Saturday, November 11, 2023

223. ඔයිල් නැතිව ධාවනයේ (ශනිදා දහයට VI)

 

මේකත් රස වෑහෙන කොම්පැනි කථාවක්මයි!
මේක උනු අවුරුද්ද පුළුවන් උනොත් මා හොයලා යටින් ලියන්නම්.

මම යුනයිටඩ් මෝටර්ස් එකට ගිහින් පොඩි කාලයයි. රජයේ නිළධාරීන් හට දෙන වාහන බලපත්‍රයට දෙන්න අපි ගෙනාවා Mitsubishi Lancer එකයි Montero Sport SUV එකයි!
මේ මොන්ටෙරෝ ස්පොර්ට්ස් එක කෙලින්ම ආවේ ජපානයෙන්. ඒකට තිබුනේ 4D56 ටර්බෝ ඩීසල් එන්ජිමක්. මැනුවල් ගියර් පෙට්ටියක්.
මේ වාහනේ පෙට්‍රල් වර්ශන් එකකුත් ආවා.
ඒකට තිබුනේ සිලින්ඩර 6 ක එන්ජිමක්. හැබැයි ඒක ආවේ පර්මිට් එකට දෙන්න නෙවෙයි. පෙට්‍රල් වර්ශන් වෙනත් රටවලට ගියේ මිට්සුබිෂි චැලෙන්ජර් කියලා.

සාමාන්‍යයෙන් මිට්සුබිෂි වාහනවල පලමු සේවාව සිදුකරණ්නේ කිලෝමීටර 1000න්. එතැනදී එන්ජිමේ තෙලුයි ෆිල්ටරෙයි මාරු කරණවා. ආයෙත් එන්නේ 5000න්. එතැනදී මාරු කරණ්නේ තෙල් විතරයි. ආයෙත් 10,000න්. එතැනදී ආයෙත් තෙල් සමග ෆිල්ටරේ දෙකම මාරු කරණවා. මේ සර්විස් තුනට කිව්වේ Free services කියලා. ඒ සර්විස් වලදී ශ්‍රමයට අයකිරීමක් කලේ නෑ. අය කලේ තෙල් වලට හා ෆිල්ටර් ග්‍රීස් යනාදියට විතරයි. මේ සර්විස් තුන ආයතනයෙන් කර ගැනීම අනිවාර්ය අංගයක් උනා. වහනයේ පැවැත්ම පිළිබඳව දී ඇති සහතිකය පොරොන්දුව හෙවත් Warrantyය රඳා පවතින්නේ මේ සර්විස් තුනම ආයතනයෙන් සිදුකර ඇත්නම් පමණයි.

ඔය කියන කාලේ මිට්සුබිෂි වාහන බොහෝ සෙයින් බලපත්‍ර සඳහා අලෙවි උනාද කියනවා නම් අපට; එම වාහන සඳහා සේවවන් නියමිත දිනට කර ගෙන යන්නට නොහැකි තත්වයක් පැන නැග්ගා.ඉතින් මේ නිසාම අවම වශයෙන් දවසට එක් පාරිභෝගික බවතෙක් හරි අපට බනින එක අනිවාර්‍ය අංගයක් උනා.
දවසක්; ඔව් එදා සෙනසුරාදා දවසක උදේ මොන්ටෙරෝ ස්පොර්ට්ස්  දෙක තුනකුත් ලාන්සර් ඇතුළු තවත් රථ වාහන කිහිපයකුත් ලිහිසන සේවාව (Lubrication Service) සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ හයිඩ්පාර්ක් ඒ කියන්නේ ප්‍රධාන ශාඛාවේ සේවා ස්ථානයට ඇවිත් තිබුනා.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයින් විවිධාකාරයි. ගෝලාකාර ලෝකේ මිනිස්සු කොහොමත් එහෙමයිනේ? ඒ අතර "අති  පණ්ඩිත" අය එහෙන් මෙහෙන් ඉඳීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ විශෙෂත්වය වන්නේ වටාපිටා ඉන්නා අනෙකුත් පාරිභෝගිකයින්ද ලං කරගෙන තෙල බෙදීම.

මම මේ කියන දවසේත් ඇඟ පුරා මොළේ තියෙන "මහත්තයෙකු" පැමිණ සිටියා. ඔහු පැමිණි වෙලාවේ ඉඳන්ම අපි සමග පොඩි ඇරියස් එකකින් ඉන්න බවක් තමයි පෙනුනේ. මෙම උන්නැහැ සේවාවට ආ සැනින් "ඔයාලගෙ තෙල් දාන්න එපා! මම මගේ වාහන වලට මම දාන්නේ "කැස්ට්‍රොල්" විතරයි! මම ගෙනල්ලා තියෙන්නේ පහේ කෑන් දෙකක්!" යැයි කියාගෙන කියාගෙන ගියා!

සාමාන්‍යයෙන් පරණ වාහන සඳහා නිෂ්පාදකයා මේ මේ වර්ග වල තෙල් පාවිච්චි කරණ්න කියලා කිව්වත් දැන් කියන්නේ;
තෙල් වල  දුස්‍රාවිතා අංක (SAE 10W, SAE20W, SAE40, SAE50) යනාදී වශයෙන්, 
API සේවා වර්ගීකරණය API Service Category (SA, SB,  . . . SG / CA, CB, . . . . CF)  වැනි කාරණාය.
(මෙහි SAE යනු Society of  Automotive Engineers     වන අතර API - American Petroleum Institute යනු වේ. මේ දේවල් පිළිබඳව අපි ඉස්සරහට කථා කරමු!දැන් නොතේරුණත් තේරුණා වගේ ඉන්නයි තියෙන්නේ!)
එසේ නැතිව කෑල්ලෙන් කෑල්ල ගියත් අසවල් තෙල් වලින් පිට එකක් දාන්න එපෝ!" කියලා කියන්නේ  නෑ!
Esso, BP, Castrol, Shell, Mobil, Valvoline වැනි තෙල් වර්ග ගනනාවක් ඇති අතර මේ සෑම වර්ගයක් අතරම; වාහනයේ නිෂ්පාදිතයා විසින් නිර්දේෂිත දුස්‍රාවිතාවය හා සේවා වර්ගීකරණයට ගැලපෙන තෙල් නිපදවා තියෙනවා. බොහෝ විශෙෂිත වාහන සඳහා  තෙල් වර්ගයද නිර්දෙශ කොට තිබෙනවා. ඒක හරි දුලභ දෙයක්.
එසේම බොහෝ විට ඒවායේ තත්වය අතර මහා වෙනස් කමක් නෑ! ඒවන් මහා වෙනස් කමක් සහිතව තෙල් නිපදවූවහොත් ජාත්‍යන්තර වෙළෙඳපොල තුල පැවැත්මක්ද නෑ!
මා දන්නා තරමින් කිසිදු වාහන නිශ්පාදකයෙකු සතු තෙල් නිපදවීමේ යන්ත්‍රාගාරක් දන්න තැනක නෑ!
එහෙත් මෙරට වාහන බොහෝ නියෝජිතයින් කුමක් හෝ තෙල් වර්ගයක් ගෙන්වයි.
උදාහරණයක් ලෙස Nissan ගෙන්වන AMW ආයතනය BP ගෙන්වා බෙදා හරියි.
යුනයිටඩ් මොටර්ස් මිට්සුබිෂි ඇතුළු වාහන කිහිපයක්ම මෙරටට ගෙන්වන නියෝජිතයින් වන අතර ඔවුන් ගෙන්වන්නේ Valvoline.
Toyota; ටොයෝටා තෙල් ගෙන්වූවත් ටොයොටාලාට තෙල් ලිං හෝ යන්ත්‍රාගාර නෑ. මොබිල් හෝ වෙනත් තෙල් වර්ගයක් ටොයෝටා නමින් ඔවුන් බ්‍රෑන්ඩ් කර විකුණන එකයි කරණ්නේ.
මිට්සුබිෂි වාහනයක් මුල සිට යුනයිටඩ් මෝටර්ස්  වෙත ගෙන ආ අයෙකු පසු කලෙකදී; මිට්සුබිෂි සඳහා නියමිත තෙල් වර්ගය වැල්වලීන් කියා සිතිය හැක. එසේ කලක් වැල්වොලීන් වලට පුරුදු වූ අයෙකු වැල්වොලීන් හොඳම තෙල් වර්ගය සේ නම් කර‍යි!

මේකට වඩාත් කිට්ටුම ගැලපෙන කථාවක් වරක් ළමා රෝග විශේෂඥ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා මහතා රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා. එදින එම වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාවේ කොයි ලෝකෙද මන්දා හිටපු අම්මා කෙනෙක් මේ දොස්තර මඬුල්ලෙන් අහපි "ඩොක්ටර් ඔය ඇන්කර් බිව්වාම සෙම වැඩියි නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ බිව්වාම සෙම වැඩියි වගේ ඒවා වෙන්නේ කොහොමද කියලා?"
එතකොට මහාචාර්‍ය හරේන්ද්‍ර කිව්වේ "ඔය කොයි ගොං කිරත් ගන්නේ අං දෙකක් තියෙන කුර  හතරක් තියෙන වලිගයක් තියෙන හරකෙක්ගෙන් නම් ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද?" කියාය!

මේ ලෝකේ තියෙන බොහෝ එන්ජින් ලිහිසන තෙල් සඳහා මූලික තෙල්  Base oil  සැපයෙනේ සමාගම් කිහිපයකින්.
"සීයට සීයක්ම සියළු එන්ජින් තෙල් වර්ග සමානය!" කියන එක නම් නොවේ මේ කියන්නේ. 

කතාව ටිකක් එහේ මෙහේ උනානේ!
ඉතින් මේ මනුස්සයා / පාරිභෝගිකයා නැතහොත්  "මහත්තයා" එයා ගෙනාපු තෙල් ලීටර පහේ කෑන් දෙකත් අපිට උජාරුවෙන් පෙන්නලා; ඒ දෙක පැසෙන්ජර් පැත්තේ (ඉදිරිපස වම් පැත්තේ) බිමින් තියලා වාහනේ අපට භාර දුන්නා.
වාහනේ මට යතුර දුන්නේ වාහනේ ළඟදි! ඒකත් පොඩි පඬිවදනක් එක්ක!
"ඔයාලා මේකට දාලා නෑ! ඒත් මම හයි කරලා තියෙනවා ටර්බෝ ටයිමර් එකක්! ඩිලේ ෂට් ඩවුන් එකට!"

ටර්බෝ ටයිමරයක් යනු විශෙෂයෙන් වාහනයේ එන්ජිමට පිටතින් සවිකරණ කුඩා ඉලෙක්ට්‍රොනික් මෙවලමක්. මෙයින් කරණ්නේ දීර්ඝ ධාවනයකින් පසු එන්ජිම එකවර නවතා දැමීම වෙනුවන අකම් දිවුමේ Idle speed විනාඩි දෙකක් (වෙනස් විය හැක) පමණ කාලයක් පවත්වාගෙන ගොස් ස්ව්‍යංක්‍රීයව නවතා දැමීමයි. එහෙත් අප භාවිතාවේ ගනු ලබන සාමාන්‍ය පාවිච්චි කරණ වාහනවලට මේවා එන්නේ නැත!
එහෙත් මෙරට පවතින කුඩා ව්‍යාපාර කඩ මගින් මෙය වාහන හිමි කරුවන්ට හඳුන්වා දේ!
(හරියට වැලන්ටයින් මුදලාලිලා; වෙසක් කාලෙට වෙසක් මුදලාලිලා කරණවා වගේ!) මේ මුදලාලිලාගෙන්; "ඉතිං ඔය අටමගලෙ අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන මගුලක් නම් ඇයි වාහනේට කොම්පැනියෙම්ම හයි කරලා එන්නැත්තේ?" යැයි පෙරළා විමසූ විට ඊට ඔවුන් සතුව වඩාත් තක්කඩි වූත් තර්කාණුකූලවූත් පිළිතුරක් ඇත!
මේකනේ සර්! වාහනයක් ගත්තු කෙනා ඒක වැඩි කාලයක් පාවිච්චි කරණවට ඒ කොම්පැනි කැමතිද? නෑ නේ!? එයාලට ඕන වාහන ඉක්මනට කැඩෙන්න හදන්න! එතකොටයි එයාලගෙ බිස්නස් වැඩිවෙන්නේ!? අනික එතකොට එයාලගේ ස්පෙයා පාර්ට්ස් ටිකත් විකුණන්න පුළුවන්නේ!? අනික සර් මේවා හදන්නෙත් පිට රට ලොකුම කම්පැනීස් වලින්නේ! එයාලත් පරීක්ෂණ කරලනේ මේවා කරණ්නේ! නැතුව අපි හදන එකක් නෙවෙයිනේ?" කාල වරෙංකො.

මම කියාපු විදියේ ටර්බෝ ටයිමරයක් සවිකරගත් මොන්ටෙරෝ ස්පොර්ට්ස් රථය රැගෙන ආ මේ මහත්තයාට තවත්  ලොකු වැඩක් පැවරිලා තිබුනා ගෙදරින්ම පැවරුනු!
ඒක තමයි එතන හිටපු; සර්විස්සෙකට වාහන ගෙනාපු මහත්තුරු ටික අල්ලගෙන තෙල බෙදන එක! ඒ තෙල බෙදුවෙත් නිකංම නෙවෙයි! 
පොතේ ගුරු හෙවත් පූරක වගේ; එයාගේ මොන්ටෙරෝ ස්පෝර්ට්ස් වාහනේ Owner's Manual පොතත් දිග ඇරගෙන ඒක පෙන්න පෙන්න.
ඒ වෙන කොට පලමුව හා පොරොත්තු ලේඛණයට අනුව ආපු වාහන හතරක් හොයිස්ට් වලට දාලා උස්සලා තෙල් ඇරලයි තිබුනේ!
අර කලින් කියපු පාරිභෝගික භවතාගේ ප්‍රචාරණය, දිරි ගැන්වීම හා උසිගැන්වීම කෙතරම් ඉහළ මට්ටමක පැවතුනාදැයි කිවහිත් හොයිස්ට් වල තිබුනු වාහන අයිති මහත්වරුත් ඇවිත් "ඔයාලාගේ තෙල් දාන්න එපා! අපි කැස්ට්‍රොල් අරං එන්නං!" කියලා සර්විස් එකෙන් පිටත් උනා.
පස්සෙදි හිතුනා එහෙම වුනු එකත් හොඳා කියලා! කැස්ට්‍රෝල් තෙල් තිබ්බේ මුත්තයියා පාර පටන් ගන්න තැන තියෙන අශෝකගේ මෝටර්කේඩ් කඩේ!
ඒක අරින කොට තව පැය භාගයක්වත් යයි! මොන කරුමයක්ද මේ!?
කියන්න ඕන නෑනේ මට ඉතිං මල් යායයි!
හොයිස්ට් වල වැඩ කරණ එවුං මගේ ලඟට ඇවිත් එක ආරෝව!
"අර අර යකා තමයි ඔක්කොම කරණ්නේ!" කට්ටිය මට කියනවා.
මුළු සර්විස් එකම නැවතිලා!
මේ වෙන කොට ඒ පණ්ඩිත මහත්තයාගේ වාහනේ විතරයි වැඩේ යන්නේ! ඇයි එයා තෙල් ගෙනල්ලනේ!?
එයාගේ වාහනේ සර්විස් එක කලේ අපේ බොහොම ආදරණීය සේවක මිත්‍රයෙක් වන "කලූ" හෙවත් ධනුෂ්ක.
කැළණි පාලම යට වත්තක පේලි ගේකින් ආවත් හරි කීකරු කොල්ලෙක්! ඒ වගේම අන්තිම විශ්වාසවන්ත එකෙක්.  අවංක විශ්වාසනීය ආදරණීය සේවකයෙක් මට හිටපු. (අදටත් හිටපු ගමන් කෝල් කරණවා ඌ!)
ඌ වගේම තවත් එකෙක් වැඩකලා වනාතෙ එකෙක් ෆ්‍රෙඩී කියලා!
උං අපිට හෙන භක්තිය!
මම කිව්වොත් ඕන දෙයක්!.
හැබැයි ඒ බයට නෙවේ - බොක්කට!

ඉතිං කලූ වැඩේ පටන්ගන්න කොටම අර පඬිතුමා එතැනට ගියා!
"හා! හා!!  එහෙම නෙවෙයි!, ඔහොමද කරණ්නේ? මොනවද මේ ටූල්ස්? කවුරුවත් මේවා බලන්නේ නැත්ද?" මේ වගේ විකාර ලෝකයක්!

කලූ මට ඇවිත් කිව්වා "අර මහත්තයාව කස්ටමර් කාමරෙන් වාඩිකරලා තියන්නකො! එයා වැඩේ කරණ්න දෙන්නේ නෑනේ!?" කියලා.
"ශෙප් එකේ ඌ කියන දෙයක් කරලා ඔය වාහනේ ඉවර කරලා දාපං බං මොනවා කරණ්නද?" මම කලූට උත්තර දුන්නා.
මම යුනයිටඩ් මෝටර්ස් ගිය කාලයේ සේවය කලේ මම පුහුණු උනේ විජිත මහත්තයා යටතේ! විජිත කියන්නේ නොම්මර එකේම වැඩ්ඩෙක් ලොක්කන්ට ගොටු අල්ලන්නට නොගිය! ඒ නිසාම ඔහුට නිසි අගැයීමක් ලැබුනේ නෑ. මගේ බුදු ෆිට් එක! අපි දෙන්නා බොහෝම කාලයක් කිසි අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව එකට වැඩකලා!
එයාගේ තිබුනා හරි අපූරු න්‍යායක්!
ඒක තමයි "කරදර කාරයාව ඉස්සෙල්ලාම යවන්න ඕන !" කියන එක.
එයාගේ භාෂාවෙන් කියනවා නං "කරදර කාරයෝ තියාගත්තාම අපිට කරදරයි! ඒ හින්දා එයාගේ වැඩේ ඉක්මනට ඉවර කරලා එලියට දැම්මාම අපිට කරදරයක් නැතිව වැඩටික කරගන්න පුළුවන් නිවිහැනහිල්ලේ!"
අපි හුඟක් අය කරන්නේ ඕකේ අනිත් පැත්ත!
අපිත් බලනවා ගේමට ගේම දෙන්න!
පලිගන්න!
එකට එක කරණ්න!
ඉතින් මමත් බැලුවේ මේ "යකාව" ඉක්මණට එළියට දාගන්නේ කොහොමද කියලා. 
අපේ සර්විස් එක වැඩකලේ අංශ තුනක් විදියට.
පලමුව වාහනයේ තෙල් වතුර මාරු කරලා ග්‍රීස් ගහලා ටයර් මාරු කරලා දානවා  යට හෝදන්න! අන්තිමට බොඩිය හෝදලා පිසදා අවසන් කරනවා!
සාමන්‍යයෙන් වාහනයක සර්විස් එක ඒකියන්නේ එන්ජින් එකේ සහ අනෙකුත් උපාංගවල තෙල් මාරුකරලා ග්‍රීස් කාරිය ගහලා එලියට දාන්න යන වෙලාව පැය භාගයක් විනාඩි 45ක් යනවා. 
දැං මේ වාහනේ පැය එක හමාරකටත් වඩා වැඩියි. වාහනේ යට ඉඳන් පෙරකී පාරිභෝගික භවතා කලූට "අරක කරපං! මේක කරපං!! ඔහොම නෙවේ මෙහෙම!!!" කිය කියා වාහනේ යට! නිකං නෙවේ අර පොතත් දිග ඇරගෙන!
තවත් ටික වේලාවකින් "කලූ" ඇවිත් වීදුරුවෙ එහා පැත්තෙන් ඇවිත් අතින් කිව්වා වැඩේ ඉවරයි කියලා. මමත් එළියට ගිහිං වාහනේට නැග්ගා. 
තැඹිළි පාට කැස්ට්‍රෝල් හිස් කෑන් දෙක මුලින් තිබුනු තැනම දිළිහි දිළිහි තිබුනා! නැගලා වාහනේ ස්ටාර්ට් කලා. ඩීසල් ටර්බෝ චාර්ජ් එන්ජිම රුං ගාලා වැඩ. හොයිස්ට් එකෙන් රිවර්ස් කරලා වාහනේ අරං අන්ඩර් වොෂ් බේ එකට දාන්න ඉස්සරහට ගත්තා.
අපේ යට හෝදන තැන Under Carriage Washing Bay සහ සර්විස් කරණ තැන තිබුනේ එකිනෙකට ලම්භකව. ඒ නිසාම සර්විස් එකේ තියෙන වාහනයක් යට හෝදන තැනට දාන්න රිවර්ස් කරන්න වෙනවා. ඒ කරලා තමයි ආපහු ඉදිරියට ධාවනය කරලා යට හෝදන තැනට එකට දාන්නේ.
ඉතින් මේ වාහනේ මම රිවර්ස් එකට අරං නවත්වනවා එක්කම අර කැස්ට්‍රෝල් කෑන් දෙකෙන් එකක් පෙරළුනා. 
අවුලක් නෑ මම ඒක වාහනය පදවන ගමන්ම කෙලින් කරලා ඉද්‍රිපස ආසනයට කිට්ටු කරලා තිබ්බා ආයෙමත් පෙරලෙන්නේ නැතිව.
ඒක නොපෙරලෙන්න හදන කොටම මට තේරුණා ඒ තෙල් භාජනේ නැතිනම් ඔයිල් කෑන් එක ඇතුලෙ තෙල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා!
"හරි මේ වාහනේ එන්ජිමට අල්ලන්නේ ලීයර 7ක් විතරනේ. මෙ ඉතුරු ටික වෙන්න ඇති" මගේ හිත මට කිව්වා!
මම වාහනේ ඉදිරියට අරං යට හෝදන තැනට දාලා නවත්වන කොටම අනිත් කෑන් එකත් පෙරළුනා!
මම ඒ ගමන ඒකත් කෙලින් කලා!
හුටා! එකෙත් ඔයිල්!
"මෙහෙම වෙන්නේ කොහොමද අනිවාර්‍යයෙන්ම එක කෑන් එකක් හිස් වෙන්නම ඕන!" මගේ හිත මට කිව්වා!
වෙන්න පුළුවන් දේවල් දෙකයි!
එක්කෝ මේ මගුලට දාලා තියෙන්නේ මේ මනුස්සයා ගෙනාපු කැස්ට්‍රෝල් වෙනුවට අපේ වැල්වොලීන්!

එහෙම නැත්නම් මේ වාහනේට තෙල් දාලාම නෑ!

උදේ පාන්දරම මට දාඩිය දාන්නට ගත්තා දොළහට වගේ! කොන්ද අග්ගිස්සෙන් පටන් ගත්තු හිරි වැටීම නැවතුනේ හිස් මුදුනින්!
වහාම මම එන්ජිම නිවා දමන්නට ඉග්නීශන් යතුර ආපසු කර කැව්ව්!
අනේ අපරාදෙ කියන්න බෑ එන්ජිම සුපිරියටම "මට නෙවෙයි වගේ" දුවනවා! ඇයි අර පඬිතුමා මදි පාඩුවට මේ මගුලට ටර්බෝ ටයිමරයකුත් හයි කරලානේ!
මම ඒක්ෂණයෙන් ගියර් එක පහට දාලා බ්‍රේක් එක පාග ගෙනම ක්ල්ච් එක අත ඇරියා.
වාහනේ කීකරු කමට නැවතුනා!
මම වාහනෙන් බැස්ස ගමන් ගියා කලූ ගාවට!
"තෝ මොන තෙල්ද අර XXXට දැම්මේ?
"අම්මට හුඩු ඔයිල් දාන්න බැරි උනානේ! අර යකා ඇවිත් මගේ ඔළුව කාලා මට ඔයිල් දාන්න බැරි උනානේ ලොක්කා!"
කලූ සුදුමැළි වෙලා උත්තර දුන්නා. 
"මගුලයි! උඹ කට වහගෙන උඹේ වැඩක් කරහං කෝ!"
ඒ කාලේ අපේ සර්විස් එකේ හෙඩ් බාස් වගේ හිටියේ මෛත්‍රී කියලා වයසක පහේ කෙනෙක්.
මිනිහා සූරයා!
එතකොට අපේ ඔයිල් ඉස්ටෝරුවේ තෙල් පෙරේරාත් එතන.
"මෛත්‍රී මගුලයි! කලූට අර මොන්ටෙරෝ ස්පොර්ට් එකට ඔයිල් දාන්න අමතක වෙලා!" මම මෛත්‍රීට වැඩේ කිව්වා!
"කෝ දැන් තෙල් ටික?" මෛත්‍රී ඇහුවේ නළල රැලි කරගෙනම.
"වාහනේ ඉස්සරහ වම් පැත්තේ!"
"හරි ඔයා කොහොම හරි ඔය යකාව විනාඩි පහකට ඔතනින් එහාට යවන්න; මම මොනවා හරි කරණ්නම්!" මෛත්‍රී සහතිකයක් දුන්නා.
මෛත්‍රී  අඩියට දෙකට වාහනය ළඟට ගියා.
එතන ඉන්නේ සිවා.
මෛත්‍රී සිවාට මොකක්දෝ කණට කරලා කිව්වා!
සිවා එයාගේ ලතාවට යන ගමනෙන් පැද්දි පැද්දී වැසිකිළිය පැත්තට ගියා!
දැන් මගේ අතෙයි වැඩේ තියෙන්නේ!
මම තත්පර දහයට බිල වැහුවා.
"සර්! මේක ගෙවලා එනවද?"
"මම වැඩේ ඉවර උනාම ගෙවන්නම්!" මේ මනුස්සයා කියපි!
"සර් කැෂියර් යනවා කිව්වා පොඩ්ඩක් උඩ ෆයිනෑන්ස් එකේ සේෆ් එක අරින්න! පොඩ්ඩක් වෙලා යයි එන කොට; මට කෝල් කරලා කිව්වා ඔයිල්, ඔයිල් ෆිල්ටර් අරණ් තියෙන වාහන වල බිල් වහලා ඉක්මනට එවන්න කියලා!"
පාරිභෝගිකයාට වාහනයෙන් කැමැත්තෙන් උවද ඈත්වන්නට ඈත් වෙන්න උනා. 
හයිඩ් පාර්ක් සර්විස් එකට වෙනම මුදල් අයකැමි කෙනෙක් අදටත් නෑ මම හිතන්නේ. එයා ඉන්නේ අමතර කොටස් අංශයේ පසුපස.
එතැනට සර්විස් එකේ ඉඳලා යන්න තිබුනේ පටු කොරිඩෝවකින් ගිහින් දෙපාරක් හැරිලා.
ඒක්ෂණයෙන් කැශියර් එකේ හිටපු මහින්ද මල්ලිට මම කෝල් එකක් ගත්තා!
"යකෝ ඔය එන සුදු පාට ටීෂර්ට් කාරයාව විනාඩි පහක් පරක්කු කරලා ඒවපං! මම ඌට කියලා තියෙන්නේ තව ටිකකින් උඹ ඔතනින් යනවා කියලා!"

විනාඩි හතක් අටක් ගත වෙන විට මහතා ප්‍රානීභූත වෙන කොට මෛත්‍රී මෙහෙයුම අවසන් කර තිබුනි!
තවත් පැය භාගයක් පමණ යන විට වාහනයේ සියළු වැඩ අවසන් උනා!
අපි දිහා බලන්නෙවත් නැතුව වාහනය අරන් යන්නට  මහත්තයා ගියා. ආපහු වාහනෙන් බැස්ස ඔහු කලූ ළඟට ගියා!
මොහොතකින් යන්නම ගියා!
මම කලූ ළඟට ගියේ විදුලි වේගෙන්!
මොකෝ උනේ?
"මොනව වෙන්නද මේ යකාගේ බර බරේට මට කරන වැඩ ටික කවලං උනා! ඇයි පිළිවෙලකට කරණ්න දුන්නේ නැහැනේ!"
"ඉතිං?"
"ඉතිං මුකුත් නෑ! 'තමුසෙ විතරයි මෙතන හරියට වැඩක් කරණ එකෙක් ඉන්නේ!' කියලා මට ඔය රුපියල් විස්සකුත් දීල ගියේ!" කලූ හිනා වෙවී කිව්වා!  

48 comments:

  1. අපොයි සම්සාරේ..පෝස්ට් එක කියෙව්ව ඒත් තේරුනේ අර ගොං කිරි වල කතාව විතරයි. 😜

    ReplyDelete
    Replies
    1. සැහැල්ලුවෙන් පසුව හිමීට කියවන්න! එතකොට තේරෙයි. මොනවා උනත් මෙහේ ආපු එකට ටැංකිව්!

      Delete
  2. තිතට වෙලාවට වැඩ පල කරනා වූ කලූ
    හොදට නෙමෙයි හොදටම හැම දෙයක්ම ඔහු බැලූ
    තැනට මෛත්‍රී හිටයා දෙවියන් නෙත් හෙලූ
    මොකට කියමි සිද්දියනම් සිනහ කඳුළු ගැලූ...😀

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දුමී! හැමදාම වගේ ලස්සන කවි පිළිතුරක්!

      Delete
  3. අපොයි කස්ටර්මර් සර්විස් වල තියෙන කතා අපූරුයි, රසවත්. ඊටත් වඩා හැම දෙයම බේරලා වැඩේ කරලා දෙන ටීම් එකක් ඉන්න එක ආයේ කියලා වැඩක් නැහැ.

    අර ගොං කිරි කතාව සුපිරි, එතුමා රුහුණු වෛද්‍යපීඨය ආරම්බක සමයේ ආපු රත්තරං මනුස්ස කණ්ඩායමේ කෙනෙක්. ඒ කාලේ 83-86 දක්වා ඔවුනට ස්වේච්ඡා කොම්පියුටර් රිසෝසස් එකක් හැටියට මං හිටියා. ඔවුන් අතින් වියදම් කරලා පර්සනල් කොම්පියුටර් ගෙනත් ලෙක්චර්ස් වලට පාවිච්චි කර උදවිය ඔවුන්.

    සුපිරි කතාව, ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් ගල්මල්!
      ඒ මහත්තයා මට මතක විදියට ගාල්ලේ ඇලෝසියස් විදුහලේ ආදිශිෂ්‍යයෙක්.
      ඒ වගේමයි නොම්මර එකටම මළ පනිනවා.
      එයා හොඳ මහත්තයෙක් කියලයි පුරසිද්ද!

      ඔව් ආයතනයක පහල ලේයරයෙන් හරි යමන් බැකින් එකක් නැතිනම් එයාලට පුළුවන් අපිට කෙළ කරණ්න! එයාලව කරේ තියාගන්නෙත් නැතිව ඒ අයගේ උදව්වත් අරණ් වැඩේ කරණ එක තමයි "කළමණාකරණය" කියලා කියන්නේ.

      බොහොමත ස්තූතියි මෙහි ඇවිත් නැවතිලා මොහිතක් දොඩමළු උනාට!

      Delete
  4. හම්මේ..... ඔලුවත් විකාර උනා මේක කියවද්දී..... අර කාරෙකේ මහත්තා වගේ කෙනෙක් මෙහෙන් මටත් කරදරේ... ඒ අස්සේ තමා ඉතින් කතාව කියෙව්වේ...
    අනේ ඉතින් අන්තිමට රුපියල් 20 යි ද හම්බුනේ...
    කමක් නෑ .. මෙච්චර කරදරෙන් කියවපු මට .20 ක් වත් හම්බුනේ නෑ නේ. හිටං

    ReplyDelete
    Replies
    1. ඔව් හැමතැනම ඔය වර්ගයේ බක පණ්ඩිතයෝ ඉන්නවා!
      ඔය කියන කාලේ රුපියල් 20 ක් කියන්නේ පොඩිම ගානක් නෙවෙයි.
      මොනවා උනත් මේ පැත්තේ ආවාට ඇවිත් ගියාට ඒ මදිවට කතාකරණ්න පොඩ්ඩක් නැවතුනාට ස්තූතියි එකෙන්ම!

      Delete
  5. තන්වැසි නුවණ කොයි තැනදිත් කරයි වැඩ
    අතිපණ්ඩිතයන් විහින් දාගන්නවා ලෙඩ
    රහයි පෝස්ටුව කියෙව්වෙ හිනා මැඩ
    ස්තුතිය කියා සමුගමි, දෙන්න ඉඩ

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රාජේ අපටත් මේවා හොඳ පාඩං!
      මම ගැන මම හිතුවත් මමත් වඩක් කර ගන්න ගියාම උගේ මොළේ කන සීන් එකක් තියෙනවා. ඇත්තටම එහෙම උනාම ඌට උගේ රිදමයට ඒ වැඩේ ගොඩ දාගන්න බැරි වෙනවා එකෙන්ම!

      කොහොම උනත් බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට!

      Delete
  6. ඔව් ඔව් තේරුණා (අපි නොදන්න ලිස්සන බාවය) මේ වගේ සියල්ල දත් අය නිසා වෙන්න ඇති දැන් සර්වීස් කරලා දෙනකම් එලියට වෙලා ඒසි එකේ ඉන්න සෙට් කරලා තියෙන්නේ.

    පොඩි ජෝක් එකක් මැකනික් කෙනෙක් ගැන, ප්‍රසිද්ද හාර්ට් සර්ජන් කෙනෙක්ට මිල අධ්ක හර්ලි ඩේවිඩ්සන් තිබුණා, මෑන් යන්නේ ටව්මේම ඉන්න හොඳම මැකනික් ගාවට. දවසක් මැකනික් බයික් එක තිතට ටියුන් කරලා දෙන ගමන් සර්ජන්ගෙන් ඇහුවලු. සර් මගේ වැඩත් හාර්ට් ඔපරේෂන් වගේ තමයි වෑල් මාරු කරලා පිස්ටන් දාල තිතට දෙන්නේ, ඇයි සර්ගේ මිල වැඩි මගේ පඩිය අඩු කියල. සර්ජන් කිව්වලු try doing your operation while the engine is running කියලා

    ReplyDelete
    Replies
    1. මම විජේබාහු

      Delete
    2. ඔව් මේක ඇත්තම ඇත්ත. මම දන්නා පරිදි ශ්‍රී ලංකාව තුල පවතින මෝටර් රථ ඒජන්ත වරුන්ගේ වැඩහල් අතුරින්; පාරිභෝගිකයා හට තම වාහනයේ සේවාව, අලුත්වැඩියාව බලන්න ඒ අසලට ගමන් කිරීමට හැකි එකම ස්ථානය යුනයිටඩ් මෝටර්ස් !

      ඔව් මමත් අහලා තියෙනවා ඒ කථාව. "ඩොක්ටර් ලඟට එන ලෙඩෙක්ගෙන්; එයාට දැනෙන දේ මොකක්ද කියලා අහගන්න පුළුවන්. කොතනද රිදෙන්නේ කොතනද හිරි වැටෙන්නේ කියලා දැන ගන්න පුළුවන්. බලන්න ඒත් අපිට එහෙම බෑනේ? ඉතිං ඒ පැත්තෙන් බැලුවාම ගැරෙජ් බාස් කෙනෙක්ට වඩා වැඩියෙන් චාර්ජ් කරණ එක සාධාරණද?" කියලා!

      කොහොම උනත් එළ කථාවක්!

      Delete
  7. අම්මප පණ්ඩිත් ජී ල එක්ක වැඩ කරන්ඩ ගියාම ඕමම තමා.
    අවුරුදු දෙක තුනකට කලිං killing machine එහෙක target එක ඇජස් කරන්න ගොහිං මටත් ඕම උනා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. දෙයියනේ killing machine කියන මගුල මොකක්ද? ඔය කියන කථාවත් ලියමුකෝ!

      Delete
    2. පිළිකා මරණ මැෂින්, ටොලරන්ස් එක අංශක දශම 1යි, මිලිමීටර් දශම 6යි.
      ටාගට් එක වැරදිලා පිළිකාවෙන් පිට ෂූට් කලොත් බඩුම තමා. එහෙම වෙලා තියෙනවා!

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. අම්මට සිරි ටාර්ගට් එක වැරදිලා අල්ලපු ඇඳේ එකාව වත් මලාද? - තට්ටයා

      Delete
  8. වාහන ගැන ලියන කතාවලින් තේරුනේ මේක විතරයිද කොහෙද!

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං මේකවත් තේරෙන්න ලියා ගත්තා! ජයවේවා! - තට්ටයා

      Delete
    2. මම අදහස් කළේ වාහන ගැන මගේ තියන දැනීම ගැන.

      Delete
    3. 😂😂😂😂 අවුලක් ගන්න එපා! මම ලියන ඒවායින් බොහොමයක් මටවත් තේරෙනවා හොරයි! 😂😂😂

      Delete
  9. ඩ්‍රේන් ටැප් එකත් ඇරියට පසසේ තෙල් මාරු කරන්න අමතක වුනා නම් තමයි වැඩේ නියමටම පත්තු වෙන්නේ.... මම දන්න තැනක ඩ්‍රේන් ටැප් එක වහන්නේ නැතුව එන්ජිමට තෙල් දැම්මා. වටේ පිටේ එවුන් කෑගහලා තමයි වැඩේ ගොඩ දාගත්තේ...
    කොහොම වුනත් ඔබතුමාගේ incident management ability එක නම් සුපිරියි.
    බොහොමත්ම ස්තුතියි ඉදිරිපත් කිරීමට ..
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්! ඩ්‍රේන් ටැප් එක ඇරලා තෙල් නැතුව තමයි වාහනේ මම සර්විස් එකෙන් එළයට ගත්තෙත් අන්ඩර් වොෂ් බේ එකට දැම්මේත්.
      තෙල් බිංදුවක් වත් එන්ජිමේ නැතිව!
      - තට්ටයා

      Delete
    2. අප්පට සිරි.... කන කොනිින්නෙ ගිහින් තියෙන්නේ........
      - වීරසිරි බන්ඩාර -

      Delete
  10. හැක්.. මදෑ කොලා හොඳ වෙලාවට කෑන් එක පෙරලුනේ. නැත්තං අර පඬි තුමා තෙල් නැතුවම ඇරගන්නව.
    ඔය වගේ පොරවල් නං වැඩක් කරන වෙලාවට ඇනයක්ම තමයි.

    තත්වයෙන් උසස් වෙනකොට පහළ ඉන්න උං ගණං ගන්නැති උනාට අන්තිමේ උංට තමයි කෙලවෙන්න යන හැම දේම ගොඩදාන්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්-නයා! හොඳ වෙලාවට ඒක පෙරලුනේ!
      ඔව් පොඩි එවුංව බැලන්ස් එකේ තියා ගන්න ඕන අනිවා!
      - තට්ටයා

      Delete
  11. යුනයිටඩ් මෝටර්ස් ඔරුගොඩවත්ත එකට තමයි අපගේ අමාත්‍යාංශයේ මිට්සුබිෂි වාහන අලුත්වැඩියාවට, සේවා කටයුතු සදහා යවන්නේ. L200 අංශයේ කලන කියලා කෙනෙක් ඉන්නේ. රියදුරන් නං හැමදාම අමාත්‍යාංශය ප්‍රවාහන ඒකකයට ඇවිත් කන් කෙදිරි ගානවා එතන වැඩ හරි නැහැ කියලා.
    රජයේ වාහන වලට ලොකුවට බිල දානවා. සේවා කටයුතු වල තත්වය හොද මදි කියලනේ කියන්නේ.

    මහේෂ්

    ReplyDelete
    Replies
    1. මහේෂ් මෙහෙම දෙයක් තියෙනවා!
      බොහෝ රජයේ ආයතන වල රියැදුරන්; නියෝජිත සමාගම් වලට අයත් වැඩහල් සහ සේවා ස්ථාන වලට එන්නට කැමති නෑ.
      ඒ අයට පෞද්ගලික සේවා ස්ථාන වලින් රියැදුරන්හට ලැබෙන දොළ පිදේනි පිළිබඳව මම දන්නවා.
      අපගේ සේවා ස්ථාන වල සේවා කරණ වාහන වල සේවා තත්වය පිළිබඳව මමත් සෑහිමකට පත් වෙන්නේ නෑ. ඒ කියන්නේ වාහනේ පිරිසුදුකම බොඩියේ තත්වය වගේ කාරණා බැලුවොත් නම් අපේ ආයතනය එහෙම පිටින්ම අල ගෝනියක්.

      ඒත් නියමිත් අමතර කොටස් යෙදීම තෙල් යෙදීම වගේ කාරණා වලදී අපගේ ආයතනය තිබුනේ බොහෝ ඉදිරියෙන්.

      බොහෝ සාමාන්‍ය සේවා වලින් රියැදුරන් හට අතට මුදලක් හෝ ප්‍රතිශතයක් ලබාදෙනවා. මේක කියන්නේ වගකීමකින්!
      ඊට අමතරව රියැදුරන්ගේ පෞද්ගලික වාහන සේවා කෙරෙන්නෙත් මුල් ගිනුමෙන්මයි.
      බොහෝ එවන් ස්ථානවල යෙදෙන අමතර කොටස් ජෙනුයින් ඒවා නම් නොවේ!
      ජෙනුයින් සේම වූ ෆේක් අමතර කොටස් වෙළඳ
      පොලේ ඕනෑ තරම්!
      කලනව මම දන්නවා වගෙයි මතක! මම දන්න එකා නං ඒ තරම් අලයෙක් නොවේ!

      Delete
    2. ඔව් තට්ටයා. ඔබ කියන දේ හරි. රියදුරන්ට වාසියක් නැති එකත් හේතුවක් වෙන්න ඇති.
      අලුත් වැඩියා නම් නිවැරදිව වෙනවා ඇති කියලා මමත් විශ්වාස කරනවා.

      හැබැයි වාහනයේ පිරිසිදු කිරීම් නම් හොද නැහැ කියලා අපිත් කීප විටක්ම නිරීක්ෂණය කර තිබෙනවා.
      අයකරන මුදල සැලකිය යුතු ලෙස ඉහලයිනේ. රජයේ මුදල් උනත් ඇතැම් ඇස්තිමේන්තු දුටුවම මත විශ්මයට පත්වෙනවා. අමාත්‍යාංශ රෙගුලාසි අනුව වෙන තැන් වලට යවන්න බැහැනේ වාහනය අලුත් වැඩියාවට.

      කලන නං හොද කෙනෙක්. ඔහු මහන්සි වී වැඩ කරනවා. අනෙකුත් අංශ වල තමයි ගැටලුව තියෙන්නේ.

      ඔබ කලින් මෙහි රචනා කෙරු වාහනය වතුරට අහු උනාම මොකක්ද කරන්නේ කියන ලිපිය මම අමාත්‍යාංශ රියදුරන්ට ලබා දී තිබෙනවා පරිශීලනයට.
      අමාත්‍යාංශ ඩිෆෙන්ඩර් රථයක් වතුරට අසුවී රියදුරුට එය කල්පනා වී ලොකු හානියක් නොවී රථය අලුත්වැඩියා කරගන්නට පුළුවන් උනා. එම ලිපියට නැවතත් තුති.

      මහේෂ්

      Delete
    3. ස්තූතියි! ඔව් ඕකට කරණ්න තියෙන හොඳම දේ ඔරුගොඩවත්තෙන් මිකනිකල් සර්විස් එක කරගෙන දෙමටගොඩ ඔටෝමිරාජ් ( දැන් ඩ්‍රයිව් ලයින්) එකෙන් හෝදන පිහිෆ්හාන කටයුතු කරගන්න එක!
      ස්තූතියි!

      Delete
  12. එන්ජින් ඔයිල්, ට්‍රාන්ස්මිෂන් ඔයිල්, කූලන්ට් විතරමයි දාන බව දන්නෙ. ග්‍රීස් ගහනව දැකලත් නෑ, ගහලත් නෑ. ලීක් එකක් නිසා එකපාරක් විතරක් ස්ටියරින් ඔයිල් දැම්මා.🤔

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ප්‍රොපෙලර් ශාෆ්ට් එකේ ග්‍රීස් නිපල් එකක් එනවා! ස්තූතියි
      - තට්ටයා

      Delete
  13. //තක්කඩි වූත් තර්කාණුකූලවූත් පිළිතුරක් ඇත// - අපෙ ඇමටි හුටංලටත් තියෙ නෙ.
    අනේ මෙ කිව්වෙ... උන්දලත් මුදලාලිල කියනං නෙමේ ඕං 😁🙈

    වාත පොරවල් මුලිංම පිටත් කරන එක මාත් කරනව. නැහ්නං වෙන වැඩක්වත් කරගන්න බැරැව යනව උන්දල එක්ක

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ! ඔය පාලක පක්ෂය හැම වෙලාවෙම පාවිච්චි කරණ්නේ ඒවගේ කටට පිහියෙන් අනින්න හිතෙන උත්තර තමයි.
      "ඉන්ධන මිළ පහත හෙලන්නේ නැත්තේ එතකොට මිනිස්සු රස්තියාදු ගහනවා වැඩියි!" මේවා තාර්කික තක්කඩි ප්‍රකාශ තමයි! වෙන මොනවාද?

      ඔව් නමියා කරදරකාරයෝ ජීවිතෙන් උනත් ඉක්මනින් පලවා හරින්න ඕන!

      Delete
  14. පෙට්‍රල් වාහනේකට වැරදිලා ඩීසල් ලීටර් දෙකක් විතර වැදිලා ස්මෝක් ස්ක්‍රීන් එකක් හදාගෙනනම් ධාවනය කරල තියනව

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ! ඔය පාලක පක්ෂය හැම වෙලාවෙම පාවිච්චි කරණ්නේ ඒවගේ කටට පිහියෙන් අනින්න හිතෙන උත්තර තමයි.
      "ඉන්ධන මිළ පහත හෙලන්නේ නැත්තේ එතකොට මිනිස්සු රස්තියාදු ගහනවා වැඩියි!" මේවා තාර්කික තක්කඩි ප්‍රකාශ තමයි! වෙන මොනවාද?

      ඔව් නමියා කරදරකාරයෝ ජීවිතෙන් උනත් ඉක්මනින් පලවා හරින්න ඕන!

      Delete
  15. ඇණයක් උනහම තමංගෙ වැඩේ නොකෙරෙන සම්භාවිතාව වැඩි බව ඇණවලට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ! ඔය පාලක පක්ෂය හැම වෙලාවෙම පාවිච්චි කරණ්නේ ඒවගේ කටට පිහියෙන් අනින්න හිතෙන උත්තර තමයි.
      "ඉන්ධන මිළ පහත හෙලන්නේ නැත්තේ එතකොට මිනිස්සු රස්තියාදු ගහනවා වැඩියි!" මේවා තාර්කික තක්කඩි ප්‍රකාශ තමයි! වෙන මොනවාද?

      ඔව් නමියා කරදරකාරයෝ ජීවිතෙන් උනත් ඉක්මනින් පලවා හරින්න ඕන!

      Delete
  16. ටෝබො එකට නං ඕනැන්නෙ නෑ හැබැයි සුපර් චාජ් ඇන්ජිම එක පාරට නවත්තන්න එපා කියල නේද පොතේ තියෙන්නෙ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මට ඒ ගැණනම් නිවැරදි අදහසක් නෑ. මොකද සුපර් චාර්ජර්ස් තියෙන එන්ජින් දකින්නට නොලැබෙන නිසා. මෙරට දුවන කිසිදු රථයක; ටර්බෝ ටයිමරයක් නිෂ්පාදකයා විසින්ම සවිකොට එවා තියෙනවා මා දැක නෑ.

      Delete
  17. තමුන්ගේ පලවෙනි වාහනේ වගේ උනාම ඔය වගේ දේවල් වෙනවා.

    හැබැයි නම ගිය ඔටෝ සර්විස් එක්ක තිබ්බා , බැරල් වලින් තෙල් ගහල හිස් ලීටර් බෝතල් වලට පුරවන, ඒ බෝතල් වල ඇලුමීනියම් සීල් එක නෑ.

    ReplyDelete
    Replies
    1. දැzන් තියෙන අලුත්ම සීන් එක කිව්වොත් ඇඟ සීතල වෙනවා.
      සර්විස් වලින් අයින් කරණ කළුතෙල් (දැවි තෙල්) එකතු කරගෙන යන්වා දැකලා ඇතිනේ?
      ඒවායින් යම් කොටසක් භාවිතා කරණ්නේ වාත්තු වැඩ කාණ තැන් වල උඳුන් දහනයට.

      අනෙක් ඒවා ගෙනිහින් සතියක් හමාරක් හෝ ඒ ආසන්න කාලයක් තිබ්බාම තෙල් වල කළු ගතිය පහත එසෙත් නැතිනම් අඩියේ තැන්පත්වී උඩ ඇති තෙල් ටික පැහැදිලි වෙනවා.
      සමහර තැන් වල විශේෂ යන්ත්‍ර සකසා තියෙනවා ෆිල්ටර් කරණ්නත්.
      මේ තෙල් නැවත සේවාස්ථාන වලටම විකුණනවා කියල්යි ආරංචි!

      Delete
  18. ගරාජ් එකකට ගියොත් අපිව අන්දනවා කියන කතාව සනාථ කරන කතාවක්.😀

    ReplyDelete
    Replies
    1. ඕන්න පටල ගත්තා!
      ගරාජ් එකකට හරි වෙනයම් තැනකට හරි ගියාම සද්දෙ වහලා වෙන දේ බලාගෙන ඉඳලා අවුලක් නම් අදාල කෙනාට කියන්නයි ඕන!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...