Tuesday, November 6, 2012

හිඟන්නා




ගිනියම් වෙච්ච මහපොළවමත
මහ දවාලක කඩමාල්ලක දවටාගෙන
මහපාරේ අව්වට පිච්චෙන්නේ
ආසාවට නෙමෙයි
ගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයි
දවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්
බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා
-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න...

7 comments:

Anonymous said...

හිඟන්නා කියලා කියන්න හොද නෑ පොඩි අය්යා..

රතීගේ දිනපොත said...

මොනව වුනත් ලස්සන අදහස

Prabhath said...

ඇනෝනිමස්: :) හිඟන්නා යනු නාමාර්ථ හැඳීන්වීමේ පදයක් පමණයි කියල මම හිතුවෙ... ස්තූතියි.

රතී: ස්තූතියි යාලුවා.

චතුවා said...

දුප්පත්කමට කරන දෙයක් වුනත් මට නම් දැන් හිඟන්නෝ එපා වෙලා තියෙන්නේ දැකලාම. වයසක මනුස්සයෙක් වැඩක් පලක් කරගන්න බැරි අසරණ මිනිස්සුන්ට වඩා අතපය හතර හොදට තියෙන වැඩක් කරන්න කම්මැලි එවුන් තමා හිඟා කන්නේ දැන්. එවුන් හිඟා කාලා කරන්නෙත් නැති වෙන්න බීලා පාරක් අයිනේ වැටිලා ඉන්න එක..

Prabhath said...

ඒක ඇත්ත සහෝදරයා.... ඒ නිසාමයි මම උපකාර කිරිමේදි දෙවරක් සලකා බලන්නෙ....

nvscreations said...

සමහර හිගන්නන් ගේ දවසේ ආදායම රු 2000 පනිනව...
ඒක ත් පිනක් කියමු. ඒත් මේ අය ඒව ඉතුරු කරනව නම් ඇයි ඒ අය තව දුරටත් හිගා කන්නෙ.
සල්ලි හැමදාම නිකන් ලැබෙන කොට මුන් ඒව නාස්ති කරනව.
මොකද මහන්සියෙන් හම්බුකරන දෙයක වටිනකම ඒ අය නොදන්න නිසා...
මම කිව්වෙ සමහර අය ගැන විතර යි.
ඔබට ජය!!

Prabhath said...

ඇත්ත... දැන් දැන් හිඟා කෑමත් යස ව්‍යාපාරයක් වෙලා නොවැ... :) 

ස්තූතියි!

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...