Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
ධනයට ගැරහූ අයෙකු හමුවිය Sumanadasa Samarasinghe මා කුඩා කල පටන් නමින් අසා තිබුනු සුප්‍රසිද්ධ කෙනෙක් මෑත කාලයක දී මට හමුවිය. මෙම උතුම් මනුෂ්‍යයා එදා මෙන්ම අදත් ධනයට ගරහමින් කතා කරන කෙනෙකි. එම නිසාම ඔහු අද සිටින්නේ තමන්ට ය කියා ඉන්නට ගෙයක් හෝ බිම් අඟලක් හෝ නැති කෙනෙකු වශයෙනි. මහළු වයසේ දී අවශ්‍ය පහසුකම් නැතිව ඉතා දුකසේ ඔහු ජීවත්වෙයි. තරුණ කාලයේ ධනයට ගරහන ඕනෑම කෙනෙකුට මහළු වයසට ...
ජනාධිපතිතුමනි! මරණ දඬුවම එපා Sumanadasa Samarasinghe මරණීය දණ්ඩනයට නියමවන අපරාධකරුවන් එල්ලුම්ගස් යැවීමට අවශ්‍ය ජනාධිපතිතුමන්ගේ අත්සන එතුමන් විසින් යොදන්නේ නැතිබව මුළු රටම දනී. මෙය මහා දුර්වලකමක් යයි පෙන්වීමට විරුද්ධවාදීන් මෙන්ම ඇතැම් රාජ්‍ය පාක්ෂිකයින් ද වෑයම් කරති. මානසික රෝගියෙකු නොවන මිනිසෙකු මෙතෙක් හිතාමතා ඕනෑකමකින් තවත් මිනිහෙකු මරා නැත. සිහි විකල වූවන් හා මත්පැනින් සිහිය අවුල් කරගත් අය මිනීමැරීමට පෙළඹෙති. හොඳ සිහියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයෙකු අතින් කිසි කලෙක තවත් ...
අවබෝධය උතුම් ය Sumanadasa Samarasinghe අඳ බාල කමින් හා තමාට වඩා දැනුමැතියෙක් නැතැයි සිතාගෙන සිටීමෙන් බොහෝදෙනා දුකට පත් වී සිටිති. සමහරු තමා ළඟ ඇති ඉතා ස්වල්ප දැනීම නමැති මිම්ම අනුව ගැඹුරු දර්ශන මනින්නට වෑයම් කරනු පෙනේ. අප හැම දෙයක් ගැනම සිතන්නේ අපේ දැනීම අනුව බව ඇත්තකි. එසේ නමුත් වටහා ගත නොහැකි කරුණු වටහා ගැනීමට වෑයම් කරනවා මිස මනින්නට යෑම අඥානකමකි. චිත්ත ධර්ම විද්‍යා ප්‍රබල සිද්ධාන්තයක් ...
උද්යෝගය තුල ඇති පුදුම බලය Sumanadasa Samarasinghe ඔබ අසා ඇති අනිකුත් සියළුම යෝග හා සංයෝග වලට වඩා උද්යෝගය තුල මහා පුදුම බලයක් ඇත. උද්යෝගය නොමැතිව කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් මෙතෙක් කිසිවකු ලබා නැත. උද්යෝගයෙන් කටයුතු කළ යුතුය යන වගන්තිය හා උපදේශය ඔබ කොතෙකුත් අසා ඇත. කියවා තිබෙන්නට ද පුළුවන. එහෙත් මිනිසා උසස් බවට, ධනවත් බවට, උගත් බවට හා කොටින් ම ශ්‍රේෂ්ඨ බවට පත් කරවීමට උද්යෝගය නැමති මානසික බලවේගයට පුළුවන් ...
බාධක මැදින් ජය ලබන්න Sumanadasa Samarasinghe බාධක මැදින් අදහස් ඉටුකර ගැනීමට හැකි අපූරු ශක්තියක් මිනිසා තුල තිබේ. මුතු බෙල්ලාගේ කට්ට තුලට බාධකයක් රිංගා ගැනීම නිසා එම බාධකය වටා අගනා මුතු ඇටයක් සෑදේ. ඔබේ ජීවිතය ඉදිරියට එන සෑම බාධකයක්ම වටිනා මුතු ඇටයක් කරගැනීමට ඔබටත් පුළුවන. මට බැහැයි කියා හෝ සිතා, යමක් පටන් ගන්නා වැඩක දී බාධාවක් ඉදිරිපත් වූ සැනින් පුද්ගලයා අධෛර්මත් වේ. ඊ ළඟට ඔහුගේ වේගය අඩුවේ. ...
නිවැරදි ගමන් මග Sumanadasa Samarasinghe ලෝකයේ හරි මැද කොතැනක දැයි කෙනෙකුගෙන් ඇසූ විට තමා ඉන්නේ ලෝකයේ මැද යයි ඔහු පැවසුව හොත් එය වැරදි යයි කිව නොහැක. තවත් කෙනෙකුට ද එය එසේම කිව හැකිය. ඒ හැම දෙනාටම ලෝකය සතු හෙයිනි. ඒ එක් කෙනෙකුටවත් වෙන විශේෂ සුදුසුකම් අවශ්‍ය නැත. අත්තන, වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච ආදී ගස් වැල් මල් කියා වෙන් කර කියතත්, ...
දර්ශිකාගේ සටහන් වලින් Sumanadasa Samarasinghe * මිනිසාගේ සැප හෝ දුක යනු ඔහුගේ චේතනාවේ ප්රතිඵලයන් ය. * හතුරන් හා වැරදි කරන අය ගැන තැවෙන්න එපා. ඔවුන් සිතන පතන අන්දමට ඔවුන්ට වැඩ හෝ අවැඩ සිද්ධ වේ. * උතුමන්ට ගරහා තමා උතුමෙකු වූ අයෙකු නැත. * තමන් නොදන්නා බව නොදන්නා අය අනුන්ට නිර්නාමික ලිපි යවති. * දක්ෂයෙකුට ඊර්ෂ්‍යා කරන්නේ අදක්ෂයෙකි. * ඔබ විශ්වාස කරන බව කටින් කීවාට මදි. ...
බොරු සෝබනය Sumanadasa Samarasinghe අනුන්ට පේන්න කටයුතු කිරීම මානසික දුබලකමකි. අනුන්ගේ අවධානය තමන් වෙත යොමු කරවා ගැනීම සඳහා ස්වභාවික ඕනෑකමක් දක්වනු ලබන්නේ වර්ගය බෝ කිරීම සඳහා සුදුසු කාලය ලංවූ තිරිසන් සතුන්ය. මනුෂ්‍යයා ද තම තරුණකම ප්‍රචාරය කර හැරීම සඳහා නොයෙකුත් කටයුතු කරති. මේ නිසා ලස්සන, හැඩරුව හා කැපී පෙනෙන විවිධ මෝස්තර නිතර පහළ වේ. මේ සියල්ල බොරු සෝබනය ඝනයට වැටෙන්නේ නැත. බොරු සෝබන යනුවෙන් ...
සිත හැසිරවීම් විවිධ ක්‍රම Sumanadasa Samarasinghe විෂම සමාජයක ජීවත්වන කවර තරාතිරමක අයෙකුට නමුදු විවිධ ප්‍රශ්න වේදනා සහ ගැටළු වලට මුහුණ දීමට සිදුවන්නේය. මේ අවස්ථාවන්හි දී සිත හැසිරවීම පිළිබඳව සොයා බලන විට විවිධත්වයන් පෙන්නුම් කෙරෙනු ඇත. සිත වේදනා දීම මොහොතකට තුඩුදුන් විට එයින් මිදීමට නොයෙකුත් උපක්‍රම යොදාගනී. ඊට මානසික සංරක්ෂණ යනුවෙන් මනෝවිද්‍යානුකූලව හඳුන්වා දිය හැකිය. වර්තමාන සමාජ රටාව දෙස විමසිලි සහගතව බලන විට අවබෝධ වන්නේ සිත හැසිරවීම ...
හරවත් කරමු ජීවිත පොඩි දරුවන්ගේ Sumanadasa Samarasinghe ඕනෑම දෙමාපිය වැඩිහිටි ගුරුවරයෙකුගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ අනාගත පරපුරේ ජීවිත සාරවත් හරයක් ඇති ජීවිත බවට පත් කරවීමය. පාලකයින්, පූජකයින් හා ගුරුවරුන් ඉතා දැඩි ලෙස දරුවන් විවේචනය කරනු ලබන යුගයක අද අපි ජීවත්වෙමු. ත්‍රස්තවාදය, අපරාධ කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය සමඟ සිසු විනය පිරිහීම ගැන උගත් නූගත් සෑම කෙනෙක්ම වාගේ කතා කරන බව පෙනේ. මේ අතර තරුණ පරපුර යහමඟට ගැනීම සඳහා ...
මිනිස් වෙස් ගත් යක්කු සොයා ගනී Sumanadasa Samarasinghe විජය රජු ලංකාවට ගොඩබසින්නට පෙර මෙහි සිටියේ යක්ෂ හා නාග යන ගෝත්‍ර දෙකට අයත් ජන කොටස් යැයි කියැවේ. අවුරුදු දෙදහස් පන්සියයකට පසු ද එම යක්ෂයින් ශීලාචාර මිනිසුන්ගේ වේශයෙන් අදත් අප අතර සිටින බව ඔප්පු කළ හැකි සාධක බොහෝය. ආචාර්ය කොවුර් අද ජීවත්ව සිටියා නම් මේ ගැන අප සමඟ එකඟ වනු නිසැකය. අතීතයේ විසූ වනාචාරී යක්කු මිනිස්සුන්ට හදි කළේ කැලෑවල සිට ...
විනෝදාංශය ඔබේ චරිතය හෙළිකරයි Sumanadasa Samarasinghe උසස් රැකියාවක් සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට නොබෝදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකට එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් වලින් යුත් කඩවසම් තරුණයින් තිදෙනෙක් ඉදිරිපත් වුනි. බාහිර දක්ෂතාවයන් හා පළපුරුදුකම් අතින් සමාන වූ මේ තුන්දෙනා ගෙන් අවසන් වටයේ පරීක්ෂණයෙන් පසු කවුරු තෝරාගන්න දැයි පරීක්ෂණ මණ්ඩලයට ද තරමක ගැටළුවක් විය. දවසක් මුළුල්ලේ පැවැත්වුනු මෙම සම්මුඛ පරීක්ෂණය අවසානයේ දී තනතුර දැරීමට සුදුස්සා තෝරාගනු ලැබීය. ඔහුගේ ජයග්‍රහණයේ ...
නරක පුරුද්දක් ජයගන්න අවශ්‍ය වන්නේ ඊට දැඩි උවමනාවක් පමණි Sumanadasa Samarasinghe ආර්ථික වශයෙන් හා මානසික වශයෙන් දියුණු වී සිටින සෑම කෙනෙක් ම එම දියුණුව හා සාර්ථකත්වය ලබා සිටින්නේ තමන්ගේ සිතුවිලි හා සිතීමේ ක්‍රමය මනා ලෙස සංවිධානය කර ගැනීමෙනි. සෑම දක්ෂතාවයකම යම්කිසි ප්‍රමාණයක පුහුණුවක් අවශ්‍ය වේ. සිතීමේ ක්‍රමය සංවිධානය කරගත් පසු ඒ අනුව සිතුවිලි නිකුත් කිරීම සඳහා සුළු පුහුණුවක් අවශ්‍ය වේ. සාර්ථක ජීවිතයක් ගත කරන සෑම කෙනෙක් ම තම අවශ්‍යතාවයන්ට අනුව සිතුවිලි ...
හැකියාව දියුණු නොකර ජීවත්වීම මානසික පරිනාමයට විරුද්ධය Sumanadasa Samarasinghe සමහරු අඟ හිඟකම් හා නොයෙකුත් කරදර මැද ජීවත්වෙමින් එම ජීවිතයට තමා කැමති බව කියති. එවැනි අය බොරුකාරයන් ලෙස අපට පෙනුනත් සත්‍යය නම් ඔව්හු නරක මානසික පුරුද්දකට ඇබ්බැහි වී සිටින්නෝ වෙති. ලද දෙයින් පමණක් සතුටු වී තම හැකියාවන් දියුණු කර ගැනීමට නොසිතා ජීවත්වීම මිනිසාගේ මානසික පරිනාමයට විරුද්ධ වූ ධර්මතාවයකි. එය අස්වාභාවිකය. මිනිසා පිළිබඳ ස්වභාවික සත්‍යය සිද්ධාන්තයක් නම් එක තැන පල් නොවී ...
නිර්මාණ බිහිකරන මාතාව ඕනෑකමයි Sumanadasa Samarasinghe ලෝකයට සෑම දෙයක්ම බිහි වී ඇත්තේ අධික ඕනෑකම නිසාය. මිනිසාට අහසින් යෑමේ ඕනෑකම දැනුනු නිසා අහස් යානයක් බිහිකරන්නට වෑයම් කළේය. ඕනෑකමක් නොතිබුණා නම් අපට අද අල්පෙනෙත්ත වැනි කුඩා දෙයක් හෝ නැත. අපට මෙපමණ කාලයක් ඕනෑකර තිබුනේ රට සංවර්ධනය කිරීමට නොවේ. බලයේ සිටින රජය පෙරළා දැමීමටය. එය අතින් පයින් බැරි වූ තැන කටින් කිරීමට තවමත් සමහරු වෑයම් කරති. එහෙත් වැඩි දෙනෙකුට ...
ජීවමාන දෙවියෙකු වන්නේ කෙසේද? Sumanadasa Samarasinghe අපේ සිත පාලනය කිරීමට අප නොදන්නා නිසා අපේ සිත විසින් අප පාලනය කරනු ලබයි. අප සිත, ගත හ වචනය පාලනය කිරීමට නම් යටිසිත පාලනය කළ යුතුය. යටිසිත පාලනය කිරීමෙන් උඩුසිත පාලනය වේ. සිත පිරිසිදු වූ තරමට එහි පාලනය ඉතා පහසුය. අපි අපගේ හැඟීම් වලට පමණක් නොව අන් අයගේ හැඟීම් අනුව ද වහලුන් වී සිටිමු. මිනිසෙකු මිනීමරුවෙකු වන්නේ මිනීමරැවෙකු වීමේ ආශාවකින් ...
ඉරිසියාව, වාමාංශික අදහස්, එළවළු මිල හා ප්‍රමාදය Sumanadasa Samarasinghe ඉරිසියාව යනු තමන්ට වඩා අන් අයෙකු උසස් වේය, ධනවත් වේය, ප්‍රසිද්ධ වේය හෝ රූමත් වේය කියා දුර්වලයින්ගේ සිත්වල පහළ වන බියකි. තමන්ට ද අන් අයට මෙන් කැමති ඕනෑම දෙයක් ලබාගත හැකි බවට විශ්වාසයක් ඇති ශක්තිමත් පුද්ගලයා තුල ඉරිසියාව පහළ නොවේ. **** වාමාංශික අදහස් සිංහලයා තමන්ගේම මිනිසුන්ගේ පාලනයට පක්ෂ වන අයට ආණ්ඩුවට පන්දම් අල්ලනවා යයි කියති. එසේ කියන අය කවදාවත් දැක ...
රැකියා නැති අයට සහන Sumanadasa Samarasinghe “තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා.” ඔබට රැකියාවක් නැතැයි කියා දුක්වන්න එපා. ඒ වෙනුවට ඔබේ දක්ෂකම් ඉස්මතු කරගෙන අලුත් ආදායම් මාර්ග මතු කරගන්න. එය කළ හැකි එකම පුද්ගලයා ඔබයි. තිරිසන් සතුන් උන්ගේ දක්ෂකම් ගැන දනිති. ඒ නිසා වලසෙක් කිසි කලෙක පියාසර කරන්නට කල්පනා කරන්නේ නැත. අශ්වයෙකු පනින පිම්මක් පැනීමට බූරුවෙකු වෑයම් නොකරයි. එහෙත් මන උස්සයා ...
පුරුද්දකට වහල් වීම Sumanadasa Samarasinghe මහා මෝඩ විදියට ජීවත්වීමට පුරුදු වූ අය තමන්ගේ මෝඩකම සමඟ ඉතා සතුටින් ජීවත් වෙති. එහෙත් ඔවුන් තුල සතුට නැත. සතුට ලැබෙන්නේ සියළු බිය සිතෙන් තුරන් වීමෙනි. මෝඩයා යනු බොහෝ දේ වලට බියක් දක්වන්නෙකි. නොදන්නාකම නිතරම බියට හේතු වේ. මෝඩකම පුරුද්දක් කරගත් අය එයින් මිදීමට කිසිම උත්සාහයක් නොකරති. මෝඩයින් ළඟ නිතරම දැඩි අලසකමක් දක්නට ලැබේ. මහා උගතුන් අතර මහා මෝඩයින් සිටින ...
ඕනෑම ප්‍රශ්නයක් විසඳන මග Sumanadasa Samarasinghe උප්පාද, ස්ථිති, භංග යනුවෙන් බුදු හිමියන් ඉදිරිපත් කළ ධර්මය වටහාගත හැකි නම් මිනිසාට තමන් හා සම්බන්ධ සෑම ප්‍රශ්නයක්ම ඉතා පහසුවෙන් විසඳා ගත හැකිය. කෙනෙකුට යම් ප්‍රශ්නයක් උද්ගත වී ඇත. එසේ උද්ගත වීමට මූලික වූ හේතුන් තමන්ටම සොයාගත හැකිය. එය පැවැත්මට හේතූන් සොයා ගැනීම පහසුය. තමා කිසිවක් නොකර සිටියත් ප්රශ්නය කලක දී භංග වී යන්නේය. එහෙත් අසහනයකින් පෙලෙන පුද්ගලයෙකුට ඕනෑ කරන්නේ ...