ඈතින් ඇසෙනා

ඈතින් ඇසෙනා ඒ ගී රාවේ සමිඳුනි – ඔබෙ පැසසුම් කියැවේ
කඳුවැටි පීරි හමනා සුළගේ සමිඳුනි – ඔබෙ පැසසුම් කියැවේ

පුන ගැයුම:

ජය ශ්‍රී වේවා පැසසුම් වේවා
සමිඳේ ඔබ නිති සැරදේවා

ගලමින් බසිනා ගඟ දිය රැල්ලේ සමිඳුනි ඔබෙ
පැසසුම් කියැවේ
ගල්පර පීරා හැලෙනා ඇල්ලේ සමිඳුනි
ඔබෙ පැසසුම් කියැවේ

සුළඟින් සැලෙනා බර වී කරලේ සමිඳුනි
ඔබෙ පැසසුම් කියැවේ
දැල්ගොඩ ඇදෙනා ඒ සුදු වැල්ලේ සමිඳුනි
ඔබෙ පැසසුම් කියැවේ

සත්සර බැති ගී 3 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න