200. ඊයේ ලියන්න තිබුනු ලිපියක්! THATTAYAGEKOLAMA මෝටර් රියෙන් ගංවතුරට මුහුණ දෙන්නේ කෙසේද?"රාජා හෝ මා හෝ ගංගා හෝ"ඊයේ වෙන කොට ජයග්‍රාහී සිව් වන දිනයටත් අත්තනගල්ල ගංගා බේසම හෙවත් ගම්පහ, රාගම, කඩවත, ගනේමුල්ල, ජා ඇල, සීදූව, මිනුවන්ගොඩ වැනි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ෂාව වැටෙමින් විය! අහසට මෙතරම් වතුර කොයින්දැයි සිතෙන තරම් මහත් වතුරක් ගෙන ආ; වැස්ස බී ගත නොහැකිවූ මහ පොලොව මහා ජල කඳ තම දේහය ...
223. තිස් අවුරුදු රථ මතක . . . . (16) THATTAYAGEKOLAMA තිස් අවුරුදු රථ මතක . . . . (15)ISUZU PANTHER"ශනිදා දහයට" ලෙස අප පටන් ගත් බ්ලොග් ලිවීම මේ වන විටත් පන අදිමින් හෝ පැවතීම සතුටට කරුණකි. මෙම සංකල්පයට උර දීමක් ලෙස; කලින් සිට ලියාගෙන පැමිණි "පෝස්ටු වැල්" හෙවත් කොටස් අට දහයේ මෙගා නාට්ටි වැනි පෝස්ටු වෙනුවට: "සිත නිවන කථා" මොඩලයේ ඒකාංගික පෝස්ටු හත අටක් මා ලියාගෙන ආවේය.මේ නිසාම කලක සිට ...
195. රස වෑහෙන පොලිස් කථා 1 THATTAYAGEKOLAMA කාලෙකට පෙර ඒ කියන්නේ අවුරුදු තුන හතරකට කලින් දවසක මමත් මධුෂානුත් රාත්තිරි 8 - 9 ට විතර කඩවතින් පිටත් උනේ වව්නියාවෙ යන්න. ඒ උන්ගෙ තාත්තා වෙච්චි මගේ එක්කසුපං අයියා රෝගාතුරව වව්නියාවේ ඉස්පිරිතාලගත කර ඇති පණිවිඩේ අරං ඌ අපේ ගෙදරට ගොඩ වැදූනායිං පස්සෙ! මධූ; දුරක යනවානම් මටත් පොඩි අප්ඩේට් එකක් දාගෙනම යන එක සිරිතක්. ඉතිං ඒ නිසාදෝ මංදා ඇවිත් කියපු ගමන් ...
189. නොරත රථ . . . . ! (3) THATTAYAGEKOLAMA Fiat X 1/9කාලය සෙමෙන් ගෙවී ගියේය.අප පාසල් සිසු භාවයෙන් ඉක්මෙන්නට ආසන්න කාලයේ යාන වාහන තිබෙන මිතුරන් වූයේ; ආනන්දයේ රන්ති රොහාන් ගමගේ සහ දැනට කැන්ගරු දේශයේ පසුවන එවකට මාතර කාලිදාස පාරේ විසූ එස් ඩී ලියනගේය.රන්තිගේ පියා මොරටුවට පැමිණ තිබුනේ පියානෝ පොලිෂ් කරණ්නෙකු ලෙසය. පසුව ලී බඩු කඩයක් හෙවත් වඩාත් ගෞරවාන්විතයෙන් පවසනවානම් ගෘහ භාන්ඩ නිෂ්පාදනයට හා ලී වෙළෙඳාමට යොමුවූ අයෙකි.රන්ති පාසලේ ...
211. පැනි බේරෙණ කොම්පැනි කථා 4 THATTAYAGEKOLAMA මම මේ කියන කථාව උනේ මීට අවුරුදු 13 කට 14 කට කලින්. ඒ කියන්නේ මම යුනයිටඩ් මෝටර්ස් ගිය අලුත! මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට යන්නේ මම අර "207. පැනි බේරෙණ කොම්පැනි කථා 2" පෝස්ටුවේ සඳහන් කල ආශික් ලෆීර් මහත්තයා හින්දමයි. මම මුලින්ම යන්නේ හයිඩ් පාර්ක් කෝනර්; ඒ කියන්නේ අපේ ප්‍රධාන කාර්යාලයේ තිබුනු කුඩා වැඩපොලට. එතන තිබුනු ලිහිසි සේවා අංශය බලා කියා ...
162. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving III THATTAYAGEKOLAMA දිනය 2019 මාර්තු 30 වන දිනයි. මාගේ මතකය නිවැරදිනම් එදින සෙනසුරාදාවකි. පෙරදින කතා කරගත් පරිද්දෙන් තෙශා උදේ 6.10 ට පමණ පැමිණියේ සුපුරුදු උණෙනි. අප උදේ 7.00 වන විට මීගමුවට යා යුතුව ඇත. අප කිමිදුම් ශිල්පය හෙවත් Diving ඉගෙන ගැනීමට යා යුතු වන්නේ මීගමුවේ හෝටල් පාරේ Sri Lanka Diving Tours ආයතනය වෙතටය.මා ජීවිතයේ මින් පෙර කිහිප වතාවක් කිමිදී ඇත්තෙමි. ඉන් ...
කලාව ගැන තවත් කතාවක් THATTAYAGEKOLAMA එක කුස උපන් ගීතයක්!අප කලාකරුවන්දකින්නේඔවුන්කරණනිර්මාණතුළිණි.ප්‍රේම්ව හදවත දකින්නේ“සඳකැන් වැසිලා”ගීතයෙනි.බණ්ඩාර.කේ.විජේතුංගයන්ව මා දකින්නේ “සොවින්පිරිමගේහදවත”තුලිණි.ප්‍රේම්ටත් බණ්ඩාරටත් මෙය සර්ව සාධාරණ වූවාට සකලලෝකවාසීසියළුමකලාකරුවන්මෙමතරාදිතට්ටුවටදමාකිරා බැලියනොහැක. ඔවුන්ව කිරා බැලීම කෙසේ වෙතත් සමහරකලාකරුවන්අපවකිරාබලන්නේමස්කඩේදුනුතරාදියනොහොත්ස්ප්රිං බලාංසයේ එල්වාය !මස් කඩේ දුනු තරාදිය ගෙනාපු අලුත!මෙයකලාකරුවන්ටපමනක්නොවසකල විධිසමාජයටමපොදුතත්වයකි. මෙම සමාජය මත බිහිවූ මේ බ්ලොග් ලෝකයගත්තද එසේ විය යුතුය.වදන් වලි
247. අයියා . . ! THATTAYAGEKOLAMA අයියා ගැන මගේ මතකයට එන්නේ පාඩම් පොතක එන එක් "අයියා" නමැති කථාවක් සහ නවයුගය පත්තරේ පලවූ "දෙවියන්ගේ දානේ" නමැති කෙටි කථාවක් සමගින්.මින් "අයියා" නමැති කෙටි කථාව කියැවෙන්නේ මල්ලී කෙනෙකු විසින්. අයියාගෙ ස්වාධීන ජීවිතය; තමාගේ කෙළිලොල් ජීවිතය සමග ගලපාගන්නට යන මල්ලී බොහෝ විට අයියා සමග ගැටේ. අවසානයේ එක් වෙසක් උත්සවයක් සඳහා අයියා විසින් සාදනු ලබන විශාල වෙසක් කූඩුව දැල්වීමට යද්දී මල්ලීගේ ...
240. මව්බිම වටා සයිකලයෙන් . . . 4 THATTAYAGEKOLAMA රාත්‍රිය හොඳ නින්දක් ගෙනා නමුත් පාගේ පාදයේ ආබාධය සුවවී නොතිබුනි. පෙර දින පුරා තෙමෙමින් ගමන් ගත් අපගේ ඇඳුම් කැඩුම් ආයිත්තම් සියල්ල තෙත බරිත වී තිබූයෙන් ඒවා සියල්ල කාමරය පුරා එළා තිබුනු අතර උදෑසන වන විට අපගේ බඩු බාහිරාදිය බොහෝ සෙයින් වියළී තිබුනි. උදෑසන අවට පරිසරයට ඉවකොට බැලූ අපහට අද දිනයද "ස්නානය" සඳහා වෙන්වී ඇති බව දැනෙන්නට විය! මෙම ඉසව්ව යෙදෙන ...
193. සමුගැනිමේ සාද . . . . ! THATTAYAGEKOLAMA බඩට කන්න නැතිව දුන්නු පාටියක්!"කොල්ලනේ උඹලට බොහොම ස්තූතියි! මට මේ සංග්‍රහය ජීවිත කාලයටම අමතක නොවේවි!"මේ ලිපිය මා අනුපිළිවෙළ න්‍යායෙන් ලියන්නම්.මාගේ වැඩිමහළු සොහොයුරාසේවය කලේ මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය.ඔහු කිසි කලෙක සහෝදර සේවකයින් හෝ තමන්ගේ උසස් නිළධරයින් අතර සමග මහා ඇයි හොඳැයියක් පවත්වපු එකෙක් නොවීය. ඊට හේතු භූත්වූ කරුණු කාරණා අතර මා දකින ඔහුගේ ලොකුම වරද වන්නේ පොර අංක එකෙන්ම ...
229. "අඥ්ඥා කොන්ඩඥ්ඥ!" (ශනිදා දහයට XI) THATTAYAGEKOLAMA අර මම දවසක් කිව්ව එම්බ්‍රොයිඩර් සීන් එක සිද්දවුනු ෆැක්ටේරියේම කථාවක් අද මම කියන්නේ.ඒකාලේ එහේ වැඩ කලා නිල්මිණි කියලා ටික වෙන්න ඇහැට කනට පේන ගෑනු පරාණයක්! නිල්මිණි වැඩ කලේ IE දෙපාර්තමේන්තුවේ (Industrial Engineering). ඒ කියන්නේ වැඩ අධ්‍යන (Work Study) අංශයේ. කොහොමත් ඔය අංශයේ හිටිය අය හිතාගෙන හිටියේ උන්ව මේලෝකෙට මහබ්‍රහ්මයා එයාගේ හිස්මුදුනෙන් මවපු එවුං ටිකක් කියලා. මෙයාට රැජිනගේ භාෂාව එහෙම ලෙසටම ...
192. රථගාය 6 THATTAYAGEKOLAMA අයියා මල්ලී වාගේ අයියා මල්ලී . . !කාරයක් යනු; ගෙදරක භාවිතා කරණු ලබන වංගෙඩිය, මිරිස් ගල වැනි තවත් එක් උපකරනයක් නොවේ. එය මහන මැෂිම, වොෂින් මැෂිම, ශීතකරණය, රූපවාහිණිය වැනියන්ත්රයක්ද නොවේ. එය; ඒවටා ගෙතුනු එතුනු සංස්කෘථියක් සහිත මෙවලමකි, ආයුධයකි, පවුලේ සාමාජිකයෙකි.මීට කලෙකට පෙර "කාර් පිස්සුව" බ්ලොගයේ පෝස්ටුවකට ලියන ලද කොමෙන්ටුවක සඳහන් කර ඇති පරිද්දෙන්ම; යම් ගමනක් සාර්ථකව නිමකර ගෙදරට පැමිණ වාහනයෙන් ...
288. අලෙවි කිරීම . . ! THATTAYAGEKOLAMA හේ තිලකරත්න නම් විය.වැඩ කල් දැමීම පිළිවෙලක් සැලැස්මක් නොමැති බව වගකීම් දැරිමට ඇති අකමැති බව යන කරුණු කාරණා අමතක කොට දැමු කල ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිසෙකි. දෙමාපිය විරෝධය මැද ඉතාමත් නිහඬ ලෙස විවාහ දිවියට පිළිපන් ඔහුට දරුවන් තිදෙනෙක් විය මැදි වියේ පසුවු ඔහුගේ බිරිඳ ඔහුගේ දුර්වලකම් මැනවින් වටහා ගනු අයෙකු විය.කෙසේ වෙතත් ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් ඇති සෙනෙහෙබර ...
149. ගිණිහලට බැඳි පෙම . . ! THATTAYAGEKOLAMA ආමරියේ ප්‍රේමය . . . !සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.තමන් ගේ හෝ අන් අයෙකුගේ ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.තමන්ට හෝ අන් ...
209. නොරත රථ . . . . ! (13) THATTAYAGEKOLAMA වස්ගමුව 2001 - 200232-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියා!ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.එකල පරණ බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in) එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන ...
223. ඔයිල් නැතිව ධාවනයේ (ශනිදා දහයට VI) THATTAYAGEKOLAMA මේකත් රස වෑහෙන කොම්පැනි කථාවක්මයි!මේක උනු අවුරුද්ද පුළුවන් උනොත් මා හොයලා යටින් ලියන්නම්.මම යුනයිටඩ් මෝටර්ස් එකට ගිහින් පොඩි කාලයයි. රජයේ නිළධාරීන් හට දෙන වාහන බලපත්‍රයට දෙන්න අපි ගෙනාවා Mitsubishi Lancer එකයි Montero Sport SUV එකයි!මේ මොන්ටෙරෝ ස්පොර්ට්ස් එක කෙලින්ම ආවේ ජපානයෙන්. ඒකට තිබුනේ 4D56 ටර්බෝ ඩීසල් එන්ජිමක්. මැනුවල් ගියර් පෙට්ටියක්.මේ වාහනේ පෙට්‍රල් වර්ශන් එකකුත් ආවා.ඒකට තිබුනේ සිලින්ඩර 6 ක ...
221. වර්ණපුර ඝාතනය THATTAYAGEKOLAMA ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය!ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු 1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි ...
185. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! පස් වැන්න) THATTAYAGEKOLAMA CCC ක්‍රිකට් ඇකඩමියේ පැවැත්වූ නිවාසාන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ 11 න් පහල කණ්ඩයේ හොඳම පිතිකරු හා අවසන් තරඟයේ වීරයා ලෙස.පුංචි කාලෙ ඉඳන්ම ඔයා හරිම ක්‍රීඩාශීලී දරුවෙක්.ඔයා අල්ලපු ගෙදර සුමිත් අංකල්ගේ පුතා; තිළිණ අයියත් එක්ක හවසට ක්‍රිකට් ගැහුවා.ඔයා ඒකාලේ දුව ගෙන දුවගෙන ඇවිත් අත නමලා නිපන්දු යැව්වාම ඔයා අත කරකවලා පන්දු යවන්න ඉගැන්වූවේ මමයි.ඔයාට ඒක කියලා දීලා මම තහංචියක් දැම්මා.හරි විදියට ...
174. විජයග්රහණයෙන් දශක 1.1 ට පසු . . ! THATTAYAGEKOLAMA ගලේ කෙටූ දරු කම . . . !තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.කොරෝණා නො එන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම සැමරුම අති උත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.මන්ද එදා ...
178. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (දෙවැනි එක) THATTAYAGEKOLAMA ඉතිං;ඔයා නම් කැමති නෑ මම ඔයා ගැන ලියලා බ්ලොග් පෝස්ට් එකක් විදියට දානවට.ඒත් මේ ලියන දේවල් බලන්න ඔයා වගේම තවත් දෙතුන් දෙනෙක්ම ඉන්නවා.අද ඔයා ඉන්න විදිය දැකලා එයාල හිතනවා; මම ඔයාව පෙළ ගස්වපු විදිය; පුතෙකු හොඳ මිනිහෙකු කරණ්න පුළුවන් එක් හොඳ විදියක් ලෙස.ඔයාට කියන්න රුෂාන් (අයියා) එයාගෙ පුතා අවුරුදු පහක් හයක් උනාම අපේ ගෙදර එවනවා කිව්වා.මටම හිනා! (පව් නේද?)ඔයාව පුංචි ...