228. කරූ ගැන මතක! THATTAYAGEKOLAMA මා ලඟින් ඇසුරු කරණ අසල් වැසියන් දෙදෙනෙකි.එක් අයෙක් කරූ වන අතර අනෙකා තිලක් අයියාය.තිලක් අයියා ගැන වෙනමම කථා කරණ්න ඕනෑ චරිතයකි. මා ලියා ඇති කෙටිකථා අටක් අතර; ඔහු හා ඔහුගේ ජීවිතයේ සිදුවූ සිදුවීමක් ගුරු කොට ගෙන වෙනමම අතින් ලියා ෆයිල් එකක් අස්සේ දමා ඇති කථාවක් ඇත! ඒක වෙනමම ලියා මෙතැනම දමන්නම්!මේ කරූ ගැන!කරූ යනු හිම ක්‍රීඩා සඳහාද ඩිප්ලෝමාවක් තියෙනා බුවෙකි. ...
231. හෙඩිං . . . ! THATTAYAGEKOLAMA පත්තර කලාවේ හෙඩිම යනු හෙඩ් ලයින් එක හෙවත් ප්‍රධාන මාතෘකාවට කියන නමකි. මේ පෝස්ටුව එවන් රසාලිප්ත මාතෘකා කිහිපයක් ගැනය. ඇත්තෙන්ම මේ ලියන්නේ හෙඩ් ලයින් ගැනම නොව පුවත් මාතෘකා ගැන කිව්වොත් නිවැරදිය. සිංහල පුවත් පත් කලාවේ පතාක යෝධයෙකු සේ අදද සැලකෙන බී. ඒ. සිරිවර්ධන සේවය කලේ "ඇත්ත" පුවත් පතේය. "ඇත්ත" යනු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත් පතයි. එය සෝවියට් දෙශයේ "ප්රව්දා" ...
234. කොන්ඩයා තට්ටයෙකු වූයේ කෙසේද? (ශනිදා දහයට ) THATTAYAGEKOLAMA "මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?" යන මැයෙන්; සෝවියට් පොතක් එකල පලවී තිබුනි. එහි සඳහන් වූයේ මිනිසාගේ පරිණාමය පිළිබඳ කථාන්දරය ය!නියැන්ඩර්තාල්, හෝමෝඉරෙක්ටස් සිට හෝමෝ සාපියන් දක්වා ගමන් ගත් අයුරු එහි දැක්වේ.මේ පෝස්ටුවෙන් කියැවෙන්නේ තරුණ අවධියේ කොණ්ඩයෙකුව සිටි අයෙකු; තට්ටයෙකු බවට පත්වීමේ ගමන් මග හා ඒ ආශ්රිත කයිවාරු කිහිපයකි.මීට වසර 10කට - 15කට පමණ පෙර මමද ඔබ වැනිම වූ කොන්ඩයෙකි. මාගේ සොහොයුරා විවාහවූ ...
168. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි 5 THATTAYAGEKOLAMA අළුත් අවුරුදු උදාව සිදුවන්නට තවත් ඇත්තේ කෙටි කාලයක්. සැමදාම වාගේ අදත් මෙසේ එළිදකින්නේ මා අන් බ්ලොග් පෝස්ටු යටින් ලියා තැබූ වැකි කිහිපයක්. කෙවිළිය බිත්තර දමන්නේ කපුටු කූඩුවේය. කොවුළ් දරුවන් ලොකු මහත් කරණ්නේ කපුටා හෝ කපුටිය විසිණි. එය එසේ නම් කොවුළ් නදට හෙවත් කූජණයට කපුටාටද පරවේණියෙන්ම අයිතිවාසිකමක් ඇත.එහෙත් අප කපුටාට දක්වන සැළකිල්ල!එසේම මාගේ බර අවි වන් කොමෙන්ටු බිහිවූයේ අන් කැදැල්ලක් තුලය. ...
218. ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව! THATTAYAGEKOLAMA මේ කථාව වෙද්දී අපේ තාත්තා හිටියේ මම අර කලින් 215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් පෝස්ට් එකේ කියපු හතරැස්කොටුවේමයි. හතරැස්කොටුව පිහිටා තිබුනේ හබරණ පහු කරලා මළේ පාරේ ඒ කියන්නේ ත්‍රීකුණමළේ පාරේ කිලෝමීටර 10ක 12ක දුරින්. මෙතනට හතරැස්කොටුව නම වැටිලා තිබුනේ එතන හංදියේම පාර අයිනේ තිබ්බ; කොළඹට, එක් පැත්තක කුරුණෑගලට, කොළඹට හා අනිත් පැත්තට ත්‍රිකුණමළයට, කන්තලේට තියෙන කිලෝමීටර ගනන් ලියලා ...
160. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving 2 THATTAYAGEKOLAMA ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් . . . !මීට පෙර ගඟක් දිගේ ලියන්නට පටන් ගැනීමේදී පැවසූ ලෙසින්ම කැළනි ගඟ මගේ ජලාශ්‍රිත ජීවිතයේ ආරම්භය සනිටුහන් කල බව නැවතත් මතක් කරමින්ම අද කථිකාව අරඹන්නම්.මම මේ කියනා අවධිය අගනුවර බොහෝ සෙයින් බෝතල් පත්තර කඩ තිබුණු කළු ජූලියට එහා කාලයයි.දිනක් එවන්වූ බෝතල් පත්තර කඩයක් අසලින් යන අවස්ථාවෙක එහි ඉදිරිපස එල්වා තිබුණු අපූරු උපාංගයක් මගේ ...
195. රස වෑහෙන පොලිස් කථා 2 THATTAYAGEKOLAMA "මටත් උනානේ මේ ළඟදි පට්ට සීන් එකක්. විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ!""කියහංකො! කියහංකො!!""මේ ළඟදි දවසක් මම මෙහෙන් යන්නම පරක්කුවෙලා යනවා ඇරසෝලෝ කියලා""ඉතිං!?""ඉතිං කඩවත පල්ලමේ වංගුවේ තනි ඉර කපලා ගත්තා විතරයි කීං ගාගෙන විසිල් එකත් ගහගෙන පාරට පැන්නා පොලීසියෙං. මට ආයෙ කියන්න දෙයක් නෑ මම එකසිය ගානටම වැරදියි. මම ඉතින් බැස්ස ගමන් අපේ සාම්ප්‍රදායික බොරුව කියන්න පටං ගත්තා.මම ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙ යන ගමන්. ...
225. ජීප්පුවක් සොයා යෑම . . . . ! (ශනිදා දහයට VIII) THATTAYAGEKOLAMA ඊයේ රෑ; සිරිල් හෙවත් විජිත ටිපියට පැමිණෙන විට බුශ්මන් ධම්මිකද පැමිණ සිටියේය.එදින දහවල පොඩිත්තක් නිදාගත්තේ හිසේ ඇම්ම නිසාය. දහවල නින්ද කැඩුනේ පාරේ ගමන් ගත් ප්රාචාරක රථයක කර්ණ රසායන හඬිනි."රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . . අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . ""අම්මට සිරි කොත්තුවක් කාපු කාලයක් මතක නෑ! කමුත?" මම මගෙන්ම ...
255. අරළු බුළු නෙල්ලි THATTAYAGEKOLAMA එවකට මාගේ පියා සේවය කලේ හතරැස් කොටුවේය. හතරැස් කොටුව යනු හබරණ පසු කොට ත්රිකුණාමළය මාරගයේ ගිය විට හමුවන කුඩා මංසංධියකි. මෙම ස්ථානයෙන් මින්නේරිය දෙසට කුඩා මාර්ගයක් ඇරඹෙන අතර එම මාර්ගයේ මද දුරක් ගිය විට පරසිදු ගල් ඔය දුම්රිය මංසංධිය හමුවේ.පියාගේ නිල නිවස පිහිටා තිබුනේ මහා මාර්ගයට තරමක දුරිනි. එම ස්ථානයේ තවත් නිල නිවාසයක්, වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් කුඩා කාර්යාලයක්, එම ...
230. නැකත THATTAYAGEKOLAMA 1985 - ජුනි "කල්පනා" සඟරාවේ කවරයේ කථාව වූයේ "ජාතිය තුනට බෙදූ ප්‍රශ්නයක් ගැන සංවාදයක්" යන්නයි. එහි නිදාන කථාව වූයේ එම වසරේ "සිංහල අළුත් අවුරුද්ද" වෙනුවෙන් වැඩ ඇල්ලීමට නියමිත නැකත රාහුකාලයට අසුවීමය!මේ පිළිබඳව විවිධ මත පලකල නැකැත් කරුවන් කණ්ඩායම් තුනකට බෙදී විවිධ මතයන් පල කිරීමෙන් පසුව සිංහල බෞද්ධයෝ කොටස් තුනකට බෙදී එම වසරේ නැකත් තුනකට එනම් වෙලාවන් තුනකට ආහාර අනුභව කිරීමය!ඒ ...
170. තාත්තා නොම්ම්ර ….1 (iv) THATTAYAGEKOLAMA (බොහෝ විට මේ අවසාන කොටස!)ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.මම "තාත්තා නොම්මර ...
212. පැනි බේරෙණ කොම්පැනි කථා 5 THATTAYAGEKOLAMA යුනයිටඩ් මෝටර්ස් ආයතනය විශ්‍රාමික හමුදා නිළධරීන් ගැන දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?එහෙත් අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී ...
246. පද්මන් වන්නිආරච්චි THATTAYAGEKOLAMA මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවයට ගියේ අදින් වසර 13 කට පමණ පෙර යැයි මාහට සිතේ . ඊට වැඩි මිසක් අඩුවක් නම් වන්නට ඉඩක් නැත. පලමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කුමාර් එදිරිසිංහ මහත්තයයි චන්දිම කුරුප්පු හෙවත් චන්දිම අයියයි ඉදිරියේ. ඥානරත්න මහත්තයත් හිටියාද මංදා! ඒ කාලේ කුමාර් එදිරිසිංහ මහත්තයයි ඥාන රත්න මහත්තයයි දෙන්නා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වරුන් හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් AGM ...
216. සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසුවේ . . ! THATTAYAGEKOLAMA ටීටර්,නෘත්‍ය, නාට්‍යය, නාඩගම් ආදී සම්ප්‍රදායන් හරහා ගෙවී ආ අපගේ සංගීතයේ ගමන් මග වෙනස් කල නම් කිහිපයක් අපේ හිත්වල ලැගුම් ගෙන ඇත.එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් (සිරි බුද්ද ගයා විහාරේ / මව් පිය ආදී සොඳුරු තමාගේ / ශ්‍රී රාහුල හිමිගේ නාමේ), අහමඩ් මොහිදීන් (සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා බවනේ / තිලොනා සෑසිමුණි ගෞතම ස්වාමී / ලෝනා සිරි ධර්ම රාජා - ශාන්තිවාදී තාපස ...
237. ඔව්! හොඳ මිනිසුන්ද සිටිති! THATTAYAGEKOLAMA මේක මේ පුංචිම පුංචි කථාවක් . . . . !(දැන් වේලාව සෙනසුරාදා රාත්‍රී 9.12 යි!) බලමු "ශනිදා දහයට" මේක ලියලා ඉවර කර ගන්න පුළුවන් වෙයිද කියලා . . . !?)මේ කථාවට සම්බන්ධ එක් චරිතයක් වන්නේ; මීට කලකට පෙර ලංකාවේ අංක එකේ ධනවතා. කථාව මට ලියන්නයි කියවන නෝනාවරු මහත්වරුන්ගේ පහසුවටයි මම් වැඩිය දිග නැති නමක් දාන්නම්. මොකකද හොඳ . . ...
217. තට්ටයාගේ දිනපොත . . 1 ( ශනිදා දහයට!) THATTAYAGEKOLAMA මගේ නමින්ම දින පොතක් ලියැවුනේ ලක්බිම පත්තරේ රිද්ම සප්ලිමන්ට් එකට.ඒක යම් ආකාරයක තීරු ලිපියක් වගේ එකක්. අනේ කියන්න සංතෝසයි පිංවතුනි අද වෙන කොට එක පත්තර තීරුවක් වත් නැහැ. පසු ගිය මගේ වික්ටර් රත්නායක පිළිබඳ ලිපිය පල වීමත් සමග මේ දින පොත මතක් කරලා තිබුනා. බලමු ලියන්න. ඒකාලේ තිබුනු රිද්මය නැති නිසා වැඩේට පොඩි අලුත් මුහුණු වරක් දෙන්නම්!1. අද දවසත් නොම්මර ...
203. නොරත රථ . . . . ! (11) THATTAYAGEKOLAMA වසික - පොඩි බාස්!!පසු ගිය සතියක පමණ කාලයක් ගතකලේ ඩේටා, සිග්නල් නොව හරිතකී, සුදන්තවත් නොමැති පිටිසර පරිසර පද්ධතියකවූ බැවින් ඔබගේ ආදරණීය කොමෙන්ටු වලට පිළිතුරු සැපයීමටත් අළුතින් පෝස්ටුවක් ලිවීමටත් කාලය ගත වූවා. මේ දිනවල දිගින් දිගට ලියන "නොරත රථ" ලිපි මාලාව තවත් දිගට ලියන්නට සිත් වූයේ එම පුවත් සමග පැටලී එන තවත් පොටවල් මගින් ජීවිතේ තව තවත් ඇතුලට ගමන් කරණ්නට පුළුවන් ...
202. නොරත රථ . . . . ! (10) THATTAYAGEKOLAMA ලෑන්ඩ්කෲසරයේ නික්ම යෑම!201 වනි කථාංගය නිමා වූයේ දෙනෝ දාහක් මැද්දේ අප කිහිප දෙනක් "රා ගුඩ්ඩන්" වීමෙන් අනතුරුවය!~ සමහරු දෝෂාරෝපණය දැම්මේ එහි වාහන ගැන කිසිදු වචනයක් ලියවී නොතිබූ බව පවසමින්ය. කථාව තුල මම බොහෝ වාර ගනනක් "වාහනය නැවැත්වූයෙමි!" "පිටත් උනෙමි!" "ගියර් මාරු කලෙමි!" යනාදී වශයෙන් ලියා තිබුනේ ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැනමය.එසේනම් කථාවට බහිමු. අති බිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක ...
224. තිස් වසරක රථ මතක (17) THATTAYAGEKOLAMA සතොසෙන් (සතොස මෝටර්ස් වෙතින්) ලක්ෂ දාසය හමාරකට ලැබුනු වන්ඩිය මගේ අතට ආවේ ලක්ෂ 18ක් ගෙවාය! ඒ මාගේ මාමණ්ඩියගේ වීරක්‍රියා හේතු කොටගෙන ලැබුනු ලාභයකි! කෙසේ හෝ වේවා එයින් ගිය යාපනය ගමන ඉතා සුන්දර එකක් විය. පැන්තරය බොහෝ සෙයින් සැප පහසු වාහනයකි. ප්‍රසිද්ධ ගායක සුනිල් එදිරිසිංහද පැන්තර ලෝලියෙකි. ඔහු ලඟ බොහෝ කලක් පැන්තරයෙක් රජකල බවක් මා අසා ඇත. එහෙත් එය මිළදී ගත් ...
119. මතකය . . ! THATTAYAGEKOLAMA ජීවිතය මොනතරම් සුන්දරැයි නොසිතුවෙමි ඔබ දකින තුරා ආදරය මෙතරම් සුන්දරැයි නොදන්නෙමි ඔබ දකින තුරා තෙමුණු තණ පියලි මත ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා ඒවා එතරම් සුමුදු යැයි නොදැනුනි ඔබ දකින තුරා මල් ගැවසි වන පෙත්හි ගැවසී ඇතිමුත් දවස් පුරා ඒවා එතරම් සුවඳ දැයි නොදැනුනි ඔබ දකින තුරා ජීවිතය මොනතරම් සුන්දරැයි නොසිතුවෙමි ඔබ දකින තුරා ආදරය මෙතරම් සුන්දරැයි නොදන්නෙමි ඔබ ...