කන්කළු රස බර

පුන ගැයුම:

කන්කළු රස බර ගීත ගයා
පියා සලා යන මිහිර සොයා
සිඟිති කුරුල්ලන් කවා පොවා
සමිඳුන් සුරකිති උන් සතපා

ලස්සන කුසුමන් පිපෙති කැලේ
ඕලු නෙලුම් හිනැහේ ජලයේ
විලේ පිපෙන සුදු ලිලී මලේ
ජීවය දෙවිඳුන් ගෙන් ලැබුනේ

තණමත රැදි පිනි බිඳු විලසේ
ඇතිවී නැති වන ලෝ සැමදේ
නොසොයා දහසක් සැප ලෝකේ
සොයමු සමිඳු හා සැප සගයේ

පියුම් පොට්ටු (1) 1 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න