දෙසට කඳුකරේ කිතු ගී පුන ගැයුම: දෙසට කඳුකරේ නගමි ඇස් මගේ එනු ඇතේ එතැනිනේ උදව් පිහිට මා සොයා අහස හා පොළොව හා මැව්ව සමිඳුනේ මගෙ සහයට ඔබ මැ වඩින්නේ දෙපා හැපී නොවැටෙන ලෙස එතුමෝ ඔබ රකිත්වා ඔබෙ මුරකරු එතුමාණෝ ඔබ නිති මුර කරත්වා එතුමන් නෑ කවදාවත් නිදි කිර කිර සිටින්නේ ඊශ්රයෙලුන් රකින්නෝ නො නිදති කිසි දිනක හෝ සුරකු ඔබට ඔබ හෙවණ, සුරිඳෝ වෙති නිති ...
පෙමින් පිදුන ඔබේ දිවිය කිතු ගී පෙමින් පිදුන ඔබේ දිවිය කුරුසෙ මත එදා ලෙයින් ඔබේ දෙව්නි අපේ පාපි බව සදා අතින් අපේ පිදෙන පඬුරු සමග දුක් කඳා බැතින් බරවැ පුදමු ඔබට ආදරින් මෙදා පුන ගැයුම: මෙන්න අපේ තිලිණ ඔබට අප මෙදා ගෙනා රැගෙන දෙන්න සුහද සමිඳ ඔබේ පෙම් දයා ඔබේ පෙම් දයා දුකන යදින පුදන පවිටු දුගී දනා මෙදා නැමුන දණින් පුදා පූපෙ පව් කමා යැදා ...
දෙවිඳුනි ඔබ හට වඳිනු සදා කිතු ගී දෙවිඳුනි ඔබ හට වඳිනු සදා ඔබ පුතු පඬුරම පුදමු මෙදා දිවි දෙන පූපය මෙන්න අපේ මිදිරස සිරිලෙය ගන්න පියේ දෝතට අරගෙන පඬුරු කරන්නට ඔබ වෙත රොක් වෙමු ජය ශ්‍රී පතුරා රස පැන් මිදිරස හා මුසු වී මනු බව සඟවයි දේව බවේ ජේසුනි හද තුළ අප සඟවා දෙවි දරු කරන්න පවින් මුදා දිවි දෙන පූපය මෙන්න අපේ මිදිරස සිරිලෙය ගන්න පියේ ...
දහම් වැඩුමට කිතු ගී දහම් වැඩුමට සවන් දුන් අපි දේව වදනේ හරය ඔබ වේ දිවි වඩා සොඳ ගුණෙන් යහපත් එළිය කරවමු අඳුරු හදවත් රැගෙන තේරුම් වදනෙ හරයන් කවා හදවත් තුලට සැනෙකින් කෙමෙන් අප සැම නගමු පියමන් දිනෙන් දින ඔබ කරා සතුටින් පිනිබිඳු (3) 11 පිටුව ...
සුවඳ දිදී පිපුන උදේ කිතු ගී පුන ගැයුම: සුවඳ දිදී පිපුන උදේ සෙව්වන්දියක් වගේ නිමල බවේ සුවඳින් මා පුබුදනු මැන සමිඳේ දෙපයට පෑගෙන අවිහිංසික උඳුපියළි කොළේ වාගේ මා අවිහිංසක කළ මැන සමිඳුනි ඔබෙ හදවත වාගේ හිරු දැකලා ජලයෙන් පිටතට ඇදෙනා නෙලුමක් වාගේ පාප බවින් මා පිටතට ගත මැන දකිනට වත ඔබගේ සමිඳු තරංගා 23 පිටුව ...
බාර ගන්න සමිඳුනේ කිතු ගී බාර ගන්න සමිඳුනේ හැම නිදහස මගෙ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ මා සතු හෝ මටැති හෝ හැමෙක ඔබෙන්ම ලැබුවේ ඒ හැම පිටින් යළිත් ඒ පවරා දෙමි අතටො බේ අතට ඔබේ පාලනේ සඳහා දෙමි සියලු දේ කරන්න ඔබ කැමති සේ මගෙ කැමත්ත නොව ඔබේ ඔබට පසස ගී (3) 37 පිටුව ...
මොනවට ඔබ මට පඬුරු ගෙනාවේ කිතු ගී මොනවට ඔබ මට පඬුරු ගෙනාවේ කිළිටි නේද ඔබෙ හිත ඇතුළේ සහෝදරය හා ඔබේ හිතේ කහට බැඳී ඇත අමනාපේ පුදසුන ළගැ ඔබෙ පඬුරු තියාලා සොහොයුරු ඔබගේ යන්නැ සොයා එන්නැ ඔවුන් හා සමගි වැලා පිරිසිදු සිතෙකින් පුදනට මා ඔබට පසස ගී (6) 41 පිටුව ...
කන්කළු රස බර කිතු ගී පුන ගැයුම: කන්කළු රස බර ගීත ගයා පියා සලා යන මිහිර සොයා සිඟිති කුරුල්ලන් කවා පොවා සමිඳුන් සුරකිති උන් සතපා ලස්සන කුසුමන් පිපෙති කැලේ ඕලු නෙලුම් හිනැහේ ජලයේ විලේ පිපෙන සුදු ලිලී මලේ ජීවය දෙවිඳුන් ගෙන් ලැබුනේ තණමත රැදි පිනි බිඳු විලසේ ඇතිවී නැති වන ලෝ සැමදේ නොසොයා දහසක් සැප ලෝකේ සොයමු සමිඳු හා සැප සගයේ පියුම් පොට්ටු (1) 1 ...
මා පියුමක් ලෙස කිතු ගී මා පියුමක් ලෙස ඔබ පාමුල පරව ගියාවේ දූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුනාවේ තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ ඝන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා මඳ පවනක් ලෙස ...
වෙහෙසෙන්නෝ කිතු ගී පුන ගැයුම: වෙහෙසෙන්නෝ බර උහුලන්නෝ එත්වා මා වෙතැ එත්වා ඒ ඒ සියලුදෙනා කැඳවා නිමව් ඔවුන් මම් සන්හිදුවා දහඅට වසරක් කුදු ගැහිලා සිටි ඒ ගැහැනිට පිහිටවුණේ සමිඳුන් සුරතේ පහස ලබා සුවපත් වූවා එ ලඳ වහා සමාජයෙන් පිළිකුල් කැරැලා ඈත් කරපු ලාදුරු දුගියා ජේසුගෙ පාමුලැ වැඳ වැටිලා කළ කෙන්කෙදිරිය ළය තැව්වා අඬා ඇවිත් පොලොවේ හැපිලා දූගේ විපත අම්මා කීවා නොසැලෙන ඇගේ විස්වාසෙ ...
සැලෙන හදින් කිතු ගී සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී මාර්ගයද ඇත්ත ද ජීවනය ...
ප්‍රේමය වේ උතුම් කිතු ගී පුන ගැයුම: ප්‍රේමය වේ උතුම් සහෝදර ප්‍රේමය වේ උතුම් // ප්‍රඥා ශක්තිය දහම් දෙසුමෙ බල තිබුණද නැත පල ප්‍රේමය නැති කල අන්‍ය භාෂා හා දිවැස් වැකිය වුව සුවයෙ දීමනා තිබුණද අයිතිව මහමෙර සොලවන විශ්වාසය හා බලාපොරොත්තුව තිබුණද තිර ලෙස පූජා කෙරුවද මා සතු සැම දේ එහි ඇති කිම පල ප්‍රේමය නැති කල ඉවසිල්ලෙන් කරුණාවෙන් පූර්ණ වූ සියලුම යහපත් ගුණෙන් අනූන ...
පසස පසස සමිදාණන් කිතු ගී පුන ගැයුම: පසස පසස සමිදාණන් එතුමන් සාන්තුවරයේ උසට පසස එතුමාණන් විකුමන් පිරි අහස් තලේ විස්කම් එතුමාණන් පෑ සඳහා වනවව් එතුමා එතුමන් මහ තෙද මහිමේ සලකා පසසව් එතුමා හොරණෑ හඬ පිළිරැව් දී එතුමන් වනව් බබුළුවා වහිණ වෙසෙස් එකතු වැලා හිමිපා වනව් බබුළුවා කිකිණි රබන් හඬට නටා සමිඳුන් වනව් ගොස ගොසා නළා හඬින් තත් මැදුමෙන් සමිඳුන් වනව් පුන පුනා අත්තාලම් ගැටුම් ගොසින් ...
සමිඳුනි ඔබ මට කිතු ගී පුන ගැයුම: සමිඳුනි ඔබ මට වාසනා නිතරම ගෙන එනවා ඔබගේ සෙනෙහේ මා වෙනුවෙන් සැමදා ඉතිරී යනවා ඔබ මගෙ අත අල්ලාගෙන ආදර තාත්ත ලෙස මාගේ උතුරා යන සෙනෙහසකින් මා නිතරම සුරකින්නේ සතුරන් මට වින කරන්නට තැනුවත් නැහැ මම බය වන්නේ ඔබ මා නපුරෙන් සුරකිනවා නොසැලෙන පවුරක් සේ ජාල මැද ගිනි මැද යන්නට වූවත් නැහැ මම බය වන්නේ කොහෙ සිටියත් මගෙ නම ...
අරකිනු මා අරකිනු කිතු ගී අරකිනු මා අරකිනු දෙවිඳේ ඔබ මට කෙම් බිම වූහ මගේ දෙවියනි ඔබ වෙති මගෙ සමිදෝ මගෙ සැපතේ සුල මුල ඔබවේ පුන ගැයුම: උරුමේ කොටස මගේ විත මගෙ ඔබ සමිඳේ ඔබ ළඟ ඇසුරේ සුරතේ හෙවණේ මගෙ තොස ආනන්දේ එතුමන් දෙස් ගතවුන් සඳහා විස්මකුරුයි සැලැකුම් ඔබ පෑ ඒ හිතවත් පින්වතුන් නිසා මගෙ හැම අසා පිරිමැසුණා උරුමෙ කොටස මගෙ විත සමිදෝ මගෙ අයිතිය ...
මා සඳහා දිවි පිදුවේ කිතු ගී පුන ගැයුම: මා සඳහා දිවි පිදුවේ මරණෙන් හෝ උත්ථාන වුණේ ඔබ ඇරැ වෙන කවුදෝ කවුදෝ ජේසු මගේ කිතු සමිඳේ වින විපතට හෝ වේවා දුක් වෙයිනට හෝ වේවා කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා කාට හැකි දැ වෙන් කරනට මා පිඩාවට හෝ වේවා සාගින්නට හෝ වේවා කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා කාට හැකි දැ වෙන් කරනට මා දුගී දුකට හෝ වේවා කඩු පහරට හෝ ...
දේව වචනයට කිතු ගී දේව වචනයට සවන් දුනිමු අපි එමඟින් අපහට, නව ජීවනයක් සැලසෙනවා // එම වදනින් අපි ජීවිත හරි මඟ ගෙන යන්නට අද සමිඳුන් පාමුල කැපවෙනවා // දේව වචනයේ රහස උරාගෙන ඒ රසයෙන් අපි, සවිය ලබා ගෙන පිබිදෙනවා // සුදතුන් ආසිරි වරම් දිනා ගෙන එතුමන් වරමින් නුවණ ලබා ගෙන පැහැදෙනවා කිතුනු ළමා ගී (1) 3 පිටුව ...
ඈතින් ඇසෙනා කිතු ගී ඈතින් ඇසෙනා ඒ ගී රාවේ සමිඳුනි – ඔබෙ පැසසුම් කියැවේ කඳුවැටි පීරි හමනා සුළගේ සමිඳුනි – ඔබෙ පැසසුම් කියැවේ පුන ගැයුම: ජය ශ්‍රී වේවා පැසසුම් වේවා සමිඳේ ඔබ නිති සැරදේවා ගලමින් බසිනා ගඟ දිය රැල්ලේ සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ ගල්පර පීරා හැලෙනා ඇල්ලේ සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ සුළඟින් සැලෙනා බර වී කරලේ සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ දැල්ගොඩ ඇදෙනා ඒ සුදු ...
දේව වදනට තුති පැසසුම් දෙව් කිතු ගී පුන ගැයුම: දේව වදනට තුති පැසසුම් දෙව් තුති පැසසුම් නද සමිඳුට නංවව් ආලේලූයියා // කරුණා ගුණ ඇති දේව සමිඳුන් වදන පිළිගෙන අදර බැතියෙන සමිඳු වර ඇති එගුණ වදනට සදා පින්දී දෝත නගමින දෙපා ගමනට එලිය ගෙන දෙන අසිරි වදනින් දිරිය අරගෙන දෙවිඳු හිතවත්වූන්ගෙ කැලමෙන් සමිඳු ගුණ දම් සදා වඳිමින දෙලෝ අග රජ සමිඳු වන වග දෝත මුදුනින් බැතින් පිළිගෙන පසස ...
අසුන් අරා කිතු ගී පුන ගැයුම: අසුන් අරා සග රජ දහනේ වැජබෙන ඔබ තුමනේ නඟා සිටිම් මම් දෑස මගේ තම හාම් පුතුන් අත දිහා බලා දසුන් සිටින ලෙසැ ඇස් හරවා අත සාම්දුව දෙසැ දෙසැමැ බලා දැස්ස සිටින ලෙසැ ඇසුත් යොමා ඉති, බලව් අපේ ඇස් සමිඳු කෙරේ අප පරමත් දෙව් සරන් කෙරේ ඇත ඔසොවා නොබලන තුරු එතුමා අප පිටැ කරුණා ගුණ එළවා අනුකම්පා කරනු මැනව ...