මා පියුමක් ලෙස

මා පියුමක් ලෙස ඔබ පාමුල පරව ගි‍යාවේ
දූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ
මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුනාවේ
තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ

ඝන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා
ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා
මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා
දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා

මඳ පවනක් ලෙස මා ගත වැද සිසිල ගෙනාවේ
ඔබ සීතල රැයකට මා හට උදුන වුනාවේ
ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා
රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා

පියුම් පොට්ටු (1) 44 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න