූත්තරේ

Prabhath said...

@හසියා- හිකිස්... ඔවු අඩුගානේ එහෙම විනෝදයෙන් ඉගනගන්න පුලුවන්නේ... ස්තූතියි...

@බිඟුවා අයියා- ඒක ඇත්ත... හි හි

Dinuka.sdk said...

අනේ මන්ද!!!!!!!!!!!!

මට ලව් කරන්න තේරුනාට C තේරෙන්නෙ නෑනෙ

Prabhath said...

@දිනුක- උඹට C නොතේරුනාට මට ලව් කරන්න තේරෙන්නෙත් නෑනෙ බං... "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියලනෙ කියන්නේ. අනේ මංද...

Andarademala said...

පට්ට පට්ට..... හැබයි කෙල්ලොන්ගේ ලැන්වැජ් එක නම් සී, ජාවා නෙමෙයි ඇසෙම්බ්ලි කෝඩ් වලටත් වඩා සංකීරණයි. ඒක තේරුම් ගන්න පුලුවන් එකක් මේ ලෝකේ තාම නෑ.

Prabhath said...

අන්ඩරදෙමළ- ඒකනම් ඇත්ත... ඒකත් මාර අණ්ඩරදෙමළයක් තමයි....

Sanj said...

මේකට මොන වගේ රිප්ලයි එකක් දෙම්දෝ කියලා හිතුවෙ..
ඔය වැඩේ කරපු කොල්ලා කවුද දන්නේ නෑ නේද? :)
හැබැයි ඉතින් හැඟීම් තමන්ගෙ මවු බසින් හැර වෙනත් භාෂාවකින් වැදෙන්න කියන්න බැයිලුනෙ

Prabhath said...

ඒක නම් ඇත්ත.. වැඩේ තියෙන්නෙ, කෙල්ලෙක් දිහා බලාගෙන කතා කරන්න බැරි එකනේ... ලොල්

පබලු said...

මම නම් හුගාක් පරක්කු වෙලා මේ ලව් ලෙටර් එක දැක්කේ..කලින් දැක්ක නම් ප්‍රයෝජනයක් ගන්න තිබුනා..හික්zz
ලව් ලෙටර් නම් මෙන්න ලව් ලෙටර්..

Prabhath said...

හිකිස්... ස්තූතියි අක්කේ

චතුවා said...

මේ.. කාටවත් කියන්න එපා.. මමත් එකක් හැදුවා.. ඒක නම් පට්ට දිගයි.. ඒක කරගෙන ගිහිල්ලා කෙල්ලට අන්තිමට එපා වෙලාම කැමති වෙයි.. තාම කාටවත් දුන්නෙ තමා නැත්තේ.. :D

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...