Saturday, April 7, 2012

මගේ කෝච්චි කතාව මෙහෙමයි.


අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...
දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙ

මං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ගහන එක මගේ පුරුද්ද. පොඩි කාලේ ඉඳංම බස්වල යන්න දැඩි ලෙස අප්‍රිය කරපු මම කොච්චියට නිතැනින්ම ආදරේ කලා.
තනිමාර්ගයේ දුම්රිය ධාවනයේදි භාවිතාවන සඥ්ඥා කුලුණක් 

තාත්තා බොහො කාලයක් සේවය කලේ උඩරට. තලවකැලේ, රොසැල්ල, හැටන්.... ඒ නිසාම මගෙත් ජීවිතේ සුන්දරම ළමාකාලේ සුන්දරම අත්දැකීම් එකතු වුනේ කෝච්චිත් එක්ක.

ඒ දවස් වල තාත්තා වැඩකරන වෙලේට මම ස්ටේෂන් එකේ හිටියොත්, හවස බඩුකෝච්චිය බැරිවෙලාවත් ෂන්ටින් කලොත් මට ඕනැ ඒ එන්ජිමෙ රවුමක් යන්න. හහ් හා... ඉතිං M6, W1, එන්ජින් පොඩිකාලෙ හරි හරියට එලෝල තියේ මං..... :P ඇංජිමේ ඩැයිවර් අංකල මට දෙනවා එයාගේ සීට් එක. මං පොඩි එකානේ.... ඒ නිසා වෙන්ටැති. මට තියන්නෙ අංකල් කියපුවාම හෝන් එක ගහන්න.... හරිම ජොලිවැඩේ ඒක...

ඊ ලඟට කැබින් එක. ස්ටේෂන් එක අවට තියන දුම්රිය සඥ්ඥා පද්ධතිය හසුරවන්නෙ එතනින්. ඒකට නං නිතර දෙවේලෙ යනවා. ඒකෙ තියන ඒව ඒ අංකල් කෝම අදිනවද මංද.... මට නං ඇදගන්න බෑ හරි තදයිනේ.... :P පොඩි එකා සන්ධියේ අඟේම වීරිය දාල ඇද්දත් කවදාවත් අඟලක්වත් ඒව හොල්ලගන්න බැරි වුනා... :D

මේ තියන්නෙ ටැබ්ලට් මැෂිමක්.
මේ ඉන්නෙ අපේ තාත්තා නං නෙමෙයි,
තාත්ත එක්ක හැටන් වල වැඩකරපු මාම කෙනෙක්.
පින්තූරෙ ගත්තෙ YY එකෙ සෙට් එකත් එක්ක කඩුගන්නාවෙ රේල් හයික් ගිහින්....

තවත් ෂෝක්ම වැඩේ තමයි තාත්ත ටැබ්ලට් එක අරං ආපුවාම උඩින් ටැබ්ලට් පෙත්ත මැෂිමට දාන වැඩේ.
ටැබ්ලට් මැෂිමේ යට තියන ලොකු ප්ලේට් එක ලොකු අයට අදින්නලු.උඩ තියන පොඩි එක තියන්නෙ මං වගේ පොඩි අයට සෙල්ලං කරන්න :P  හැබැයි. ටැබ්ලට් එක අරං ආපු වෙලේට විතරයි ඕකට දාල ඇතුලට තල්ලු කරන්න හම්බුවෙන්නෙ.... ෂා... පිංකැටේකට කාසියක් දැම්මවගේ නැවුම් හඬක් නංවමින් ටැබ්ලට් පෙත්ත ඇතුලට වැටෙනවා.... ඒ රතුපාට ටැබ්ලට් මැෂින් පෙට්ටියට මං තාම ආදරෙයි.....
ඊ ලඟට ඒ මැෂිම ලඟ තියන ලොකු බෙල් එකයි පොඩි බෙල් එකයි. සද්ද දෙකක්. මට හරි ප්‍රශ්නයක් ඇයි මේ සද්ද දෙකක් එන්න බෙල් දෙකක් මෙතන.....
පස්සෙනෙ දන්නෙ එකක් එක මැෂිමකට අනික අනිත් එකට. වෙන වෙනම අඳුනගන්න තමයි ටැබ්ලට් මැෂින් දෙකේ බෙල් දෙක සද්ද දෙකකින් තියන්නෙ....
ආ අමතක වෙනව තව පොඩ්ඩෙන් එතන තියනව හරි අපූරු දුරකථනයක්. උස කනුවක ගහල තියන්නෙ. කනේ තියාගන්න කොටස අතට ගන්නෝන. හිහ්. අපේ තාත්ත ඕකෙන් කාටද කතා කොරනව හැම තිස්සෙම.... නිතරම අර බෙල් එකක් වැදුනම. හිහ් හිහ්....

මං දෙක වසරෙදි, අපේ ස්කොලෙ සෙට් එකත් එක්ක ගියා කොහොමද කොච්චි දුවන්නෙ කියල බලන්න. අනේ උං හුග දෙනෙක් අඩු ගානෙ කොච්චියක් දැකලවත් නැතිලු. හහ් මම තමයි පොර එතන. මං උපන්දා ඉදල කොච්චි වල නෙ. පංතියෙ හිටපු කොල්ලොන්ට අර මැෂිමෙ වැඩ කිඩ ටික කියල දුන්නෙ මං.... දෙක වසරට එද්දි මං ඒ මැෂිමෙං වෙන්නෙ මොකද්ද කියන එක ගැන සෑහෙන අවබෝධයක් ලබල තිබුනෙ.... :D
ඒ කොටගල ස්ටේෂන් එකේ. තාත්ත එතන නෙවෙයි වැඩ කලේ. හබැයි වැඩකරපු අය දන්නව මං ගැන හිහ්....

පස්සෙ කාලෙක තාත්තා පොල්ගහවෙල වැඩ කලා. එහෙන් මරු ගැජමැටික් ටිකක් හම්බුනා බලාගන්න. පරන මෝස්කොඩ් සිස්ටම් එකේ කැලි බෑලි වගයක්....
මරදානෙ RTO එකෙත් වැඩකලා. ඒකෙනං ඇති වැඩක් නැ කියලයි මට හිතුනෙ... කෝච්චි පේන්නෙත් නෑ ලොකු තාප්පයක් ගහල. අර ටැබ්ලට් මැෂිනුත් නෑ... :(
ටෙලිපෝන් ටිකක් විතරයි. තාත්තා වැඩකල තැන් වලිං මං අකමැතිම එතනට... :D (අනිත් හැමතැනක්ම ස්ටේෂන්)

M6 783 සිංහ කට ලඟ
කඩුගන්නාව-බලන අතර

දැනුත් මං කෝච්චියට කැමති වෙන කිසිම වාහනේකට වඩා....

19 comments:

GNS said...

"me ape SM Mallige putha neda.." -Hatton SM :D

Anonymous said...

ලීපිය පන්කාදු පහයි.

දොඩන් said...

he he එළ මචෝ....දර්ශනට නං පොඩි කාලෙ ඉඳංම ස්ටේසමේම ඉන්න වාසනාව ලැබිල තියෙනව නෙව....අපිට කොයින් එහෙම චාන්ස්.. :D
එළ ලිපිය මචෝ

Kanishka said...

ෂා.. මාත් ආසම කෝච්චි වලට තමා :)

හරී said...

"ෂන්ටින් කලොත් " තේරුනේ නෑ..

ටැබල්ට් කතාව දන්නෙත් නෑ..

ඒ ගැන ලිපියක් ලියන්න පුලුවන්ද?

Sampath said...

ඒකනේ අපි නොදන්න කෝච්චි ප්‍රශ්න අරන් දර්ශනයා ගාවටම යන්නේ... කොල්ල දක්සයා.

yasiru said...

great please come to our site

සුනෙත් said...

Pattai.....Mata irisiyay oya gena....

Anonymous said...

ලස්සනයි. සමහර වචන මටත් තේරුනේ නෑ.
මම පුංචි කාලේ අපේ තාත්තා වැඩට යන්නේ කෝච්චියේ (පැන්ෂන් යනකම්ම එහෙම තමයි). නිවාඩුවට මමත් තාත්තා එක්ක කොළඹ යනවා. මමත් ගොඩක් ආසා කරන දෙයක් තමයි කෝච්චි. දැන්නම් කෝච්චියෙ යන්නේ කළාතුරකින්.

Prabhath said...

@හරි - ෂන්ටිමක් කියන්නෙ, උඩහ පලාතෙ බොහෝවිට සිදුවන දෙයක්. ඒ කියන්නෙ දුම්රිය ස්ථානයේ අංගනයෙ තියන බඩු පෙට්ටි, (Cargo Vegon) දුම්රියට ඇඳාගැනීම, දුම්රියෙන් එම දුම්රිය ස්ථානය වෙත ගෙනා ඒවා එහි අංගනය වෙත ගෙන යාමත් ආදිය සිදු කිරීම. මේකට භාවිතා වෙන්නෙ හුගක් වෙලාවට හවස බඩුකෝච්චියේ එන්ජිම. ඒ දුම්රිය ස්ථානයේ යම් කිසි දුම්රිය මැදිරි සම්බන්ද වැඩක් තිබුනෙත් මේ එන්ජිමෙන් ඒ දේවල් සිදු කරගන්නවා.
ටැබ්ලට් එක කියන්නෙ, තනිමාර්ගයේ දුම්රිය ධාවනයේදි භාවිතා වන ආරක්ෂක උපක්‍රමය. මේකෙදි අර මං කිව්ව රතු පෙට්ටි හයි කරල තියනව හැම දුම්රිය ස්ථානයකම. දෙක බැගින්. ඒ දෙක ඒ දම්රිය ස්ථානය දෙපස දුම්රිය ස්ථාන දෙකේ එවැනිම යන්ත්‍ර දෙකක් හා ටෙලිපෝන් වයර් වලින් සම්බන්ධයි.
ඒකෙ ක්‍රියාකාරීත්වය ගැන මං වෙනමම ලියන්නම්.... දැකල ඇතිනෙ එහේ කෝච්චියෙන් ගියානම් කෝච්චියත් එක්ක හුවමාරුකරන වලල්ලක්. ආන්න ඒකෙ තමයි ටැබ්ලට් ඩිස්ක් එක රඳවල තියන්නේ. :)

Prabhath said...

හැමෝටම ස්තූතියි අදහස් දැක්වුවාට....

Prabhath said...

@Yasiru - What is ur site? Im surely visit....

Anonymous said...

නියම ලිපියක් මචෝ....
ජයවේවා! :)

සජීව ධනුද්ධර said...

//දැනුත් මං කෝච්චියට කැමති වෙන කිසිම වාහනේකට වඩා.... //
මමත් එහෙමයි බන්. ඒත් කරුමෙට අපේ ගෙදර යනවනම් කෝච්චියෙන් බැහැලා බස් තුනක විතර යන්න ඕනෑ. හැබැයි මම හැමදාම වැඩට යන්නෙ නම් කෝච්චයේමයි.

Lakshitha Perera said...

හොද අත් දැකීමක්....

~ChAnDiKa~ said...

අද තමා මලේ ලිපිය කියෙවුවේ!! නියමයි ආ.. :) ඒ අතින් මල්ලි හරි වාසනාවන්තයි.

Harsha said...

නියමෙට ගලපල තියනව මචං

gayathri said...

attatama harima lassanai ...math podi kale idanma kochchi wala giya kenek,6 wasare idala hama weekend 1kama kandy 2 mirigama,,, mirigama 2 kandy giya kenek mama,adatath asai bt ithn api tama lankawene kiyala hita hadagena bus 1 yanawa,,mokada ithn ape rate kochchiyak harima welawata enne koi taram kalathurakinda kiyala godak aya dannawa athinee....e unath math tamath asai kochchiyee yanna..

me blog 1 nam marama lassanaiii... :)
tawa tawath blog godakk liyanna me wagema..
suba pathum.....

Prabhath said...

@ගයත්‍රි: ස්තූතියි... :)

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...