දේව වදනට තුති පැසසුම් දෙව්

පුන ගැයුම:

දේව වදනට තුති පැසසුම් දෙව්
තුති පැසසුම් නද සමිඳුට නංවව්
ආලේලූයියා //

කරුණා ගුණ ඇති දේව සමිඳුන් වදන පිළිගෙන අදර බැතියෙන
සමිඳු වර ඇති එගුණ වදනට සදා පින්දී දෝත නගමින

දෙපා ගමනට එලිය ගෙන දෙන අසිරි වදනින් දිරිය අරගෙන
දෙවිඳු හිතවත්වූන්ගෙ කැලමෙන් සමිඳු ගුණ දම් සදා වඳිමින

දෙලෝ අග රජ සමිඳු වන වග දෝත මුදුනින් බැතින් පිළිගෙන
පසස ගයමුව සමිඳු දෙවිඳුට රකින බව හැම සමරමින් අප

පියුම් පොට්ටු (1) 13 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න