මිනීමරු ගිගුරුමෙන් බේරුණු විස්මිත දරුවෝ! මල්කැකුළු තුර්කිය හා සිරියාව යන රටවලට පසුගියදා පෙබරවාරි 6 වැනිදා දරුණු භූකම්පන දෙකකට හා පසුකම්පන 120කට පමණ මුහුණ දෙන්නට සිදුවුණා. මෙයින් රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් ඇති පළමු භූකම්පනය සිදුවූයේ පාන්දර 4.17ටයි. එවේලේ ඒ නගරවල බොහෝ දෙනා සිටියේ නින්දේයි. දැවැන්ත. තට්ටු ගොඩනැඟිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැළුණේ ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමින්. ඒ මහා කම්පනයෙන් පසු ආ පසුකම්පන මාලාව නිසා ...
අගමැතිවරයකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවාගෙන ගිය හැටි! මල්කැකුළු ඊයේට මගේ වයස 78යි. එයින් වසර හැටක් ම කැප කළේ පුවත්පත් කලාව සඳහාය. අතින් අකුරු ඇමුණූ යුගයේ සිට පරිගණකයේ ඩෙස්ක් ටොප් පබ්ලිෂිං දක්වා යුග ගණනාවක අත්දැකීම් ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. ඒ කාලය තුළ මට ලේඛකයන්, කවීන්, සාහිත්‍යධරයන්, විචාරකයන්, පඬිවරයන්, පත්රකලාවේදීන්, කලාකරුවන්, විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන්, රසික රසිකාවියන් සිය දහස් ගණනක් ඇසුරු කිරීමට මට අවස්ථාව සැලසුණේය. ඔවුන්ගෙන් මගේ ජීවිතයට එක්කර ගත් ...
නිදහස ලබා වසර 75 යි. මීට වසර 75කට පෙර ශ්‍රී ලංකාවට මොකද වුණේ? මල්කැකුළු 1815 සිට ඉංග්රීසින්ගේ යටත් විජිතයක් තිබූ ලංකාව (එකල හැඳින්වූයේ ‘සිලෝන්’ කියාය) දෙවන ලෝක සංග්රාමයෙන් පසු යටත් විජිත තත්වයෙන් මිදෙන්නට හැකි වෙතැයි විශ්වාසය පළ විය. 1948 ජනවාරි මාසයේ සිට ඩොමිනියන් රාජ්‍ය තත්වය ලැබෙතැයි අපේක්ෂා කළ නිසා එවකට සිටි අපේ නායකයෝ එය පිළිගැනීම සඳහා සූදානම් වූහ. මේ පිළිබඳ උළෙල පෙබරවාරියේ පවත්වන්නට ලංකාවටත් ලන්ඩන් නුවර පිරිසයි. ඊට හේතු වූයේ බුරුමය (වර්තමාන මියන්මාරය) නිදහස ...
ඔබේ සුරතලාගේ ඇසින් ඔබ දෙස බලන්න! මල්කැකුළු ඔබේ සුනඛ සුරතලාට ඔබව පෙනෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට අපූරු උත්තරයක් දෙන්නට පරිගණක විශේෂඥයන් සමත් වෙලා තියෙනවා. ඒ පරිගණකයෙන් ක්‍රියාවට නැංවිය හැකි නවතම අන්තර්ක්‍රියාකාරී මෙවලමක් නිර්මාණය කරමින්. මේ මෙවලම මගින් ඔබේ ඕනෑම ඡායාරූපයක් ඔබේ සුනඛ සුරතලා දකින ආකාරයට පරිවර්තනය කර ගැනීමට ඔබට පුලුවන්. බල්ලන්ට, බළලුන්ට මිනිසුන්ට මෙන් වර්ණ විශාල ප්‍රමාණයක් පෙනෙන්නේ නැහැ.මෙය ඔබේ සුනඛ සුරතලාට පමණක් නොව ඔබ ඇසුරු කරන ඕනෑ ...
ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලැබුණු සක්වළ විස්මිත දසුන්! මල්කැකුළු මීට අවුරුදු දෙකකට පෙර අභ්‍යවකාශයට යැවූ ජේම්ස් වෙබ් දුරේක්ෂය (JWST) අප වෙත අපූරු දසුන් රැසක් එවා තියෙනවා. 2021 නත්තල් දා යැවූ මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඩොලර් බිලියන 10ක් වැය කොට උඩු ගුවන් ගත කළේ අපේ අභ්‍යවකාශයේ ඉමේ සිට සක්වළ දෙස බලා අපට මෙතෙක් නුදුටු දසුන් එවන්නයි. අද ඒ රාජකාරිය එම දුරේක්ෂය නොපිරිහෙළා ඉටු කරනවා. මෙම දුරේක්ෂය යවද්දී නාසා ආයතනය අපට ...
තවත් දුර්ලභ ශාකයක් යළි උපදියි! මල්කැකුළු ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි මෙතෙක් සලකනු ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික තවත් ශාක විශේෂයක් ශාක පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින දිලුම් ප්‍රභාත් සමරසිංහ ඇතුළු පිරිසක් කළුතර, පාලින්දනුවර කෙලින්කන්ද ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයක දී හමුවී තියෙනවා. මේ ශාකය පොදු වහරේ හැඳින්වෙන්නේ ‘පිණි බෙරලිය’ ...
තවත් අභියෝගයක් - නව රටක නව රජයකින් මල්කැකුළු මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන් රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න අපට වත්කමක් නෑ. මොකද අපි දැන් බංකොලොත් නිසා. එත් මේ කියන රුරිටේනියා දේශයට එහෙම නැහැ. ඔවුන් බලයට ආ විගසම වැඩ ඇරඹුවා. අපේ රටේ ජීවත් වූ පැන පොඩි ගුරු ඇස්. පී. පෙරේරා සූරීන්ගේ මේ ගැටළුව ගෙන ...
තවත් අභියෝගයක් - නව රටක නව රජයකින් මල්කැකුළු මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන්ට රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න අපට වත්කමක් නෑ. මොකද අපි දැන් බංකොලොත් නිසා. එත් මේ කියන රුරිටේනියා දේශයට එහෙම නැහැ. ඔවුන් බලයට ආ විගසම වැඩ ඇරඹුවා. අපේ රටේ ජීවත් වූ පැන පොඩි ගුරු ඇස්. පී. පෙරේරා සූරීන්ගේ මේ ගැටළුව ගෙන ...
සිංහල සිනමාවේ සුමිතුරිය දිවිසැරියට සමු දෙයි. මල්කැකුළු අද සිංහල සිනමාව 76 වසක් සපුරයි. ඒ නිමිත්තෙන් සිනමා දර්ශන, සැමරුම් ආදිය පැවැත්වීමට නියමිතය. ඒ සමඟම සිංහල සිනමාවේ ජනකාන්ත කාන්තාව, සිංහල සිනමාවේ සුමිතුරිය, සුමිත්‍රා අද අවසන් ගමන් යන බව සටහන් කිරීමට අපට සිදු වී තිබේ. සිංහල සිනමාවේ 76 වසර තුළ ඇය ලබා දුන් දායකත්වය දැවැන්තය. අධ්යක්ෂවරියක ලෙස ඇය සිනමාවට දායාද කළ චිත්‍රපට ගණන නවයකි. සංස්කාරකවරියක වශයෙන් සිංහල සිනමාවේ විශිෂ්ට චිත්‍රපට ...
වයිෆයි ඔස්සේ ඔබේ ගෙට එබී විපරම් කරන විද්‍යාඥයෝ! මල්කැකුළු වයිෆයි යොදා ගෙන විස්මිත ආකාරයට බිත්ති විනිවිද ගෙන ගෙතුළට එබෙන්නට විද්‍යාඥයන් දැන් සමත් වී තියෙනවා. ඇමරිකාවේ කානෙගී මෙලන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, වයිෆයි (WiFi) රවුටරය පමණක් යොදා ගෙන බිත්ති හතරකින් වට වූ කාමරයක් තුළ ඇති ත්‍රිමාන හැඩතල හඳුනා ගැනීමටත්, එහි මෙහා යන මිනිසුන්ගේ සිරුරු රූ ගත කිරීමටත් සමත් වෙලා ඇත්තේ.නිවසේ බිත්ති විනිවිද ඇතුළේ මිනිස් චලනයන් වයිෆයි මගින් දැක ගත ...
9 හැවිරිදි මෝලි සොයා ගත් විස්මිත මෙගාලෝඩන් දත! මල්කැකුළු ඇමරිකාවේ නව හැවිරිදි දැරියක් අපූරු සොයා ගැනීමක් කරලා තියෙනවා. ඇගේ මොලි සිම්ප්සන්. මෝලි සිම්ප්සන් හා ඇගේ පවුලේ උදවිය නත්තල් නිවාඩුව ගත කළේ ඇමරිකාවේ මේරිලන්ඩ් වෙරළේ චෙසපීක් බොක්කේයි. ඔවුන් එහි නොගැඹුරු මුහුදේ කිමිදෙමින් අපූරු ගවේෂණයක යෙදුණා. ඔවුන් සෙව්වේ මුහුදු පත්ලේ තිබුණු පොසිල කොටස්. මොලිට ඇගේ මවත් පියාත් ඒ කොටස් සෙවීමටත් එකතු කිරීමටත් උදවු වුණා. 9 හැවිරිදි ම සිම්ප්සන් ඒ දැවැන්ත මෝර ...
කිරි බී වැඩෙන විස්මිත සත්ව ලෝකය මල්කැකුළු අලියා, කොටියා, වලහා, බල්ලා, බළලා, ලේනා, මීයා, හාවා, වඳුරා, ඔටුවා ආදී මේ සතුන්ට ඇති පොදු ලක්ෂණය මොකක්ද? මේ සතුන් සියලු දෙනා පොදුවේ ක්ෂීරපායීන්ය. ක්ෂීරපායී සත්ව විශේෂ 5,000 කට වැඩි ගණනක් මිහිමත ජීවත් වෙයි. මොවුන් අයත් වන්නේ ‘මැමේලියා’ (Mammalia) සත්ව වර්ගයටයි. ක්ෂීරපායී සියලු දෙනාට කොඳු ඇට පෙළක් එසේත් නැතිනම් කශේරුකාවක් පිහිටා තිබේ. ඒත්, කශේරුකාවක් ඇති අනෙක් සතුන්ගෙන් ක්ෂීරපායීන් වෙනස් වන්නේ ඔවුන්ට ...
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ කීර්තිමත් නඩු තීන්දුවක්! මල්කැකුළු ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කීර්තිය ඔසවා තබන ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් පෙරේදා (2023 ජනවාරි 12 වැනිදා) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේය. නිදහස ලබා 75 වසරක් ගෙවන මේ අවස්ථාවේ දී දුන් ඒ තීන්දුව අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය මේ යැයි පෙන්වා දෙන ඓතිහාසික එකකි; සකල ශ්‍රී ලංකාවාසීන්ගේ අභිමානය නංවාලන එකකි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක්2019 අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) ...
නස්රුදින්ගේ යාළුවාගෙ පූසා මැරිලා! මල්කැකුළු නස්රුදින්ගේ යාළුවෙක් එයාගේ ගෙදර නස්රුදින්ට බාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවාගේ ගෙදර යාළුවාගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි, බල්ලෙකුත්, පූසෙකුත් හිටියා. “මොනව හරි වුනොත් මට දන්වපං මචං” යාළුවා යන්න ඉස්සරින් නස්රුදින්ට කිව්වා. "හරි! හරි! මං ඒව ගානට කරන්නම් උඹ යන වැඩේ හරියට කර ගනිං” නස්රුදින් කිව්වා. ටික දවසක් ගත වුණා. යාළුවාගේ පූසා හදිසියේ ම මැරුණා. නස්රුදින් යාළුවාට පණිවිඩේ කෙළින් ම ...
මේ මාසේ අපේ හඳ පුංචි වෙලා පේන්නේ ඇයි? මල්කැකුළු දැන් අපට හඳ පේන්නේ වෙනදාට වඩා කුඩාවටයි. පසුගිය 6 වැනි සිකුරාදා සිට හඳ ටිකක් කුඩා වෙලයි පේන්න පටන් ගත්තේ. මෙය ක්ෂුද්‍ර චන්ද්‍රයා හෙවත් මයික්රෝමූන් ලෙස හැඳින්වෙනවා. සඳ මේ නමින් හැඳින්වීමට නම් අපේ පෘථිවියට කොතරම් දුරින් පිහිටිය යුතු දැයි ලෝක සම්මත රීතියක් නැහැ. එහෙත් සිදු වන්නේ හඳත් පොළොවත් අතර පවතින දුර වැඩි වීම නිසයි. සඳ පෘථිවිය වටා යන්නේ ඉලිප්සාකාර කක්ෂයකයි.හඳ මෝරා ...
මෙලොව කොහේවත් සැබවින්ම නැති විස්මිත සත්තු මල්කැකුළු සතුන්ගේ ලෝකයේ ඇත්තට ම අපට හමු නොවන සතුන් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් වන්නේ අතීතයේ සැබෑ ලෝකයේ සිට දැනට අතුරුදන්වූ සතුන්ය. ඔවුන් වඳ වී ගිය සතුන් ලෙසත් හැඳින්වෙනවා. අනික් වර්ගය වන්නේ කල්පිත සතුන්ය. විස්මිත සතුන් විශේෂයක් වන ඔවුන් මැවුණේ මිනිස් සිතෙහිය. ඔවුන් හඳුන්වන්නේ කල්පිත සතුන් හැටියටයි. ග්‍රීක ප්‍රවාද සාහිත්‍යයේ දී මේ අශ්වයා පෙගසස් (Pegasus) කියා හැඳින්වෙයි. අජානීය අශ්වයා - තම ...
රොමියෝ ජුලියට් වසර 55කට පසු නඩු මඟට! මල්කැකුළු 1968 දී තිර ගත වූ ‘රොමියෝ ජුලියට්’ චිත්‍රපටයේ නළු නිළි යුවළ වසර 55කට පසුව එදා තමන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් වංචනික ලෙස තමන් අපයෝජනයට ලක් කළැයි පසුගිය දා පැරමවුන්ට් සමාගමට එරෙහිව ඩොලර් මිලියන 500ක් ඉල්ලා කැලිෆෝනියා අධිකරණයක නඩු පවරා තියෙනවා. එවකට 15 හා 16 වයස්වල පසුවූ තමන් දෙදෙනා රවටා නිරුවත් ලිංගික රංගනයක යොදවා එය ඔවුන්ට හොරා කැමරාවට නඟා ඒ චිත්‍රපටයට එක් ...
සියවසේ විශිෂ්ට ක්‍රීඩකයාගේ නික්ම යාම මල්කැකුළු අපේ රටේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එහෙත් මුළු ලෝකය පුරාම ජනතාව අතර ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ය. ක්‍රිකට් උපන් රට වූ එංගලන්තයේ පවා වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු ය. පාපන්දු ක්‍රීඩාව නරඹන්නට ජනතාව රැස්වන්නේ ලක්ෂ ගණනෙනි. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෑම රටක ම, සෑම තැනක ම වයස් බේදයකින් තොරව ජනතාව පාපන්දු ක්‍රීඩාවෙහි යෙදෙනු දැකිය හැකිය. මේ පාපන්දු ක්‍රීඩාව මෙතැනට ඔසවා ...
රසදිය හා බුධට Mercury (මර්කරි) නම ලැබුණු හැටි මල්කැකුළු පුරාතන මිනිසුන් දැන සිටියේ ලෝහ වර්ග 7ක් ගැන පමණය. ඒවා නම් රන් (Gold), රිදී (Silver), තඹ (Copper), යකඩ (Iron), ටින් (Tin), ඊයම් (Lead) හා රසදිය (Mercury) ය. ඒ අතරින් රසදිය අනිත් හැම ලෝහයකටම වඩා වෙනස්ය. ඒ ලෝහ අතර ඇති එකම දියරය (ද්‍රවය) රසදිය ය. ඒ විතරක් නොවෙයි, රසදිය කෙතරම්දැයි කීවොත් එය බරින් දෙවැනි වන්නේ රන්වලට විතරය. මර්කරි හෙවත් බුධ ග්රහයාග්රීකයන් ...
බුධ ග්‍රහයාගේ රහස් හෙළි කළ මැසෙන්ජර් මෙහෙයුම මල්කැකුළු සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට ළඟින්ම පිහිටි ග්‍රහලෝකය බුධයි. එය පිහිටා ඇත්තේ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 50 ක් දුරිනි. සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණ ග්‍රහයන් සිවු දෙනෙකි. එම ග්‍රහයන් වන්නේ (හිරුගේ සිට පිළිවෙළින්) බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරුයි. හිරුට ආසන්නයේ පිහිටා ඇති බැවින් මෙම ග්‍රහයන් හතර දෙනා අභ්‍යන්තර ග්‍රහයන් ලෙස හැඳින්වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින්, අඩුවෙන්ම ගවේෂණයට ලක් වුණු ග්‍රහයා බුධයි. ඊට හේතුව, බුද ...