HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තවත් අභියෝගයක් - නව රටක නව රජයකින්

මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන් රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න අපට වත්කමක් නෑ. මොකද අපි දැන් බංකොලොත් නිසා. එත් මේ කියන රුරිටේනියා දේශයට එහෙම නැහැ. ඔවුන් බලයට ආ විගසම වැඩ ඇරඹුවා. අපේ රටේ ජීවත් වූ පැන පොඩි ගුරු ඇස්. පී. පෙරේරා සූරීන්ගේ මේ ගැටළුව ගෙන එන්නේ අප නොදන්නා, එතුමා දන්නා, ඒ අපූරු දේශයෙන්. බලන්න ඔබට මේ ගැටළුව විසඳන්න පුලුවන් ද කියා. 

නව රජය 


රුරිටේනියා දේශයේ නව රජයක් බලයට පත් විය. මුළු ඇමති මඬුල්ල රටට විශාල සේවයක් කිරීමක් වශයෙන් අප්‍රමාදව විදේශ සංචාර ඇරඹුවාය. නිල ගමන් වැඩි ගණනක් ගියේ සමාජ සේවා ඇමතිය. දෙවැනිව සංස්කෘතික කටයුතු බාර ඇමතිය. අඩු ම ගමන් ගණන කළ අගමැති චීනයට ගියේය. එක ඇමතියෙක් හෝ දෙවරක් එක විදේශයකට නො ගිය බව පෙනේ. වැඩි දෙනාගේ ගමන් යොමු වූයේ ඇමරිකාවටය. දෙවැනිව එංගලන්තයටය. අඩුම ගමන් ගණන ප්‍රංසයටය. 

මුදල්, වෙළෙඳ හා ‍අධිකරණ ඇමතිවරුද මෙම වැදගත් ජාතික සේවය නො පැහැර හැරිය බව ද ඔවුන් සියලු දෙනා තෙමසක් තුළ දී ගමන් 17ක් කළ බව කිව යුතු යි. 

ඇමරිකාවට ගිය ඇමතිවරු කවරහු ද? 

නව රජය - පිළිතුර 

ඇමතියෝ 6 දෙනෙකි. විදෙස් 7කි. ගමන් 17කි. 

ගමන් 17ක් විදෙස් 7කට බෙදිය හැකි කෙසේ ද? 4 (ඇමෙරිකාව) 3 (එංගලන්තය) 2, 2, 2, 2, 1 (ප්‍රංසය) නම් ගමන් 16කි. 17 වැනි ගමන යොමු විය හැකි ඇමෙරිකාවටය. වෙන රටකට යොමු විය නො හැකිය. එවිට ඇමෙරිකාවට පස් දෙනකු ගිය බව පෙනේ. 

චීනයට ගිය අගමැති ඇමෙරිකාවටත් ගියේ ද ? එසේ නම් ඔහු ගමන් 2ක් කර ඇත. එවිට ඔව්නුගේ ගමන් ගණන අඩු වශයෙන් 2 (අගමැති) 3, 3, 3, 4 (සංස්කෘතික), 5 (සමාජසේවා) විය යුතුයි. එකතුව ගමන් 20කි. එසේ හෙයින් අගමැති ඇමෙරිකාවට ගියේ නැත. එහි ගියේ අනෙක් පස් දෙනාය. ගමන් 17 බෙදී යන්නේ 6 (සමාජසේවා), 4 (සංස්කෘතික), 2, 2, 2, 1 අගමැති වශයෙනි. 

ඇමෙරිකාවට ගියේ සමාජසේවා, සංස්කෘතික, මුදල්, අධිකරණ හා වෙළෙඳ ඇමතිවරුය. 

(එස්. පී. පෙරේරා සූරීන්ගේ ‘අභියෝගය’ කෘතියෙනි.)

Post a Comment

0 Comments